Tuesday, October 6, 2015

ගල්කිස්ස පොලිස් කූඩුවේ වැසිකිලිය තුළට ඇද පොලිස්කාරයෝ තුන්දොනක් පහර දුන්නා. බෙල්ල මිරිකුවාම ඇඟිල්ල විකුවා. පහර දුන්නේ හිටපු බිරිඳ ගේ කොන්ත‍්‍රාත්තුවකට.



මාගේ හිටපු බිරිඳගේ නංගි වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු ගේ කණිටු පුත් එක්ක ඉන්නේ. එම කාරණය මුල් කරගෙන මෙම පවුල, මැතිවරණ සමයේ ජනමාධ්‍ය උපයෝගී කරගෙන, එම ඇමතිවරයාට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ගෙන යන ලදි. මෙම පවුල දේශපාලකයන් හා පොලීසියේ සමහර උසස් නිලධාරීන් සමග දැඩි සම්බන්ධතාවයක් පවතිනවා.

ගල්කිස්ස පොලිස්ථානය සහ බොරලැස්ගමුව පෙලිස්ථානය විසින් නීති විරෝධීව අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා බොරු චොදනා නගා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන්  පොලිස්පති, ලේකම්- නීතිය සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,  මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ළමාරක්ෂක අධිකාරිය වෙත මොහු  කර ඇති  ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.  
   ‘‘ 2015 අගෝස්තු 21 වන දින උදේ 10.00 ට බොරලැස්ගමුව පොලිස්ථානයට පැමිණෙන ලෙසට, මා වෙත ලියාපදිංචි තැපෑලෙන් දැණුම් දීමක් කරණු ලැබීය. එ් අනුව, නීතිඥ මහතා සමග පොලිස්ථානයට ගියා.

එ් අවස්ථාවේ, මට විරුද්ධව ව්‍යාජ පැමිණිල්ලක් කර තිබූ, හිටපු බිරි`දගේ ඥති සොහොයුරියක් වූ නවෝද්‍යා ද නීතිඥවරයකු සමග පැමිණ සිටියා. ඇගේ පියා ද පැමිණ සිටියා. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. සිල්වා, විභාග කිරීම ස`දහා ස්ථානාධිපති පැමිණෙනකම් ඉන්න යැයි අපට කියා සිටියා.

පැයකට පමණ පසුවද ස්ථානාධිපති නොපැමිණීම නිසා, පො.ප. සිල්වා නීතිඥවරුන්ට දැණුම් දුන්නා, වෙනත් දිනයක පැමිණෙන ලෙසට. තවද, ඔහු එම නීතිඥවරුන්ට දුරකතන මගින් දිනය දැණුම් දෙන බවද ප‍්‍රකාශ කළා. පො.ප. සිල්වා ඔහුගේ දුරකතන අංකය ද නීතිඥවරුන්ට ලබාදුන්නා.

එ් අනුව නීතිඥවරුන් පොලීසියෙන් පිටව ගිය අතර, මම ද පොලීසියෙන් පිටව ගියා. මා පොලීසියේ සිට මීටර් 200 ක් පමණ දුරින් නවතා තිබූ මාගේ රථයට යමින් සිටියදී පිටුපසින් පැමිණි පො.ප. සිල්වා හා තවත් ගිනි අවියක් ගත් නිලධාරියෙක් මා අත්අඩංගුවට ගත්තා.

මා කාරණය විමසා සිටි විට පො.ප. සිල්වා කියා සිටියේ, ස්ථානාධිපති හැරිසන් දුරකතනයෙන් ලබාදුන් උපදෙස් අනුව මාව අත්අඩංගුවට ගත් බවයි. මා, පොලීසියට රැුගෙනවිත්, පොලීසියේ සවස 4.00 වන තුරු රඳවාගෙන සිටියා. සවස 4.00 ට පමණ, මා, මාගේ දරුවා පැහැරගෙන යෑම යන ව්‍යාජ චෝදනාවට ප‍්‍රකාශයක් ලබා ගත්තා. 

මාව පොලිස් ඇප මත මුදාහැරියා. නමුත් මට උසාවි එන දිනයක් හෝ චෝදනාව හෝ දැණුම් දුන්නේ නැහැ. මෙයට අමතරව බොරලැස්ගමුව පොලීසියට මා කරන ලද පැමිණිලි දෙකට පරීක්ෂණ පවත්වා නොමැත.

2015 ජූලි 29 දින, CIB(01)/334රැ/357 යටතේ, මාගේ දරුවා උසාවි නියෝග කඩ කරමින්, දින 06 ක් සඟවා සිටීම පිළිබඳව බොරලැස්ගමුව පොලීසියේ පැමිණිල්ලක් කරණු ලැබුවා. එ් හා අදාලව 2015.07.27 දින ගල්කිස්ස පොලීසියේ පැමිණිලි කළා. එහි අංකය: WCIB398/314 

2015.07.28 වන කොම්පඤ්ඤවීදිය පොලීසියට 119 අමතමින් දැණුම් දීමක් කරණු ලැබුවා. MOIB/53/233. 2015.07.28 දින, දෙහිවල පොලීසිය මාගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තා. CIB2/323/336. එයට අමතරව 2015 අගොස්තු 06 ළමා ආරක්ෂක අධිකාරියට ද, CIB25/95/55, 2015 අගොස්තු 07 නුගේගොඩ, ළමා හා කාන්තා කාර්යංශයට ද පැමිණිලි කරණු ලැබුවා. CIB1/169/32. 2015 අගෝස්තු 10 වන දින, දරුවා තමාට සිදු වූ අපයෝජනයන් පිළිබඳව පැමිණිලි කරණු ලැබුවා. CIB25/128/410. 

මෙම පැමිණිලි පිළිිබඳව මේ දක්වාම කිසිදු පරීක්ෂණයක් සිදු කර නැහැ.

2015 සැප්තැම්බර් 17 වන දින, සවස 5.00 ට පමණ, ගල්කිස්ස පොලීසියේ හතර දෙනකු මාගේ නිවසට පැමිණ වරෙන්තුවක් ඇති බව ප‍්‍රකාශ කළා. නමුත් වරෙන්තුව පෙන්නුවේ නැහැ.

මා ඔවුන්ගේ කීමට ඔවුන් සමග ගියා. මාව ගෙන ගොස් ගල්කිස්ස පොලීසියේ විශේෂ අපරාධ එ්කකයේ ස්ථානාධිපතිවරයා හමුවට පත් කළා. ඔහු මට ප‍්‍රකාශ කළා මට විරුද්ධව බහු විවාහ චෝදනාව යටතේ නඩුවක් තියෙනවා, එහි අංකය බී/321/13 බව. එම නඩුවට 2015 මාර්තු 06, ජුනි 23 හා සැප්තැම්බර් 15 මා පැමිණ නැති බවත් මට වරෙන්තු බව දැණුම් දුන්නා. නමුත් වරෙන්තුව පෙන්නුවේ නැහැ.

එයින් පසුව මාව කූඩුවට දැම්මා. පැයකට පමණ පසුව, සෙ....... කියන්නේ කව්ද කියමින් නිලධාරියෙක් පැමිණියා. දැක්කොත් අඳුරන්න පු`ඵවන්. ඔහු මට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් කූඩුව ඇරගෙන ඇතුළට ඇවිත් පහර දෙන්න පටන් ගත්තා. එ් අවස්ථාවේ 10 කට වැඩි පිරිසක් කූඩුවේ සිටියා. මට පහර දුන්නේ වැසිකිලිය තුළට ඇද. ඔහු මගේ බෙල්ල හරහා අත යවා මිරිකුවා. මට හුස්ම ගන්න බැරි වුණා. මම ඔහුගේ ඇඟිල්ල විකුවා. ඔහු එවිට තවත් සිවිල් ඇඳුමින් සිටි දෙදෙනෙක්ව කැඳවා මට පහර දුන්නා. 

ඔවුන් තුන්දෙනා මට අතින් පයින් ගැහැව්වා. මගේ ඔලූවට පහර දුන්නා. ඔලූව බිත්තියේ සහ කූඩුවේ කිහිප විටක්ම හැප්පුවා. පැය දෙකකට පමණ පසුව නීතිඥ මහතා පැමිණ මාව රෝහල්ගත කරන ලෙසට ඉල්ලා සිටියා.

රාත‍්‍රී 11.00 ට පමණ, මාව ජීප් රථයෙන් ක`ඵබෝවිල ශික්ෂණ මහා රෝහලට ගෙන ගියා. නමුත් මාව රෝහල තුළට ගෙන ගියේ නැහැ. ඉන්පසුව මාව වැල්ලවත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරී  මහතා වෙත ගෙන ගියා. වෛද්‍යවරයාට මා ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා මට තර්ජනය කළා මා බීලා බව කියන්න කියා. වෛද්‍යවරයා මට කිව්වා බීලාද කියා බලන්න ගෙනත් තියෙන බව. මම ඔහුට කිව්වා මාව පරීක්ෂා කරන්න කියා. නමුත් පරීක්ෂා කළේ නැහැ. මා ඔහුට කිව්වා මට හොඳටම අමාරුයි, පොලීසියෙන් පහර දුන්නා කියා. එවිට වෛද්‍යවරයා නියම කළා මාව කොළඹ ජාතික රෝහලට ගෙන යන ලෙසට.

මාව ජාතික රෝහලට ගෙන ගියා. මාව හදිස්සි අනතුරු එ්කකයට ගෙන ගියා. එහිදී මාව පරීක්ෂාවට ලක් කළා. එවිට 2015 අගෝස්තු 18 වන දින අ`ඵයම 3.00 ට පමණ ඇති. එහිදී මාව 72 වාට්ටුවට ගෙන ගියා. 72 වාට්ටුවේ මාව ෑභඔ සායනයට ගෙන ගියා. එහිදී මගේ කන් බෙරය පුපුරා ඇති බව ප‍්‍රකාශ කළා. සවස 4.30 ට පමණ වාට්ටුවට මාරු කළා. 

මෙදින සවස 5.00 ට පමණ, මහේස්ත‍්‍රාත්තුමිය පැමිණියා. එ් අංක 04 මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්තුමිය බව ප‍්‍රකාශ වුණා. නමුත් ඇය මාගෙන් කිසිවක් ඇසුවේ නැහැ. මා හට පහර දීම ගැන කිසිවක් විමසුවේ නැහැ. තුවාල පරීක්ෂා කළේ නැහැ. එතැන සිටි පොලිස් නිලධාරීන් සමග කතා කර මාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කර යන්නට ගියා.

මාව රෝහල්ගත කර තිබුණේ පොලිස් පහර දීම මතය.

මහේස්ත‍්‍රාත්තුමිය ගිය පසුව, ගල්කිස්ස පොලීසියේ නිලධාරීවරයෙක් මාගෙන් විස්තර අසා, ඔහු විසින් ලියා ගන්නා ලද ප‍්‍රකාශයට මට අත්සන් කරන්න කිව්වා. මා එය කියවා දෙන ලෙසට ඉල්ලූ විට ඔහු එය කියෙව්වා. මා විසින් සඳහන් නොකළ කරුණු එහි අන්තර්ගතව තිබුණා. මා එ්වා පෙන්වා දුන් පසුවත් ඔහු කියා සිටියේ එ්වායින් ප‍්‍රශ්නයක් නැහැ දැන් කපන්න බැහැ කියා. මා සිටි තත්ත්වය මත, මා එම ප‍්‍රකාශයට අත්සන් කළා.   

සවස 7.00 ට පමණ, බන්ධනාගාරයෙන් පැමිණ මාව බාර ගත්තා. 2015 අගෝස්තු 19 වන දින සවස 3.00 ට පමණ මාව බන්ධනාගාරයට ගෙන ගියා. මාව බන්ධනාගාර රෝහලට බාර දුන්නා. බන්ධනාගාර රෝහලේ දින 07 ක් ප‍්‍රතිකාර ගත්තා. එයින් පසුව මාව මැගසින් බන්ධනාගාරයට මාරු කළා.

2015.09.28 වන දින, ගල්කිස්ස උසාවියේ මට විරුද්ධව දමා තිබූ නඩු දෙකකටම ඇප ලබා දුන්නා. එයින් පසුව, 2015.09.29 දින, මාව කොළඹ අංක 01 :්ඍ6284* මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එතැනින් මාව නිදහස් කළා. 

මට විරුද්ධව ගල්කිස්ස පොලීසියේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ බොරු නඩුවක් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබේ. එහි අංකය බී 2910/15 වේ. මීළඟ නඩු දිනය :- 2015.11.23 වේ.

මෙයට අමතරව, බොරලැස්ගමුව පොලීසිය, නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2985/15 යටතේ නඩුවක් පවරා ඇති බවට ප‍්‍රකාශ වුණා. නමුත් නඩු දිනය දැණුම් දුන්නේ නෑ.

මෙම පසුබිම යටතේ මට ප‍්‍රකාශ කරන්නට ඇත්තේ,

මාගේ හිටපු බිරිඳ හා ඇගේ පියා එක්ව, පුද්ගලික ජීවිතයේ ප‍්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා ”පොලීසිය” උපයෝගී කර ගැනීම ඉහත සිද්ධීන්වලට මූලික වූ බවයි.

මා ඉල්ලා සිටන්නේ, පුද්ගලික අවශ්‍යතාවයට, අල්ලසට මට විරුද්ධව, ගල්කිස්ස පොලීසිය බොරු නඩු දැමීම, නීති විරෝධිව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීම, බොරලැස්ගමුව පොලීසිය මාගේ පැමිණිල්ල විභාග නොකර, යුක්තිය ඉටු නොකර, මට වධහිංසා පැමිණවීමට බොරු නඩු දැමීම, ළමාරක්ෂක අධිකාරිය පක්ෂව ක‍්‍රියා කරමින් ළමයින්ව අපයෝජනයට රුකුල් දීම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට හා බොරලැස්ගමුව පොලීසිය මට පවරන ලද අංක 2985/15  නඞ්වට අදාල ව මීළඟ දිනය දැණුම් දීමට පියවර ගන්නා ලෙසටය.’’ 

32 හැවරිදි එක් දරු පියෙක් වන තමා ව්‍යාපාරික කටයුතු වල නියැලෙන බවත්, අනන්‍යතාවය හෙළි කිරිමෙන් වළකින ලෙසට ඉල්ලා සිටි බවද සඳහන් කරමින් ප‍්‍රකාශ කරන්නේ රටේ නිතයේ ආධිපත්‍ය ය බිඳවැටි ප‍්‍රමාණය මෙම සිද්ධියෙන් ද පැහැදිලි වන 

No comments:

Post a Comment