Tuesday, November 3, 2015

හෙලුවෙන් තියලා, පුතා ගේ පුරුෂ ලිංගයට, ගුද මාර්ගයට, ඇස් දෙකට, කන් වලට, නාසයට කොච්චි කොටා එහි ඉස්ම සමග පැට‍්‍රල් වක්කරලා, කොච්චි බලෙන් කවලා......


පොලූවලින් තට්ටම්වලට හා යටිපතුල් වලට, අත් වලට, කකුල් වලට පහර දීලා. අත් වලට හා කකුල් වලට මාංචු දමා, හෙලුවෙන් වෙරළට ගෙන ගොස් පිස්තෝලය දිගු කර, දුව වලා 

රුවන් අනුරුද්ධික නැමැති  32 හැවරිදි , එක් දරු පියෙක් වු තම පුතාට  දින 04ක් පුරා ර`දවාගෙන වධ දී ඇත්තෙ පානදුර, වෙරළ පාරේ වැල්ල පොලිසිය ලෙසට හඳුන්වන විශේෂ එ්කකයේ (යුනිට්) පද්ම කුමාර නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරින් පිරිසක් බව කියන මව, ටැස්ලින් නෝනා, මානව හිමිකම් කොමිෂන් සභාවට හා  ජාතික පොලිස් කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කරමින් මෙසේ ප‍්‍රකාශ කර තිබේ. 

තම පුතාව, 2015 ඔක්: 11 වන දින, පෙ:ව:10.30 ට පමණ, පානදුර, පිංවත්ත, ගාලූ පාරේ සිදු වූ රිය අනතුරක් බලමින් සිටියදී, සිවිල් ඇඳුමින් සැරසුනු පස්දෙනෙකු යතුරු පැදිවලින් පැමිණ පිස්තෝල ඔලූවට තබා අත්අඩංගුවට ගත් බව,

එසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පද්ම කුමාර නැමැති නිලධාරියාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණඩායමක් බව,

අත් අඩංගුවට ගෙන, දින 04ක් පුරා, වධ දී ඇත්තේ- නිරුවත් කොට, පොලූවලින් තට්ටම්වලට හා යටිපතුල් වලට, අත් වලට, කකුල් වලට පහර දී ඇති බව,

කොච්චි කොටා එහි ඉස්ම හා පැට‍්‍රල් පුරුෂ ඇස් දෙකට, කන් වලට, නාසයට, ගුද මාර්ගයට හා පුරුෂ ලිංගයට වක්කර, ඇඟ පුරාම අතුල්ලා, කොච්චි බලයෙන් කවා ඇති බව, 

දින 04 කට පසුව සවස 2.00 ට පමණ, පුතාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට පුතාව ඉදිරිපත් කල බව,

එයින් අනතුරුව මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගයෙන් බන්ධනාගාර ගත කර තිබෙන බව,

ඇය ඉල්ලා ඇත්තේ, නොපමාව ක`ඵතර රිමාන්ඞ් බන්ධණාගාරයට විමර්ශන නිලධාරින් යවා,  සියලූ තොරතුරු ලබා ගන්නා ලෙසට සහා නීති විරෝධී අත්අඩංගුවට ගැනීම  වධ දිම, බොරු නඩු දැමීම පිලිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට ය. 

සටහන:- ස්වාධින කොමිසන් සභා පත්කළාට හයිබි‍්‍රඞ් ආණ්ඩුවේ පොලීසිය බාර හිටපු ුඇමති ජොන් අමරතුංග හා වත්මන් ඇමති තිලක් මාරපන, පොලිසිය සමග එක්ව තම පාදඩ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවට නිදසුන් තමයි මේ. එය තහවුරු වන්නේ  බරපතල චොදනා එල්ලවී තිබෙන පොලිස්කාරයෙකු මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් තාබා ගැනීම මගින්ය. නිරායුධ ව පෙළපාලි ගිය සිසුන්ට පන්නා පන්නා පහරදීම, බිම වැටුනු ශිෂ්‍යාවන්ට පහරදීම ඇස් පනාපිට තිබියද්දිත්, තමා සුදනා බව කියා ගන්නා රනිල්ට කමිටු පත්කර ඇඟ බෙරා ගැනීමට ඉඩ දිමට සිවිල් සමාජය සුදානම් විය යුතු නැත.
කමිටු පත්කරනවා කියන්නේ අපරාධ වසන් කර දැමිමේ පිළිවෙතයි.


No comments:

Post a Comment