Thursday, April 23, 2020


මිලියන පනහක් ජීවිත බිලිගත් "ස්පාඤ්ඤ උණ" - වසංගතය
Spanish Flu

1918දී ස්පාඤ්ඤ උණ වසංගතය එදා ලෝක ජනගහනයෙන් අඩකට වැළින. මිය ගිය ගණන මිලියන 20 ටත් 50 ටත් අතර බවයි සඳහන් වන්නේ.

ඇමරිකාවේ පමණක් මියගිය ගණන හය ලක්ෂ හැත්තෑ පන්දහසක(6,75,000) කි. H1N1 විද්‍යාත්මක නාමයෙන් පසුකලක හැඳුන්වු මෙම වෛරසය පිළිබඳව. පළව ඇති ලිපි හා පර්යේෂණ  වාර්තා බොහෝය.

"ස්පාඤ්ඤ උණ", ලෙසට ප්‍රසිද්ධ වූ මෙම වසංගතයේ ආරම්භය ඇමරිකාවයි. එසේ නම් එයට "ස්පාඤ්ඤ උණ" ලෙසට නම පටබැඳුණේ කෙසේද.

මේ පළමු ලෝක යුද්ධ සමයයි. ස්පාඤ්ඤය හැර අන් රටවල් යුද්ධයේ පාර්ශ්වකරුවන් විය. එම නිසා ස්පාඤ්ඤය හැර සෙසු රටවල පුවත්පත්  නිදහස සීමා විය.

මෙම උණ වසංගතය ගැන තොරතුරු හෙළි කිරීම ඒ රටවල තහනම් විය. එසේ කරන ලද්දේ ජනතාවගේ චිත්ත ධෛර්යය හීන කිරීමට හේතු විය හැකි බැවින්ය. මෙම වසංගතය ලොවට හෙළි කළේ ස්පාඤ්ඤය යයි. ඒ එම රටේ පුවත්පත් තහනමක් නොතිබුණ තත්ත්වය තුළය. එම නිසා මෙම වසංගතය "ස්පාඤ්ඤ උණ" ලෙසට නම් තැබිණ.

මෙම ස්පාඤ්ඤ උණ වසංගත "වෛරසයේ" උපත ගැන බොහෝ මත පළ විය. ජර්මනිය ඇතුළු යුරෝපා එට වලට පමණක් නොව චීනයට ද ඇඟිලි දික් විය.

මෙම වසංගතය මැඩපැවැත්වීමට ඖෂධයක් හෝ එන්නතක් නොතිබින. බෙයර් සමාගම නිපදවූ ඇස්ප්‍රින් අධිමාත්‍රා නියම කිරීම සිදු කෙරින. සිදුවූයේ මරණ සංඛ්‍යාව වැඩි වීමය. ඇස්ප්‍රින් අදිමාත්‍රා  ශරීරයට විෂ වන බවට සොයාගන්නා විට සිදුව තිබූ හානිය ඉමහත්ය.

මෙම වසංගතය 1919 දක්වාම පැතිරින.

පාලනය කළේ නිරෝධානය, සමාජ දුරස්ථභාවය හා මුඛ වැසුම් භාවිතයෙනි.

අද කෝවිඩ් 19 වසංගතය පැමිණ ඇත. එදා මෙන් ම ආද වෛරසය  මර්ධනයට වඩා පෙරමුණට ඇවිත් ඇත්තේ දේශපාලනයයි. රටවල් ගත්විට එක එකාට ඇඟිලි දික් කරමින් සිටී. යුද්ධ කරන බවට, පාඩම් උගන්වන බවට සමහර ලෝක නායකයින් වාචාල බස් දෙඩමින් සිටි.

දේශීය වශයෙන් දේශපාලකයෝද කරන්නේ ඒ ටිකමය.  නැති වූ වැටුප්, වරප්‍රසාද හා වරදාන නිසා පත්ව සිටින අහේනිය විඳ දරාගන්නට බැරිව,  බංකොලොත් නීති, ව්‍යවස්ථාවන් හා ආයතන ගැන කතා කරමින් කාලය විනාශ කරති.

බලන කල මේ සියල්ලෝම එක වල්ලේ පොල්ය.

No comments:

Post a Comment