Monday, October 31, 2016

UN එකට ආණ්ඩුව දීලා තියෙන බොරු වාර්තාව ඉවත් කරණු !! මංගලගෙන් ඉල්ලීමක් !!


වධහිංසාව පවතින බවට, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් හමුවේ ප‍්‍රකාශ කරන විදේශ ඇමති මංගල සමරවීර, එ.ජ. සංවිධානයේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුවේ බොරු වාර්තාව ගැන ස`දහන් කරන්නේ නැත.

පසුගිය වසරේ ඔක්තෝබර් 16 දාතමින්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙන වාර්තාවෙන් ශ‍්‍රී ලංකාව පුරාම වධහිංසාව, අවමන් සහගත සැළකිලි පවතින බවට වන චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් බොරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

යහපාලන ආණ්ඩුවේ විදේශ ඇමති මංගල සමරවීර කළ යුත්තේ මෙරට සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ඉදිරියට පැමිණ, වධහිංසාවට එරෙහිව කථා පවත්වනවා මෙන්ම, ශ‍්‍රී ලංකාණ්ඩුවේ වාර්තාව ප‍්‍රතික්ෂේප කර සිටීමයි.

ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ බොරු වාර්තාව අභියෝගයට ලක් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ වධහිංසාවට එරෙහිව කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙන විකල්ප වාර්තාව පිළිබඳව අවධානය යොමු කරමු.

ශ‍්‍රී ලංකාවේ ජනසංසදය, මානව හිමිකම් කාර්යාලය, රයිට් ටු ලයිෆ්, ගම්පහ පුරවැසි කමිටුව හා රූල් ඔෆ් ලෝ ෆෝරම් එක්ව, ආසියානු මානව හිමිකම් කොමිෂම (හොංකොං) මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය දෛනිකව, අඛණ්ඩව සිදුකරන වධ දීම්, අවමන් සහගත සැළකිලි සම්බන්ධයෙන් දත්ත, නඩු තීන්දු හා එක්සත් ජාතීන්ගේ වධහිංසාව පිළිබඳ විශේෂ වාර්තාකරුගේ මෙම විකල්ප වාර්තාව උපුටා දක්වමින් මෙම විකල්ප වාර්තාව සකස් කර තිබේ.

සම්පූර්ණ වාර්තාව :-

ශ‍්‍රී ලංකාව 5  පිළිබඳවැනි කාලාන්තරික වාර්තාව සම්බන්ධයෙන්
වධහිංසාවට එරෙහි කමිටුව වෙත ඉදිරිපත් කරන 
විකල්ප වාර්තාව (වෛකල්පික වාර්තාව)


සංවර්ධිත රටවලින් වධහිංසාව තුරන්කිරීම සඳහා නව ප‍්‍රවේශයක අවශ්‍යතාවය

මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලබන්නේ හොංකොං හි ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය සමග ශ‍්‍රී ලංකාවේ ජනසංසදය, මානව හිමිකම් කාර්යාලය, රයිට් ටු ලයිෆ්,  ගම්පහ පුරවැසි කමිටුව හා රූල් ඔෆ් ලෝ ෆෝරම් විසිනි. 


හොංකොං/ශ‍්‍රී ලංකාව
2016 ඔක්තෝබර් 10


සිරකරුට වධහිංසා කරන්න. වධහිංසා කරන විට හැම කෙනෙක්ම පාහේ වරද පිළිගනිති.

හැඳින්වීම

රාජ්‍ය පාර්ශවයක් වශයෙන් ශ‍්‍රී ලංකාව සිය 5 වැනි කාලාන්තරික වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ 2012 වසරේදී ය. 

එය 2015 ඔක්තෝබර් 16 වැනිදා ඉදිරිපත් කරන ලදී. 

ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව දෙස බැලීමේදී පෙනී යන්නේ එය කරුණු ප‍්‍රතික්ෂේප කරමින් ඉදිරිපත් කර ඇති බව ය. වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි පුළුල් වශයෙන් පැතිරී තිබෙන රටක් වන ශ‍්‍රී ලංකාව වෙත එල්ල කරන සියලූ චෝදනා එහිදී ප‍්‍රතික්ෂේප කෙරේ. 

සත්‍යය වන්නේ වධහිංසාව හා අවමන් සහගත සැලකිලිවලට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් විශ්වාසනීය පැමිණිලි කිරීමේ යාන්ත‍්‍රණ නොපවතින බව ය. 1994 අංක 22 දරණ පනත යනුවෙන් වධහිංසාව අපරාධ වරදක් බවට පත්කරන නීතියක් තිබුණ ද, මේ වාර්තාවට අදාළ වන කාලපරිච්ෙඡ්දය තුළ කිසිවෙකු මේ පනත යටතේ අභිචෝදනයට ලක් කර නොමැත්තේ විනිර්මුක්තිය හෙවත් විපාක නොලබා සිටීම පුළුල් ලෙස පවතින හෙයිනි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් විධිවිධාන යටතේ පවතින ප‍්‍රතිකර්මය ඵලදායී එකක් නොවේ. ෂක්‍ක්‍ඡුඍ හි 2 වන වගන්තිය තුළ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙකී විධිවිධාන යටතේ සිදුකරන ප‍්‍රකාශවල කිසිදු බලපෑමක් නොමැති අතර, නඩුකීමේ කාර්යපටිපාටියට අති දැවැන්ත කාලයක් ගත වේ. මෙකී අධිකතර කල් ගතවීමෙන් පසුව පවා, වන්දි පිරිනැමීමට නියමිත වී නම් බොහෝ නඩුවලදී එසේ පිරිනැමෙන්නේ ද සුළු වන්දියකි. 

තවද, මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදන යටතේ, යම් අයෙක් රැුකවරණ භාරයේ තැබීම නීතිවිරෝධී බව තීරණය වූ විට පවා එම තැනැත්තාව රැුකවරණ භාරයෙන් මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැත. ශ‍්‍රී ලංකා පොලිස් බලකාය බොහෝදුරට සමන්විත වන්නේ පොලිස් භටයන් බවට පත්වීම සඳහාත් බරපතළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහාත් අවශ්‍ය අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් වලින් ඌන පොලිස් නිලධාරීන්ගෙනි. මේ නොහැකියාව නිසා නිරන්තරයෙන්ම විමර්ශන ක‍්‍රමවේදයක් වශයෙන් වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි යොදාගැනීම සිදුවේ. අධිකරණ කි‍්‍රයාදාමය ද දික්ගැස්සෙන ප‍්‍රමාදයන්ගෙන්් සමන්විත වී තිබේ. එයින් කාර්යක්ෂම ප‍්‍රතිකර්මයක් ගැනීම සඳහා ගනු ලබන සියලූ උත්සාහයන් ව්‍යාර්ථ වේ. වින්දිතයන්ට ආධාර වීම සඳහා කාර්යක්ෂම නීති ආධාර ක‍්‍රමයක් නැත. සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා නීතියක් ඇතත්, එහිදී සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම භාර වී තිබෙන්නේ ද වධහිංසා කිරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් චෝදනා ලබන පොලිසියටම ය. බන්ධනාගාරවල තදබදය අතිශයින් දරුණු අතර, ඒවායේ තත්වය විසින්ම වින්දිතයන් සම්බන්ධයෙන් කෲර සහ අමානුෂික දඬුවමක් නිර්මාණය කර තිබේ. තවද, පොලිසියේ නොහැකියාව සහ පොලිසියේ ඉහළ නිලයන් විසින් හරියාකාරව අධීක්ෂණය නොකරනු ලැබීම හේතුවෙන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම් සෑමවිටම සිදුවේ. තවද පොලිසියේ හුදු ඉල්ලීම මත  ඕනෑම කෙනෙක් රිමාන්ඞ් කිරීමේ පුරුද්දක් මහේස්ත‍්‍රාත්වරුන්ට තිබේ.

කෙටියෙන් පවසන්නේ නම් ව්‍යූහාත්මකව, පොලිසිය, අභිචෝදන ආයතන, අධිකරණය, සහ සන්නද්ධ හමුදාව ඉතාම බරපතළ දෝෂවලින් පීඩා විඳින අතර ඒ දෝෂ නිවැරදි කර නොගන්නේ නම් වධහිංසාව මුලිනුපුටා දැමිය නොහැකිය. එසේ වුවත් මේ දෝෂ ලැයිස්තුව ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් සිය වාර්තාව මගින් එක හෙළාම ප‍්‍රතික්ෂේප කර තිබේ. 

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් වන, වධහිංසාව සහ වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැලකිලි හෝ දඬුවම් පිළිබඳ විශේෂ වාර්තාකාර ජුවාන් ඊ මැන්ඩෙස් සහ, විනිසුරුවරුන්ගේත් නීතීඥවරුන්ගේත් ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිනී මොනිකා පින්ටෝ පසුගියදා ශී‍්‍ර ලංකාව වෙත පැමිණි අතර, 2016 මැයි 7 වැනිදා ඔවුන්ගේ මූලික නිගමන දක්වා තිබේ. 

වධහිංසාව සහ වෙනත් කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතගේ මූලික වාර්තාවේදී (2016 මැයි 7 දාතමින් යුත්) මෙන්ඩෙස් වෙන් වෙන් වශයෙන් සඳහන් කරනුයේ, 

‘‘මා හට ඒත්තුගොස් තිබෙන්නේ වධහිංසාව, පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අති විශාල බහුතරයක් සාමාන්‍ය අපරාධ විමර්ශනවලදී සිරිතක් වශයෙන් යොදාගන්නා බවයි..’’

නියත වශයෙන්ම විශේෂ වාර්තාකරු ශ‍්‍රී ලංකාවට පැමිණිවිට වින්දිතයන් ගණනාවක් මුණගැසුණු අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් විඳි වධහිංසා සහ අවමන් සහගත සැලකිලි වෝහාරික විශේෂඥයන් විසින් ද ඔවුන් හමුවේ විස්තර කළ අතර, එම තැනැත්තන් වධහිංසාවන්ට ලක් වී ඇති බව වෝහාරික විශේෂඥයෝ තහවුරු කර සිටියෝය. එක්සත් ජාතීන්ගේ වාර්තාකරු රැුඳවුම් ස්ථාන සහ බන්ධනාගාර ද බැලීමට ගිය අතර එහිදී දැකගැනීමට සමත් වූයේ එම ස්ථාන දැඩි ලෙස තදබදයෙන් පිරී ගොස් තිබෙන බව සහ, මූලික වාතාස‍්‍රය හා සෞඛ්‍ය පහසුකම් එම ස්ථානවලින් නොසැපයෙන බව ද දිටීය. දීර්ඝ ප‍්‍රමාදයන්ගෙන් ව්‍යාකූල වූ අධිකරණමය කි‍්‍රයාදාමය වින්දිතයන් හට අති දැවැන්ත අපහසුතාවක් ඇතිකරන අන්දම ද ඔහු නිරීක්ෂණය කළේය. මෑත කාලයේදී 1994 අංක 22 දරණ වධහිංසා පනත යටතේ මෑත කාලයේ කිසිදු නඩුවක් පවරා නැති බව ද, මූලික අයිතිවාසිකම් යටතේ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන යනු අප‍්‍රමාණවත් සහ ඵලදායී නොවන ප‍්‍රතිකර්මයක් බවටද ඔහු දැනුවත් වී තිබිණි. විනිර්මුක්තිය හාත්පස පැතිර තිබේ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් සිදුකරන ප‍්‍රතික්ෂේපකිරීම්වලට සම්පූර්ණයෙන්ම පටහැණි වන සෙසු බොහෝ නිරීක්ෂණ ද ඔහු සිදු කළේය. 

අභිචෝදන ක‍්‍රමය සහ විමර්ශන ක‍්‍රමය ඇතුළත් වූ අධිකරණ ක‍්‍රමය යන සියල්ලම බරපතළ දෝෂයන්ගේන යුක්ත බව නීතීඥවරුන් සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගේ නිරීක්ෂණ මගින් ද තහවුරු කරයි. පොලිස් ක‍්‍රියාවන් පිළිබඳ අධිකරණ අවධානය මතුපිටින් පමණක් දක්වන්නක් බවට වන එක්සත් ජාතීන්ගේ වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි පිළිබඳ විශේෂ වාර්තාකරුගේ නිරීක්ෂණ සමග ද ඔවුන් එක`ග වේ. තවදුරටත් එහි දක්වන්නේ,

‘‘...සන්නද්ධ හමුදාව, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණයේ ව්‍යූහාත්මක සැකසුම් තුළ තිබෙන වත්මන් නෛතික රාමුව සහ ප‍්‍රතිසංස්කරණවල ඌනතාව විසින් වධහිංසාව දිගින් දිගටම ක‍්‍රියාත්මක වීම ස්ථාවර කිරීමේ සැබෑ අවදානමක් පවතී. රටේ ප‍්‍රධාන ආයතන තුළ ව්‍යූහාත්මක ප‍්‍රතිසංස්කරණ සිදුවන බව සාක්ෂාත් කර ගැනීම පිණිස අවබෝධාත්මක ආකාරයකින් පණවාගත් හදිසි ක‍්‍රියාමාර්ග ශී‍්‍ර ලංකාවට උවමනා කෙරේ...

... ළ`ගදී ඇතිකරන්නට යන සංක‍්‍රාන්තීය යුක්තික කි‍්‍රයාදාමය සමග ‘ටිකෙන් ටික’ ප‍්‍රවේශයක් නොගැළපෙනු ඇත. තවද එම කි‍්‍රයාදාමය සත්‍ය වශයෙන්ම ආරම්භ වීමට පෙර ඒ සඳහා විවිධ බාධා ද ඇතිවිය හැකිය.’’

මෙය, 5 වැනි කාලාන්තරික වාර්තාව විමසා බලන ක්‍්ඔ කමිටුවට පෙර කි‍්‍රයාවට නැංවුණහොත් වධහිංසාව සහ අවමන් සහගත සැලකිලිවලට අදාළ ගැටලූ සහ ඉහතින් සඳහන් කළ සෙසු ගැටලූ යන සියල්ල ප‍්‍රතික්ෂේප කරන රාජ්‍ය ස්ථාවරය වෙනස්කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට සිදුවනු ඇත. වර්තමාන ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු හා සාකච්ඡුා, පෙර පැවති රජය යටතේ ලංකාව නීතියක් නැති තත්වයකට පත්වීය යන පදනම මත සම්පූර්ණයෙන්ම රඳා පැවති බැවින් 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් සහ 2015 අගෝස්තු 17 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයකින් තේරීපත්වූ වර්තමාන ආණ්ඩුවට මේ ප‍්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරය සහමුලින්ම අත්හැර දැමීමට කිසිදු බාධාවක් නැති විය යුතුය. පොලිස් ක‍්‍රමයේ, අභිචෝදන ක‍්‍රමයේ, සහ අධිකරණ ක‍්‍රමයේ බිඳවැටීම, මැතිවරණයට පෙර පැවැත්වූ කථාවන් හි ප‍්‍රමුඛ ස්ථානයක් ගත්තේය. ගතවූ වසර එකහමාර තුළ ලංකාව සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව විශ්වාස කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට අවශ්‍යතාවක් නැති අතර, ලෝකය එසේ විශ්වාස කිරීමට ද ඔවුන්ට අවශ්‍ය නැත. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ හෝ වෙනත් ස්ථානයකදී හෝ එසේ ප‍්‍රකාශ කර නැත. මේ අනුව ශ‍්‍රී ලංකා ආණ්ඩුවට, සිය වාර්තාවට පදනම් වූ ප‍්‍රතික්ෂේප කිරීම් තවදුරටත් පවත්වාගෙන යාමේ කිසිම පදනමක් නැත. ඒ වෙනුවට, ආණ්ඩුවට කළ හැකි නැණවත් දෙයක් වන්නේ පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙය පිළිගැනීම සහ ක්‍්ඔ කමිටුව සමග සෑබෑ සාකච්ඡුාවකට එළඹීමයි. මේ සාකච්ඡුාවේදී රට පුරා පැතිර තිබෙන තෙරක් නොපෙනෙන නොපණත්කම ආමන්ත‍්‍රණය කිරීමට පටන් ගනිමින් සහ ශ‍්‍රී ලංකාව තුළ වධහිංසා කිරීමේ පුරුද්ද වළක්වාගැනීම සඳහා පොලිසිය, අභිචෝදන ආයතන, අධිකරණය සහ සන්නද්ධ හමුදාවේ තිබෙන දෝෂවලට කළ යුත්තේ කුමක්දැයි මීළ`ග කාලාන්තරික වාර්තාවට පෙර ගත යුතු ප‍්‍රතිශෝධන පියවර මොනවාදැයි සාකච්ඡුා කිරීමට පුළුවන.

මෙම විවෘත සහ සැබෑ අදහසින් යුතුව ශ‍්‍රී ලංකා ආණ්ඩුව කැට් කමිටුව සමග මෙම සංවාදය ආරම්භ කිරීමට එක`ග වන්නේ නම් මේ ව්‍යායාමය ශ‍්‍රී ලංකාවේ තත්වය වැඩිදියුණු කිරීම සඳහා යොදාගැනීමට පුළුවන. කෙසේ නමුත් ශ‍්‍රී ලංකා ආණ්ඩුව සිය ප‍්‍රතික්ෂේප කිරීමේ සම්ප‍්‍රදායෙන් බාහිර ලෙස කටයුතු කිරීමට අකමැති නම් හෝ ඒ සඳහා හැකියාවක් නැතිනම්, එවිට, මේ සැසිවාරයේ සාකච්ඡුාව පෙර කාලාන්තරික සමාලෝචන වාර්තාවලින් ඇතිවූ සාකච්ඡුාව මෙන්ම කුඩා ප‍්‍රතිඵලයක් පමණක් ලබාදෙනු ඇත.

ආසියානු මානව හිමිකම් කොමිසමේ කරුණු කියාපෑම් සිදුකර තිබෙන්නේ ඉහතින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුවන් දෙදෙනා විසින් සිදුකළ, සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කළ හැකි නිරීක්ෂණ/සොයාගැනීම් මත පදනම්ව ය. අප යෝජනා කරන්නේ මෙකී නිරීක්ෂණයන්, ඇදවැටුණු නෛතික ක‍්‍රමය සහ නීතිය මත පාලනය නැගිටවීම සඳහා ද දායක වන, වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි වළක්වාගැනීම සඳහා උපකාරී වන ඵලදායී සංවාදයක් ය යන සාමාන්‍ය පදනමේ සිට ඒවාට  සැලකිල්ල දැක්විය යුතු වන බවට ය.


මෙම කරුණු කියාපෑමේදී අනුගමනය කළ ක‍්‍රමවේදය

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් (ඉහත සඳහන් කළ) 2016 මැයි මස ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී සිදුකළ නිරීක්ෂණයන්ට අනුව වධහිංසාවට එරෙහි සම්මුති පනත  ක‍්‍රියාවට නැංවීමේදී ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ වගකීම් සම්බන්ධයෙන් ක්‍්ඔ කමිටුව හමුවේ කරුණු කියාපෑම සඳහා ආසියානු මානව හිමිකම් කොමිසම පහත ක‍්‍රමවේදය අනුගමනය කරයි.

නිරීක්ෂණ

වධහිංසාව සාමාන්‍ය අපරාධ විමර්ශනයට සම්බන්ධිතව සිදුකරනු ලබන පොදු භාවිතයකි. (වධහිංසාව පිළිබඳ ඹභ ීඍ හි මූලික වාර්තාවේ 12 පිටුව) 

අනුමිතිය

අපරාධ විමර්ශනයේදී පොදු භාවිතයක් වශයෙන් වධහිංසාව යොදාගැනීම මගින් යෝජනා කරන්නේ ශ‍්‍රී ලංකාවේ යුක්තික ක‍්‍රියාදාමයේ මූලික ප‍්‍රතිසංස්කරණ සිදුනොකළහොත් මේ භාවිතය තවදුරටත් සිදුවනු ඇති බව ය. 


වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි පිළිබඳ ඉහත කී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙසේ සඳහන් කරයි.  

‘‘...සන්නද්ධ හමුදාව, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණයේ ව්‍යූහාත්මක සැකසුම් තුළ තිබෙන වත්මන් නෛතික රාමුව සහ ප‍්‍රතිසංස්කරණවල ඌනතාව විසින් වධහිංසාව දිගින් දිගටම ක‍්‍රියාත්මක වීම ස්ථාවර කිරීමේ සැබෑ අවදානමක් පවතී. රටේ ප‍්‍රධාන ආයතන තුළ ව්‍යූහාත්මක ප‍්‍රතිසංස්කරණ සිදුවන බව සාක්ෂාත් කර ගැනීම පිණිස අවබෝධාත්මක ආකාරයකින් පණවාගත් හදිසි ක‍්‍රියාමාර්ග ශී‍්‍ර ලංකාවට උවමනා කෙරේ. ළ`ගදී ඇතිකරන්නට යන සංක‍්‍රාන්තීය යුක්තික කි‍්‍රයාදාමය සමග ‘ටිකෙන් ටික’ ප‍්‍රවේශයක් නොගැළපෙනු ඇත. තවද එම කි‍්‍රයාදාමය සත්‍ය වශයෙන්ම ආරම්භ වීමට පෙර ඒ සඳහා විවිධ බාධා ද ඇතිවිය හැකිය.’’ (පිටුව 12)

ආසියානු මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණවලට අනුව, සමස්ත නෛතික රාමුව සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු ඉස්මතු වේ. 


1. පොලිස් ක‍්‍රමය

1.1. බොහෝ අවස්ථාවලදී පොලිස් නිලධාරීන්ගෙන් වැඩි කොටස අපරාධ විමර්ශන කටයුතු වගකීම්සහගත අයුරින් සිදු කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන වෘත්තීය සුදුසුකම්වලින් තොර, ඒ සඳහා අසමත්, අඩු අධ්‍යාපනයක් සහිත අය වෙති. විවිධ නිල දරණ පොලිස් නිිලධාරීන්ගේ එකතුව 84,000 ක් පමණ වේ. මෙයින් 29,000 ක් දෙනා 2006 වසරේදී අතිරේක පොලිස් භටයන් ලෙස, මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ, හුදෙක්ම එම ආණ්ඩුවේ ආධාරකරුවන්ට රැුකියා සැපයීමේ දේශපාලන හේතුව මත බඳවා ගත්තවුන් ය. මේ 29,000 බඳවා ගැනීමේදී  සාමාන්‍ය බඳවාගැනීමේ කාර්යපටිපාටිය අනුගමනය නොකෙරුණු අතර, මූලික අධ්‍යාපන සුදුසුකම් පවා පරීක්ෂා නොකෙරිණි. පොලිස් නිලධාරීන් බඳවාගැනීමේදී අනුගමනය කරන සාමාන්‍ය කාර්යපටිපාටිය අනුව එක් අවුරුදු පුහුණු වැඩසටහනට පවා මේ අය ලක් නොකෙරිණි. 2006 වසරේ පහළම නිලයන්ට බඳවාගැනුණ ද මේ වන විට ඔවුන් උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වැනි ඉහළ නිලයන්ට පවා උසස් වී සිටිති. ඇතැම් අය මීටත් වඩා ඉහළ නිලයන් දරති. අපරාධ විමර්ශනයේ වගකීම්වලට මුහුණ දීමට අවශ්‍ය කිසිම ආකාරයක දැනුමක් හෝ අත්දැකීම්වලින් ඌන මේ නිලධාරීහු මේ වන විට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම, අපරාධ විමර්ශන සූදානම් කිරීම, ප‍්‍රශ්න කරන්නන් ලෙස කටයුතු කිරීම සහ අභිචෝදනයේදී වාර්තා ඉදිරිපත් කිරීම සිදුකරති. සිය රාජකාරි ඉටුකිරීමේදී අසමත් බවින් යුතු වන නිසාම ඔවුහු නිසගයෙන්ම, තොරතුරු රැුස්කිරීම සඳහා වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි යන ක‍්‍රමවේද හරහා බලය පාවිච්චි කරති. මෙකී නිලධාරීන් අපරාධ විමර්ශනයට සම්බන්ධ වන තාක්කල්, වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි, එම විමර්ශනවලදී පාවිච්චි කරන එකම ක‍්‍රමවේදය වනු ඇත. 

1.2 මෙම 29,000 හැරුණු විට පොලිස් බලකායේ ඉතිරි පිරිස භාජනය වී ඇත්තේ ශ‍්‍රී ලංකාව තුළ ‘දේශපාලනීකරණය’ යනුවෙන් හැඳින්වෙන සංසිද්ධියට ය. මේ පදනම යටතේ සිදුකරන බඳවාගැනීම්වලින් බහුතරය දේශපාලන අවශ්‍යතා වේ. විශේෂයෙන්ම විවිධ මැතිවරණ කොට්ඨාසවල ප‍්‍රාදේශීය දේශපාලනඥයන් වන අතර ඔවුන් හැසිරෙන්නේ එකී දේශපාලනඥයන්ගේ නියෝගවලට අනුව ය. මෙම දේශපාලනීකරණය රට තුළ දරුණු විවේචනයකට ලක් වී තිබෙන අතර, වත්මන් ආණ්ඩුව පවා විපක්ෂයේ සිටියදී පෙර පැවති ආණ්ඩුවට එරෙහිව පොලිසියේ දේශපාලනීකරණය පිළිබඳ මේ චෝදනාව සිදුකළහ. මෙකී දේශපාලනීකරණය වීම මෑතකදී සිදුවූවක් නොවේ. එය දශක ගණනක් මුළුල්ලේ සිදුවන්නකි. 40 වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ බලයේ සිටි විවිධ ආණ්ඩු විසින් පොලිසියට සිදුකළ සෘජු දේශපාලන බලපෑම හේතුවෙන් පොලිස් බලකාය තුළ සිදුව තිබෙන අති දැවැන්ත පරිහානිය පිළිබඳ මතභේදයක් නැත. වත්මන් ආණ්ඩුව මේ තත්වය පිළිගත්තද පොලිස් බලකායේ මෙම ගුණාත්මක පිරිහීම පිළිබඳ ගැටළුව ආමන්ත‍්‍රණය කිරීම සඳහා එය විසින් කිසිදු බරපතළ පියවරක් ගෙන නැත. එසේ හෙයින් වගකීමෙන් යුතුව නීති සාධන කි‍්‍රයාවලිය ඉටුකිරීම සඳහා අවශ්‍ය වන ගුණාත්මක බව සපුරාලිය හැකි නීති සාධන බලකායක් නොමැති වීමෙන් නීති පද්ධතිය පීඩා විඳියි. 

1.3 මෙකී දේශපාලන ක‍්‍රියාදාමය නිසාම, පොලිස් බලකාය තුළ විධානාත්මක වගකීම පිළිබඳ ක‍්‍රමයටද විශාල වශයෙන් හානි සිදුවී තිබේ. මේ ගැටළුව නිසාම, විධානාත්මක වගකීමේ බරපතළ කඩාවැටීමක් තිබෙන බවට පොදු මහජන මතයක් ඇත. පොලිසිය දේශපාලනීකරණය වූ යුගයේදී බරපතළ මට්ටම්වලින් සිදුවන දුෂණය ද පැතිර ගොස් තිබීමෙන් මේ මතය තවත් උග‍්‍ර අතට හැරී තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පහළ නිලයන් වෙත විධාන කිරීමේ හැකියාව සීඝ‍්‍රයෙන් පිරිහීමට ලක්ව තිබේ. ඉහළ නිලයන් දරණ නිලධාරීන් විසින් පහළ නිලයන් පාලනය කිරීමේ හැකියාව ‘ලංකා පොලිස් දෙපාර්තමේන්තු නියෝග ’යනුවෙන් හඳුන්වන, මේ වන විට බැලූ බැල්මටම ගණන් නොගන්නා නියෝගවලට සීමා වේ. 
    
පොලිස් දෙපාර්තමේන්තු නියෝග නොසලකා හැරීමේ සෘජු ප‍්‍රතිඵලය වන්නේ පොලිස් පද්ධතිය තුළ විනය කාර්යපටිපාටියේ බිඳවැටීමයි. නමෙන්ම කියැවෙන අන්දමට විනය කාර්යපටිපාටියක් පැවතුණත් එය පවතින්නේ නාමිකව ය. සත්‍ය වශයෙන්ම, දෙපාර්තමේන්තු නියෝග කඩ කළ විට විශේෂ වැදගත්කමකින් යුත් විනය කි‍්‍රයාමාර්ග ගන්නේ නැත. මෙය විශේෂයෙන්ම වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි සිදුකරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ වන තත්වයයි. වධහිංසාව සහ අවමන් සහගත සැලකිලිවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය විසින් දක්වන ප‍්‍රතිචාරයේ මද බව පිළිබඳ ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පවා අදහස් දක්වා තිබේ.  

1.4 පොලිසියේ ඉහළ නිලයන්ගේ විනය දරුණු ලෙස පහළ වැටී තිබෙන බව ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධ වූ අපරාධ නඩු ගණනාවකින් විදහා දැක්වේ. මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා වූ ඉහළ නිලයන් අධිකරණවලදී චෝදනා ලබා ඇති අතර, ඇතැමුන් මේ වන විටත් ඝාතන සහ පැහැරගැනීම් වැනි බරපතළ වෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්කර, දඬුවම් නියම කර තිබේ. තවත් සමහරුන් විමර්ශන වාර්තා විකෘති කිරීම මගින් අධිකරණ කි‍්‍රයාවලියට බාධාසිදුකිරීම සහ මිනීමැරුම් සම්බන්ධ චෝදනා සඳහා විමර්ශනයන්ට ලක්ව තිබේ.  මෙකී ජේ්‍යෂ්ඨ නිලධාරීන් හැරුණු විට සෙසු නිලයන් දරණ නිලධාරීන් ගණනාවක් වෙනත් බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටිති. 

1.5 2012 ජනවාරි සහ 2016 මැයි අතර කාලය තුළ සිදුවූ වධහිංසා සහ අවමන් සහගත සැලකිලි පිළිබඳ ආසියානු මානව හිමිකම් කොමිසම සහ එහි හවුල්කරුවන් විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ නඩු ලැයිස්තුව බලන්න. (ඇමුණුම 1)

මෙකී සියලූ සාධකවලින් පෙන්වන්නේ ශ‍්‍රී ලංකාවේ පොලිස් බලකායේ ගුණාත්මක බව පිරිහීමෙන් ඇති වී තිබෙන බරපතළ ප‍්‍රශ්නයකි. 


2. නීතිපති දෙපාර්තමේන්තුව

ශ‍්‍රී ලංකාව තුළ අභිචෝදකගේ කාර්යභාරය ඉටුකරනුයේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි. මේ දෙපාර්තමේන්තුව ද පහත හේතු කරණකොටගෙන ගුණාත්මක බවින් බරපතළ ලෙස පිරිහී ඇති බව පෙනී යයි. 

2.1 පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සම්පූර්ණ නීතිපති දෙපාර්තමේන්තුවම ජනාධිපති ලේකම් කාර්යාලයේ පාලනය යටතට ගනු ලැබිණි. බොහෝ කාලයක් පැවති මේ තත්වය, නීතිපතිුවරයාගේ නිලයට හිමි ස්වාධීනත්වය මූලික වශයෙන් උල්ලංඝනය කිරීමකි. මෙම දෙපාර්තමේන්තුව ජනාධිපති ලේකම්වරයාගේ පාලනය යටතට ගෙන ඒම මගින් එහි ස්වාධීනත්වය දෙදරා ගිය අතර දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාව දකින ප‍්‍රතිරූපය ද පහළ වැටුණේය. එය විසින් මෙම දෙපාර්තමේන්තුව බරපතළ කෙළසීමකට ද ලක් කළේය. නව රජය මේ තත්වය පිළිගෙන ඇතත්, එම හානිය පූරණය කර දෙපාර්තමේන්තුවේ තත්වය ඉහළ නැංවීම සඳහා ප‍්‍රමාණවත් දෙයක් කර නැත. 

2.2 ඉහත ෙඡ්දයක දැක්වූ දේශපාලනීකරණය සකල මහජන සේවය වෙතම අදාළ වී ඇති හෙයින් මෙම දෙපාර්තමේන්තුව ද බරපතළ ලෙස මෙම ගැටලූවෙන් පීඩාවට පත්ව තිබේ. 

2.3 ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වධහිංසාව හා අවමන් සහගත සැලකිලි පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවල වගඋත්තරකාරයන් බවට පත්වන මහජන නිලධාරීන් අධිකරණයේ පෙනී නොසිටින අවස්ථා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව එතෙක් දැරූ ස්ථාවරය පෙර පැවති ආණ්ඩුව සමයේ අත්හැර දමා තිබේ. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙකී නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වනවා පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික අයිතිවාසිකම් අයදුම්පත් සලකා බැලීමට තීරණය කිරීමට පෙර, පක්ෂග‍්‍රාහී තොරතුරු සැපයීම මගින් ඒවා සලකා බැලීම වැළැක්වීමට කටයුතු කරමින් සිටියි. මෙකී මූලික අයිතිවාසිකම් අයදුම්කරුවන් ට නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විසින් මෙසේ අධිකරණයට ලබාදෙන තොරතුරු පිළිබඳ කිසිදු නිවේදනයක් නොකෙරෙන හෙයින්, එම තොරතුරුවලට විරුද්ධ ව කතාකිරීමට ඔවුන්ට හැකියාවක් ද නැත. 

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු විසින් විනිසුරුවරුන්ගේ සහ නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ සිදුකරන ලද පහත දැක්වෙන නිරීක්ෂණය මේ සම්බන්ධයෙන් අදාළ වේ. 

‘‘... නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුව රාජ්‍යයේ  නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරන අතර, කිසිදු ආකාරයකින් රජය ආරක්ෂා කිරීම එයින් අදහස් නොවිය යුතුය. නීතිපති දෙපාර්තමේන්තුුව, ඔවුන් පෙනී සිටින මිනිසුන්ගේ මහජන සුබසිද්ධිය සහ රාජ්‍යය අතර කදිම විභේදනයක් පවත්වාගෙන යාමට සමත් විය යුතු වන අතර ආයතනයේ පුද්ගලයන් ද බැඳියාවන් අතර ගැටුමක් ඇතිනොවීම සඳහා වගබලාගත යුතුය. හේබියක් කෝපුස් අයදුම්පත්වලදී නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් නිළධාරීන්ගේ සහ හමුදා නිළධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින විට මෙවැනි බැඳියාවන් අතර ගැටුමක් පැන නැගී තිබේ. මෙය සිදුවන්නේ වගඋත්තරකරුවන් ඔවුන් චෝදනා ලබා සිටින අපරාධවලට වැරදිකරුවන් යැයි අධිකරණය තීරණය කරන විට එම නිලධාරීන් ම ඔවුන්ව අභිචෝදනය කිරීම සඳහා කැඳවන බැවිනි.’’

2.4 නීතිපති දෙපාර්තමේන්තුව සතුව රජයේ නීතීඥයන් ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති බව පිළිගෙන තිබෙන අතර, නිරන්තරයෙන් පැවසෙන්නේ සිටින රජයේ නීතීඥවරුන් සංඛ්‍යාව අවශ්‍ය ප‍්‍රමාණයෙන් අර්ධයකටත් අඩු බව ය. රජයේ නීතීඥවරුන් ප‍්‍රමාණවත් පරිදි නොමැති වීමේ එක් ප‍්‍රතිඵලයක් වන්නේ අපරාධ නඩුවල ප‍්‍රමාදයන් සිදුවීම ය. තවද නඩු ඉක්මනින් අවසන් කර ගැනීමේ ශුද්ධ අරමුණ සඳහාම, කිසිදු ප‍්‍රතිපත්තියක් නොමැතිව නඩු සමථ කරගැනීමට ද යොමු වේ. ඇතැම්විට ස්ත‍්‍රී ¥ෂණය සහ ඇතැම්විට මිනීමැරුම් නඩුවලදී පවා අත්හිටවූ සිරදඬුවම් ලබාදීමට එක`ගවීම් මෙයට ඇතුළත් ය. 

2.5 බරපතළ අපරාධ සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමේ අසාමාන්‍ය ප‍්‍රමාදයක් තිබේ. වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පවසන්නේ,

‘‘... රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු රජයේ නීතීඥ විසින් අපරාධ නඩුවක් මහාධිකරණය ඉදිරියට ගෙන ඒම සඳහා වසර 5 සිට 7 දක්වා ප‍්‍රමාදයක් සාමාන්‍යයෙන් සිදුවන බව අපට වැටහේ. මෙය නිසි කි‍්‍රයාදාමය සහ නිර්දෝෂී බවේ පූර්ව නිගමනය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වේ. මෙයින් ප‍්‍රතිඵල කරන්නේ ‘නඩු විභාගයකින් තොරව දඬුවම් විඳීම’ යනුවෙන් හඳුන්වන දෙයයි. තාවකාලික රැුඳවුම ව්‍යාතිරේඛයක් මිස රීතියක් නොවේ ය යන සිද්ධාන්තය ද එයින් උල්ලංඝනය කරයි. මා ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ප‍්‍රචණ්ඩකාරී නොවන වරද සඳහා ඇප ලබාදීමට පියවර ගන්නා ලෙසට සහ සිරකිරීමට විකල්ප සොයන ලෙසට ය.’’

2.6 නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ විමර්ශනය සහ අභිචෝදනය සම්බන්ධයෙන් පැහැදිලි සහ නිසි මගපෙන්වීම් නිකුත් කිරීමට අපොහොසත් වී තිබෙන අතර, වධහිංසාව ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම් විමර්ශනයට සහ අභිචෝදනය සම්බන්ධයෙන් විශේෂිත මගපෙන්වීම් සිදුකිරීමට ද අපොහොසත් වී තිබේ. 

මහජන නීතිය පිළිබඳ ගැටලූවලට පෙනී සිටින විටදී නීතිපති දෙපාර්තමේන්තුව කි‍්‍රයාකරන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා භූමිකාවක් ඇති අය වශයෙන් නොව, රාජ්‍යය කෙතරම් මර්දනකාරී වුවත්, රාජ්‍යය නියෝජනය කරමිනි. නීතිපති දෙපාර්තමේන්තුව කි‍්‍රයාකරන්නේ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කි‍්‍රයාකරන්නෙක් වශයෙන් නොව, පීඩාකාරීන්ගේ ආරක්ෂකයෙක් වශයෙනි. 

නීතිපතිි දෙපාර්තමේන්තුව ප‍්‍රධාන අභිචෝදකයා ද වන අතර, අතීතයේ පැවති ස්වාධීන අභිචෝදකගේ භූමිකාව එය විසින් අත්පත් කරගෙන තිබේ. ස්වාධීන අභිචෝදකගේ භූමිකාවේදී නීතිපතිවරයා විසින් අපරාධ විමර්ශනය සහ අභිචෝදනය සම්බන්ධයෙන් පැහැදිලි සහ නිසි මගපෙන්වීම් ලබාදිය යුතු වන අතර, වධහිංසාව ඇතුළත් බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සහ අභිචෝදනය කිරීම සඳහා විශේෂ මගපෙන්වීම් සිදුකරනු ලබයි. තවද සිය කාර්යාලයෙන් සිදුවිය හැකි ප‍්‍රමාදයන් වළක්වාගැනීම සඳහා නඩු සනාථ කරන අන්දම ද ඔහු විසින් අධීක්ෂණය කළ යුතු ය. ‘සාමාන්‍ය’ බැඳියාවලින් තොර සහ දේශපාලනමය නොවන නඩුවලදී පවා, නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා දීර්ඝ කාලයක් ගනියි. මෙය ශ‍්‍රී ලංකාවේ යුක්තිය පරිපාලනය කිරීම තුළ තිබෙන සහ නඩුකියන්නට දරාගැනීමට සිදුවී තිබෙන අති දීර්ඝ ප‍්‍රමාදයන් සඳහා එක් ප‍්‍රධානතම හේතුවක් වේ. 

අධිකරණයේ සිදුවන ප‍්‍රමාදයන්ට දායක වීම වළක්වාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වී ඇති අතර, ප‍්‍රමාදයන්ගෙන් වළකින ලෙසට රජයේ නීතීඥයන්ට උපදෙස් නිකුත් කිරීමට ද අසමත් වී තිබේ. 

2.7 නීතිපතිවරයා නීති උපදේශකයෙක් වශයෙන් ද කටයුතු කරන හෙයින් මේ නිලය අතීතයේදී භාවිතා කළ අන්දමට, ශුද්ධ වශයෙන්ම නෛතික සිද්ධාන්ත මත පිහිටා මිස, රාජ්‍යයේ නීති විරෝධී සහ අයුක්ති සහගත කි‍්‍රයාවන් සාධාරණීකරණය කිරීම පිණිස උපදෙස් නොදිය යුතුය. මෑතකාලීන දශකයන්හිදී විධායකය විසින් සිදුකළ කිසිදු අසාධාරණ කි‍්‍රයාවකට, විශේෂයෙන්ම විසම්මුතිය මර්දනය සඳහා, මාධ්‍ය නිදහස සීමාකිරීම සඳහා සහ පුද්ගලගයන්ට හිංසා කිරීම සඳහා නෛතික ක‍්‍රියාදාමය යොදාගත් අවස්ථාවලදී  නීතිපතිවරයා ඒවාට එරෙහි වූ බවට වාර්තා නැත. මෙය, ජනාධිපතිවරණයෙන් පසු පොදු අපේක්ෂකයා ලෙස කටයුතු කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව ගෙන ආ නඩුවලදී විශේෂයෙන්ම දැකගත හැකි විය. ජයප‍්‍රකාශ් සිත්තම්පලම් තිස්සනාගයම්  වැනි වෙනත් නඩු ද මේ සම්බන්ධයෙන් අදාළ වේ.    


3. පොලිසියේ කි‍්‍රයාවන් පිළිබඳ අධිකරණයේ අවධානය

3.1 වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා පවසන්නේ ශ‍්‍රී ලංකාවේ, ‘‘පොලිස් ක‍්‍රියාවන් පිළිබඳ අධිකරණයේ අවධානය මතුපිටින් පමණක්’ පවතින බව’’ ය. (පිටුව 8)

මේ තත්වයට යම්තාක් දුරකට හේතු වී තිබෙන්නේ ත‍්‍රස්ත විරෝ්ධී ක‍්‍රියාවන්වලට දී තිබෙන ප‍්‍රමුඛත්වයේ ප‍්‍රතිඵලයක් වශයෙන් තනි පුද්ගලයන්ට තිබෙන අධිකරණමය ආරක්ෂාව අඩුවීමයි. 1971 වසරේ පටන් ශ‍්‍රී ලංකාව, රජය විසින් ත‍්‍රස්තවාදය යනුවෙන් හඳුන්වන, රටේ දකුණේ මෙන්ම උතුරු නැගෙනහිර ද දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති දික්ගැස්සෙන අරගලයක් අත්විඳ තිබේ. මේ මුළු කාලය මුළුල්ලේම රජයේ සකල අවධානය යොමුවූයේ මර්දනකාරී නීති සෑදීම් මෙන්ම සෘජු හමුදාමය කි‍්‍රයාමාර්ග ද හරහා ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට කැපවීම වෙත ය. හමුදා ක‍්‍රියාවන් ආරක්ෂා කර ගැනීම රාජ්‍ය ප්‍රොපැගන්ඩාවේ වඩාත්ම මූලික දේශපේ‍්‍රමී රාජකාරිය වශයෙන් විදහා දැක්වෙද්දී තනි පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රට තුළ මහත් පසුබෑමකට ලක්විය. මෙය අත්අඩංගුවට ගැනීම්, රඳවා තබාගැනීම්වලදී පමණක් නොව වධහිංසා සහ අවමන් සහගත සැලකිලි පිළිබඳ පැමිණිලි කරන සැකකරුවන් පරීක්ෂා කිරීමේදී පවා අධිකරණමය අධීක්ෂණය ඌන කිරීමට බලපෑවේය. හබයාස් කෝපුස් නඩුවලදී පවා අයදුම්පතක් දිගින් දිගට පවත්වාගෙන යාම වඩ වඩාත් දුෂ්කර වූ අතර, මෑතකාලීන පර්යේෂණයක් විසින් පෙන්වා දෙන අන්දමට එල්ටීටීඊ අරගලයේ අවසන් භාගයේදී ගොනු කරන ලද හබයාස් කෝපුස් අයදුම්පත් 1,000 ක පමණ ප‍්‍රමාණයක් අතරින් කිසිදු අයදුම්පතක් පිළිනොගත් තරම් ය. මේ අතරින් අයදුම්පත් ගණනාවක් හුදෙක්ම තාක්ෂණික හේතු මත නිෂ්ප‍්‍රභා කරන ලදී. සියලූ අයදුම්පත් අධිකරණය ඉදිරියේ වසර ගණන් කල් ඇදිණි. මෙය ශ‍්‍රී ලංකාවේ විපාක නොලැබීමේ සංස්කෘතියට (විනිර්මුක්තිය) වක‍්‍ර ලෙස දායක විය. 

3.2. අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්වරයා විසින් දක්වන අවධානය ද ගතවූ දශකවලදී බරපතළ අන්දමින් අඩු වී තිබේ. පොලිස් වාර්තා පිළිගැනීමට මහේස්ත‍්‍රාත්වරුන් නැඹුරු වී සිටින අතර, රඳවාතබාගැනීම සඳහා නියෝග නිකුත් කිරීමේදී සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලාසිටීම ස්වයංකී‍්‍රයව සිදුවන දෙය ක් බවට පත්ව තිබේ. මෙහි ප‍්‍රතිඵලය වී තිබෙන්නේ සම්පූර්ණයෙන්ම බොරු චෝදනා හරහා නඩුවලට ඈඳුණු අය පවා රඳවා තැබීමයි. කිසිදු සොයාබැලීමකින් තොරව පොලිසිය පවසන කතාව මහේස්ත‍්‍රාත්වරුන් විසින් විශ්වාස කිරීමේ මෙම පුරුද්ද ඉහළ අධිකරණ විසින් පවා නිරීක්ෂණය කර තිබේ. ඵ්ංසපමි ෘ්බබහ ඩිග ෂඡු ීසරසප්ක ්බා දඑයැරි හි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 488/98 හිදී ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේ ‘‘අවාසනාවකට මෙන්, මහේස්ත‍්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් යාන්ති‍්‍රක ලෙස ලබා දී තිබෙන්නේ පොලිසියට ඔවුන් ව රිමාන්ඞ් කිරීමට අවශ්‍ය වූ හෙයිනි.’’

එසේම Mahanama Tillakaratne Vs. Bandula Wickramasinghe 1999 1 Sri L.R.372 නඩුෙව්දි සේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙබඳු උපදෙස් ලබා දී තිබුණත් ඒවා නොසලකා හරිමින් ශී‍්‍ර ලංකාවේ මහේස්ත‍්‍රාත් අධිකරණවල සාමාන්‍ය භාවිතය වී තිබෙන්නේ පොලිසිය විසින් ලබාදෙන මූලික වාර්තාව පිළිගැනීම සහ පොලිසියේ ඉල්ලීම පරිදි පුද්ගලයන් රිමාන්ඞ් කිරීමයි. සැකකරුවන් සිය නීතීඥවරුන්ගේ මාර්ගයෙන් එකී චෝදනා බොරු චෝදනා බවත්, සද්භාවයෙන් තොරව නඩු පවරා තිබෙන බවත් කියා සිටි විට පවා මෙය මෙසේ සිදු වේ. යම් තැනැත්තෙක් තමන් විසින්ම මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියට පැමිණි විට පවා මෙම කරුණු සම්බන්ධයෙන් ඇහුම්කන්දීමක් ලබාගැනීමට අපහසු ය. එනම් වින්දිතයාගේ අත්අඩංගුවට ගැනීමට හේතුවූ චෝදනා සම්පූර්ණයෙන්ම බොරු බව සහ, වින්දිතයාව රිමාන්ඞ් භාරයට පත්කිරීම සඳහා සුළු හෝ සාක්ෂියක් නොමැති විට ඒ සම්බන්ධයෙන් සැකකරු විසින් සිදුකරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් මේ තත්වය මෙසේම වේ. 

අත්අඩංගුවට ගත් වින්දිතයන්ගේ අයදුම්පත් කල්දැමීමේ සාමාන්‍ය පුරුද්ද වන්නේ ඒවා පසු අදියරකදී විමසා බැලීම සඳහා සහ සැකකරුවන් රිමාන්ඞ් කිරීම සඳහා නියෝග ලබාදීමයි. මෙය රක්ෂිත බන්ධනාගාර පමණ ඉක්මවා පිරී යාමට ද හේතුවකි. අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොදු නීතියේ තිබෙන ස්ථාවරය වන්නේ ‘එය බැලූ බැල්මටම නීතිවිරෝධී බව’ යි. නමුත් සියලූ අත්අඩංගුවට ගැනීම් බැලූ බැල්මටම නීත්‍යානුකූල ය යන්න ශ‍්‍රී ලංකා අධිකරණවල සාමාන්‍ය භාවිතය බවට පත්වී තිබෙන අතර, පොලිසිය විසින් අයදුම්පතක් යොමුකර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින සෑම තැනැත්තෙක්ම රිමාන්ඞ් කිරීම මහේස්ත‍්‍රාත්වරයා විසින් සිය බැඳීමක් සේ සලකයි. 

මෙසේ ස්වයංක‍්‍රීය ව සිදුවන අත්අඩංගුවට ගත් පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම විසින් පුද්ගල නිදහසේ ආරක්ෂකයන් වශයෙන් මහේස්ත‍්‍රාත්වරුන්ගේ තත්වයට හානි සිදුකර තිබේ. මේ තත්වය නිසා ඇතිවී තිබෙන මතය වන්නේ මහේස්ත‍්‍රාත්වරයා සහ පොලිසිය අතර අප‍්‍රකාශිත දුස්සන්ධානයක් පවතින බව ය. 

මෙහි ප‍්‍රතිඵලය වී තිබෙන්නේ තමන් කිසිදු අපරාධයක් සිදුකළ බව අ`ගවන කිසිදු සාක්ෂියක් නැත යන පදනම මතතමන්ව මුදාගැනීම සඳහා අධිකරණයෙන් අයැද සිටින්නැයි සේවාදායකයන් විසින් සිය නීතීඥවරුන්ගෙන් බල කර ඉල්ලා සිටින අවස්ථාවලදී පවා, සැකකරුවෙකු මූලික අවස්ථාවේදී මුදාගැනීම සඳහා අයැද සිටීමට නීතීඥවරුන් මැලි වීමයි. මහේස්ත‍්‍රාත් අධිකරණවල නීතීඥ වෘත්තිය පුද්ගලයන්ගේ නිදහස සුරැුකිය නොහැකි තරමේ  බයාදු වෘත්තියක් බවට පත්ව තිබේ. 

3.3 සිය භූමිකාවේ දිශානතිය කෙරෙහි නැවත යොමුකිරීම සඳහාත්, මූලික අදියරේදී අත්අඩංගුවට ගැනීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙනුත් මහේස්ත‍්‍රාත්වරුන්ට නැවත අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාව තිබේ. මෙවැනි නැවත දිශානත කිරීමේ වැඩසටහනක් තිබේ නම් මහේස්ත‍්‍රාත් අධිකරණවල වාතාවරණය සැලකිය යුතු අන්දමින් වෙනස් වනු ඇත. ප‍්‍රමාණවත් සාක්ෂි විමර්ශනයකින් තොරව සහ ඉඳහිට සිදුවන පරිදි සද්භාවයකින් ද තොරව තමන්ව අත්අඩංගුවට ගෙන ඇත යන පදනම යටතේ මහේස්ත‍්‍රාත්වරුන්ගෙන් නිදහස අයැද සිටීමට ජනතාවට නිදහස් ප‍්‍රවේශයක් ලැබෙනු ඇත. 

3.4 එසේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කිසිදු සාධාරණ පදනමකින් තොරව බව මහේස්ත‍්‍රාත්වරයා සොයාගතහොත්, එම අත්අඩංගුවට ගැනීම් සිදුකළ පොලිස් නිලධාරීන්ට දඬුවම් නියම කළ යුතු වන අතර, එබඳු අත්අඩංගුවට ගැනීම්වල වින්දිතයන් ට වන්දි මුදල් ගෙවිය යුතු ය. මෙය පොදු නීතියේ පැහැදිලිව ම දක්වාම තිබෙන ස්ථාවරයකි. ඒ.වී. ඩයිසි විසින් නිරීක්ෂණය කළ පරිදි, 

’‘... මෙකී පුද්ගල නිදහස එංගලන්තයේ ආරක්ෂා කර තිබෙන්නේ නීතියෙන් නියම කරන ලද නිසි කි‍්‍රයාදාමයෙන් බැහැරව (උදා:නැවතත් ඉතාම සාමාන්‍ය තත්ව යටතේ කතා කරන්නේ නම්* යම්කිසි නීතිමය වරෙන්තුවක් හෝ අධිකාරියක් යටතේ වැනි අවස්ථාවලින් බැහැරව කිසිදු අයෙකුට කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම හෝ සිරභාරයට පත් කිරීම කළ නොහැක යන සිද්ධාන්තය දැඩිව පවත්වාගෙන යාම තුළිනි. එපමණක් නොව මෙකී සිද්ධාන්තය බලාත්මක කිරීම සුදුසු නෛතික අර්ථයෙන් යුත් විධිවිධානවලින් ද ආරක්ෂා වී තිබේ. මෙකී ක‍්‍රම දෙවැදෑරුම් ය. නම් වශයෙන් පවසන්නේ නම් නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම් හෝ අභිචෝදන කි‍්‍රයාව සඳහා යැයි කියමින් සිරගත කිරීම සඳහා වන්දි ගෙවීම සහ, හේබියස් කෝපුස් රිට් ආඥාවක මාර්ගයෙන් නීතිවිරෝධී සිරගත කිරීමෙන් නිදහස ලැබීමයි. ’’    

3.5 නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ ප‍්‍රමිතිය පහළ යාමට බලපා තිබෙන තවත් සාධකයක් වන්නේ අත්අඩංගුවට ගැනීමක් සාධාරණීකරණය කිරීම සඳහා සාක්ෂි අවශ්‍ය වන්නේ කොතරම් මට්ටමකට ද යන්න පිළිබඳ තිබෙන ව්‍යාකූලභාවයයි. 1971 වසරට පෙර යමෙක් යම් අපරාධයක් හා සම්බන්ධ යැයි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම යන්න අර්ථදැක්වුණේ අද එය අර්ථදැක්වෙන ආකාරයට වඩා වෙනස් ලෙසිනි. අතීතයේ යමෙක් අපරාධයකට සම්බන්ධ බවට සාධාරණ සැකයක් තිබේය යන්නෙන් අදහස් වූයේ එම තැනැත්තා යම්කිසි සුවිශේෂී අපරාධයක් කළ බවට බැලූ බැල්මට පෙනෙන සැකයක් සත්‍ය යැයි පෙනෙන සාක්ෂි විසින් නිර්මාණය කර තිබීමයි. නමුත් අද වන විට මෙවැනි සත්‍යරූපී සාක්ෂි අවශ්‍ය නොවේ. සිද්ධි සිය ගණනක් අධ්‍යයනයෙන් පෙනී යන්නේ කිසිදු සාධාරණ පදනමකින් තොරව පවා පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවයි. උදාහරණයක් වශයෙන් එක්තරා ප‍්‍රසිද්ධ නඩුවකදී, එනම් ජෙරල්ඞ් පෙරේරා  නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව පිළිබඳ විමසා බැලූ අවස්ථාවේදි හෙළිවූයේ ඔහු ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නම හුදෙක්ම ජෙරල්ඞ් වු නිසා පමණක් බව ය. එනම් ති‍්‍රත්ව ඝාතනයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී ජෙරල්ඞ් නමැති පුද්ගලයා යම්කිසි දෙයක් දන්නවා ඇත යන අනුමාන සැකය මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි. ජෙරල්ඞ් පෙරේරා ව අත්අඩංගුවට ගෙන තිබුණේ එකදු ප‍්‍රශ්නයක්වත් අසන්නේ නැතිව ය. ඔහු ව ඉන්පසු පොලිසියට ගෙන ගොස් කඹයකින් එල්ලා දරුණු ලෙස පහරදෙනු ලැබිණි. පොලිස් නිලධාරීන් ඔහුගෙන් අපරාධ චෝදනාව ගැන අසන්නට පටන් ගත්තේ එසේ බරපතළ ලෙස පහරදීමෙන් පසුව පමණි. ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, අපරාධය සිදුවන වේලාවේ ඔහු කොහි සිටියේද යන්න පිළිබඳව ප‍්‍රශ්න කිහිපයක් ඇසුවේ නම් අත්අඩංගුවට ගෙන මද වේලාවකට පසුව ඔහු ව නිදහස් කළ හැකිව තිබූ බවයි. මුලින් අත්අඩංගුවට ගෙන, ඔහු යම් අපරාධයක් ගැන යමක් දන්නේදැයි අසමින් පහරදීම ශ‍්‍රී ලංකාවේ පොදු පුරුද්දකි. මෙබඳු සිද්ධීන් විශාල සංඛ්‍යාවක්, සිද්ධි 402 ක් විශ්ලේෂණය කර බලන ‘ශ‍්‍රී ලංකාවේ යුක්තියේ කතාව ’ නමැති පොතෙහි ගැබ්කර තිබේ. 

3.6 අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන වාර්තාවේ නිතරම සඳහන් වන්නේ යම්කිසි විශේෂිත සැකකරුවෙක් ‘හෙළිකළ නොහැකි මූලාශ‍්‍රයක්’ විසින් හඳුනාගැනෙන බවට මූලික තොරතුර ලැබුණු මූලාශ‍්‍රය මගින් හැ`ගවෙන බවයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ මෙවැනි මූලාශ‍්‍රයක් නොමැති අතර, පොලිසිය විසින් හුදෙක් පළමු තොරතුර පිළිබඳ යම් ප‍්‍රබන්ධයක් නිර්මාණය කිරීමයි. පොලිසියට තොරතුරු ලබාදෙන තැනැත්තාට සාමාන්‍යයෙන් ආරක්ෂාව සැපයිය යුතු වන නමුත් මෙහිදී සිදුවන්නේ කොහේවත් නොමැති පණිවුඩකරුවෙක් පිළිබඳ ප‍්‍රබන්ධයක් නිර්මාණය කිරීමයි. ඇතැම් තොරතුරු ආරක්ෂක හේතූන් මත බාහිර පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගත යුතු වුවත් අඩුම වශයෙන් මහේස්ත‍්‍රාත්වරයා හෝ මෙම තොරතුරු සවිස්තරාත්මක ව දැනගෙන සිටිය යුතුය. ‘සාධාරණ සැකය’ සඳහා ලබාදෙන මෙවැනි ලිහිල් අර්ථකථනයක් සඳහා තරමක් දුරට හේතුවන්නට ඇත්තේ දශක කිහිපයක් තිස්සේ ඇතැම් සංවිධාන රාජ්‍යය විසින් ත‍්‍රස්තවාදී සංවිධාන වශයෙන් දැක්වීමයි. ත‍්‍රස්තවාදය පිළිබඳ විමර්ශනය කිරීම හැමවිටම අසීරු දෙයක් වන අතර, විමර්ශකයන්ට ආරක්ෂක තර්ජන ද ඇතිකරනසුලූ ය. කෙසේනමුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ නිතර නිතර මෙවැනි භාවිතයක් පවත්වාගෙන යාම තුළින් මේ වන විට සිදුවී තිබෙන්නේ ත‍්‍රස්තවාදයට සම්බන්ධයක් නැති අපරාධ සම්බන්ධයෙන් පවා එකම ප‍්‍රමිතියක් අනුගමනය කිරීම සහ එකම නිදහසකට කාරණා දැක්වීමයි. ඉහළ අධිකරණ විසින් පවා සාධාරණ සැකය යන මතය අර්ථකථනය කරන්නේ ලිහිල් ලෙස ය. මේ සියල්ලම විසින් නිර්මාණය කර තිබෙන්නේ කිසිදු ප‍්‍රතිපත්තියක් නැති ආරක්ෂක නිලධාරීන්ට, යම්කිසි පුද්ගලයෙක් අපරාධයක් කළා යැයි සැක කිරීමට කිසිදු පදනමක් නැතිව තිබියදී ද කිසිදු පූර්ව විමර්ශනයකින් තොරව අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට හැකියාව ලබාදීමයි.  


4. විනිර්මුක්තිය හෙවත් විපාක නොලබා සිටීම

වධහිංසාව හා අවමන් සහගත සැලකිලිවලට එරෙහි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත විසින් සිය වාර්තාවේදී ශී‍්‍ර ලංකාව පුරා පැතිර තිබෙන විනිර්මුක්තිය හෙවත් විපාක නොලබා සිටීම සහ වගවීම අඩුකම පිළිබඳ අදහස් දක්වයි. (පිටුව 10)

වධහිංසාවට එරෙහි (CAT)  කමිටුව විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙත සිය පෙර වාර්තාවලදී ලබාදුන් නිරීක්ෂණ සහ නිර්දේශ තුළ ශ‍්‍රී ලංකාවේ පැතිර පවත්නා විනිර්මුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය නැවතව නැවතත් අසා තිබිණි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු වර්ධනයක් දක්නට නැත. ඒ වෙනුවට පහත නිරීක්ෂණයන් දැකගත හැකිය. 

4.1 වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි පිළිබඳ පැමිණිලි ගණනාවක් ලැබී තිබියදී සහ, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාවන්හි ඒ සඳහා ප‍්‍රමාණවත් සාක්ෂි සටහන් ව තිබියදී, 1994 අංක 22 දරණ වධහිංසාවට එරෙහි පනත යටතේ කිසිදු නඩු පැවරීමක් සිදු වී නැත. 

2003-2006 අතර සමයේදී රහස් පොලිසියේ විශේෂ පරීක්ෂණ ඒකකය විසින් වධහිංසාව පිළිබඳ චෝදනා විමර්ශනය කෙරුණ ද, 2006 වසරෙන් පසු මෙම භාවිතය නතර වූ අතර 1994 අංක 22 දරණ වධහිංසා පනත යටතේ නඩු නොපැවරීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තීරණය කරන ලදී. ඒ කාලයේ කල්පනා කළේ වධහිංසා පනත යටතේ නඩු පැවරීම විසින් ශ‍්‍රී ලංකා රජයේ එල්ටීටීඊයට එරෙහි යුධ පරිශ‍්‍රමයන්ට හානි සිදුකරන බව ය. එල්ටීටීඊය සමග පැවති හමුදා අරගලය අවසන් වීමෙන් පසුවත් මේ ප‍්‍රතිපත්තියම තවදුරටත් කි‍්‍රයාත්මක ය. 

ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ පාර්ශවයෙන් හිතාමතාම සහ බරපතළ ආකාරයේ ප‍්‍රතිපත්තිමය වෙනස්කමක් සිදුකරන්නේ නම් මිස ශ‍්‍රී ලංකාව තුළ වධහිංසා පනත කි‍්‍රයාත්මක කළ නොහැකි බවක් පෙනේ. එසේ හෙයින්, වධහිංසාව සහ අවමන් සහගත සැලකිලිවලට එරෙහිව, එම ක‍්‍රියාවන් සාපරාධී බවට පත්කිරීම වැනි ප‍්‍රතිකර්මයක් පැවතියද, මේ නීතිය ශ‍්‍රී ලංකාව තුළ පවතින ප‍්‍රතිකර්මයක් නොවන්නේය.   

4.2 වධහිංසාව සහ අවමන් සහගත සැලකිලිවලට එරෙහිව පවතින තවත් ප‍්‍රතිකර්මයක් වන්නේ ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව යටතේ තිබෙන ප‍්‍රතිකර්මයයි. නමුත් මෙය ඵලදායී ප‍්‍රතිකර්මයක් නොවන්නේ, වධහිංසාව සහ අවමන් සහගත සැලකිලිවලට ගැනෙන කි‍්‍රයාවක් සිදු වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිදුකරන ප‍්‍රකාශයක් එබඳු කි‍්‍රයාවන් සිදුකළ නිලධාරීන්ට එරෙහි කිසිදු ප‍්‍රායෝගික ප‍්‍රතිඵලයක් ඇති නොකිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණ සොයාගැනීම් හරහා මෙම නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය කි‍්‍රයාමාර්ගයක්වත් ගත නොහැකිය. එබඳු ශ්‍රේෂ්ඨාධිකරණ සොයාගැනීම් එම නිලධාරීන්ගේ උසස්වීම්වලට පවා බලපෑමක් ඇති නොකරයි. 

126 ව්‍යවස්ථාව යටතේ සිදුකරන වන්දි ලබාදීම, කලාතුරකින් අවස්ථාවකදී හැර සංකේතාත්මක වන්දියක් පමණක් වන අතර ලබාදෙන වන්දිය ද බෙහෙවින් සුළු එකක් වේ. ශ‍්‍රී ලංකාවේ සිිවිල් නීතිය සහ කාර්යපටිපාටිය යටතේ සිවිල් ප‍්‍රතිකර්මයක් ලබාගැනීමේ හැකියාවක් තිබුණ ද, ප‍්‍රායෝගිකව කතා කරන්නේ නම් එම ප‍්‍රතිකර්මයද ශ‍්‍රී ලංකාව පුරා පැතිර පවත්නා නඩු ඇසීමේ කාර්යාවලියේ තිබෙන අතිමහත් ප‍්‍රමාදයන් හේතුවෙන් ව්‍යර්ථ වී තිබේ. නීතීඥයන්ගේ සහ විනිසුරන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය විසින් මේ ප‍්‍රමාදයන් පිිළිබඳ සිය වාර්තාවේ සඳහන් කර තිබේ. 

126 ව්‍යවස්ථාව යටතේ ලැබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රතිකර්මය, මූලික අයිතිවාසිකම් නඩුවලදී පවා සිදුවන අතිශය දීර්ඝ ප‍්‍රමාදයන් හේතුවෙන් තවදුරටත් ව්‍යාර්ථ වේ. ඵලදායී නීති ආධාර ක‍්‍රමයක් නොපවතින නිසා නඩු වියදම් වධහිංසා සහ අවමන් සහගත සැලකිලිවල වින්දිතයන්ගෙන් බහුතරයකට දරාගත නොහැකි වන්නේ වින්දිතයන්ගෙන් අති බහුතරය දුප්පත් සමාජ වටපිටාවන්ට අයත් අය වන නිසා ය. 

ඵලදායක ප‍්‍රතිකර්මයක් ලබාගැනීමට එරෙහිව තිබෙන තවත් බාධකයක් වන්නේ වින්දිතයන් විසින් සිය අයිතිවාසිකම් උල්ලංඝනයන්ට එරෙහිව පැමිණිලි කරන විටදී සහ එම ගැටලූව අධිකරණය ඉදිරියට ගෙන යාමේදී නිතරම විඳින්නට සිදුවන හිරිහැර වේ. මෙවන් අවස්ථාවලදී වින්දිතයන් ඝාතනයට ලක්වූ අවස්ථා පිළිබඳ පවා උදාහණ තිබේ. මේ වන විට ශ‍්‍රී ලංකාවේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නීතියක් පැවතිය ද එයට ප‍්‍රායෝගිකව තිබෙන්නේ ඉතාම සුළු වටිනාකමකි. වධහිංසාව සහ අවමන් සහගත සැලකිලිවලට එරෙහි ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා නිරීක්ෂණය කර ඇත්තේ,

’‘... ශ‍්‍රී ලංකාවට වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතක් තිබුණද එහි අර්ථලාභීන් විය හැකිව සිටි අය පැමිණිලි කරන්නේ එකී ආරක්ෂාව, බොහෝ සිද්ධිවලදී, තමන් අවිශ්වාස කරන ආයතනය වන පොලිසියටම භාර වී ඇති බවයි. වඩාත් ඵලදායී සහ විශ්වාසනීය භාවයක් ඇතිකිරීම සඳහා ආණ්ඩුව විසින් මෙම පනත සංශෝධනයට ලක්කිරීම පිළිබඳ සලකා බැලිය යුතු ය.’’


4.3 සිය වාර්තාවේදී නීතීඥවරුන් සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය, යුක්තික ක‍්‍රමය විසින් සමාජයේ විවිධත්වය විදහා දැක්වීම පිළිබඳ, ස්වාධීන අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් ආයතන පිළිබඳ, යුක්තියේ වගවීම පිළිබඳ සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය ක‍්‍රියාවට නැංවීම සහ එහි ස්වාධීනත්වය වැඩිදියුණු කිරීමේ අවස්ථාවක් වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය සමාලෝචනය පිළිබඳ අදහස් දක්වන්නීය. මෙකී සියලූ ක්ෂේත‍්‍රවල පවතින බරපතළ දෝෂ විසින් ජනතාව තුළ යුක්තියේ පරිපාලනය පිළිබඳ විශ්වාසය බිඳවැටීමක් සිදුකර තිබේ. 

මේ ගැටලූව 2015 වසරේ මැතිවරණයට පෙර පැවති ආණ්ඩුවට එරෙහිව මැතිවරණ ව්‍යාපාරයේ යෙදීමේදී වර්තමාන ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. කෙසේ නමුත් නව ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුව මේ ගැටලූව සම්බන්ධයෙන් එය කිසිදු උනන්දුවක් පෙන්වා නැත. එසේම මෙකී ගැටලූ සමග කටයුතු කිරීම සඳහා එය මේ දක්වා කිිසිදු ප‍්‍රතිපත්තිමය සීමාවන් විකසනය කර ගැනීමක් ද සිදුකර නැත. 

ශ‍්‍රී ලංකාවේ යුක්තිය පරිපාලනය, ඒ හා සබැඳි අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය සහ බන්ධනාගාර වැනි ආයතනවලට ප‍්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම හේතුවෙන් බරපතළ ලෙස හායනයට ලක්ව ඇත. මෙම ආයතනවල නිසි කි‍්‍රයාකාරිත්වය සඳහා ප‍්‍රමාණවත් මුදල් සපයන තෙක් ෂක්‍ක්‍ඡුඍ හි 2 වන වගන්තිය ප‍්‍රකාරව වධහිංසා සහ අවමන් සහගත සැලකිලි ඇතුළත් මානව හිමිකම් උල්ලංඝනයන්ට ඵලදායී ප‍්‍රතිකර්මයක් සහතික කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට නොහැකි වනු ඇත. (කරුණාකර ඇමිණුම 2 බලන්න. එය, ආසියානු මානව හිිමිකම් කොමිසම විසින් යුක්තිය පරිපාලනය කරන ආයතනවලට ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වෙත ලියනු ලැබූ ලිපියකි.

මේ අනුව, වධහිංසාවට එරෙහි පනත යටතේ වන බැඳීම් කි‍්‍රයාවට නැංවීමට නම් වධහිංසාවට එරෙහි (CATටුව විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආයතනයික වපසරිය හා සැකැස්ම පරීක්ෂා කිරීම අවශ්‍ය බව ගෞරව සහිතව කියා සිටිනු ලැබේ. 

ඉහතින් සඳහන් කළ හේතු කරණකොටගෙන මූලික යුක්තික ආයතනවල නිසැක අශක්නුකතාවයක් පවතින අතර, ඒවා පෙන්වාදීම සඳහා පදනම් කර ගත්තේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් දෙපළගේ සොයාගැනීම් ය. මෙහිදී සිත වඩාත්ම අධෛර්යයට පත් කරන කාරණය වන්නේ මෙකී නොහැකියාවන් මැඩපවත්වාගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන පියවර ගැනීමට කිසිදු කැමැත්තක් නොමැතිවීම යන කාරණයයි.    
--------

ප‍්‍රශ්න කිරීම්, විමර්ශන සහ රැුකවරණ භාරයේදී සිදුවන භාවිතයන් පිළිබඳ 2016 ජූලි 7-8 දෙදින තුළ වොෂින්ටන් නුවර පැවති විශේෂඥයන්ගේ උපදේශන සභාවකදී සිදුකළ කරුණු ඉදිරිපත් කිරීම/ඇමිණුම


බැසිල් ප‍්‍රනාන්දු විසිනි.
2014 සම්මා ජීවන සම්මානලාභී
ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් අධ්‍යක්ෂ
ආසියානු මානව හිමිකම් කොමිසම

හොංකොං
2016 ජූලි 21


මෙම කරුණු ඉදිරිපත් කිරීමේදී මාගේ අරමුණ වන්නේ ගෝලීය දකුණ යනුවෙන් සාමාන්‍යයෙන් විස්තර කරනු ලබන රටවල ප‍්‍රශ්න කිරීම්, විමර්ශන සහ රැුකවරණ භාරය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන භාවිතයන්ගෙන් වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි සම්බන්ධ ගැටළු තුරන් කිරීමට අදාළ සැබෑ, ප‍්‍රායෝගික ගැටළු අවධාරණය කිරීමයි. මෙම ගෝලීය දකුණේ පිහිටි රටවල් යන්නෙන් අදහස් කරන්නේ මෙකී රටවල ලිබරල් ඩිමොක‍්‍රටික් සිද්ධාන්ත මත පදනම් වූ නෛතික සහ අධිකරණ පද්ධති, නීතිය මත පාලනය මූලික ප‍්‍රාමාණික රාමුවක් වශයෙන් සම්ප‍්‍රදායික ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් සහිත රටවල තත්වයට වර්ධනය වී නොමැති බවයි. 

ප‍්‍රශ්න කිරීම්, විමර්ශන සහ රැුකවරණ භාරයේ භාවිතයන් පිළිබඳ නව ප්‍රොටෝකෝලයක් වර්ධනය කිරීමේ යෝජනාවේදී වධහිංසාව සහ වෙනත් ආකාරවල කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුගේ යෝජිත වාර්තාවේ මෙම ගෝලීය දකුණට අදාළ ගැටළු සුවිශේෂී වශයෙන් ආමන්ත‍්‍රණය කළ යුත්තේ ඇයි?

මෙකී ගැටළු වෙන් වෙන් වශයෙන් සලකනු ලැබීමට සරල හේතුව වන්නේ එසේ නොමැති නම් කරනු ලබන යෝජනා කවරක් වුවත් ඒවා ට, මේ රටවල පවතින සුවිශේෂී සන්දර්භය තුළ සෘජු ප‍්‍රායෝගික සහ ක‍්‍රියාවට නැංවිය හැකි අන්දමේ වටිනාකමක් නොලැබී යා හැකි වීමයි. එසේ හෙයින් දැනට පවතින පරිචයන් වෙනස් කිරීමේ දැක්මෙන් යුතුව, මෙකී ගැටළු හැකිතාක් දුරට ආමන්ත‍්‍රණය කළ හැකි පරිදි සහ වෙනස්කම් අවබෝධ කර ගත හැකි වන පරිදි මෙහිදී ඇතැම් පරිශ‍්‍රමයන් සිදුකළ යුතුය.

ගෝලීය දකුණට අදාළව වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි පරම වශයෙන් තහනම් කිරීම කි‍්‍රයාවට නැංවීම සඳහා වූ මෙකී නිරීක්ෂණයන් ඉදිරිපත් කරනුයේ ආසියාවේ රටවල් 11 ක වධහිංසාව සම්බන්ධ ගැටලූ පිිළිබඳ වසර 20 ක් මුළුල්ලේ සිදුකළ අධ්‍යයනයන් මෙන්ම සෙසු රටවල් පිළිබඳව ද සිදුකරනු ලැබූ සන්සන්දනාත්මක අධ්‍යයනයන් මත පදනම්ව ය. 

1. ප‍්‍රශ්න කිරීම්, සහ විමර්ශන සහ රැුකවරණ භාරයේ පරිචයන්, අපරාධවලට අදාළව නඩු පැවරීම සමග සෘජු ලෙස සම්බන්ධ යැයි පවතින පූර්ව නිගමනය බොහෝ අවස්ථාවලදී ප‍්‍රශ්නසහගත ය. 

  
අහඹු උදාහරණ කිහිපයක් පහත දැක්වේ. 

1.1 සැබෑ සැකකරුව වරදින් නිදහස් කරවා ගැනීමට හැකි ආකාරයේ කටඋත්තරයක් ලබාගැනීම සඳහා අපරාධයක, උදාහරණයක් වශයෙන් ස්ත‍්‍රී ¥ෂණයක වින්දිතයෙකුව කායික හෝ මානසික වධහිංසාවන්ට ලක් කළ හැක. වින්දිතයා විසින් කියා ඇති අපරාධකරුගේ නම ශ වුවද, මෙහිදී වින්දිතයා විසින් සැබෑ අපරාධකරු වශයෙන් ශ ගේ නම පැවසීමට ඉඩ තිබේ. නීති සාධන නිලධාරීන් විසින් වින්දිතයා හට මෙසේ කරන ලෙස කියන හේතුව ¥ෂණය හෝ වෙනත් අයෙකුගෙන් යම්කිසි ලාභ ප‍්‍රයෝජනයක් ලබාගැනීම විය හැක. මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණ වන්නේ අපරාධයට අදාළව කිසිදු ප‍්‍රශ්න කිරීමක් හෝ සාකච්ඡුාවක් සිදුනොවන බවයි. ඒ වෙනුවට නියත වශයෙන්ම සිදුවන්නේ එයට විරුද්ධ දෙය වන අපරාධය පිළිබඳ වැරදි චිත‍්‍රයක් මවාපාමින් සැකකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා බොරු කටඋත්තරයක් දෙන ලෙසට වින්දිතයෙකුට බල කිරීමයි. මෙහිදී යුක්තිය කඩාකප්පල් කිරීමට සෘජුවම දායක වන්නේ නීිති සාධන නිලධාරීන් ය. වින්දිතයාට එරෙහිව බලහත්කාරී කි‍්‍රයාවන් සිදුකිරීමේ අරමුණ වන්නේ යුක්තියේ ක‍්‍රියාදාමය කඩාකප්පල් කිරීමයි. 

මෙවැනි භාවිතයක් වළක්වා ගැනීම සඳහා තිබෙන ප‍්‍රතිකර්ම මොනවාද?

මේ සඳහා යෝජනා කිහිපයක් වන්නේ, 

1.2 මෙවැනි භාවිතාවන්ට සම්බන්ධ නීති සාධන නිලධාරීන් ප‍්‍රශ්නකිරීමේ කාර්යාවලිය ට විවිධ බලපෑම් කිරීම හෝ යුක්තිය කඩාකප්පල් කිරීම සඳහා ප‍්‍රශ්න කිරීම් සඳහා අපරාධ චෝදනාවලට ලක් කළ යුතුය. 

1.3 මේ ආකාරයේ පැමිණිල්ලක් වින්දිතයෙක් විසින් සිදුකළ විට ජේ්‍යෂ්ඨ නීති සාධන නිලධාරියෙකු විසින් එම ගැටලූව වහාම විමර්ශනය කර නිසි විමර්ශනයක් සිදුවන බවට සහතික වීම සඳහා විශෝධන පියවරක් ගත යුතුය. 

1.4 උසස් නිලධාරීන් එබඳු විශෝධන පියවරක් ගැනීමට අසමත් වන්නේ නම් ඔවුන්ට විරුද්ධව සාපරාධී සහ විනය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට මාර්ග තිබිය යුතුය. එවන් අවස්ථාවලදී අභිචෝදකයන් වෙතට සහ අධිකරණය වෙතට ප‍්‍රවේශ වීමට අවස්ථාව තිබිය යුතු වන අතර, එවිට වින්දිතයා, අභිචෝදකයන් සහ අධිකරණයට සුදසු කි‍්‍රයාමාර්ගයක් ගත හැකිවා මෙන්ම, එකී සිද්ධිය නිවැරදි කිරීමටද, වින්දිතයා විසින් කියාපාන අපරාධය පිළිබඳ විමර්ශනය සිදුකරගෙන යාමට හානි සිදුනොවන බවටද වගබලාගත හැකි වේ. සංවර්ධිත නීති ක‍්‍රමයක් තිබෙන රටවල අධිකරණ බලයන් තුළ මෙවන් තත්වයක් කිසිසේත්ම ඇති නොවන අතර, ඉතාම කලාතුරකින් එසේ සිදුවූ විට පවා එවන් වැරැුද්දක් ලෙහෙසියෙන්ම නිවැරදි කර ගත හැකි වේ. කෙසේ නමුත් මෙවැනි දේවල් නිතර නිතර සිදුවන වෙනත් අධිකරණ බලයන් තුළ තත්වය එසේ නොවන අතර ඒවා නිවැරදි කර ගැනීමට කි‍්‍රයාමාර්ග ගැනෙන්නේ ද ඉතා කලාතුරකිනි. 


2. ප‍්‍රශ්න කිරීමක හෝ සාකච්ඡුාවක අරමුණ අභිචෝදනයක් නොවන යම්කිසි අවසානයක් කරා ළ`ගාවීම විය හැකිය. 

මේ දෙවැනි තත්වය හේතු ගණනාවක් නිසා සිදුවිය හැකිය. 
ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. 

2.1 ප‍්‍රශ්න කිරීමේ හෝ සාකච්ඡුාවේ පරම අරමුණ අභිචෝදනය කිරීමක් සහ නඩු විභාගයක් නොව, යම්කිසි ආකාරයක සමථ වීමකට දිරිගැන්වීමක් වන්නට පුළුවන. විවිධාකාර හේතු නිසා අපරාධවල පැමිණිලිකරුවන් අපරාධය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අත්‍යාවශ්‍යයෙන්ම බැඳීමක් නිර්මාණය නොවිය හැක. මෙකී භාවිතයන් නිර්මාණය වී තිබෙන්නේ අපරාධ ප‍්‍රශ්නකිරීම් කාර්යාවලිය විසින් හුදෙක්ම සමථයන්ට එළඹීම අරමුණු කරගෙන විය හැකිය. ස්තී‍්‍ර ¥ෂණය, ලිංගික අපචාර, දරුවන් අපහරණය කිරීම වැනි බරපතළ අපරාධ සහ අපරාධවල විවිධ ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් පවා මෙහිදී සමථකිරීම්වලට එළඹෙනු දැකගත හැකිය. මෙවන් සමථයකට එක`ග කරවා ගැනීම සඳහා එම තැනැත්තාට වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි වැනි බලහත්කාරයන් සිදුකිරීමට ඉඩ තිබේ. 

2.2 මෙවැනි බලහත්කාරී ක‍්‍රම යෙදීමේ අරමුණ ඉතා සරල ලෙස, සැකකරුවන්ගෙන් මෙන්ම වින්දිතයන්ගෙන් ද අල්ලස්/පගාව ලබාගැනීම විය හැකිය. එසේ හෙයින්, සැකකරුවන් මෙන්ම වින්දිතයන් යන දෙපිරිසම බලහත්කාරී ක‍්‍රමවේදයන්ට ලක්වන්නට ඉඩ තිබේ. 

2.3 නීති සාධන නිලධාරීන්ට, අභිචෝදකයන්ට සහ විනිසුරුවරුන්ට අතිමහත් වැඩ කන්දරාවක් තිබෙන තත්වයක් තුළදී කලින්ම යම්කිසි ආකාරයක සමථයකට එළඹීම මෙකී විශේෂිත සන්දර්භය තුළ ප‍්‍රමුඛතාවක් හිමිවන දෙයක් වන්නට පුළුවන. විවිධ භාවිතයන් හේතුවෙන් අපරාධ යුක්තික කි‍්‍රයාවලියට බරපතළ හානි සිදුවන තත්වයන්වලදී වින්දිතයන් විසින් යුක්තිය ඉල්ලා සිටීම අතහැර දැමීම තුළින් වැඩ ගොඩ අඩුවනවා වන්නට පුළුවන. එවැනි අවස්ථාවලදී නීති සාධන නිලධාරීන් විසින් පමණක් නොව අභිචෝදකයන් සහ විනිසුරුවරුන් විසින් පවා බලහත්කාරී ක‍්‍රම පාවිච්චි කරන්නට ඉඩ තිබේ. උදාහරණයක් වශයෙන්, සැකකරු යම් අපරාධයක් සම්බන්ධයෙන් තමන් නිර්දෝෂී යැයි කියා සිටියත්, චෝදනාවලින් යෝජනාකරනවාට වඩා අඩු දඬුවම් ලබාදීම වැනි විවිධාකාර සහන ඉදිරිපත් කිරීම තුළින් වරද පිළිගන්නැයි සැකකරුට අවධාරණය කිරීමට විනිසුරුවරුන්ට පුළුවන. 
3. සැකකරුගෙන් කිසිම ප‍්‍රශ්නයක් අසන්නට කලින් වධහිංසාව පටන් ගැනේ. 

මෙය බොහෝ රටවල නිරන්තරයෙන් භාවිතා වන්නකි. මෙයට හේතු පහත පරිදි  දැක්විය හැක. 

3.1. තොරතුරු ලබාගැනීම සඳහා වෙනත් මාර්ගවල යැවීම: මෙකී අවස්ථාවලදී ප‍්‍රශ්න කිරීම් සිදුකරන්නනන් හට අපරාධය හෝ සැකකරුවන් පිළිබඳ කිසිදු දැනීමක් නැත. මෙහිදී ඔවුන් සිදුකරන්නේ තමන්ගේ අවධානයට යොමු වූ පුද්ගලයන්ට පහරදීම මගින් ඔවුන්ගෙන් තොරතුරු ලබාගැනීමට උත්සාහ කිරීමයි. එහි බලාපොරොත්තුව නම්, වධහිංසාව වළක්වාගැනීමේ මාර්ගයක් වශයෙන් ඔවුන් විසින් විමර්ශකයන්ට උදව්වක් වන යමක් පවසනු ඇත යන්නයි. මෙහි තිබෙන අවාසනාවන්ත තත්වය වන්නේ තමන් කිසිදු අපරාධයකට සම්බන්ධ නැති නිසා ඒ ගැන කිසිවක් පැවසීමට නැති මිනිසුන් වැඩියෙන් ගුටිකෑමයි. මන්ද, ප‍්‍රශ්න කරන්නන් ගේ පූර්ව නිගමනය වන්නේ එම තැනැත්තන් වැඩියෙන් මුරණ්ඩු බවය. එසේම කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී එකී පහරදීම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් වකුගඩු අකර්මණ්‍යවීම්වලට සැකකරුවන් ලක්වීම වැනි අවස්ථාවන් ද දැකගත හැකිය. 

3.2. සැකකරුවන් කිසිම විටෙක ඇත්තක් කියන්නේ නැතැයි ප‍්‍රශ්න කරන්නන්ගේ පාර්ශවයෙන් පූර්ව නිගමනයක් තිබේ. මේ අනුව මානුෂීය අන්දමින් සැකකරුවන්ව ප‍්‍රශ්න කිරීමට ලක්කිරීම කාලය කා දැමීමක් ලෙස සැලකේ. එසේම තවදුරටත් වධදෙනු ඇත යන විශ්වාසය හේතුවෙන් වින්දිතයන් යම්කිසි තොරතුරක් දෙනු ඇතැයි ද විශ්වාසයක් තිබේ. 

3.3. බොහෝ අවස්ථාවලදී තමන් විසින් අත්අඩංගුවට ගත්තේ අහිංසකයෙක් යැයි ප‍්‍රශ්න කරන්නෝ දැන සිටිති. කෙසේ නමුත් ඔහුට බොරු චෝදනාවක් පැටලවීමට ඔවුන්ට අවශ්‍ය ය. ඔවුන් එසේ කරන්නේ ඇයිද යන්නට හේතු ගණනාවක් තිබේ. එකක් නම්, නඩු නිශ්චිත සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීම සඳහා ප‍්‍රශ්න කරන්නන් පීඩනයකට ලක්ව සිටින අතර, ඔවුන් නියම සැකකරුවන් සොයාගැනීමට අසමත් ව තිබේ. එනිසා ඔවුහු අහඹු ලෙස පුද්ගලයන්ව අත්අඩංගුවට ගනිති. නමුත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර යම්කිසි ආකාරයක සාක්ෂි ලබාගැනීමක් සිදුකිරීම අත්‍යාවශ්‍ය ය. ප‍්‍රශ්නකරන්නන් මේ සාක්ෂි ලබාගැනීමට උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් පාපොච්ඡුාරණ ලබාගැනීම හරහා ය. බොහෝ අහිංසක පුද්ගලයන්ට තමන් නොකළ අපරාධයක් ගැන පාපොච්ඡුාරණය කිරීමට අවශ්‍ය කරන්නේ නැති නිසා, ඔවුන්ගෙන් පාපොච්ඡුාරණ ලබාගැනීම සඳහා වධහිංසා කිරීම සිදුකරයි. ඉන්පසු එම පාපොච්ඡුාරණය, එම පුද්ගලයා අපරාධයට සම්බන්ධ බවට සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරයි. 

3.4. ත‍්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ සඳහා පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී නිතරම සිදුවන්නේ ප‍්‍රශ්න කරන්නන් සතුව සැකකරුවන්ගේ තොරතුරු, එනම් ත‍්‍රස්තවාදයට සම්බන්ධව ඔවුන් කර තිබෙන්නේ මොනවාද යන්න පිළිබඳ තොරතුරු නොමැති වීමයි. සැකකරුවන් තෝරාගැනීම සිදුකරන්නේ බොහෝවිට අහඹු පදනමක් මත ය. තොරතුරු හෙළිකරගත හැකි එකම ක‍්‍රමය වන්නේ, බලහත්කාරකම යෙදීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් යම්කිසි ආකාරයක තොරතුරක් හෙළිකරගත හැකිවේ යැයි බලාපොරොත්තුවෙන් බලහත්කාරය සිදුකිරීමයි. ආතතික කාලපරිච්ෙඡ්දයන්හි මේ තත්වයට ලක්වූ පිරිස අති විශාල ය. මේ අනුව බලහත්කාරය යෙදීම, යම්කිසි තොරතුරක් හෝ යම්කිසි අපරාධයකට හසුකළ හැකි සාක්්ෂියක් ලබාගැනීම සඳහා හේතුවක් ද බවට පත් වේ. 


4. විමර්ශකයන්, අභිචෝදකයන් සහ අධිකරණය විසින් පවා බලහත්කාරී ක‍්‍රම භාවිතා කරන්නේ ඵලදායී ලෙස කි‍්‍රයාත්මක වීම සඳහා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන නොමැතිවීම නිසා විය හැකිය. 

ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන නොමැති වීම විසින් සිය රාජකාරිය සඳහා සුදුසුසක්ම නොලත් විමර්ශකයන්, අභිචෝදකයන් සහ විනිසුරුවරුන් පවා තෝරාගැනීමට නිතරම මග පාදයි. මෙසේ නිසි සුදුසුකම් නොසපුරනු ලැබූවන් වධහිංසාව කි‍්‍රයාවට නැංවීමට අතිශයින්ම සූදානමින් පසුවනු ඇත්තේ විමර්ශනය කළ හැකි වෙනත් ක‍්‍රමයක් ඔවුන් නොදන්නා නිසා වීමට පුළුවන. බලහත්කාරී ක‍්‍රම භාවිතය පිළිකුල් කිරීමට තරම් සුදුසු දැනුමක් ඔවුන් සතුව නොමැති වීමට ද ඉඩ ඇත.

ඇතැම්විට, වධහිංසාවන් සිදුවීමට වැඩිවශයෙන්ම බලපාන හේතුව වන්නේ මෙකී සුදුසුකම් රහිත පුද්ගලයන් පිළිබඳ කාරණය සහ ඔවුන් පුහුණුවෙන් ඌන පුද්ගලයන් වීම යන කාරණයයි. මෙකී සිද්ධි සමග සිය රාජකාරි කටයුතු කිරීමට සුදුසුකම් නැති ප‍්‍රශ්න කරන්නන්, අභිචෝදකයන් සහ විනිසුරුවරුන් සිටින විට, නඩුවක් අභිචෝදනයේදී එයට අදාළ වන පුද්ගලයන් පිළිබඳ ඔවුන් කිසිදු අන්දමකින් විවේචනාත්මකව බලන්නේ නැත. ඔවුන් විසින්, එකිනෙකාගේ සීමිත දැනුම සහ අත්දැකීම් පිළිබඳ දැනුවත් බවින් යුතු තැනැත්තන් අතර සහයෝගීතාවයේ මනෝවිද්‍යාවක් ගොඩනංවාගෙන තිබේ. 

පුද්ගලයන්ගේ සුදුසුකම් නැතිකම පමණක් නොව, විමර්ශන, අභිචෝදනය සහ නඩු ඇසීම යන සෑම අංගයකම තිබෙන සම්පත් හි`ගය ද, බලහත්කාරී ක‍්‍රම භාවිතය සඳහා තුඩු දෙයි. 

වෝහාරික සහ භෞතික සාක්ෂි ලබාගැනීම සඳහා පහසුකම් නොමැති විට සම්පූර්ණයෙන්ම වාචික සාක්ෂි මත රඳා පැවතීමට සිදුවන අතර, බලහත්කාරී ක‍්‍රම භාවිතයට බෙහෙවින් හේතුවන්නේ වාචික ප‍්‍රකාශ මත රඳා පැවතීමයි. මෙවැනි පරීක්ෂණ සිදුකිරීමට ඔවුන්ට කිසිදු හැකියාවක් නැති විට වාචික සාක්ෂි විශාල කලබලයකින් ලබාගන්නා අතර, එය ද බලහත්කාරී ක‍්‍රම භාවිතයට මග පෙන්වයි. 



5. සාකච්ඡුා අධීක්ෂණයට අසමත් වීම 

බොහෝ රටවල උසස් නිලධාරීන් විසින් අධීක්ෂණය කිරීමේ ක‍්‍රමවේදය නොපවතී. ඉහළ නිලයන් දරන නිලධාරීහු විමර්ශකයන්ගේ තොරතුරු රැුස්කිරීමේ පවතින අඩුපාඩු දැන සිටිති. මෙම ප‍්‍රශ්න කිරීම්වලට මැදිහත් වීමට ඔවුන්ට අවශ්‍ය නොවන අතර, ඒ වෙනුවට දුර්වල තත්වයේ මර්ශන, තමන් පසුවන තත්වය තුළ නොවැළැක්විය හැකි ප‍්‍රතිඵලයක් ලෙසට ඔවුහු පිළිගනිති. මේ අනුව ඉහළ නිලධාරීහු සෘජුව හෝ වක‍්‍රව, විවෘතව හෝ උපායශීලීව ප‍්‍රශ්න කරන්නන් විසින් වධහිංසාව සහ අවමන් සහගත සැලකිලි යොදාගන්නා බව පිළිගනිති. ඒ පිළිබඳව ඇසූ විට ඔවුන් මෙසේ පැවසීමට පවා ඉඩ තිබේ. ‘‘... ඒක තමයි අපේ වාතාවරණය ඇතුළෙ අපට කරන්න පුළුවන් දේ..’’ මේ අනුව මෙය, විමර්ශනවල හා සාමාන්‍ය වශයෙන් ගත් කල සකල යුක්තික ක‍්‍රමවේදයේම දෝෂසහගත බව සහ අඩුපාඩු සහිත බව පිළිගන්නට නිසොල්මනේ ඉඩදෙන නෛසර්ගික ද්‍රෝහිකමක් ලෙසට ද යමෙකුට හඳුන්වා දිය හැකි වේ. 


6. ප‍්‍රශ්න කරන්නන්, අභිචෝදකයන් සහ විනිසුරන්ට එරෙහි විනය ක‍්‍රියාමාර්ගවල පවතින නිෂ්ඵල කම.

යුක්තිය සඳහා ප‍්‍රතිපාදන සැලසීමේ තිබෙන අඩුපාඩුවල ප‍්‍රතිඵලයක් වශයෙන් සහ කාර්යපටිපාටියෙන් ප‍්‍රතිඵල වන දෝෂ පිළිබඳ දැන සිටීම හරහා විමර්ශකයන්, අභිචෝදකයන් හා විනිසුරන් ට එරෙහිව කරන පැමිණිලි පිළිබඳ විමර්ශනවල කිසිදු විශ්වාසනීය වර්ධනයක් සිදුකිරීමට උත්සාහයක් නැත. මෙහි ප‍්‍රතිඵලය ලෙස ඔවුහු කෘත්‍යාත්මක වශයෙන් විනිර්මුක්තිය හෙවත් විපාක නොලබා සිටීම භුක්ති විඳිති.


7. ප‍්‍රශ්න කිරීම්වලදී බලහත්කාරී ක‍්‍රම යෙදීම තුළ සෘජුව හෝ වක‍්‍රව ප‍්‍රතිඵල වන වැරදි ක‍්‍රියාවන් සඳහා එම ක‍්‍රියාවන්ට සෘජුව සම්බන්ධ නිලධාරීන්ට විසින් පමණක් නොව සමස්ත බලකාය ද විසින් සිදුකළ හැකි පළිගැනීම් හේතුවෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ පැත්තෙන් බියවීම.

ප‍්‍රශ්න කිරීම්වලදී බලහත්කාරී ක‍්‍රම භාවිතා කිරීම වැළැක්වීමට යම්කිසි කි‍්‍රයාමාර්ගයක් ගැනීම සඳහා රජය උත්සාහ කළ අවස්ථාවන්හිදී නිලධාරීන්ගේ පාර්ශවයෙන් ඔවුන් සාමූහික පළිගැනීම් සිදුකිරීමට බරපතළ ලෙස පෙළඹෙන බව අධ්‍යයනයේදී පෙනී යයි. 

උදාහරණයක් වශයෙන්, රජය යම් සුවිශේෂී නිලධාරී සංගම් නිසා තර්ජනයන්ට ලක්වූ අවස්ථා තිබේ. උදාහරණයක් වශයෙන්, පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය තර්ජනය කරන්නේ තමන්ට එරෙහි සියලූ අභිචෝදන අත්නොහළොත් ඔවුන් වැඩ වර්ජනය කරන බව හෝ කිසියම් දුස්සන්ධානගත වීමේ ක‍්‍රියාවක නියැළෙන බව ය. 

වධහිංසාව සාපරාධී වරදක් බවට පත්කරන යම්කිසි විශේෂිත නීතියක් බලාත්මක කිරීමට රාජ්‍යය උත්සාහ කරන විටදී ද මේ හා සමාන තත්වයන් හට ගනී. මෙවිට නිලධාරීන් තර්ජන කරන්නේ ‘‘මේ නීතිය බලාත්මක කළොත් අපරාධ විමර්ශන නතර කිරීම ඇතුළු සාමූහික දුස්සන්ධානගත කි‍්‍රයාවන් සිදුකරනවා’’ යනුවෙනි.

මෙවැනි තර්ජනයන්ගේ පීඩනය හමුවේ ආණ්ඩු සාමාන්‍යයෙන් කිසිදු පියවරක් ගැනීම අත්හැර දමති. මෙවැනි අවස්ථාවලදී නිලධාරීන් නිතරම ගෙන එන තර්කය වන්නේ බලහත්කාරී ක‍්‍රම භාවිතා කිරීමට ගැනෙන කි‍්‍රයාවන්ගේ තමන් නියැළුණේ රාජ්‍යයේ සෘජු හෝ උපායික අනුමැතිය සමග වන බවත් ඒ නිසා මෙවැනි කි‍්‍රයාවන් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍යයට පසුව තමන්ට දඬුවම් කළ නොහැකි බවත් ය. පුද්ගලික, පුහුණු සහ වෙනත් පහසුකම් අතින් සිය සේවයේ පවතින දුර්වල තත්වයන් තුළ, බලහත්කාරී ක‍්‍රම යෙදීමෙන් පවා තමන් කරන්නේ රාජ්‍යයට උපකාරයක් බව ඔවුහු තවදුරටත් තර්ක කරමින් කියති. මේ අනුව ඔවුන් කරන්නේ කුමක්ද එහි වගකීම රජයට පැවරෙන්නේ, සංවර්ධිත රටවල තිබෙන ආකාරයේ විමර්ශන ක‍්‍රමවේදයන් වර්ධනය කිරීමට රාජ්‍යය අසමත් වී ඇති හෙයිනි. 

එසේ හෙයින්, බලහත්කාරී ක‍්‍රම භාවිතයට එරෙහිව යම්කිසි පියවරක් ගැනීමට රාජ්‍යයට අවශ්‍ය වී තිබෙන අවස්ථාවලදී පවා එය සිදුකළ හැකි තත්වයක රජය නොසිටියි. 

  
8. ප‍්‍රශ්න කරන්නන් විසින් සිය රාජකාරි සිදුකරන බරපතළ සීමාවන් පිළිබඳ අවබෝධයක් ඇති හෙයින් ඔවුන් විසින් එකී බලහත්කාරී ක‍්‍රම යොදාගැනීම සම්බන්ධයෙන් විමසා බැලීමට අභිචෝදකයන් සහ අධිකරණය කැමැත්ත පළ කරනවා වන්නට පුළුවන. නමුත් මෙවැනි බලහත්කාරී කි‍්‍රයාවන් උළුප්පා පෙන්වා දුන් විටත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට බිය වන්නේ, ප‍්‍රශ්නකිරීම් සිදුකරන නිලධාරීන් ට සහ නීති සාධන ඒජන්සිවලට, අධිකරණවල හෝ අභිචෝදක කාර්යාලයේ වැඩකටයුතු සඳහා ලබාදෙන සහයෝගය සෘජුව හෝ වක‍්‍ර ලෙස ඉවත් කර ගැනීම මගින් එම කටයුතු බරපතළ ලෙස කඩාකප්පල් කිරීම සඳහා පවතින හැකියාව පිළිබඳ තිබෙන බිය හේතුවෙනි.


නිගමනය :

මෙයින් පෙන්වා දෙන්නේ තත්වය වැඩිදියුණු කිරීම සඳහා කරනු ලබන  ඕනෑම යෝජනාවක්, සමස්ත පද්ධතියේම තත්වය වැඩිදියුණු කිරීම සමග සලකා බැලිය යුතු වන බවය. මේ සම්බන්ධයෙන් ෂක්‍ක්‍ඡුඍ හි 2 වන වගන්තිය අදාළ වේ. මෙම වගන්තිය යටතේ, මෙම සම්මුතිය මගින් ලබාදෙන අයිතිවාසිකම් සිය රටවල ජනතාවට ලබාදෙන බවට වගබලාගැනීම සඳහා ව්‍යවස්ථාමය, අධිකරණමය, පරිපාලනමය සහ සෙසු පියවර ගැනීමට එහි අත්සන්කාර රාජ්‍ය පාර්ශවයන් බැඳී සිටියි. 

මෙයින් හැ`ගවෙන දෙය වන්නේ ප‍්‍රශ්න කිරීම, අභිචෝදනය සහ අධිකරණ සේවා ප‍්‍රමාණවත් අයුරින් පවත්වාගෙන යාම සඳහා රාජ්‍යයට බැඳීමක් තිබෙන බවයි. එසේ හෙයින් එම අරමුණ උදෙසා යුක්තිය ප‍්‍රතිපාදනය කිරීමට සහ, ආයතනයික රාමුවක් පවත්වාගෙන යාම රාජ්‍යයේ මූලික බැඳීමකි. විශේෂ වාර්තාකරුගේ කාර්යාලය, වධහිංසාවට එරෙහි කමිටුව වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ මානව හිමිකම් කමිටුව වැනි සෙසු ගිවිසුම් ආයතන විසින් ප‍්‍රමාණවත් කාර්යක්ෂම ක‍්‍රමවේදයන් රටවල තිබෙනවාදැයි සියුම් ලෙස නිරීක්ෂණය කිරීම සඳහා විවිධ ක‍්‍රම විකසනය කරගෙන ඇත. මෙම ප්‍රොටෝකෝලය මගින් එවැනි ක‍්‍රම පිළිබඳ ද යෝජනා කරයි. එසේ වුවත් වධහිංසාව සහ අවමන් සහගත සැලකිලිවලට එරෙහි වීමේ අයිතිය ඇතුළු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ  ඕනෑම නිර්දේශයක් ක‍්‍රියාවට නැංවිය යුතු බවට පූර්ව කොන්දේසියක් ද තිබේ. 

මෙවැනි යුක්තික ක‍්‍රමයක් පවතින බව සාක්ෂාත් කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට මැදිහත් වීම සම්බන්ධයෙන් ප‍්‍රතිපාදනයක් නොමැති හෙයින්, බැලූබැල්මටම පෙනෙන පරිදි මෙකී නිර්දේශ කිසිවක් කි‍්‍රයාවට නැංවීමේ හැකියාවක් නැත. 

සමස්ත යුක්තික ක‍්‍රමය සමග කටයුතු කිරීමේදී, ප්‍රොටෝකෝලය විසින්, සක‍්‍රිය යුක්තික ක‍්‍රමයක් තිබෙන බව තහවුරු කර ගැනීම සඳහා අයවැය ප‍්‍රතිපාදනවල ප‍්‍රමාණවත්භාවය පිළිබඳ නිරීක්ෂණය කිරීම ඉහතින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට විශේෂයෙන් නිර්දේශ කළ හැකි දෙයකි. 

මෙහිදී නැවතත්, ඒ සඳහා ප‍්‍රමාණවත් අයවැය ප‍්‍රතිපාදන නොමැති නම් කිසිදු වැඩිදියුණුවීමක් ප‍්‍රායෝගිකව සිදුකළ නොහැකි වනු ඇත. මෙවිට කරනු ලබන නිර්දේශ කිසිවකින් පලක් නැතිවනු ඇත. 


අවසාන මතය

මේ කෙටි සටහන විසින් පෙන්වා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල වධහිංසාව හා අවමන් සහගත සැලකිලි පිළිබඳ ගැටළුවලට විශේෂිත අවධානයක් අවශ්‍ය කරන බව ය. මන්ද, සංවර්ධිත ප‍්‍රජාත්නත‍්‍රවාදයන් සහ සංවර්ධිත රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් අතර පවතින පරතරය විශාල නිසා ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ වධහිංසාව හා අවමන් සහගත සැලකිලිවල භාවිතය ඉතාම සාමාන්‍ය කාරණයක් බවට පත් කර තිබෙන්නේ මෙකී දැවැන්ත පරතරය විසිනි. මෙවැනි රටවල ප‍්‍රශ්න කිරීම යනු වධහිංසා පැමිණවීම ය යන්න අතිශයෝක්තියක් නොවේ. 

ඉතාම දීර්ඝ කාලයක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන මෙම ගැටළුව සමග කටයුතු කරන්නේ සංවර්ධිත රටවල් තුළදී කටයුතු කරන ආකාරයෙන්ම වන අතර මේ තත්වය, සංවර්ධනය වෙමින් පවතින රටවල වධහිංසාව හා අවමන් සහගත සැලකිලි අඩුවකින් තොරව දිගින් දිගටම පවත්වාගෙන යාමට ඉඩකඩ සලසා දී තිබේ. අඩුම ගණනේ, මෙම ගැටළුව සමග අනාගතයේ කටයුතු කිරීමට පටන් ගැනීම සඳහා හෝ ප‍්‍රවේශයක් යෝජනා කිරීම පිණිස යම් බරපතළ පරිශ‍්‍රමයන් ගත යුතු ව ඇතැයි විශ්වාස කරමු. 




No comments:

Post a Comment