Saturday, May 9, 2020

රජයේ සේවකයන්ගේ වැටුප් කොල්ලය

පවතින්නාවූ වසංගත තත්වය තුළ රට මුහුණ පා තිබෙන මුල්‍ය අර්බුදය හමුවේල තම කැමැත්ත පරිදි රාජ්‍යය සේවකයින්ට තම මාසික වැටුප, මාසික වැටුපෙන් බාගයක්,  සතියක වැටුප හෝ දිනක වැටුප හෝ පරිත්‍යාග කරන ලෙසට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින්, නීතිපතිට හා විගණකාධිපතිට පිටපත් සහිතව සියලුම රාජ්‍ය ආයතන සංස්ථා හා මණ්ඩල ප්‍රධානි අමතන ලද ලිපිය මේ සමග දැක්වේ.

මේ වන විට විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ ලිපිය ගැන නොකියන කතාවක්, නොකරන විග්‍රහයක් නොමැත.

මෙම ලිපියේ රජය මුහුණ පා ඇති අර්බුදය දීර්ඝව ලේකම් පි.බි.ජයසුන්දර පැහැදිලි කර, එයට යම් විසඳුමක් වශයෙන් රාජ්‍ය, සංස්ථා, මණ්ඩ සේවකයින්ගෙන් මසක, අඩ මසක, සතියක හෝ දිනක වැටුප් පරිත්‍යාග කරවා ගන්නා ලෙසට අදාළ ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම ආයතන ප්‍රධානීන් විසින් තම යටතේ සේවය කරන පහල නිලධාරීන්ට, සේවක මණ්ඩල සාමාජිකයන්ට ඉදිරිපත් කරන්නේ කෙසේද?

රාජ්‍ය සේවකයින්ගෙන් වැටුප පරිත්‍යාග  ලෙසට ඉල්ලා සිටි ප්‍රථම අවස්ථාව මෙය නොවේ,  1967 දී අධ්‍යාපන දෙපාර්තමේන්තුව ට සියවසක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද සියවස සැමරුම සඳහා මුදල් රැස් කිරීමටල ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති පියවර ගත්තේ ගුරුවරු ලවා ස්වීප් ටිකට් විකිණ විමේන්යග 

ප්‍රෙමදාස පාලන යුගයේ ගුරුවරු ප්‍රමුඛ රජයේ සේවකයන්ගේ වැටුප් පරිත්‍යාග කරවා ගන්නට පියවර ගත්තේ වරක් දෙවරක් නොවේ. ඔහු තමා සහභාගි වන පාපන්දු තරඟ වල  සෙනග පෙන්වීමට පාසල් සිසුන් සහභාගී කරවාගන්නට ද සිය බලය යොදා ගත්තේය.

මේ සෑම අවස්ථාවකම නීතියට පටහැනි ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නට ඉදිරියට ආවේ වෘතිය සමිතිය.  වෘතිය සමිති තම සාමාජිකයන්ට ලොතරැයි නොවිකුණන ලෙසට, වැටුප් පරිත්‍යාග නොකරන ලෙසට, අනවශ්‍ය කාර්යයන් සිසුන් සහභාගි නොකරවන  ලෙසට ක්‍රියාකාරි උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව ඔවුන් ක්‍රියා කිරීමට  පසුබට නොවූහ. එම ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීමට බලසම්පන්න විය.

ලේකම් පී බී ජයසුන්දර ගේ මෙම ලිපිය ආයතන ප්‍රධානීන් විසින් තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසාල අවස්ථාවාදීව උපයෝගි කරගන්නට අනිවාර්යෙන් පෙළෙඹෙනු ඇත. යම් සේවකයෙක්, ගුරුවරයෙක් තම වැටුපෙන් සතයක් හෝ කපා ගන්නවාට විරුද්ධ නම්   ප්‍රධානියා තෘප්ති මත් කරන්නට කියා අකැමැත්තෙන්, කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න. 

ලිඛිත කැමැත්ත නැතිව කිසිවකුගේ වැටුපෙන් මුදලක් අඩුකර ගැනීමට අයුතු බලපෑම් කරල කැමැත්ත ලබා ගන්නවා නම් එය අයිතීන් උල්ලංඝනය කිරීමකි. එවන් අවස්ථාවන්ට එරෙහි වන්නට වෘත්තීය සමිති වල මෙන්ම මානව හිමිකම් ක්‍රියා කාරින්ගේ වගකීම වේ.



No comments:

Post a Comment