Saturday, October 31, 2015

බොරු කියන මාධ්‍ය ප‍්‍රකාශක ට හා පොලිස් වධකයන්ට එරෙහිව නීතිමය හා විනය පියවර ගෙන ‘‘පොලීසිය’’ සුද්ද කරන්න පටන් ගන්න.

NPC Chairman Sir Hettige

පොලිස් කොමිසම, පොලීසිය සුද්ධ කරන බවත්, පොලීසියට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට පසු ගියදා මාධ්‍ය මගින් කරන ලද ප‍්‍රකාශය, හුදෙක් ”මාධ්‍ය ප‍්‍රකාශයක්” නොවන බව පැහැදිළි වන්නේ ගන්නා ක‍්‍රියා මාර්ග, වලින් බව පෙන්වා දෙන ජනසංසදය, මේ වන විට කොළඹ රිමාන්ඞ් න්ධනාගාරයේ, වැලිකඩ බන්ධනාගාරයේ හා මැගසින් බන්ධනාගාරයේ පොලීසියේ මෘෘග වධ දීම්වලට භාජනය වූ රැුඳවියන් සය දෙනෙකු සිටීන බව ප‍්‍රකාශ කරයි.
 ඔවුන් හය දෙනා නම්, 01. වේල්ලවීදිය පොලීසිය වධදි වැලිකඩ බන්ධනාගාරයේ සිටින, ෂේක් ෆරීඞ් මොහොමඞ් ෆාසී, 02. අවිස්සාවේල්ල පොලීසිය වධදි කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය :ක්‍ඍඡු* සිටින කලූදුරගේ ශිරාන් බුද්ධික, 03. මරදාන පොලීසිය වධදි මැගසින් බන්ධනාගාරයේ සිටින මොහොනීර් මෙහොමඞ් සලීම් හෙවත් නිහාල්, 04. වැල්ලම්පිටිය පොලීසිය වධදි කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය :ක්‍ඍඡු* සිටින පුංචි බංඩා හේරත්ලාගේ විශ්ව වර්ණක, 05. බොරැුල්ල පොලීසිය වධදි මැගසින් බන්ධනාගාරයේ සිටින නූපේ හේවාගේ චමින්ද ප‍්‍රදීප් කුමාර, 06. වරාය පොලීසිය වධදි වැලිකඩ බන්ධනාගාරයේ සිටින දේවසුන්දරම් චන්ද්‍රසේකරම් ය. පොලිස් කොමිසම කළ යුත්තේ  මෙම වින්දිතයන් හය දෙනා හමු වී, තොරතුරු ලබා ගැනීම සහ  අදාල නඩු වාර්තා, වෛද්‍ය වාර්තා ලබා ගැනීම මගින් එම කරුණු සනාථ කර ගැනීමයි.
පොලිස් වධයට භාජනයවු මේ හය දෙනාට වඩා බෙහෙවින් වැඩි රැුඳවියන් රට පුරා රිමාන්ඞ් බන්ධනාගාරවල සිටින බව අවධාරණය කරන ජනසංසදය මේ වන විට, හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ පොලිස් වධහිංසාව පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබේන බවද පෙනවා දෙයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මෙම වාර්ථාව පිළිබඳ ව බොරු කීම වැළැක්වීමද පොලිස් කොමිසමේ වගකීම වේ. ඔහු කියා සිටියේ පසුගිය කාල පරිච්ෙඡ්දයේ, පොලීසියට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් නඩු ප‍්‍රමාණය අඩු වී තිබෙන බවයි. එ් කථාව නම් ඇත්ත බව බවසන ජනසංසදය, පසුගිය කාල පරිච්ෙඡ්දයේ ශ්‍රේෂ්ඨාධිකරණය ද පොලීසිය හා නීතිපති වාගේම ¥ෂණයෙන් පිරුණු එකක් බවත් ඔවුන් සේවය කළේ අපරාධකරුවන්ට බව දැන දැන අති විශාල මුදල් ප‍්‍රමාණයක් වියදම් කරමින් නඩු පවරන්නට වින්දිතයන් සූදානම් වූයේ නැති බවත්, එමෙන්ම අවංක නීතිඥවරුන් එවන් නඩු බාර ගැනීමෙන් වැළකී සිටි බවත් පෙන්වා දෙයි. 
එම නිසා ජනතාව රැුවටීමේ කාර්යයේ නියුතු වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ට එරෙහිව පියවර ගැනීම ඔබ කොමිෂමේ වගකීම වේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට එරෙහිව, පෞද්ගලිකව මේ වන විට බරපතල චෝදනා එල්ලවී තිබෙන බව ඔබ කොමිෂමට තවමත් වාර්තා වී නැතිවා වෙන්නට පු`ඵවන. ඉදිරියේදී එ් පිළිබඳව පොලිස්පතිට, හා පොලීසිය බාර නීතිය සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිවරයාට කර තිබෙන පැමිණිලි මගින් සනාථ කර ගත හැකිවනු ඇති බවද වැඩි දුරටත් පෙන්වා ජනසංසදය, 
නොපමාව ඉහත නම් කළ පොලිස් වධහිංසාවට පාත‍්‍ර වූ වින්දිතයන් 06 දෙනා පිළිබඳව පරීක්ෂණ පවත්වා අදාල පොලිස්ථානවල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා
ලෙසටත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජනතාවට බොරු කීම වහාම නවත්වන ලෙසටත් පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටි. 

No comments:

Post a Comment