Sunday, November 1, 2015

මානව හිමිකම් කොමිසමට කොරන්න බැරිලූ!! රාජපක්ෂ ගැන්සිය කියයි.



නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන බොරු චෝදන නගා නඩු පැවරීම හා වධහිංසාවට පත් කිරීම අදාලව රණවිරුවෙකු මානව හිමිකම් කෙිමිසමට කරන ලද පැමිණිල්ලක් බාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරිම අදාලව කොමිසමේ වර්තමාන සභාතිනිය වෙත 2015.10.26 දාතමින් කරන ලද පැමිණිල්ල පහත දක්වන්නේ රාජපක්ෂ පාලන යුගයේ කොමිසමට අරක්ගෙන සිටි පිරිස ක‍්‍රියාකළ අන්දම වටහා ගැනීමටය. 

රාජපක්ෂ පත්කළ සභාපති ඇතුලු කොමසාරිස්ලා සහ සභාපති ගේ උපදේශක වශයෙන් අවසාන භාගයේ කොමිසමේ එල්ලී සිටි, නි. නිමල් පුංචිහේවා නැවත කොමිසමට රිංගා ගැනීමට දැර උත්සහය ව්‍යාර්ත වුවද, එම කල්ලිය හා එක්ව සියලූ දුෂණයන් හි නිරතවු පිරිස් තවමත් කොමිසමේ සිටිති. ඔවුන් මේ වනවිට විවිධ කඩාකප්පල් කාරි ක‍්‍රියාවන් හි නිරතවන බවද වාර්තාවේ. 

ත‍්‍රී/ තෝපූර් වල නුර්දින් අජ්මල් ඛාන්, විසින් වත්මන් සභාපතිනි ය වන ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය අමතමින් මෙම පැමිණිල්ල කර තිබේ. 

පැමිණිලි අංකය : එච්.ආර්.සී/ 2544/15

නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදන නගා නඩු පැවරීම වධහිංසාවට පත් කිරීම අදාලව මා විසින්,

1. 2015.07.08 දාතමින් ඔබ කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ල 2015.07.25 හා එච්.ආර්.සී/2545/15 දැනුම්දීම මගින්,

”පැමිණිල්ලේ සඳහන් කාරණය අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් වීම” යන හේතුන් මත ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් මැදිහත්වීමට හැකියාවක් නොමැති බව දන්වා තිබේ.

(2). මෙම නිගමනය වැරදි සහගත එකකි. පොලිසිය නීති විරෝධීව, අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු පවරා, ඉන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කොට තවදුරටත් වධයට ලක් කිරීම  -  සුපුරුදු කාර්යයයි.

(3). මෙසේ සිදු කරන්නේ පොලිසිය සිදුකරන බරපතල මූලික අයිතිවාසිකම් කඩ කිරීම් වලින් ආරක්ෂා වීමට අධිකරණය උපයෝගී කර ගැනීමයි.

(4). එම උපායට, ඔබ කොමිෂන් සභාවද අනුකූලතාවය දක්වා, මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරිම පිළිබඳව විමර්ශණය කිරීම ”අධිකරණයේ නඩුවක් පවතින බව” යන කාරණයට මුවා වී, ඉවත දමා තිබීම මගින්, මා හට යුක්තිය ඉටුකර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කර තිබේ.

(5). පොලිසිය මට විරුද්ධව නඩු පැවරුවේ ”පිට රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක්, ටී 56 වර්ගයේ 7.62ං39 ජීව උණ්ඩ 03ක් ”හැක් ඇට්” තුවක්කු සඳහා භාණ්ඩ කරන (0.9* ජීව උණ්ඩයක් හා පුහුණු උණ්ඩ 03ක් සහ රජයේ අරක්කු මුදලට විකිණීම” යන අභූත චෝදනාවන් යටතේය. නඩු අංකය ඊඍ482/14 - මුතූර් මහෙස්ත‍්‍රාත් අධිකරණය. 

(6). මෙම චෝදනාවලට, මාව 2014.10.06 සිට 2015.06.10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
මට ඇප ලබා ගැනීමට හැකිවූයේ ත‍්‍රීකුණාමලය මහාධිකරණයෙන් බවද, සඳහන් කරමි. ඇප අයඳුම්පත් අංකය ්‍යක්‍ඔරැුඊ්රැු760රැු2015 වේ.

(7). මෙම බොරු චෝදනා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම පොලිසියේ  ඊළඟ පියවර විය.

(8). 2015.08.10 හා ධඋරැු13රැු14 දරණ නීතිපති උපදෙස් අනුව, 2015.0.12 දින මාව නඩුවෙන් මුදාහරින ලදි.

(9). මා මුලින් සඳහන් කළ කරුණු මේ මගින් සනාථ වේ.

(10) පොලිසිය සිදුකළ මෙම අපරාධය නිසා, අද දින දක්වාම මාගේ රැුකියාව අහිමි කර තිබෙන බවද සඳහන් කරමි.

එබැවින්, 
මා ඉල්ලා සිටින්නේ, 

1. ඔබ කොමිෂන් සභාව විසින් ඉවත් කරන ලද මාගේ පැමිණිල්ල විමර්ශණය කර, මාහට යුක්තිය ඉටු කර දෙන ලෙසටයි. 

2. මෙම සිද්ධිය අදාලව මුතූර් පොලිසියේ වගඋත්තරකරුවන් වන්නේ,
1. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක - පී.ආර්.සී. ද සිල්වා
2. උප පොලිස් පරීක්ෂක - යෝග දීපන්
3. පො.කො.61710 පෙරේරා
4. පො.කො.61711 නිස්සංක 
5. පො.කො.40197 රත්නායක
6. පො.කො.8626
7. පො.කො.89029
8. පො.කො.89032
                       වේ.

3. මොවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ද, 

4. මෙම නීති විරෝධී ක‍්‍රියාව නිසා මාහට අහිමි වැටුප්, දීමනා හා වරප‍්‍රසාද ලබාදෙන ලෙස, යුධ හුමදාවට නිර්දේශ කරන ලෙසට ද,

5.  ප‍්‍රමාණවත් වන්දි මුදලක් නිර්දේශ කරන ලෙසට ද ඉල්ලා සිටිමි.  

මෙයට,
අ.ක/ නුර්දින් අජ්මල් ඛාන්,


No comments:

Post a Comment