Sunday, October 16, 2016

එස්. මහින්ද හිමි හඬා වැළපෙයි. සිසුවකුට කොස්ස කැඩෙනකන් පහර දුන්න චීවරධාරියාව රකින්නේ පොලීසිය..

Add caption


සුපුරුදු පරිදි අධ්‍යාපන බාරව සිටින නීච නිලධාරින්, විදුහල්පති හා අපරාධ වලට හවුල් ගුරුවරු හා දෙමාපියන්ද මෙම බුදු සසුන කෙලෙසන චීවරධාරියා රැුකීමේ ප‍්‍රබල උත්සහයක යෙදි සිටී.

පානදුර දකුණ පොලිස් බල ප‍්‍රදේශයට අයත් අ`ඵබෝමුල්ල එස්. මහින්ද විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලැබූ අවු: 15 යි මාස 08 ක් වූ,  සිසුවකුට, 2016.10.06 දින එම විදුහලේ උගන්වනු ලබන කහවත්තේ ඥනසීල නැමති චීවරධාරි ගුරුවරයා විසින් අමානුෂික ලෙසට පහර දී කෘරත්වයට පත් කරන ලදි.

මෙම පහරකෑමේ ප‍්‍රතිඵලයෙන් ඔහු පානදුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබාගත් අතර රෝහල් පොලීසිය ප‍්‍රකාශයක් සටහන්කරගෙන තිබිණ. ඔහුගේ පියා, මේ පිළිබඳව පානදුර දකුණ පොලීසියේ පැමිණිල්ලක් කර ඇත.

මෙම අපරාධය පිළිබඳ පානදුර දකුණ පොලීසියේ නිලධාරියෙක් 2016.10.10 වන දින, එම විද්‍යාලයට ගොස් අපරාධ සැකකාර චීවරධාරි ගුරුවරයා හා විදුහල්පති සමග බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිට පසුදින (2016.10.11 දින* පොලිස් පැමිණෙන ලෙසට තුණ්ඩුවක් ලබා දී තිබින. 

මෙදින මෙම අපරාධය සිදුකරණු බලා සිටි සිසුන් කිසිවෙකුගෙන් ප‍්‍රකාශයක්, සාක්ෂි සටහනක් ලබා  නොගැනීමට මෙම පොලිස් නිලධාරියා වගබලාගෙන ඇත.

පසුදින එනම්, 2016.10.12 වන දින මෙම සිසුවා, සිය මව හා පියා සමග පොලීසියට ගිය අවස්ථාවේ, ‘‘මම මේක විභාග කරනවා කියමින්’’ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පහරකෑමට ලක්වූ සිසුවා, මව හා පියාද, පහර දුන් භික්ෂුවද, විදුහල්පතිද, තවත් ගුරුවරයකු ද නිල කාමරයට කැඳවා ‘‘බණ’’ කියා සමථ වන ලෙසට සිසුවාගේ මව හා පියාගෙන් ඉල්ලා ඇත.

එයට අකමැති වූ විට, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරියකු කැඳවා ‘මම’ (මූලස්ථාන පොලිස් පරීක්ෂක* කිව්වා කියා, ලියා සමථ මණ්ඩලයට දාන්න යැයි නියම කර ඇත. මෙය අපරාධකරුවා බේරා ගැනීමට, කරණ ලද ක‍්‍රියාවකි. මෙය සමථ මණ්ඩලයට දාන්න බැරි අපරාධයකි.

මෙයින් පැහැදිළිවම පෙන්නුම් කරන්නේ අපරාධ සැකකරු ‘චීවරධාරී ගුරුවරයකු’ වීම හා විශේෂයෙන් මෙම අපරාධය වසන් කිරීමට පෙරමුණ ගෙන සිටින විදුහල්පති ප‍්‍රමුඛ පිරිසකගෙන් අල්ලස් ලබාගෙන ‘‘අපරාධකරුවන්ට’’ නිදැල්ලේ සිටීමට ඉඩ හැරීම මගින් ‘‘අපරාධකරුවන්’’ බිහි කිරීමද,  ඕනෑම අපරාධයක් කර බේරීමට හැකිය යන ‘‘මහඟු ආදර්ශය’’ අනාගත පරපුරට ලබා දීමට ද, පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක‍්‍රියා කර ඇත.

පෙර සඳහන් කළ පරිදි මෙම අපරාධය වසන් කිරීමට මේ වන විට විදුහල්පතිවරයා පෙරමුණ ගෙන ඇත. ගුරු මණ්ඩලය කැඳවා චීවරධාරී අපරාධ සැකකරුවා බේරා ගැනීම වෙනුවෙන් එකා මෙන් පෙනී සිටින ලෙසටද අණ කර ඇත. එ් සාක්ෂි වසන් කිරීම සඳහාය.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නැත. 

තවද මෙම අපරාධය මේ දක්වාම අධිකරණයට වාර්තා කිරීමට පානදුර දකුණ පොලීසිය පියවර ගෙන නොමැත. චීවරධාරියෙක් වුවත් නීතියට යටත්ය. නීතියට ඉහළින් කිසිවෙකු සිටිය නොහැක. 

මෙවන් සිදුවිම් වලදි, සිවිල් සමාජයේ වගකීම, මුනිවත රැුකීම නොවේ.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් අද සිටියා නම්, එදා ලිව්ව කවි සංශෝධනය කරනු නිසැකය.

නීති විරෝධි වැඩ වලට එරෙහි වන්න. නිදහස හිමි වන්නේ නීතිය මත පාලනයක් ඇති රටක් බිහිවු දිනයකය. අනාගත පරපුර එහි වගකිම බාර ගන්න. නිවට වැඩි හිටියන්ට හිස නොනමන්න.

මොන කරුමය ද තව ඇහැරුණු බවක්       නැහැ
පැන පැන බියව මුළු වැදුමෙන් පලක්         නැහැ
දිනුමත් පැරදුමත් කෝකත් කමක්             නැහැ
එනු ඉදිරියට පැන ගොස් නිදහසක්             නැහැ --- 
                                                                එස්. මහින්ද හිමි





No comments:

Post a Comment