Friday, October 23, 2015

පොලිසීය ගව ඝාතකයින් එක්ව තරුණයෙකු පැහැරගෙන වධ දී මෙන් පසුව බොරු නඩු දමයි.


කුන්ජතම්බී” නමින් ප‍්‍රකට ගව ඝාතකයා සමග පැමිණි සිංහල පොලිස් කාරයෙක් තමාව අල්ලා මාංචු දමා පැහැර ගෙන ගොස් වධදී පළමුව මිල්ලනිය පොලිසියටද ඊට පසුව බණ්ඩාරගම පොලීසියට බාර දීමෙන් පසුව බොරු නඩු දැමීම පිළිබඳ පුවතකි මේ. 

බණ්ඩාරගම, අට`ඵගම පදිංචි සෙරෙප්පු සෑදීම වෘතිය කරගත් 20 හැවරදි  මොහොමඞ් මුකර්රම් නම් වු මොහු පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන තිබෙන පැමිනිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘ 2015.10.13 වන දින උදේ 9.30 ට පමණ, නිවස අසල සෙරෙප්පු සාදන ස්ථානයේ වැඩ කරමින් සිටියදී, අට`ඵගම, මහරාව පදිංචි ”කුන්ජතම්බී” නමින් හඳුන්වන හරක් මරණ පුද්ගලයා, රාජා නානා නමින් හඳුන්වන තැනැත්තාද, තවත් නම නොදන්නා නමුත් දුටුවොත් අඳුනා ගන්න පු`ඵවන් සිංහල පුද්ගලයකුද පැමිණ මා අල්ලා පහරදී, මාංචු දමන ලදි. මාංචු දමන ලද්දේ සිංහල පුද්ගලයාය. 

අත්පිටුපසට කොට මාංචු දැමීමෙන් පසුව, රාජානානා මාව බදා අල්ලා ගත්තා. කුණ්ජතම්බී පොල්ලක් අරගෙන පහර දුන්නා. එසේ පහරදීමෙන් පසුව, ත‍්‍රී රෝද රථයේ දමාගෙන, කුන්ජතම්බීගේ ගෙදරට ගෙන ගියා. එම ගෙදරදී මාංචු ගලවා, ලණුවක් අරගෙන අත්පිටුපසට කර බැන්දා. ඊට පස්සේ පෙර පරිදිම මට කුන්ජතම්බී හා රාජානානා පොලූවලින් පහර දුන්නා. විටින් විට බෙල්ල මිරිකුවා.

පැය බායක් පමණ එතැනදී පහර දීමෙන් පසුව, අත් ලිහලා ත‍්‍රී රෝද රථයේ දමාගෙන මිල්ලනිය පොලිසියට ගෙනවිත් එහි නිලධාරියෙකුට බාරදී කුන්ජතම්බී ත්, රාජානානා ත් යන්න ගියා. 
මාව ගෙනිච්ච ත‍්‍රී රෝද රථයේ අංකය QJ 1464 වේ. 



ටික වේලාවක් පොලිසියේ ඉන්නකොට, මාව ගෙනාවේ කව්ද යයි අසමින් කුණ්ජතම්බී ව හෙව්වා. ඔහු මාව පොලිසියට ගෙනවිත් දමා පිටව ගොස් තිබුනා. මිල්ලනිය පොලිසිය මගින් ප‍්‍රකාශයක් ලියාගෙන බණ්ඩාරගම පොලිසියට ගෙන ආවා. එහිදී මාව කූඩුවට දැම්මා. පැයක් පමණ එසේ කූඩුවේ තැබූ අතර, පසුව කූඩුවෙන් එළියට ගෙන, බණ්ඩාරගම පොලිසියද මගෙන් නම ලිපිනය අසා, මොනවදෝ ලියන ලද ප‍්‍රකාශයකට මාගෙන් අත්සන් ගත්තා. එහි මොනවා තිබුනාදැයි මා දන්නේ නැහැ. පසුව මාව  බණ්ඩාරගම රජයේ රෝහලට ගෙන ගියා.

මාව බණ්ඩාරගම රෝහලේ පිරිමි වාටටුවේ නවත්වා ගත්තා. මගේ ළඟ පොලිස් නිලධාරියෙක් සිටියා. පසුදින (14 දින* උදේ ටිකට් කප්පවාගෙන මාව හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. මහේස්ත‍්‍රාත් අධිකරණයේදී මම දැනගත්තා හරක් හොරකම් කලා යයි කියා බොරු නඩුවක් දාලා තියෙන බව. මාව ඇප මත මුදාහැරියා. නඩු අංකය 10634 වේ. මීළඟ නඩු දිනය 2015.12.01 වේ.

2015.10.16 දින රාත‍්‍රියේ මට හොඳටම අමාරු වුනා. මම 2015.10.17 දින පානදුර මූලික රෝහලට ප‍්‍රතිකාර ගන්න ආවා. මාව එහි නවත්වා ගත්තා. මා පානදුර මූලික රෝහලේ 01 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලැබුවා. මාව 2015.10.19 දින අධිකරණ වෛද්‍ය නිලධාරී බැලූවා. මා සම්පූර්ණ සිද්ධිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත පවසා සිටියා. ඔහු මා පරීක්ෂා කර, සටහන් කරගත්තා.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කිරීමෙන් පසුව, 2015.10.19 දින මාගේ ටිකට් කැපුවා.

කුණ්ජතම්බි හා රාජානානා සමග එක්ව, මට මාංචු දැමූ පුද්ගලයා, පොලිස් නිලධාරියෙක් බව මට විශ්වාසයි.  ඔහු මිල්ලනිය හෝ බණ්ඩාරගම පොලිසියේ අයෙක් විය යුතුයි. මාව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී මිල්ලනිය පොලිසියට බාරදී, එයින් පසුව බණ්ඩාරගම පොලිසියට බාරදීම, මට පසුව බොරු නඩු දැමීම, පොලිසිය හා එක්ව සිදුකරන ලද ක‍්‍රියාවකි.

මාව පැහැරගෙන යාම පිළිබඳව පොලිසිය කිසිම පියවරක් ගෙන නැත්තේ එ් නිසයි.

පෙර සඳහන් කල පරිදි, බණ්ඩාරගම, අට`ඵගම, මහරාව කුණ්ජම්බි හරක් මරණ අයෙක්. ඔහු හරක් හොරෙන් ගෙනවිත් මරණ බව ප‍්‍රසිද්ධ කාරණයක්. ඔහු පොලිසිය සමග සම්බන්ධයි.’’

No comments:

Post a Comment