Monday, October 5, 2015

කුඩ්ඩෙක් ගේ පාපොච්චාරණය.


රු. 80,000/= ක් දඩ මුදල් ගෙවලා. පොලීසිය වැඩ කරන්නේ චන්දන නැමැති ‘‘කුඩු“ කොන්ත‍්‍රාත්කරුවාගේ අවශ්‍යතාවයට.
ජනාධිපති ලේකම් ට, අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ට පිටපත් සහිතව පොලිස්පති අමතන රංජිත් මෙසේ කියා සිටී.
‘‘වයස අවු: 52යි, රැකියාව : තැඹිලි කැපීම/පොල් කැඞීම. මාගේ බිරිඳ අසනීපයෙන් පසුවන අතර, මා නිවසේ සිටින ඥති සොයුරිය මානසික රෝගයකින් පෙළෙන්නෙකි.
මෙම වාතාවරණය යටතේ, මා හෙරොයින් වලට ඇබ්බැහි වී සිටින්නෙකි. මා එක්වතාවක් හෙරොයින් සමග අසුවී වරද පිළිගෙන දඩ ගෙව්වෙමි. ඉන් අනතුරුව, විටින් විට මා අල්ලා නඩු දමන අතර, පොලිසියේ ඉල්ලීම පිට වරද පිළිගෙන දඩ ගෙවා නිදහස් වී ඇත. මේ වන විට මා ගෙවා ඇති දඩ මුදල රුපියල් අසූදහසකට වැඩිය.
දැනට සතියක පමණ සිට, පානදුර වෙරළ පොලිසිය ලෙසට හඳුන්වන විශේෂ ඒකකයේ සම්පත් නැමැති නිලධාරියා මා වෙත පැමිණ, හිරණ මාමානැමැති හෙරොයින් විකුණන පුද්ගලයාව අල්ලා දෙන ලෙසට ඉල්ලා සිටියේය. 2015.10.04 දින සවස 4.30 ට පමණ ඔහු, නිවස අසලදී අල්ලාගෙන, මාමාව අල්ලා දෙන්න, එවිට මාව මුදාහරින බව ප‍්‍රකාශ කලා.
මම ඔහුට කියා සිටියා, හිරණ මාමා දැන් හෙරොයින් විකුණන්නේ නැහැ, මම හෙරොයින් අරගන්නේ රත්මලානෙන් කියා. ඔහු එය පිළිගන්නේ නැහැ. මාමා යන අයව අල්ලා නොදුන්නොත් මට විරුද්ධව නඩු දාන බවට තර්ජණය කර යන්න ගියා. මා දන්නා පරිදි, මෙසේ මාමා”  යන අයව අල්ලන්නට සූදානම් වන්නේ, අප නිවස අසල සිටින චන්දන නැමැති කොන්ත‍්‍රාත්කරුවාගේ අවශ්‍යතාවයටය. මෙම චන්දන නැමැති කොන්ත‍්‍රාත්කරු, ඔහු යටතේ, සේවය කරන 15කු පමණ වන, අත් උදව් දෙන්නන්ට හෙරොයින් දිනපතාම ගෙවිත් දෙති.
මේ බව පොලිසිය හොඳින් දන්නා බව ප‍්‍රකාශ කරමි. මෙම චන්දන සමග පවතින සම්බන්ධය උඩ, ඔහුගේ අවශ්‍යතාවයට වෙනත් පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිසිය ක‍්‍රියා කරයි. චන්දනනැමැති අය මා සමග හිත හොඳ නැත.
මෙම කොත්ත‍්‍රාත්කරු සමග ඉහළ අයද සම්බන්ධකම් පවත්වනු ලබයි. ඔහු රජයේ කොන්ත‍්‍රාත්තුද ලබා ගනී.
මා හෙරොයින් වලට ඇබ්බැහිවූවත්, මා ජවජරම් කරන්නේ නැහැ. මට හිරේ යෑමට සිදුවූවොත්, මාගේ පවුල, මානසික රෝගී ඥති සොයුරිය අනාථ වීම සහතිකය.
මට ලියන්නට කියන්නට බැරිය. මාගේ පියා කබොක් ගල් කැපූ අයෙකි. අවුරුදු 7 දී මාගේ පියා මිය ගියා. පවුලේ ගණන 5කි. කිසිවකුටවත් ඉගෙන ගැනීමට හැකියාව තිබුනේ නැහැ. පානදුර ජුබිලි විද්‍යාලයේ 1 වසරට විතරයි යන්න ලැබුනේ.
මා ඉල්ලා සිටින්නේ, මහා පරිමානයේ හොරොයින් ජාවාරම් කරුවන් සමග සම්බන්ධකම් පවත්වන චන්දන නැමැත්තාගේ අවශ්‍යතාවයට මා බිල්ලට ගැනීමට පොලිසිය දරන උත්සාහය වලක්වන ලෙසටයි.
මෙම ලිපිය පානදුර පොලිසියට හෝ පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත යොමු කරනු ලැබුවහොත්, පොලිසියෙන් හා චන්දන නැමැත්තාගෙන් මගේ ජීවිතයට තර්ජණයක් එල්ල විය හැකි බව මා දන්නා කරුණකි.
වශයෙන් සිය ලිපියේ සහන් කරන ඔහු තමා වසර 13ක් පුරා හෙරෝයින් භාවිතා කරන බවද, දිනකට රු: 3000/= පමණ උපයන බවද, රත්මලානට ගොස් රු1500/ක පමණ කුඩු අරගෙන බොන බවද කියා සිටි. තමා පුනරැත්තාපනය වීමට කැමති බවද ප්‍රකාශ කරයි.




No comments:

Post a Comment