Saturday, October 15, 2016

දවස් 4 තිස්සේ කොච්චි ඉස්ස කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් වධ දෙනවා.

මෙසේ පහර දෙමින් වධ දි ඇත්තේ, බේරුවල පොලිසියේ උ.පො.ප. ෆොන්සේකා හා සැරයන් කාරියවසම් යන දෙන්නා.

20 හැවිරිදි බේරුවල.ෆාතිමා ෆස්ලා, තම සැමියාට වධ දීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම් සභාව ට, පොලිස්පති ට පැමිණිලි කරමින් මෙසේ කියා සිටි.

‘‘ රහ්මාන්, අවු: 24යි. කම්කරු. මා ගේ සැමියා වේ.
2016.10.12 වන දින බේරුවල, එගොඩවත්ත පාරේදි, පිරිසක් මා ගේ සැමියාව අල්ලා, බේරුවල පොලීසියට කථා කර ගෙන්වා බාර දි තිබේ.

එදින ප.ව. 4.00ට පමණ මා, මාගේ අයියා ෆස්ලාන් සමග පොලීසියට ගියා. ඔහුව හොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසියෙන් කිව්වා. සැමියා කුඩුවේ සිටියා. කථා කරන්න දුන්නේ නැ. අපිට ඉන්න එපා කියා කිවිවා. මා ගෙදර ගොස් රාත‍්‍රි 8.00ට පමණ කෑම අරන් ආවා. එ් අවස්ථාවේ වරෙන්තුවක් තියෙනවා කිව්වා. හෙට උසාවි දානවා කිව්වා. නමුත් උසාවි දැම්මේ නැ, ? සැමියාට පහර දි තිබුනා. එ් ආකාරයටම, 13 හා 14 වෙනිදා උසාවි දාන බව කිව්වා. නමුත් දැම්මේ නැ. එ් දවස් දෙකේ දිත් ? ගහලා තිබුනා. අද 15දා උදේ බලන්න ගියා. සැමියාට ? හොඳටම ගහලා තිබුනා. ඔහු කිව්වා කොච්චි මිරිස් කොටලා කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් ගැහැව්වා කියලා. කකුල් වලට ගහලා. ඇවිද ගන්න බෑ.
එ් අතර ඊයේ (14දා* දවල් 2.00ට පමණ මා අයියා ෆසිල් ව හා සැමියා ගේ අයියා මිල්හාන් ව  අත් අඩංගුවට ගෙන රඳවා ගෙන පහර දෙනවා. ඔවුන් හොඳමට ගහලා. කොච්චි මිරිස් කොටලා කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරලා. 

මෙසේ පහර දෙමින් වධ දි ඇත්තේ, බේරුවල පොලිසායේ උ.පො.ප. ෆොන්සේකා හා සැරයන් කාරියවසම් යන දෙන්නා.’’

ඇය ඉල්ලා සිටින්නේ, නීති විරෝධව වධ දෙමින් රඳවා ගෙන සිටින මා ගේ සැමියා  වන බි.ආර්.එම්. රහ්මාන්, අයියා වන ෆසිල් ව හා මස්සිනා වන මිල්හාන්ව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

No comments:

Post a Comment