Wednesday, April 22, 2020

පාර්ලිමේන්තු මහා මැතිවරණය ජුනි 20. මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම මැයි 4. අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට එක්වෙමු




පාර්ලිමේන්තු මහා මැතිවරණය ජුනි 20.
මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම මැයි 4.
අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට එක්වෙමු

අද අප්‍රේල් මස 21.  ප්‍රකාශයට පත්කළ මැතිවරණ දිනය හා සසඳන විට පැවැත්වෙන දිනය දක්වා දින 61ඉදිරියට තිබේ. මේ දින 61 කාලය සහ එයින් පසුව අවම වශයෙන් තවත් මාසයක්, පශ්චාත් මැතිවරණ කාලය ලෙසට ගණන් ගත යුතුව තිබේ.

මැතිවරණ නීති රීති උල්ලංඝණය සහ විශේෂයෙන් පොලිසිය ප්‍රමුඛ රාජ්‍යය අංශ විසින් නීති කඩකිරීම් අනිවාර්යෙන්ම සිදු කරනු ලැබේ. ඒ තුළ පීඩාවට පත් වන්නේ බලයෙන් අඩු ජන කොටස්ය.

මෙම කාලවකවානුව තුළ ජනසංසදය රාජ්‍යය අංශයේ නීති උල්ලංඝණයන් සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය සම්බන්ධයෙන් මැදිහත් ව අවශ්‍යය පියවර ගනු ඇත.

මැතිවරණ නීති උල්ලංඝනයන් පිළිබඳ පැමිණිලි (වගකීම් සහිත) භාරගෙන ඒ හා අදාළව බලධාරීන්ට යොමු කිරීම, උල්ලංඝනයන් අවම කිරීමට සහ කඩ කරන්න සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට බල කිරීම,  දැනුවත් කිරීම් සහා මැදිහත්වීම් සිදු කරනු ඇත.

උල්ලංඝනය කරනු ලබන්නේ කවරෙක්ද කුමන කුමන තරාතිරමකට අයත් හෝ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවේද යන්න කාරණය අපට වලංගු නැත.

අවශ්‍ය වන්නේ පැමිණිල්ලේ නිවැරදි භාවය පමණි. තමන්ට සහතික කිරිමට බැරි "ගොසිප්" සම්බන්ධයෙන් අප මැදිහත් වන්නේ නැත.   
     උදාහරණයක් වශයෙන් ගතහොත්, . යම් ප්‍රදේශයක සතොස ක බඩු භාණ්ඩ නැත යන්න පිළිබ ප්‍රවෘත්තියක් ලබාදුනහොත්, එම සතොස කුමක්ද මිලදී ගැනීමට ගිය තැනැත්තා තැනත්තිය කවරෙක්ද දිනය වේලාව ඉල්ලූ භාණ්ඩය කුමක්ද යන්න සහා හැකි සෑම අවස්ථාවකම ඡායාරූප ගැනිම හෝ වීඩියෝ කිරිම ට උත්සහා ගැනිම වැදගත්ය. ඉදිරිපත්කරන්නාගේ සහා ආයනයේ දුරකථන අංක ලබාදීමට පියවර ගත යුතුය.

අයුතු රඳවා තබා ගැනීම්, වදහිංසා පැමිණවීම්, ව්‍යාජ චොදනා මත නඩුව දැමීම් සිදුකරනු ඇත. එමෙන්ම අධිකරණ කටයුතුවල ප්‍රමාදයන්, රක්ෂිත බ්නධගාර ගතව සිටින පුද්ගලයින්ගේ අයිතීන් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ද පියවර ගැනිමට සූදානම්ය.

පෙරසේ පීඩාවට පත්වීම පිළිබඳ පැහැදිලිව මැදිහත්වීමට අප කටයුතු කරනු ලැබේ. ඉදිරියේදී ප්‍රතිපලය ගැන නොව රට තුළ නීතිය මත පාලනය ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහය සහා ජනතා අයිතීන් ආරක්ෂා වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය.

අපගේ සමාජ මාධයය ජාලය, මූණ පොත, විද්‍යුත් තැපෑල මේ සඳහා උපයෝගී කරගන්නා අතර, සම්ප්‍රදායික ක්‍රමවේදයන් එලෙසම පවත්වාගෙන යනු ලැබේ.

ඔබගේ පැමිණිලි ඉදිරිපත් කිරිමහෝ විස්තර දැනගැනීමට අප හා සම්බන්ධ වන්න. අප කාර්යාලය සෑම දිනකම විවෘතව පවතී. පැමිණෙන්නේ නම් දැනුම් දීමක් කර පැමිණීම වඩාත් යෝග්‍යය.

 විමිසිම්- 077 320 12 69 / 038 22 31419


No comments:

Post a Comment