ගුවන් හමුදාව ඉඩම කොල්ලකන්න හදනවා



තමාට අයත් ඉඩමේ ඉදිකිරීම් කිරීමට පයාගල පොලිසිය හා එක්ව ගුවන් හමුදාව ඉඩ නොදෙන බව නයනා චන්ද්‍රමාලි මහත්මිය ප‍්‍රකාශ කරයි.

පසුගියදා පයාගල පොලිසියෙන් පැමිණි නිලධාරියෙක්, තමන්ව පොලිසියට ගෙනගොස්, ප‍්‍රකාශයක් ලබා ගත් නමුත්, තමාට විරුද්ධව ගුවන් හමුදාව විසින් කරන ලදැයි කියන පැමිණිල්ලේ සහතික පිටපත ලබාදීම ප‍්‍රතික්ෂේප කරන බවත් කියා සිටී.

යමෙකුට එරෙහිව, පොලිසියකට කරන ලද මුල් පැමිණිල්ලේ සහතික පිටපත ලබා ගැනීමට තිබෙන අයිතියද පොලිසිය, ඇයට අහිමි කර ඇත. 

කලූතර, කටුකුරුන්ද හමුදා කඳවුරට මායිම් වන, තමා වසර විස්සක කාලයක් තිස්සේ, මිළට ගෙන නිරවුල්ව භුක්ති විඳින ඉඩම, කිසිදු ආකාරයකින් අයිතියක් ගුවන් හමුදාවට නැති බවත්, ඇය වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටී.


Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 ලිපිය පිලිබඳ අදහස් :

Post a Comment