Wednesday, January 4, 2017

ලිංගික අතවර කළ එකා වෙනුවට ආදේශකයෙකු උසාවි දමයි.



අපරාධයක් පිළිබඳව ලැබෙන පැමිණිලිවලට, සැකකරුවන් ආදේශ කිරීමේ පොලිස් පුරුද්ද යහපාලනය තුළද නොවෙනස්ව පවතී. නීතිය මත පාලනයකින් තොර යහපාලනයක් නැත.

එක් ගැහැණියක් විසින් තමන්ට ලිංගික අතවර කළ බවට වන පැමිණිල්ලක් බදුරලිය පොලීසියට ලැබිණ.

වාර්තාවන අන්දමට මෙම ස්ත‍්‍රියට ලිංගික අතවර කරන්නට පැමිණි පුද්ගලයාගේ කලවා ප‍්‍රදේශය ඇය හපා කා ඇත.

අලූයම සිදුවූවා යැයි කියන මෙම ලිංගික අතවර සිද්ධියට සැකකරණු ලැබු පුද්ගලයන් තුන් දෙනෙකුව බදුරලිය පොලිසිය අත්අඩංගුවට ගෙන සියලූ දෙනාම නිරුවත් කොට කලවා ප‍්‍රදේශ පරීක්ෂා කර ඇති පොලිසිය, ස්ත‍්‍රිය කියන පරිදි හපා කෑමේ සලකුණු නොතිබූ හෙයින් ඔවුන් මුදාහරිණු ලැබීය.

විවිධ බලපෑම් හමුවේ, මුදාහරිණු ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකුව නැවත බදුරලිය පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදි.

තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඔහු සාක්ෂි ඉදිරිපත් කළේය. එපමණක් නොව, ස්ත‍්‍රිය විසින් කර තිබෙන පැමිණිල්ල හා සම්බන්ධ සිද්ධිය පිළිබඳව ඇසින් දුටුවෙකු පිළිබඳ තොරතුරුද ඔහු පොලීසියට හෙළිකර සිටියේය.

බදුරලිය පොලීසියේ ස්ථානාධිපති මොහුට කියා ඇත්තේ, අතීතයේ කරන ලද වැරදි නිසා මොහුට විරුද්ධව නඩු දැමීමට සිදුවන බවයි. තවද, ඇසින් දුටු සාක්ෂිකරුව පොලීසියට ගෙන එන ලෙසට ද ඔහුට කියා ඇත.

තමා කූඩුවේ සිටියදීම පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කරන ලෙසට ඔහු ස්ථානාධිපතිගෙන් අයැද තිබේ.

එ් කිසිවකට සවන් නොදුන්න ස්ථානාධිපතිවරයා, අපරාධය කළේ කව්ද යන්න සෙවීමේ වගකීමෙන් බැහැරව, ආදේශකයෙකු ඉදිරිපත් කර, නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

අධිකරණය ඉදිරියේ සියලූ කරුණු හෙළි කිරීමෙන් පසුව, මොහුව ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත‍්‍රාත්වරයා පියවර ගෙන ඇත.

බදුරලිය පොලිස් අපරාධයට ගොදුරු වී ඇත්තේ 49 හැවිරිදි දයාවංශ නැමැත්තෙකි. ඔහු ගොවිතැන් කරණු ලබන්නෙකු වන අතර, අතිරේක ආදායමක් ලබා ගැනීමට පෙදරේරු රැුකියාව කරයි.

මොහු තම පැමිණිල්ල පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කර ඇත. 
මෙවන් පැමිණිලි ජාතික පොලිස් කොමිෂමට ඉදිරිපත් කිරීමෙන් පලක් නැති බව ඔහු වටහාගෙන ඇත. 

No comments:

Post a Comment