Friday, May 1, 2020

බෙදුම්වාදියා හා කොටියා - එක්කෙනෙක් නොවන්නා සේම! දෙදෙනෙක් ද නොවන්නේය!


    බෙදුම්වාදය යනු දැඩි දේශපාලනයමය මතවාදයකි. එයට නිය්‍යාත්මක 
පදනමක් ද, තර්ක ද, එම තර්ක සනාථ කරන්නට ඉතිහාසයක් ද තිබේ.

බෙදුම්වාදය අදාල ජන වර්ගය තුල ජනිත කරනු ලබන්නේ උපන් දින සිටය. ආගම හා සමානය. බෙදුම්වාදය පවතින්නේ අප රටේ පමණක් නෙවෙයි. ජනවර්ග කිහිපයක් ඇති රටවල බෙදුම්වාදය පවතී. බෙදුම්වාදය ජාතිය මත මෙන්ම ආගම මත ද පවතී. අප රටේ බෙදුම්වාදය එනම් සංඛ්‍යාත්මකව අඩු ජන කොටසක් වන දෙමළ ජනයා "බහුතරය" ජීවත් වන කොටස සඳහා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවට වන මතය මත, ගොඩනගන ලද්දකි. බෙදුම්වාදය ආරම්භය අද ඊයේ ඇති වූවක් නොවේ.

බෙදුම්වාදය මූලික කරගෙන පක්ෂ බිහිවිය. කල්ලි හා කණ්ඩායම් බිහිවිය. මෙම පක්ෂ කල්ලි කණ්ඩායම් සඳහා ඔවුනට සිමාවු දර්ශන සහා වැඩපිළිවෙළ තිබිණි.  "දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යයක් ඇති කර ගැනිම" කළ හැක්කේ සන්නද්ධ අරගලයකින් පමණක් ය යන මතය දැරූ කල්ලි කණ්ඩායම් මෙන්ම, එය අනුමත නොකළ කණ්ඩායම් හා පක්ෂ විය.

සන්නද්ධ අරගලය පිළිගත් බෙදුම්වාදී කණ්ඩායම් වල පළමු පියවර වුයේ, සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කළ පක්ෂ හා මතවාදය,  භෞතිකව විනාශ කරදැමීමය.

ඒ ඝාතන සහා බිය වැද්දීම් මූලික කරගෙනය. යම් පමණකට බලවත්ව සන්නද්ධ වීමෙන් අනතුරුව, එම කල්ලි කණ්ඩායම් අතර බලය තහවුරු කර ගැනීමට පියවර ගන්නා ලදී. එහි ප්‍රතිඵලය LTTE  හෙවත් "කොටි" සංවිධානය පෙරමුණට පැමිණිමය.
ඒයට සමගාමීව LTTE ය රජයට එරෙහිව අවි ගෙන "පාලනය" ගෙන යෑමට පියවර ගන්නා ලදී. ඒ සිදුකරන ලද්දේ තම ප්‍රදේශවල ජනයා තුල භිය මානසිකත්වය තහවුරු කිරිම තුලින්ය. මේ වනවිට LTTE (කොටි) අභියොග කරන්නට කිසිවකු එම ප්‍රදේශවල ඉතිරි නොවිය.

LTTE (කොටි) සෘජු සම්ප්‍රදායික හමුදාමය පියවර ගනිද්දී, LTTE (කොටින්ට) හිතවාදී සිවිල් ජනයා සම්බන්ධ කරගෙන තම අරමුණ කරා යෑමට "ආවරණ සංවිධාන" (Umbrella Organizations) පිහිටුවනු ලැබීය.

මෙම ආවරණ සංවිධානය වලට ඉතා පුළුල් ලෙස ජාත්‍යන්තර සහාය ලැබිණ. මෙම ආවරණ සංවිධාන සෘජුව LTTE (කොටින්ට) සම්බන්ධ බවට ඔප්පු කරන්නට කිසිදු සාක්ෂ්‍යයක්/සාධකයක් ඇති නොවන්නට වගබලා ගත්හ.

යුද්ධමය වශයෙන් පරාජය කරනු ලැබුවද, රහසිගතව (Underground ) සංවිධානවිම  රට තුළ මෙන්ම,  ජාත්‍යන්තරය තුළ අදටත් ක්‍රියාත්මක වේ. ආවරණ සංවිධාන (Umbrella Organizations) වෙනදාටත් වඩා "බුවල්ලෙකු" සේ විවිධ සිවිල්  සංවිධානවලට එක්ව හා පක්ෂ වලට සම්බන්ධව හෝ වෘතිකයින් ලෙසට තනිව, කටයුතු කරනු ලබයි.

අද මෙම කාර්යයට එක්ව ඇත්තේ දෙමළ අය පමණක් නොවේ. සිංහල හා මුස්ලිම්වරුන් ද ඔවුන් හා සම්බන්ධව සිටි. ඔවුන් ගේ කාර්යයන් වෙනස්ය. සංවිධාන ද වෙනස්ය. එහෙත් බෙදුම්වාදයට මග හෙළි පෙහෙළි කරයි. බෙදුම්වාදින් ට ශාරිරිකව, මතවාදිව මෙන්ම චිත්ත ධෛරිය ලබාදීම මගින් අනුග්‍රහය දක්වයි.

සාමාජිකයින් අත ලෙස්සකට සිමාවු දේශපාලන පක්ෂ/කල්ලි/ කණ්ඩායම්, අසාර්ථකවු  සහා පරාජිත පුද්ගලයින් මතවාද/දර්ශණ ඉදිරිපත් කරමින්, න්‍යායන් සපයමින් බෙදුම්වාදයට රුකුල් ලබා දෙන අතර, ආවරණ සංවිධාන තුළ ද සක්‍රියව ක්‍රියාත්මක වේ.

මෙම පිරිස්වල ප්‍රබලම අවිය වි ඇත්තේ සමාජ මාධ්‍ය යයි. නීතියට වසන්ව, වෛරී, අපහාසාත්මක සහා ව්‍යාජ පුවත් ප්‍රචාරය මගින් අසිමිත තෘප්තියක් ලබා ගැනිමට ඔවුන්ට මේ මගින් හැකියාව හිමිව තිබේ.

වෘත්තිකයින් තම වෘත්තීමය කෙෂ්ත්‍රය උපයෝගී කරගෙන බෙදුම්වාදයට අවශයය පහසුකම් සලසයි.

මුල් යුගයේ දේශපාලනමය උපාය මාර්ග සම්බන්ධයෙන් LTTE  එරෙහිව සිටිය පිරිස් LTTE යුද්ධමය වශයෙන් පරාජය කිරිමත් සමග ඇතිවු හිඩස පිරිවිමට, තම බෙදුම්වාදි මතවාදය ගෙනයාමට ඉදිරියට පැමිණියේය.

මුල් කාලයේදී LTTE ය විසින් ද්‍රෝහීන් බවට හංවඩු ගසා සිටි, මරණ ලැයිස්තුවේ සිටි පිරිස්,  කිසිවෙක් එතෙර සිටියත් මෙතෙර සිටියත් "බෙදුම්වාදය" අතහැරියේ නැත.

විශේෂයෙන් බුද්ධිමතුන්, කලාකරුවන් හා වෘත්තිකයින්  ආවරණ සංවිධාන ඔස්සේ සිය කාර්යභාරය ඉතා හොඳින් ඉටු කරගෙන යයි. ඔවුන් මේ වනවිට ඉස්ලාම් ආගමික අන්තවාදීන් හා පරාජිතයින් සමග අත්වැල් බැඳගෙන, ජාත්‍යන්තර ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන දැඩි ‍ප්‍රහාරයක් එල්ල කරන්නේ, ව්‍යාජ පුවත් පතුරුවමින් සහා වෛරී ප්‍රකාශ නිකුත් කරමින් ය.

ආවරණ සංවිධාන / ආයතන මෙන්ම, පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම් වශයෙන් බෙදුම්වාදයට සේවය කරන පිරිස් වර්ථමානයේ සිදු කරන්නේ කොටින්ට (LTTE)  සන්නද්ධ අරගලයකින් කරන්නට බැරිවු දේ "ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය" උපයෝගි කරගෙන සිදු කරන්නටය.

බෙදුම්වාදියා හා කොටියා - එක්කෙනෙකු  නෙවෙයි!
වර්ථමානයේ දෙදෙනෙකු ද නොවන්නේය!!




No comments:

Post a Comment