Sunday, November 8, 2015

හැප්පුනු එකා පන අදිනවා. පොලීසිය පගාව අරන් AUDI රියදුරු අයිතිකරුව ගෙදර යවලා.


පොලිසියට රිය අණතුර වැළැක්වීමට අවශ්‍ය නැ. රිය අණතුරක් සිදුවන සෑම අවස්ථාවකම පොලිසියේ ලොක්කන්ට වාසියි.  

මහෙම කියන්නේ රිය අනතුරට භාජනය වි තවමත් අව සිහියෙන් රෝහලේ සිටින සුනිල් ප‍්‍රනාන්දුගේ පුතා ජානක ප‍්‍රනාන්දු. ඔහු  ජාතික පොලිස් කොමිෂන් සභාවට, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පති ට කරන පැමිණිල්ලේ මෙසේ සඳහන් කරනවා.  

කාර් එක අයිතිකරු මොහොමඞ් ජබීර් මොහොමඞ් සප්රාස්. කාර් එකේ අංකය WP KR6202. 2015.10.31 රාත‍්‍රියේ, 9.30ට පමණ මොරටුව පානදුර නව ගාලූ පාරේ, කොරළවැල්ල ජනප‍්‍රිය මාවත ඉදිරිපිට තිබෙන කහ ඉරේදී ෙදාන් සුනිල් ප‍්‍රනාන්දු, හප්පා ඇත්තේ මෙම කාර් එකයි. හප්පු කාර් එකෙන්ම, පානදුර රොහලට ගෙන ගිහිල්ලා බාරදිලා. රොහලේ සටහන් වන්නේ බාරදීපු කොනෙක් නැත. හැප්පි ඇති අයට නමක් නැත කියා.   

2015.10.31 රාත‍්‍රියේ, 9.30 පමණ මාගේ පියා, නිවසේ සිට නව ගාලූ පාරට ගියා. වයස අවු: 45යි, කම්කරුවෙක්. ආපසු ගෙදර ආවේ නැහැ. රාත‍්‍රියේ සෑම තැනම සෙව්වා හමුවුනේ නැහැ.එ් නිසා. පසුදින උදේ, 2015.11.01, උදේ 10 ට පමණ, මෝදර පොලිස් මුර පොලට පියාගේ අතුරුදහන්වීම ගැන පැමිණිලි කරන්නට ගියා. මෝදර මුරපොල පැමිණිල් බාර නොගෙන මොරටුව පොලිසියට යැව්වා. එ් අනුව මොරටුව පොලිසියට ගියා. එවිට වේලාව උදේ 10.20 පමණ ඇති.

පැමිණිල්ල බාර ගන්න බැරි බව පොලිසියේ පැමිණිලි බාර නිලධාරියා කියා සිටියා. නැවත වරක් සෑම තැනම පියා ගැන සෙව්වා. පානදුර, ලූනාව රෝහල් දෙකට ගියා. නමුත් හමුවුනේ නැහැ. එදින දවසම සොයා, පසුදින 2015.11.02 දිනද සවස මොරටුව පොලිසියට ගියා. නමුත් එදිනද පැමිණිල්ල බාර ගැනීම ප‍්‍රතික්ෂේප කලා.

2011.11.03 වන දින උදේ ආරංචියක් ලැබුනා. නව ගාලූ පාරේ, කොරළවැල්ල ජනප‍්‍රිය මාවත ඉදිරිපිට තිබෙන කහ ඉරේදී කෙනෙකුව කාර් එකක හැපුනා. එම පුද්ගලයාව හප්පපු කාර් එකෙන්ම, පානදුර රෝහලට ගෙන ගියා කියලා. 

එ් අනුව, පානදුර රෝහලට පැමිණ සෝදිසි කරන විට දැනගන්න ලැබුනා - නම නොදන්නා පුද්ගලයකුව කාර් එකක හැප්පිලා, රෝහලට ගෙනත් දාලා ගිය බව. එම පුද්ගලයාගේ තත්වය බරපතල නිසා එදිනම කොළඹ ජාතික රෝහලට මාරු කල බව. රෝහලට බාර දුන්නේ කව්ද කියා දන්වලා නැති බවද, රෝහල කියා සිටියා.

කොළඹ ජාතික රෝහලට (2015.11.02) ගිය පසුව, පියාව, අසාධ්‍ය තත්වයේ, දැඩි සත්කාර එ්කකයේ සිටින බව. නමක් ගමක් නැති එ් පුද්ගලයා මගේ පියා බව හඳුනා ගත්තා. ඔහු සිටියේ සිහිය නැතිව. දැනට පියා පානදුර මූලික රෝහලේ 1 වාට්ටුවේ 18 ඇඳේ- සිහි කල්පනාව නැතිව සිටීනවා.

මොරටුව පොලිසියට ගියා. එහිදී ස්ථානාධිපති වයි.කේ.ජයන්ත (දුරකථන අංකය 077 31 29 782) මුණ ගැසුනා. ඔහු අපට බැණ තර්ජණය කලා. පැමිණිලි බාර නොගැනීම ගැන කියන විට තර්ජණය කලා. ස්ථානාධිපති වයි.කේ.ජයන්ත කිව්වා - දැන් කරන්න දෙයක් නෑ. රියදුරාවයි කාර් එකයි නිදහස් කලා කියලා.

ඔහු කිව්වා නඩු අංකය 1802/15 බවත්, නඩු දිනය 2015.11.11 බව. පසුව මට දුරකථනයෙන් කිව්වා නඩු දිනය 2015.12.02 බව. කාර් එක අයිතිකරු මොහොමඞ් ජබීර් මොහොමඞ් සප්රාස් යයි රාළහාමි කෙනෙක් කොළ කෑල්ලක ලියා දුන්නා. කාර් එකේ අංකයWPKR 6202 බවද ලිය දුන්නා.

මෙම විස්තර දීමට පෙර, ස්ථානාධිපති වයි.කේ.ජයන්ත මට තර්ජණය කලා, මීට පස්සේ පොලිසියට එනකොට තනියෙන් එන්න, වෙන අය එකක් එන්න එපා, මා සමග ගිය අයට ආයෙත් ආවොත් ඔහුට බෝම්බ දමන බවට ද තර්ජනය කලා.

2015.11.06 දින ගල්කිස්ස පොලිසියට ගොස් මේ අනතුර පිලිබඳව කීවද, පලක් වූයේ නැහැ. මගේ පැමිණිල්ල ලියා ගත්තේ නැහැ. මා ගල්කිස්ස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ගියා. ඔහු මොරටුව ස්ථානාධිපතිට දුරකථනයෙන් කතා කර, ''උඹලා මාර මිනිස්සු, යන්නේ නැද්ද කටඋත්තරයක් ගන්න, එ් මිනාහා මැරුනත් එච්චරයි” යයි කිව්වා. ඊට පස්සේ මට යන්න කිව්වා. එදින සවස (2015.11.06) මොරටුව පොලිසියෙන් පියාව බලන්න ඇවිත් තිබුනා. පියාට කතාකරන්න බෑ. පස්සේ එන්නම් කියා ගහිල්ලා තිබුනා. 

2015.11.08 උදේ 10 ට විතර, මට සංජය නැමැති අය කිව්වා, ජනප‍්‍රිය මාවතේ, හිටපු නගර සභා මංත‍්‍රී වරයෙකු හා ලී බිස්නස් කරන දිනේෂ් යන අයව හමුවන්න කියා. මා දිනේෂ් යන අයව හමුවුනා. ඔහු මට කිව්වා, මොරටුව පොලිසියට ගොස් ස්ථානාධිපතිව හමුවන්න, කාර් එකේ අයිතිකාරයත් ඇවිල්ලා ඉන්නවා කියා.

මම එ් අනුව පොලිසියට ගියා. එවිට වේලාව 11.30 පමණ ඇති. මම ට‍්‍රැෆික් අංශයට ගිහින් කිව්වා ස්ථානාධිපති එන්න කිව්වා කියා. මට කිව්වා ටිකක් ඉන්න, ස්ථානාධිපති කට්ටියක් එකක් කොහාටද ගියා කියා. මා ඉන්නකොට, සුදු වෑන් එකකින් ස්ථානාධිපති ආවා. එ් වෑන් එකේ පියාව හප්පපු අයිතිකරු හිටියා. තවත් පිරිසක් වෑන් එකෙන් ඇවිත් හිටියා. අව්ඩි වර්ගයේ කාර් එකක් ද පොලීසියට ඇවිත් තිබුනා.

වෑන් එකෙන් බැහැල එන ස්ථානාධිපති මාව දැක්කා. මට ඔහුගේ කාමරයට එන්න කිව්වා. කාමරයේදී, ස්ථානාධිපති මට අයිතිකරුව පෙන්නා, මෙයා තමයි තාත්තාව හප්පලා තියෙන්නේ කියා, එසේ පෙන්නා, මෙයත් එක්ක බේරා ගන්න කියා මට කිව්වා. එම පුද්ගලයා මට, ස්ථානාධිපති ඉදිරිපිටදීම කිව්වා, මම තමයි ඔයාගේ තාත්තව හැප්පුවේ, මමයි පානදුර රෝහලට ගෙනිච්චේ කියා.  ඕනිනම් බෙහෙත් කරන්න 20,000/=ක් දෙන්නම්, පස්සේ උසාවියේදී සාධාරණයක් කරන්නම් කිව්වා. 

ඊට පස්සේ,තාත්තාව හප්පපු වාහනයේ නොම්මර තහඩුව ගලවා, ඔහු ගෙනා ලොරියක, වාහනය පටවාගෙන ගියා. එම ලොරියේ අංකය WP Lk 3501 වේ. මගේ පියාව හප්පපු කාරය අවුඩි වර්ගයේ අලූත්ම කාර් එකක්.

මොරටුව පොලිසියේ ස්ථානාධීපති වයි.කේ.ජයන්ත - මාගේ පියාව හප්පා බරපතල තුවාල සිදුකර, තවමත් සිහිය නැතිව රෝහලේ සිටියදී, කාර් එකේ රියදුරා හා අයිතිකරු, මොහොමඞ් ජබීර් මොහොමඞ් සප්රස් ව, අධිකරණයට බොරු කියා, ඇප මත මුදාහැරීමට ක‍්‍රියා කිරීම, හප්පපු  අලූත්ම අවුඩි වර්ගයේ මෝටර් රථය මුදා හැරීම, සියල්ල දැනගෙන පියාගේ අතුරුදහන්වීම් පිලිබඳ පැමිණිලි ලියා නොගැනීම, රිය අනතුර වසන් කිරීම මගින්, පැහැදිලි වන්නේ, පොහොසත් හා බලවතෙකු වන මොහොමඞ් ජබීර් මොහොමඞ් සප්රස් ව බේරා නිදහස්ව ඉන්නට ඉඩ හැරියේ විශාල අල්ලසක් රැගෙන හා / හෝ බලවතෙකුගේ අවශ්‍යතාවයට බව.

තවදුරටත් කියා සිටින්නේ, පොලිසියට රිය අණතුර වැළැක්වීමට අවශ්‍ය නැති බව, රිය අණතුරක් සිදුවන සෑම අවස්ථාවකම පොලිසියේ ලොකු මහත්වරුන්ට එය වාසි දායක බවයි. මන්ද, රිය අණතුරුවලට භාජනය වන්නේ, පයින් යන දුප්පතුන්ය. එ් අයව අනතුරට පත් කරන්නේ, සල්ලිකාරයින්, බලවතුන්ය.

ඔහු ඉල්ලා සිටින්නේ, මෙම රිය අණතුර පිළිබඳ පරීක්ෂණ මොරටුව පොලිසියෙන් ඉවත්කර, පොලිස් මූලස්ථානයේ විශේෂ නිලධාරීන් යොදවා පරීක්ෂණ කර, අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටය. මෙම අණතුර සිදුකල පුද්ගලයාව රැකිගැනීමට ක‍්‍රියාකල මොරටුව පොලිසියේ ස්ථානාධිපති වයි.කේ.ජයන්තට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට. පොලිස් තර්ජණ වලින් ආරක්ෂා කරන ලෙසටය. 

අපරාධය කරන ලද තැනැත්තාගෙන් අල්ලස් ගෙන මුදාහැරීම අපරාධයක් බව කියා සිටින ඔහු මෙම සිද්ධිය ජනාධිපති, අගමැති, නීතිය හා සාමග පිලිබඳ ඇමති හා නීතිපති ගේ දැන ගැනීම සඳහා යොමු කර තිබේ. 

සටහන:- රිය අනතුරු වළැක්වීම ගැන දෙසන ඊනියා පඬිවරු, මාධ්‍යය රිය අනතුරු වැළක්වීමට පොලීසියට කිසිම අවශ්‍යය තාවයක් නැති බව කීමෙන් වැළකි සිටි. එමෙන්ම රිය අනතුරු දඩ මිමා කරගෙන පොලිස් ලොක්කන් හා පෙඞ්ඩන් කරන ජඩ වැඩ හෙළි කරන්නේ නැත. මාර්ග නීති උපයෝගි කර ගන්නේ පගා ගහන්නත්, භාණඩාගාරය තර කරන්නත් ය. හොඳම පොලීසිය දඩ වැඩියෙන් ඒකතු කරන පොලීසියයි. 




No comments:

Post a Comment