Tuesday, May 23, 2017

සමථ සභාපතියා, වධකයාව බේරන්න වලිකයි.


රැඳවියෙකුව වධහිංසාවට හා අවමන් සහගත සැලකිලි වලට භාජනය කළ, ජේලර්වරයකු ගලවා ගැනීමට, ක`ඵතර උතුර  ඕ.අයි.සී හා සමථ මණ්ඩල සභාපතිවරයා දරන උත්සාහයක් පිළිබඳ පුවතකි මේ.

අපරාධකරුවන් හා නීති විරෝධී ක‍්‍රියාවන් හී නිතර වන පුද්ගලයින්ව ආරක්ෂා කිරීමේ සංස්කෘතියකට උරුම කියන ජාතියක් බවට ශ‍්‍රී ලාංකිකයින් පත්ව තිබේ.

අධිකරණ නියෝගයකින්, බන්ධනාගාර භාරයට පත්කරන්නේ එම පුද්ගලයාගේ ආරක්ෂාව සඳහාය. එහෙත් අද එවන් පුද්ගලයින් ගේ ජීවිත පවා අහිමි කරන තත්වයට බන්ධනාගාරය පත්ව තිබේ.

මිනිසුන් මරණ, මිනිසුන්ට වධ දෙන බන්ධනාගාර නිලධාරීන්ව, බන්ධනාගාර ඉහළයින් පමණක් නොව, පොලිසියද එක්ව ආරක්ෂා කරති. මේ සිදුවීමේදී, එයට සමථ මණ්ඩලයද එක්ව තිබේ.

එම සිද්ධිය සමථ මණ්ඩල කොමිෂමේ සභාපතිට හා කලූතර උතුර පොලිසියේ  ඕ.අයි.සී ට වධහිංසාවට හා අවමන් සහගත සැලකිලි වලට භාජනය වු මහිින්ද මහතා ලිඛිතව කර තිබෙන පැමිණිලි කෙරෙහි අවධානය යොමු කරන්න.


ලි.ප.තැ.

2017.05.22

සභාපති,
සමථ මණ්ඩල කොමිෂම,
3 වන මහළ,
අධිකරණ අමාත්‍යංශය,
උපරිමාධිකරණ සංකීර්ණය,
කොළඹ 12.

88 ක`ඵතර සමථ මණ්ඩල සභාපති හා සමථකරුවන්ගේ නීති විරෝධී බලපෑම් කිරීම් 

අධිකරණ නියෝගයකින් ක`ඵතර රක්ෂිත බන්ධනාගාරයේ රැුඳවියකු වශයෙන් සිටියදී, එම බන්ධනාගාරයේ ජේලර් වරයෙකු වන වලිමුණි චමීර ප‍්‍රදීප් සිල්වා විසින්, මා වධහිංසාවට, කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලි වලට භාජනය කරනු ලැබීය.

එ් හා සම්බන්ධයෙන් මාවිසින් ක`ඵතර උතුර පොලිසියේ කරන ලද පැමිණිල්ල, බන්ධනාගාර නිලධාරීන්ගේ බලපෑම් වලට යටත්ව, 88 ක`ඵතර සමථ මණ්ඩලයට යොමු කරනු ලැබීය. 

එ් අනුව, 88 ක`ඵතර සමථ මූල මණ්ඩලය විසින් 2017 මැයි 06 වන දින කැඳවනු ලැබීය.

එදින, මට වධහිංසා පැමිණවූූ වලිමුණි චමීර ප‍්‍රදීප් සිල්වාද පැමිණ සිටින ලදි.

එදින සමථ කරුවන් තිදෙනා, වධහිංසා පැමිණවීම සු`ඵ දෙයක් බවත්, කල්පනා කර බලා, සමථ වන ලෙසට ඉල්ලා - 2017 මැයි 13 වන දිනට පැමිණෙන ලෙසට දැනුම් දෙන ලදි.

එ් අනුව, 2017 මැයි 13 වන දින, මා ඉදිරිපත් විය. බන්ධණාගාර බාරයේ සිටියදී, මට වධහිංසා පැමිණවූ, කෲර අවමන් සහගත සැලිකිල වලට පාත‍්‍ර කල වලිමුණි චමීර ප‍්‍රදීප් සිල්වා, නිල ඇඳුමින් සැරසුණු බන්ධණාගාර නිලධාරීන් තිදෙනෙකු සමග, බන්ධනාගාර වාහනයකින් පැමිණ සිටින ලදි.

සමථ කරුවන් හා සමථ මණ්ඩල සභාපති පී.වීරසිංහ, මට බලපෑම් කරමින් කීයක් හරි අරගෙන සමථ වන ලෙසට බලපෑම් කරන ලදි.

ඔහු නඩුවෙන් පැරදුනොත් මට විශාල වන්දියක් ගෙවන්න සිදුවන බවටද, මට නීතිඥවරුන් සඳහා අධික මුදලක් වැය කරන්නට සිදුවන බවටද, මට සාක්ෂි නැති බවද, ආදී ප‍්‍රලාප කියමින්, මාව භාරයේ තබාගෙන වධහිංසාවට, කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලි වලට භාජනය කල, වලිමුණි චමීර ප‍්‍රදීප් සිල්වා යන අය වෙනුවෙන් කරුණු දක්වමින්, බරපතල අපරාධයක් වසන් කිරීමේ උත්සාහයක නිරත විය. 

මා ඔහුගේ බලපෑම් වලට යට නොවීම නිසා, කලහැකි දෙයක් නැති බව පමසමින්, නිරවුල් නොකිරීමේ සහතික පිටපත මට ලබාදෙන ලදි. 

එහි මුල් පිටපත - ක`ඵතර උතුර පොලිසියට නිල වශයෙන් යැවීමට පියවර නොගනු ඇති බව මට සහතිකය.

එම නිගමනයට මා එළඹියේ, නඩු දැමුවත්, උසාවියෙන් නැවත සමථ මණ්ඩලයට එවන බවට ඔහු කල ප‍්‍රකාශයයි.

මෙම සමථ මණ්ඩලයේ සභාපති පී.වීරසිංහ ඇතුලූ , සමථ කරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ අල්ලසට යට වී, නීතිය විකෘති කරමින්, බොරු කියමින්, පීඩාවට පත් කරන ලද බව ප‍්‍රකාශ කරමි.

වධහිංසා පැමිණවීම සමථ කල නොහැකි අපරාධයකි. එ් බවවත් මෙම සමථ මණ්ඩලයේ සභාපති පී.වීරසිංහ නොදැන සිටීම - කණගාටුවට කරුණකි.

නොපමාව, මොහුට විරුද්ධව නීතිමය පියවර ගෙන, තනතුරින් ඉවත් කරන ලෙසට ඉල්ලමි.

මේ පිළිබඳව උපදෙස් ලබාදෙන්න.

අ.ක/ කේ. එ්. මහින්ද 

පිටපත:- ස්ථානාධිපති,පොලිස් ස්ථානය, ක`ඵතර උතුර.

-----------------------------------------------------------------------------------------

ස්ථානාධිපති,
පොලිස් ස්ථානය,
කලූතර උතුර.

ලිඛිත පැමිණිල්ල.

ක`ඵතර බන්ධනාගාරයේ නිලධාරීන් විසින්,
කෲර අමානුෂික වධහිංසාවට පාත‍්‍ර කිරීම.
------- මෙසේ ප‍්‍රකාශ කර සිටිම. 2017.05.22 දිනදීය. 2017.04.04 හා 2017.04.21 දින මා විසින් උක්ත කාරණය අදාලව කරන ලද පැමිණිල්ල හා බැඳේ. ඔබ විසින් නීතියට පටහැනිව, වධහිංසා පැමිණවීම අදාළ පැමිණිල්ල ක`ඵතර 88 සමථ මණ්ඩලයට යොමු කර තිබින. එම සමථ මණ්ඩලය, 2017.04.18 හා 2017.05.13 කරන ලද පැමිණිලි වලින් අනතුරුව, 2017.05.13 නිරවුල් නොකිරීමේ සහතිකය ඔබ වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බවද දැනුම් දී, එහි පිටපත මට ලබා දෙන ලදි. එම පිටපතේ, ඡුායාස්ථ පිටපත මේ සමග එවමි. මා ඉල්ලා සිටින්නේ, මට හා වධහිංසා පැමිණවීම පිළිබඳව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර, වධහිංසා පනත යටතේ නඩු පැවරීමට නිසි පියවර ගන්නා ලෙසටය.  අ.ක/කේ. එ්. මහින්ද 
පිටපත:- පොලිස්පති.

















No comments:

Post a Comment