Friday, May 29, 2020

කුඩු විකිණූ බවට පැමිණිලි තියෙන නිසා රිමාන්ඞ් කරනවාලූ !


 
කුමාර පින්තාරු කරන්නෙක්. එම වැඩ නැති දින වලට ත‍්‍රීරෝද රථය හයර් කරනු ලබයි.

තිදරු පියෙක් වන 35 හැවිරිදි කුමාරට හිරණ පොලීසිය මෑතක සිට කුඩු විකුණන බවට චෝදනා කරන්නට පටන්ගෙන තිබේ.

හිරණ පොලීසියේ රාජපක්ෂ නැමති නිලධාරියා ඔහුට ප‍්‍රකාශ කර ඇත්තේ කුඩු විකුණන බවට පැමිණිලි 11 ක් තිබෙන බවයි.

තවත් පැමිණිල්ලක් ලැබුනොත් අත්අඩංගුවට ගෙන කුඩු දමා උසාවිය මගින් රිමාන්ඞ් කරන බවට එම නිලධාරියා තර්ජනය කර ඇත.

මේ පිළිබඳව ඔහු වගකිව යුත්තන්ට පැමිණිලි කර ඇත. සාධාරණයක් ඉටු වේ යැයි අපේකෂාවෙන් සිටී.

අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නැගීම් වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

කුමාර, අවු: 35 යි, ජා.හැ.අ., විවාහක, දරුවන් 03 යි, රැුකියාව: පින්තාරු කිරීම හා ත‍්‍රීරෝද රථ රියදුරු. ලිපිනය : පානදුර. දු.අ.-----

2020.05.18 දිනදීය.

2020.05.17 දින, හිරණ පොලිසියේ රාජපක්ෂ නැමැති නිලධාරියා තවත් නිලධාරියෙකු සමග, සිවිල් ඇ`දුමින් නිවස ඉදිරිපිටට පැමිණියා. ඔවුන් මට කතා කර, පාරට එක්කගෙන ගියා. එහිදී, රජපක්ෂ නැමැති නිලධාරියා මට කිව්වා උඹ කුඩු විකුණනවා නම් නවත්වපන්, අපිට පැමිණිලි තියෙනවා කිව්වා. පැමිණීලි 11 ක් තියෙනවා කිව්වා.

මා ඔවුන්ට ප‍්‍රකාශ කලා, මා කිසි දිනෙක කුඩු හෝ වෙනත් නීති විරෝධී ක‍්‍රියාවක යෙදෙන්නේ නැති බව.

එය ප‍්‍රතික්ෂේප කල ඔවුන්, කවුරු හරි කුඩු එක්ක අසුවී, ඒ පුද්ගලයා මාගෙන් කුඩු ගත් බව ප‍්‍රකාශ කලහොත් අරන් ගිහිල්ලා හයිකෝට් එකක් දාන බවට තර්ජණය කරනු ලැබුවා. 

මාහට විරුද්ධව මොනයම් ආකාරයෙන් හෝ පැමිණිල්ලක් නැති බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

මා පින්තාරු වැඩට අමතරව, එනම් එම වැඩ නැති දිනවල, මා ත‍්‍රී රෝද රථය හයර් කරනු ලැබේ. මා එසේ හයර් කරනු ලබන්නේ හිරණ පොලිසිය අසල සිටය.

මා මේ වන විට, නිවස තනාගෙන යනු ලැබේ. ඒ ස`දහා මා ණය ලබාගෙන ඇත. ඒ හා අදාළ සියලූ ලේඛණ අප සතුව තිබේ.

මා ඉල්ලා සිටින්නේ, යම් අයවලූන්ගේ අවශ්‍යතා මත ව්‍යාජ චෝදනා නගා, පීඩාවට පත් කිරීම වලක්වාලන ලෙසටය.

ඉහත තොරතුරු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

අ.ක/කුමාර.







No comments:

Post a Comment