Friday, October 9, 2015

පරිසර ආරක්ෂකයෝ පගාව අරන් යනවා.


අවුරුදු තුනක් පුරා, කුරුවිට කොළඹ - රත්නපුර පාරේ ”පැරඩයිස්” ප‍්‍රදේශයේ ආපන ශාලාවක් සහ ඉන්ධන පිරවුම් හලක් කරන ව්‍යාපාරිකයාගේ මුදල්වලට පරිසර ආරක්ෂකයෝ යටවෙලා.

මේ බව 2012 වසරේ සිට ලිඛිතව මධ්‍යම පරිසර අධිකාරියට, පරිසර අමාත්‍යංශයට, ජනාධිපති ලේකම් ඇතුලූව ප‍්‍රාදේශීය සියලූ බලධාරීන්ට පැමිණිලි කරන්නේ, එම පරිසර විනාශයෙන් පීඩා විඳින - එච්.එ්.පේ‍්‍රමරත්න මහතාය.

ඔහු ප‍්‍රකාශ කරන පරිදි, මෙම පරිසර විනාශය සිදුකරන්නේ ”ෙෆ්‍රන්ච්” හෝටලය හා එයට යාබද ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කරන පරිසර හානි කරන අපද්‍රව්‍ය මගින්ය.

මෙම හෝටලය හා ඉන්ධන පිරිවුම්හලේ හිමිකරුවන් පොලිසියට සම්බන්ධ බවද, ඔවුන් පරිසරය ආරක්ෂා කරන නිලධාරීන් සියලූ දෙනා මුදලට අරන් තිබෙන බවටද චෝදනා කරයි.

සාමාන්‍යයෙන් ඉහලයින් මහා පරිමානයේ දුෂණවල යෙදෙන බවත්, පහළ රාජ්‍ය නිලධාරීන් ඔවුන් අනුව යමින් අල්ලස් ගන්නා බව - මෑතකදී ජනාධිපති සිරිසේන ප‍්‍රකාශ කලේ කළමණාකාර සහායකයින්ට පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවයේදීය.

යහපාලනය යටතේත් මහා පරිමාණ පරිසර දුෂණ මෙන්ම, ඉහත දැක්වූ සු`ඵ පරිමාණ ව්‍යාපාරිකයින් සිදු කරන පරිසර දුෂණ වැළැක්වීමට තවමත් අපොහොසත්ව තිබේ.

අවුරුදු 3ක් පුරා සිදු කරන මෙම පරිසර දුෂණය වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ඔහු ඉල්ලා සිටී.

No comments:

Post a Comment