Thursday, October 6, 2016

වැඩියෙන්ම වධ දුන්නේ ගුරුවරියන්, මහානාම ගුරු මහත්මිය කියයි.



විදුහල්පති පේ‍්‍රමලාල් කුමාරසිරි හා මලගොඩ ගුරුවරයාගේ ලිංගික අතවරවලට විරුද්ධ වන විට තමාට එරෙහිව, වනචරයින්, රැුකීමට ඉදිරිපත් වුණේ මහනාම විදුහලේ ගුරුවරියන් බව ඇය කියා සිටී.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්, තොරතුරු හෙළි කරන්න බයද? යන තේමාව යටතේ පවත්වන ලද සංවාදයට එක්වෙමින් ඇය ඉහත කරුණු හෙළි කරන ලදි.




මෙම සංවාදය පවත්වන ලද්දේ ලෝක ගුරු දිනය නිමිති කරගෙනය. මෙම සංවාදයට පාදක කරගන්නා ලද්දේ මනෝහාරි පෙලකැටිය ගුරු මහත්මිය විසින්, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂම, කොළඹ මහානාම විදුහලේ හිටපු විදහල්පති පේ‍්‍රමලාල් කුමාරසිරි හා මලගොඩ ගුරුවරයා වගඋත්තරකරුවන් කරමින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවයි.

තමාව, එවක මහානාම වදුහලේ විදුහල්පති, පේ‍්‍රමලාල් කුමාරසිරි හා මලගොඩ ගුුරුවරයා ලිංගික හිංසනයට පාත‍්‍ර කිරීමට එරෙහිව නැගී සිටීමේදී, තමාට ආපන ශාලාව පවා තහනම් කළ බවත්, තමාව වැඩියෙන් පීඩාවට පත්කළේ විද්‍යාලයේ ගැහැණු ගුරුවරුන් බවත් ප‍්‍රකාශ කළේය.

මෙම සංවාදයට එක්වෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සභාපතිනිය සීතා රංජනී කියා සිටියේ, ලිංගික හිංසාවන්ට පත්වන කාන්තාවන් නිහඬව සිටින රටක, මනොහාරී පෙලකැටියගේ ඉදිරිපත් වීම ඉහළින් අගය කළ යුතු බවයි.

තීන්දුවෙන් රාජ්‍ය සේවකයන්ට, ලැබී තිබෙන ප‍්‍රකාශන අයිතිය පිළිබඳව ද ඇය සටහනක් තැබුවේය.

තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වීමෙන් පසුව එම පනත ක‍්‍රියාත්මක කිරීම සඳහා පත්කරන ලද කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා අදහස් දක්වමින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව විස්තරයක් කරමින්, ගුරුවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සැකසීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. 

මෙම සංවාදයට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා ද එක්විය.

සංවාදයට එක්වූ ජනසංසයේ ලේකම්, චිත‍්‍රාල් පෙරේරා කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, වගඋත්තරකරුවන් දෙන්නා වන්දි නොගෙවා සිටියොත් පුදුම නොවන ලෙසටයි.

අදවන විට පොලිස්පති පවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ක‍්‍රියාත්මක නොකරන තත්ත්වයට පත්ව තිබෙන සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීම බව ද, එ් අනුව රජයේ සේවකයෙක්, යමෙකුගේ මුලික අයින් උල්ලංඝණය කළ විට, අදාල අමාත්‍යාංශයේ  හා දෙපාර්තමේන්තුවේ එයට ප‍්‍රධානීන් වගකිව යුතු බවද පෙන්වාදෙන ලදි.

  

No comments:

Post a Comment