Sunday, November 1, 2015

යුනිෆෝම් පිට ගොස් ස්ත‍්‍රීයක් දුෂණය කළ බවට චෝදනා ලබා සිටින පොලිස් කාරයා තවමත් රාජකාරියේ ලූ?



පැමිණිල්ලක් විභාග කරීමට  ගිය ගාමිණී වීරවික‍්‍රම නැමැති පොලිස්කාරයා පියශීලිට මරණ තර්ජණය කර ලබාගත් කැමැත්ත මතදුෂණය කර ඇති බව චොදනාවෙන් කියවේ. චෝදනාව ට අනුව 2008 මාර්තු 14 වන දින මෙසේ දුෂණයට ලක් ව ඇත්තේ හක්මන ප‍්‍රදේශයේ 42 හැවිරිදි, දෙදෙරු මවක් වූ පියසීලි නැමැත්ති යයි. 

පොලිස් රාජකාරියක් කිරිමට ගොස්  මරණ තර්ජණය කර ලබාගත් කැමැත්ත මත දුෂණය කල බවට වන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන, 2008.08.16 වන දින මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට, ගාමිණී වීරවික‍්‍රම පොලිස් කාරයාව ඉදිරිපත් කල විට, එදිනම ඔහුව ඇප මත මුදාහැරිමට මහේස්ත‍්‍රාත්වරයා නියම කර තිබින.

එයින් මාසයකට පමණ පසුව, පෙරට්ටුවක් තබා, අඳුනා ගැනීමෙන් අනතුරුව, යලිත් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීය. මෙම ගාමිණී වීරවික‍්‍රම නැමැති පොලිස් කාරයා -  දැනට ඇප මත නිදහස්ව සිටී.

මේ වන විට මාතර මහාධිකරණයේ මේ හා අදාලව නඩුව ආරම්භව තිබේ. එ් වසර 07කට පසුවය.

මෙම කාලවකවානුවේ, පියසීලට ගමේ ඉන්නට බැරි තත්වයක් උදා කිරිමට ද ඇයට උරුම රජයේ ඉඩම උදුරා ගැනීමට ද ග‍්‍රාම නිලධාරියා ප‍්‍රයත්න දරමින් සිටී. පියසීලි පොලිස් කාරයකු අමාරුවේ දාපු ගැහැනීයක් ලෙසට හඳුන්වමින්, විවිධ බලපෑම් එල්ල කරන ග‍්‍රාම නිලධාරියා ගේ ක‍්‍රියාවට ප‍්‍රාදේශීය ලේකම්වරයාද හවුල් වී ඇති බව වාර්තා වේ. 

පියසීලිව දුෂණය කිරීම පිටුපස ඇත්තේ ඉඩම් ආරවුලකි. සැමියා ඇයව අතහැර ගොස් තිබෙන අතර, අධීකරණයෙන් නියම කල නඩත්තු මුදල්වත් නිසි වේලාවට ඇය ට හිමිවන්නේ නැත. 

මෙම අතවර මැද්දේ තම එකම පුතා සාසනයට පූජා කළේ දුප්පත්කම ඉහවහා ගිය නිසාය. නමුත් පන්සලේදී පුතාව අතවරයට පත් විය. එම තත්වය තුල සිවුර අතහැර යලිත් මවට එක්වීමට පුතාට සිදු විය.

ගමින් සැතපුම් ගණනාවක් බැහැරව  පුතා සමග ඇය ජිවත්වන්නේ, එම ප‍්‍රදේශයේ ගාර්මන්ට් එකක වැඩට යමින්ය. ගමින් පිටව සිටිය දිත් ඇයට එල්ල කරන බලපෑම් අඩුවී නොමැත.

අධිකරණයේ පවතින මෙවන් දුෂණ නඩු, අපේ මාධ්‍ය වාර්තා කරන්නේ නැත. මෙවන් සිද්ධීන් අළෙවි කරන්නට බැරිය නිසාය. අනෙක, පවතින ක‍්‍රමය හෙළි දරව් වන නිසාය. අත්අඩංගුවට ගත් දින ඇප දීම පොලිසිය හා අධිකරණය සමග පවතින අයුතු ගණූදෙනුවට උදාහරණයකි.  

 එ් අතර මාතර මහාධිකරණයේ විභාග වන ස්ත‍්‍රී දුෂණ නඩුවේ, විත්තිකරු වන ගාමිණී වීරවික‍්‍රම තවමත් පොලිසියේ රාජකාරිය කරන බව ප‍්‍රකාශවේ. එ් පිළිබඳව සොයා බලා පියවර ගැනීම පොලිස් කොමිසමේ වගකීම වේ. 

No comments:

Post a Comment