Tuesday, April 18, 2017

අසූ පන්දහස් නවසිය පනස් හතක් රක්ෂකයෝ මංකොල්ලා කති.



ළ පොතේ අකුරු බැරි ගුණදාසගෙන් රුපියල් අසූ පන්දහස් නවසිය පනස් හතක් ”නීත්‍යානුකූලව” මංකොල්ලා කෑමේ සිද්ධියකි මේ.

අප රටේ මංකොල්ලකෑම් ගැන බොහෝ දෙනා කතා කරති. CCTV කැමරා වලට අසුවන මංකොල්ලා කරුවන් අපට දිනපතාම පාහේ රූපවාහිනී පුවත් ඔස්සේ දැක බලා ගන්නට සලස්වති.

එහෙත් "නීත්‍යානුකූලව”, එ් කියන්නේ නීතියට එකඟව, සිදුකරන මහා මංකෝලල කෑම ගැනද අසන්නට ලැබෙති. එ් ආණ්ඩුවේ කොමිස් ගැහිලි ගැනය.

නමුත් රටේ ඉන්ෂුවරන්ස් කාරයෝ සිදුකරන මංකෝලලාකෑම් කොතෙකුත් සිදු කරනු ලැබුවත්, මාධ්‍යයෙන් නම් එ්වා ප‍්‍රචාරය කරන්නේ නැත. 

එ් වෙන කිසිවත් නිසා නොවේ, එසේ කන මංකොල්ලා වලින් කොටසක් නීත්‍යානුකූලව, ඔවුන්ට "දැන්වීම්" නාමයෙන් ලැබෙන නිසාය.

ගුණදාස -මළ පොතේ වත් අකුරක් බැරි අයෙකි. වැස්සකටවත් ඉස්කෝලෙකට නොගොස් ගෙඩි කඩා, කුලී වැඩ කර ජීවත්වෙන ඔහුව රක්ෂණය කරන්නේ - AIA ඉන්ෂුවරන්ස් PLC සමාගමයි. 

ගුණදාස, එ් සමාගමටත්, රක්ෂණ ඔම්බුඞ්ස්මන්ටත් ලියූ ලිපි 02 පහත පළ කරමු.

ලි.ප.තැ.

රක්ෂණ ඔප්පු අංකය : IL 201304507526                               

ඞී.ඞී.ගුණදාස
ජා.හැ.අ.543104280V
අක්කර 33,
පාලයන්ගොඩ,
බෝම්ඹුවල.
2017.04.18

ඉන්ෂුවරන්ස් ලංකා පීඑල්සී
75, කුමාරන්රත්නම් පාර,
කොළඹ 02.

"රක්ෂණ මුදල්"  නමින් මංකොල්ලා කෑම.

ඔබ රක්ෂණ සමාගමේ, නියෝජිතයකු වූ ෙදාඩන්ගොඩ, කජුව වත්ත, පදිංචි, කසුන් චාමර නැමැත්තා, 2013 ජූනි මස, කිහිප වතාවක්ම රාත‍්‍රී කාලයේ, මා නිවසට පැමිණ, ඔබ සමාගමේ රක්ෂණය වන ලෙසට ඉල්ලා සිටියා.

එසේ රක්ෂණය වුවහොත්,
1. අසනීපව සිටින දිනයකට රු: 1500/= ක් බැගින් ගෙවන බවද, 
2. ගෙවන ලබන මුදලට, සියයට 15 බැගින් පොලියක් ගෙවන බවද,
3. වයසට ගොස්, වැඩ පලක් කර ගන්නට බැරිවූ දිනයක රුපියල් ලක්ෂ හතරහමාරක් ගෙවන බවද, 
4. ගෙවන ලද මුදල,  ඕනෑම වේලාවක ආපසු ලබාදෙන බවද, කියා සිටියා. 

ඔබ සමාගම ජාත්‍යන්තර සමාගමක් බවද, එහි නම AIA බවද කියා සිටියා.

එයට අමතරව, පොරොන්දු රාශියක් ඔහු ලබා දුන්නා.

අවසානයේ, ඔහුගේ කීම විශ්වාස කල මා, ඔබ සමාගමේ රක්ෂණය වුනා.

2013.06.27 දින සිට 2015.06.15 දින දක්වා මුදල් ගෙව්වා. ගෙවීම් ලේඛණයේ ඡයා පිටපත අමුණා ඇත.

ගෙවන ලද මු`ඵ මුදල 85,957.00 වේ.

මා, 2015 අපේ‍්‍රල් මාසයේ, මට ඇදුම රෝගය වැළඳුනි. එම නිසා මට වාරික ගෙවීමට නොහැකි බව ඔබ නියෝජිත කසුන් චාමරට පවසන ලදි.

එයින් අනතුරුව, මා අසනීපවීම නිසා ගෙවන ලද මුදල ඉල්ලා සිටියා.

එයට ඔබගේ 2016 මාර්තු 28 දින ලිපිය ලැබිණ.

එයින් අනතුරුව මා වරින්වර ලිඛීතව ඉල්ලීම් කල අතර, ඔබ ක`ඵතර කාර්යාලයට ගියෙමි. මා යන විට කසුන් චාමර හැංගෙන්නට පටන් ගන්නා ලදි.

ඔබ දක්වා ඇති කරුණු කිසිවක් මට තේරෙන්නේ නැත.

මා කිසි දිනෙක පාසල් ගිය අයෙක් නොවේ.

එ් නිසා, මා විසින් කටු අත්සන යෙදුවේ, ඔබ නියෝජිතයා කියන දේ විශ්වාස කරමින්ය.

මා කුලී වැඩ කර ජීවත් වන අයෙක්මි.

මාගෙන් ඔබ සමාගම විසින් රුපියල් 85,957.00 මුදලක් වංචා කර ඇත. 

මෙය මංකොල්ලා කෑමකි.

නොපමාව, මට බොරු කියා මාගෙන් ලබාගත් මුදල් වන රු: 85,957.00 මුදල ලබාදෙන ලෙසට ඉල්ලමි.

මෙයට,

ඞී.ඞී.ගුණදාස

------------------------------------------------------------------------------

ඞී.ඞී.ගුණදාස
ජා.හැ.අ.543104280V
අක්කර 33,
පාලයන්ගොඩ,
බෝම්ඹුවල.
2017.04.18

රක්ෂණ ඔම්බුඞ්ස්මන්,
143 ඒ, වජිර පාර,
කොළඹ 05.

මහත්මයාණෙනි,

ඒ අයි වී ඉන්ෂුවරන්ස් සමාගම කරන ලද මංකොල්ලය පිළිබ`දව.

මෙම සමාගම විසින් මා රවටා රුපියල් 85,957.00 මුදලක් වංචාවෙන් ලබාගෙන ඇත.

මා එම සමාගමට යවන ලද ලිපියේ ඡයා පිටපත මේ සමග අමුණු ඇත.

එමෙන්ම මෙම මුදල මට ලබාදීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයට,

ඞී.ඞී.ගුණදාස


1 comment:

  1. මේ පුද්ගලයාට රක්ෂණය වීමට පෙරත් ඇදුම රෝගය තියෙන්න ඇති. අනෙක දක්වා තියෙන කරුණු අනුවම දිනකට 1500 ගෙවන්නේ රෝහලකට ඇතුලත් වූ පසු බව පැහැදිලියි. මෙතනදි ඇඟිලි අත්සන තිබ්බා වුනත් ඒ ගිවිසුමේ තව සාක්ෂි කරුවො ඉන්නවනේ. එතකොට මෙයාගේ පැත්තෙන් සාක්ෂියට අත්සන් කරේ කවුද? එයලා මේ ගිවිසුම කියවලා තිබ්බේ නැද්ද? වගේ ප්‍රශ්න තියෙනවා. මෙයා අනතුරකට මුහුණ පාලා එක්තැන් වුනා නම් රක්ෂණ වටිනාකමම ගන්න තිබ්බා.

    ReplyDelete