Thursday, April 23, 2020

මෙවර නෝම්බි ඇල්ලීම සිදු කළ යුත්තේ මෙන්න මෙහෙමයි



මෙවර නෝම්බි ඇල්ලීම  සිදු කළ යුත්තේ
මෙන්න මෙහෙමයි
 හෙට 24, දවසෙන් ආරම්භ වන රාමදාන් මාසය, මැයි මස 23 දක්වා පැවැත්වෙනු ඇත.

ඉස්ලාම් භක්තිකයන්ගේ මෙම උපවාස කාලය රටේ පවතින කොරොනා වෛරස  ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ නීති රීති වලට අනුකුලුව පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන, ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම් දේවස්ථාන බාර, වහක් මණ්ඩලය(Wakfs Board) විසින් ඒ හා අදාලව නියෝග 5 නිකුත් කර තිබේ. එවාට අනුකුලව මෙම උපවාස කාලය පැවැවිය යුත්ව තිබේ.

01. කිසිදු දේවස්ථානයක් පොදු ජනතාවට/භක්තිමතුන්, ට විවෘත නොවිය
      යුතුයි.දේවස්ථාන වලට ඇතුළුවිය හැක්කේ ඉමාන් වරුන්ට පමණි.

02. මෙම කාලය වකවානුව තුළ සියලුම ආකාරයේ සමූහ දේව
     මෙහෙයයන්/යාඥාවන් පැවැත්වීම තහනම් වනු ඇත.

03. මේවාට අමතරව මොනම ආකාරයක වත් ආගමික උත්සව හෝ
      සමුහ යාඥා මෙහෙයන් පැවැත්වීම තහනම් වේ.

04. මෙම කාලවකවානුව තුළ දේවස්ථානය තුළ හෝ එම භූමිභාගය
      තුළ හෝ කැ පිසිම හෝ බෙදා හැරීම හෝ නොකල යුතුය.

05. මෙම නියමයන් සියලුම බැතිමතුන්ට දැනුම්දී, රජයේ කොවිඩ් 19
      ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළ
      පිළිබඳව පොදු ජනතාවට/භක්තිමතුන් දැනුවත් කිරීමට ඉමාම් වරු පියවර
      ගත යුතුය.

මෙම නීතිරීති සියලුම ඉස්ලාම් භක්තිකයන් පිළිපදිනු ඇතැයි විශ්වාස කරන අතර ඒවා කඩකර මමමවා වසංගතය ව්‍යාප්තියට රුකුලක්, දායකත්වය ලබා නොදෙනු ඇතැයි විශ්වාස කරමු.

මෙම නියෝග කඩකර ඒ පිළිබඳව රාජ්‍ය අංශ ගන්නා යම් යම් නීතිමය පියවර සම්බන්ධයෙන් විකෘති ප්‍රචාරයක් ලබාදී, ඒවා මුස්ලිම් විරෝධී ක්‍රියා ලෙසට හුවා දක්වා, ජාත්‍යන්තරයේ මතයක් ගොඩනැගීමට උත්සාහ නොකරනු ඇතැයි  බහුතරයේ අපේක්ෂාව වේ.

No comments:

Post a Comment