Saturday, January 16, 2021

" ලව් ජිහාඩ් " නීතිය ස්ථීරයි.ආගම වෙනස් කිරීමට විවාහය යොදා ගැනීම අපරාධයක්

 


විවාහය යොදාගෙන සිදු කරන ආගම වෙනස් කිරීම, අපරාධයක් කරමින් ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩු කීපයක් ගෙන එන ලද  නීති , ‍රෙගුලාසි, අත්හිටුවීම, එරට ශ්‍රේෂඨාධිකරණය ප්‍රතිෂේප කර තිබේ. "ලව් ජිහාඩ්" නමින් ප්‍රසිද්ධ මෙම නීතිය යටතේ, විවාහයෙන් තම සහකාරිය ගේ ආගම වෙනස් කිරීම, වසර 10ක් දක්වා සිර දඩුවමක් හිමි අපරාධයක් කර තිබේ. 

මෙම නීතිය යටතේ පහර එල්ල වී ඇත්තේ මුස්ලිම් වරුන්ටය. ඉස්ලාම් ආගමිකයෙකු විවහා කරගන්නා සහකරු හෝ සහකාරිය, අනිවාර්‍යෙන් ස්ලාම් ආගම වැලද ගත යුතුය.මෙරට තත්වයද එසේමය.

විවාහා පදනම් කරගෙන සිදුකරන මෙම ආගම් වෙනස් කිරීම ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු කීපයක් ම නීති විරෝධි දඩුවම් ලැබිය හැකි වරදක් කර තිබේ.

 මෙම නීතිය නිසා මේ වන විටත් මුස්ලිම් ජාතිකයින් ව සිරගත කොට ඇත.මුස්ලිම් හා හින්දු විවාහයන් සිදු කරන අවස්ථාවන් පොලිසිය එම මංගල උත්සව වලක්වා ඇත.

ඉන්දියාවේ හින්දු ජාතිකවාදී  මෝදි ආණ්ඩුව එරට මුස්ලිම් වරුන් පීඩාවට පත් කරන බවට චෝදනා නැගේ.


No comments:

Post a Comment