Sunday, June 21, 2020

අම්මා වික්කේ KG, කුඩු නෙවෙයි.



මේ පුතෙක් නීතිපතිට කියන කතාව

දැනට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය් පවතින කුඩු නඩුවක සැක කාරිය වෙනුවෙන් ඔහුගේ පුතා නීතිපතිට ලියන ලද ලිපියේ මෙසේ සදහන් වේ.

-----------------
2020.06.19

නීතිපති
නීතිපති දෙපාර්තමේන්තුව
උපරිමාධිකරණ සංකීර්ණය
අ`ඵත් කඬේ 
කොළඹ 12

නීතිපතිතුමනි
ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණය
නඩු අංකය : ------------20

ඉහත නඩුවේ, චූදිත ----------- වන මාගේ මව වේ.

2020.05.23 වන දින ක`ඵතර දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මාගේ මව අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අවස්ථාවේ ඇය ළඟ තිබූ, කේ.ජී. කෑලි තුනක් (රු: 1200/- ක් වටිනා) එම පොලිස් නිලධාරීන්ට බාර දුන්නා.

මා හා මල්ලී (අවු: 15) අම්මා සමග ජීවත් වෙමු. පියා අප අතහැර ගොස්ය. අපව ජීවත් කරවන්නේ මවයි. ඇයගේ දකුණු අත පන නැත. දියවැඩියාව, වකුගඩු ආබාධ හා ආතරයිටිස් යන රෝග වලින් පෙලේ. ඒ නිසා රැකියාවක් කළ නොහැක.

මාගේ මවට, ගංජා ළඟ තබා ගැනීම අදාළව නඩු තිබුන බව මා දනිමි.

මාගේ මව කිසි දිනෙක කුඩු විකුණා නැත. විකුණන්නේ ද නැත.

මෙම පසුබිම යටතේ, මවට, ඇප ලබාගැනීමට තිබෙන ඉඩ අහුරන බවට තර්ජනය කරමින්, ඇයට එරෙහිව හෙරොයින් මිළි ග‍්‍රෑම් 2250 ක් ළඟ තබා ගත් බවට බොරු පැමිණිලි දමා තිබේ.

එසේ හෙරොයින් මිළි ග‍්‍රෑම් 2250 ක් ළඟ තබා ගත් බවට ගරු අධිකරණයට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරනු ලැබූයේ, ඇයට ඇප ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමටය.

2020.05.03 වන දින අත්අඩංගුවට ගත් බවට කියන හෙරොයින් මිළි ග‍්‍රෑම් 2250 මේ දක්වාම රස පරීක්ෂක වෙත යැවීමට ගරු අධිකරණයට ඉදිරිපත් කර නැත.

හිතා මතා, පොලීසිය, අත්අඩංගුවට ගත් බව කියන හෙරොයින්, ගරු අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ, මාගේ මව රක්ෂිත බන්ධනාගාරයේ තබා දඬුවම් කිරීමටය.

මා ඉල්ලා සිටින්නේ, මෙම බොරු නඩු දැමීම නැවැත්වීමට මැදිහත් වන ලෙසට හා මෙම ව්‍යාජ චෝදනා නඩුව ඉවත් කර, අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝග කරන මෙන්ය.

මෙයට,

------------- පුතා 




No comments:

Post a Comment