Tuesday, February 2, 2021

පුත්තු දෙන්නයි බෑනයි කුඩු බොන්න ඇබ්බැහි වෙලා, ඒ වගේම විකුණනවා බාල පුතාව කසිප්පු කාරයෙක් ආවතේව කරන්න අරගෙන.

  ඇය දැනට පදිංචි වාද්දුවේ. මුල් පදිංචිය ත්‍රීකුනාමලය උණුවතුර ළිං අසල. විදෙස් ගතවන ඇය එවන සල්ලි වලින් සැමියා වෙන පව්ලක් කරගෙන. යන එන මං නැතිව තමයි ඥාතීන්ගේ පිහිටෙන් වාද්දුවට පදිංචියට ආවේ. මාත් එක්ක පුතාල දෙන්නයි දුවත් ආවා. 

පුතුන් දෙදෙනයි බෑනයි මත්ද්‍රව්ව්‍ය වලට ඇබ්බැහි උනා. ඊට පස්සේ විකුණන්නත් පටන් ගත්තා. මාව ජීවත් කරන්න බාල පුතා මේසන් බාස් උන්නෙහේ කෙනෙක් එක්ක  වැඩට ගියා. ඔහුට වයස අවු 17 යී,

මාසයකට පමන පෙර බාල පුතාව ප්‍රදේශයේ ඉන්න කසිප්පු මුදලාලි කෙනෙකුගේ සහයට අරගෙන. පසුව පොලිසියට අහු වෙලා උසාවි දැම්මා. ඇත්ත කිව්වා,නඩුකාර තුමා අවවාද කල්ල පුතාව නිදහස් කලා.

 මුදලාලිට 75 000ක දඩයක් නියම කලා.

නිතරම පොලිසිය ගෙදරට එනවා,සෝදිසි කරනනවා කුඩු විකුණනවා යැයි කියා පුතාට චෝදනා කරනවා. පුතා කුඩු බොන්නෙ නෑ, අඩුම ගානෙ සිගරට් එකක්වත් බොන්නෙ නෑ. කසිප්පු මුදලාලිගේ වඩිය ගහන තැනට තේ,විස්කෝතු ගෙනිච්ච එක ඇත්ත.

මුදලාලි ගේ කුඩු විකුණනවා කියා අල්ලලා හයිකෝට් එකක් දාන බවට පොලිසිය තර්ජනය කරනවා.

මට කන්න බොන්න දෙන්නේ බාල පුතා විතරයි.පුතාට හයිකෝට් එකක් දාලා හිරේ දැම්මොත්  ඔහුත් කුඩු බොන්න පුරුදු වෙයි. ඒ ගැන මට බයයි.

මේ කතාව කියන අම්මා 46 හැවිරිදි  සිව් දරු මවක්. වසර දෙකක්  විදේස් ගතව සිට හම්බකර ගත් දේ විනාශ කරගෙන පමනක් නොව පව්ලද අනාථ කර ගත් තැනැත්තියක්.

ඇය ගේ එකම ඉල්ලීම් බාලපුතාට බොරු නඩුවක් දාන්න එපා කියන එක. ඉතුරු වෙලා ඉන්න එකම දරුවාව රැක දෙන්න කියන එක.

ඇය මේ සියලු විස්තර බලදාරීන්ට ලිඛිතව දැන්විනි.සාධාරනයක් අපේක්ෂාවෙන් සිටී.

No comments:

Post a Comment