Thursday, May 21, 2020

නව කොරෝනාව යටපත් කරමින් උත්සන්න කරන සීතල යුද්ධය


ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකා ෆර්ස්ට් ප්‍රතිපත්තිය හමුවේ නව කොරෝනා වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටින ඇමරිකාව, මේ වනවිට මිය යන රෝගින් ගේ සංඛ්‍යාව අතින් පළමු තැන ගෙන තිබේ. මේ වන විට 100,000 ඉක්මවා ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් දහස ඉක්මවනු ඇති බවට පුරේඛතනය කර තිබේ.

 

ඇමෙරිකාවට පසුපසින් සිටින්නේ අනුගාමික රටවල් වන බ්‍රසිලය හා එංගලන්ත යයි.  ඇමරිකාවේ ජනගහනයෙන් සෑම මිලියන එකටම 268 දෙනෙකු මියගොස් තිබේ. ස්පාඤ්ඤයේ 587 කි. ඉතාලිය 523 ක් වන අතර එංගලන්තයේ 500කි. රුසියාවේ 17කි. ඉතා දියුණු ආදර්ශමත් රටවල් ලෙසට සැලකෙන ඩෙන්මාර්ක් හි 93 වන අතර නෙදර්ලන්තයේ සංඛ්‍යාව 329. චීනයේ මෙම සංඛ්‍යාව 03කි. ඉන්දියාවේ 82 ක් වන අතර ලංකාවේ 0.4 කි.

 

වසංගත ව්‍යාප්තිය අදාල ප්‍රමාණය ප්‍රමුඛයා බවට පත්ව සිටින ඇමරිකා අනුගමනය කරන, ලෝක බලවතාගේ තත්ත්වය ස්ථාවර කර ගැනීම සඳහා තමන්ට අවනත නොවන රටවල් අස්ථාවර කිරීමේ ප්‍රතිපත්තියේ සිටිමින්, සම්බාධක පැනවීම, තර්ජනය කිරීම හා පාලන ආණ්ඩු වෙනස් කිරීමට,  සමගාමීව තව න්‍යෂ්ටික අවි නවීකරණය කිරීමට පටන් ගෙන තිබේ. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා රුසියාව හා චීනය සිය යුධ ශක්තිය වර්ධනය කිරීමට පියවර ගෙන ඇත. චීනය සිය න්‍යෂ්ටික අවි නවීකරණය කිරීමට හා වැඩි සංඛ්‍යාත්මකව වැඩි කිරීමටද, නවීන අවි, ගුවන් යානා හා නාවික බලය තර කිරීමට ද පියවර ගෙන ඇත. රුසියාව සිය න්‍යෂ්ටික බලය, මිසයිල හා හයිපර්සොනික් ප්‍රහාරක යානා, න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක යානා වර්ධනයටද න්‍යෂ්ටික බලය ඇති නෞකා සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගනිමින් සිටී. මෙම රටවල් වලට අමතරව ඉරානය සිය යුද ශක්තිය වැඩිකිරීමටත් මිසයිල පද්ධතිය දියුණු කිරීමටත් පියවර ගෙන ඇත. උතුරු කොරියාව අඛණ්ඩව ඇමරිකාවේ සියලු සම්බාධක වලට අභියෝග කරමින් සිය මිසයිල පද්ධතිය වේගයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. දෙවන ලෝකයේ අවසන් වී වසර 75කි. යුද්ධය අවසානයත් සමඟ මිත්‍ර පාක්ෂිකයන් අතර වර්ධනය වූ සීතල යුද්ධය නැවත වරක් උත්සන්නව තිබේ.

ඇමෙරිකාව නව කොරොනාව සම්බන්ධයෙන් චීනයට එරෙහිව ගෙන යන ප්‍රචාරක හමුවේ චීනය සිය සංවර්ධනය වේගවත් කරමින් සිටී. මෙම සීතල යුද්දේ ප්‍රධාන පංගුකාරයන් වී සිටින්නේ ප්‍රධාන දාරාවේ මාධ්‍යය ( MSM – Main Stream Media ) ලෙසට හඳුන්වන බටහිර මාධ්‍ය ජාලයන්ය.

 

ලෝක බලවතාගේ තත්ත්වය තහවුරු කර ගැනීමට ගන්නා පියවර  තුළ, කෙසේ හෝ නව කොරොනාවට එරෙහි එන්නතක් හා ඖෂධ නිපදවීමට පියවර ගතයුතු බවට වාසි බස් දොඩන ට්‍රම්ප්, නිපද වූ වහාම සිය හමුදා යොදවා රට වැසියන් එන්නත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

මේ වන විට චිනය ඇමෙරිකාව අනුගමනය කරමින් ද්වෙශසහගත ප්‍රකාශ නිකුත් කරන ඔස්ට්‍රේලියාවෙන් එරටට ආනනයන කරන හරක් මස්, බාර්ලි වලට අය කරන බදු වැඩිකිරිම නිසා ඔසුට්‍රේලියානු ගොවින් අර්බුයට පත්ව තිබේ. ඉදිරියට ඔස්ට්‍රේලියානු කෘෂි නිෂ්පාදන පමණක් නොව ගල් අගුරු ආනයනය ද සිමා කිරිමට තීරණය කර තිබේ. මෙම ද්‍රව්‍යය රුසියාවෙන්, බ්‍රසිලයෙන් හා ඇමෙරිකාවෙන් ආනයනය කිරිමට අපේක්ෂාව බවත් වාර්තිවේ.

 


1 comment:

  1. කොවිඩ් 19 ආරම්භයත් එක්ක චීනය සම්බන්ධයක් තියනවා කියන එක පිලිගන්නම වෙනවා.චීනය තොරතුරු වසන් කළා.එත් එතන නෙමේ චීනයේ වගේම ඇමෙරිකාවෙත් ජෛව සාම්පල් ගැන පරීක්ෂණ කරන විද්‍යාගාර තියෙනව.කලින් සාර්ස්, මර්ස්, එබෝලා ආව.ඒ එකක්වත් ඇමෙරිකාවට බලපෑවේ නෑ.මොකද ඒවා බොහෝ දුරට ආවේ අමෙරිකාවෙන් නැත්තම් ඇමෙරිකාවට සම්බන්ධ රටවල් වලින් වෙන්න බොහෝ ඉඩකඩ තියනව. දවස් වල මගේ බ්ලොග් එකට ලියන්න මේ ටොපික් එක ගැන කරුණු හොයනවා.

    ReplyDelete