Friday, May 15, 2020

කලූතර SPG ලීඩර්ට පොහෝට්ටුවෙන් කචල්




නුවන් රසාංග ද සිල්වා - කලූතර සජිත් ප්‍රේමදාස කණ්ඩායම් (SPG) නායකයෙකි.
ඔහු ප‍්‍රකාශ කරන්නේ, පොලිස් නිලධරියෙකු ගේ නීති විරෝධී ක‍්‍රියාවකට එරෙහිව නැගී සිටීම මුල් කරගෙන, පොලිසියේ කොටසක් එක්කරගෙන, බොරු නඩු දාන්න හදන බවයි. 

ඔහු මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු. 

දේශපාලන හා පොලිස් නිලධාරියෙකුගේ අවශ්‍යතාවය මත, ව්‍යාජ නඩු පැවරීමට ගන්නා උත්සාහය වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.
නුවන් රසාංග ද සිල්වා අවු: 37 යි, විවාහක, දරුවන් 03 යි, රැුකියාව : ව්‍යාපාරික. ලිපිනය වස්කඩුව.

2020.05.14 දිනදීය.

මා මාගේ ව්‍යාපාරික කටයුතු වලට අමතර, කලූතර දිස්ත‍්‍රික්කයේ, සමගි ජන බලවේගය පක්ෂයේ (Saith Premadasa Group), එක් නායකයෙකු වෙමි.
දැනට දින කිහිපයකට පමණ පෙර, කලූතර, නාගස් හංදියේදී - වයස්ගත පුද්ගලයෙකුට පොලිස් නිලධාරීයකු සිදුකල පහරදීම සම්බන්ධයෙන්, නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට මා, කලූතර උතුර පොලිසියෙන් ඉල්ලා සිටියෙමි.
ඒ සම්බන්ධයෙන්, එම පොලිසියේ යම් නිලධාරීන් පිරිසක් මා සමග උරනවී ඇත. එමෙන්ම මාගේ දේශපාලන ක‍්‍රියාකාරිත්වය නිසාද, යම් පිරිසක් පොලිසිය සමග එක්ව, මාහට ව්‍යාජ නඩුවක් පැවරීමට, සූදානම් වන බවට විශ්වාස කටයුතු මාර්ගයෙන් මාහට දැන ගන්නට ලැබී තිබේ.මා කිසිදු නීති විරෝධී ක‍්‍රීයාවකට සම්බන්ධ නැත. කිසිදු ආකාරයේ චෝදනාවකට මා ලක්ව නැත. මුලුමනින්ම, දේශපාලන හේතුන් සහ පොලිසියේ නිලධාරියෙකුගේ නීති විරෝධී ක‍්‍රියාවකට එරෙහිව නැගී සිටීම නිසා - මා පීඩාවට පත් කරන්නට දරන්නාවූ උත්සාහය වලක්වාලන ලෙසට ඉල්ලා සිටිමි.

ඉහත සියලූම කරුණු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රකාශ කර සිටිමි.

මෙයට,
නුවන් රසාංග ද සිල්වා


No comments:

Post a Comment