Saturday, January 30, 2021

කූඩු ජාවාරමට පොලිසියේ සම්බන්ධය හෙළිකරන තින්දුවක්.


මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ සිට පහළට පොලිස්  ලොක්කන්ගේ හා පොඩ්ඩන්ගේ සම්බන්ධය සමාන්‍ය ජනතාවට නම් රහසක් නොවේ.

එහෙත් එය ප්‍රකාශයට පත්විම ට ඉඩ නොදෙන්නේ, සමාජයේ ඉහළයින් හා සියලු මාධ්‍යයන්, දේශපාලකයින්ට බනිමින් ඇඟිල්ල දික් කරමින් ජනතාව ගොනාට ඇන්දවීමේ සැලසුම්ගත ක්‍රියා දාමය මගින්ය.

 බටහිර රටවල විද්‍යාඥයින්, ඔවුන්ගේ රසායනාගාරවල නිපදවන විවිධ මත්ද්‍රව්‍ය මගින් උපයන මහා ධනය, ඇදී යන්නේ ද එම රටවල් වලටය.  ඒ නිසා මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් යැපෙන සිවිල් යයි කියා ගන්නා සමාජ ක්‍රියාකාරීන් මත්ද්‍රව්‍ය චොදනා වලට වැරදිකරුවන් ආරක්ෂා කිරීමට පියවර ගන්නවා පමණක් නොව දඬුවම් කරනවට ද විරුද්ධ වෙති.

 එවන් පසුබිමක් තුළ පොලිස් පරීක්ෂක ස්ටැන්ලි පෙරේරා කුඩ්ඩන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේය. ඔහු මහා පරිමාණයෙන් ජාවාරම් කරුවන් අල්ලා ගන්නා ලදී. ඒ සඳහා ඔහුට ප්‍රදානයන් ද පිරිනැමිමට පොලිසිය පියවර ගෙන තිබිණි. ඒ අතර තමන්ට විරුද්ධව පොලිසියේ, ජාවාරමට සම්බන්ධ ලොක්කන් ගේ කෙනහිලිකම් වලට හා අවමන් සැලකිලි වලට භාජනය වන්නට පටන්ගත් අතර ජීවිත තර්ජන පවා එල්ල වන්නට විය. මේ අතර ඔහුට ස්ථාන මාරුවක් දි ඔහුගේ ආරක්ෂාවට ලබාදී තිබූ නිල රිවෝල්වරය ද ඉවත් කර ගන්නා ලදී. රැකියාවට යැමට නොහැකි තත්වයක් උදා කරන ලදි.

 මේ පසුබිම තුළ ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයේ  පිහිට පැතිය.  ශ්‍රේෂ්ඨාධිකරණය පවා ලබා දෙන ලද නියෝග පොලිස් ලොක්කෝ ක්‍රියාත්මක කළේ නැත. ඒ අතර ඔහු ගේ සේවය පවා අහිමි කරන්නට පොලිසිය පියවර ගත්තේ ඊනියා ස්වාධින පොලිස් කොමිසම තිබියදීය.  සියලු කරුණු ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෙළිදරව් කරන ලදි. සමහර කරුණු රහසිගතව ඉදිරිපත් කෙරින. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙසට ඔහු පළමුවෙන් නම් කර තිබුණේ යහපාලනයේ ඊනියා ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සියලුම සාමාජිකයන්ය.  සෙසු වග උත්තර කරුවන් වූයේ එවක පොලිස්පති පුජිත ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා,  සහකාර පොලිස් අධිකාරි සියඹලාපිටිය, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලුඩුවයික් වය. ඊට අමතරව ඔහු පොලිස් නිලධාරි ගණනාවක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණ.

 ශ්‍රේෂ්ඨාධිකරණය 2020 අගෝස්තු මස විභාගයට ගත් නඩුවේ, තීන්දුව 2021 ජනවාරි 18 දින ප්‍රකාශයට පත් කරමින්;

පොලිස් පරීක්ෂකවරයා ව  2017 මාර්තු 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සේවය පිහිටුවා, සියලුම හිඟ වැටුප්, වැටුප් වර්ධක හා හිමි උසස්වීම් ලබාදීමට නියෝග කර තිබේ.

එයට අමතරව ඔහුට ඔහුගේ නිල ගිනි අවිය ලබා දෙන ලෙසට ද නියම කර ඇත.

මෙහිදී ඉහත නම් කර  ඇති පොලිස් ලොක්කන් හතර දෙනාට තම පෞද්ගලික මුදලින් රු. 25,000.00 බැගින් වන්දි ගෙවන ලෙසට හා ඊට අමතරව අමතරව රු. 50,000/- ක් නඩු ගාස්තු වශයෙන් අයකර ගැනීමටද අවසර දි තිබේ.

 

මෙම නඩු තීන්දුව මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඊනියා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ යහපාලන කාලයේ පිහිටුවන ලද ස්වාධීන ආයතන ගැන කිඹුල් කඳුළු සලමින් පශ්චාත්තාප වන්නන් ගේ අවධානයට ලක්විය යුතුය.  

 SC /FR/ Application No. 403/2016


 

No comments:

Post a Comment