Monday, June 1, 2020

ගගනගාමී උඩු ගුවනට යවන්න රුසියාව මත යැපීම අවසන්



වසර 10 කට පසුව ඇමෙරිකාව ගගනගාමීන් දෙදෙනෙකු තම රොකට්වුවක් උපයෝගී කරගෙන අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීමට සමත් විය.

මේ දක්වා එ් සඳහා උපයෝගී කර ගත්තේ රුසියානු සොයුස් රොකට්ටුවයි.

ඇමෙරිකානු කෝටිපති ව්‍යාපාරිකයකු වන එලන් මසක් ගේ සමාගම විසින් නිපදවන ලද ‘ස්පේස් එක්ස්’ රොකට් යොදා ගනිමින් ගගනගාමීන් අභ්‍යවකාශගත කිරීම සිදුවිය.

31 වනදා, සිදුකළ මෙම ගුවන්ගත කිරීම ගැන ජනාධිපති ට‍්‍රම්ප් කියා සිටියේ රුසියාව මත යැපෙන්නට හෝ චීනය ගැන බලාපොරොත්තු තියන්නට දැන් අවශ්‍ය වන්නේ නැති බවයි.

ඇමෙරිකානු පුද්ගලික සමාගමක් විසින් නිපදවන ලද මෙම ‘ස්පේස් එක්ස්’ රොකට්ටුව නාසා ආයතනය විසින් යොදා ගැනීම සමග, ඉදිරියේ දී අභ්‍යවකාශ තරණයන් පුද්ගලීකරණය වනු ඇත.

බොබ් බොහස්කන් හා ඩොහ්රෆේ නම වූ ගගන ගාමීන් දෙදෙනා රැුගත් යානය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්්ධ වීමට නියමිතය.

No comments:

Post a Comment