Monday, January 11, 2021

202 කට මරු කැඳවූ අන්තවාදී මුස්ලිම් පණ්ඩිතයෙකු වන අබු බකර් බෂීර් ව මුදා හැරේ

2002 ඔක්තොම්බර් 12, ඉන්දුනීසියානු බාලි දූපතේ, විදේශිකයන් 202 කට මරු කැදවූ. සිර භාරව සිටි, මුස්ලිම් අන්තවාදී පණ්ඩිතයෙකු  හා අධ්‍යාත්මික නායක අබු බකර් බෂීර් වසර 10කට පසුව ඉන්දුනීසියානු රජය විසින් මුදා හැර තිබේ.

ඉන්දුනීසියානු දූපත් සමූහය අතරින් හින්දු හා බෞද්ධ  බහුතරය වසය කරන, සංචාරක පාරාදීසයක් ලෙසට, බාලි දූපතේ, සිදු කරන ලද ප්‍රහාරයෙන් - මියගිය 202 අතර ඕස්ට්‍රේලියානුවන් 88ක්,ඉන්දූනීසියානුවන් 28ක්,බ්‍රිතාන්‍යන් 28ක් ඇතුලු රටවල් 21ක සංචාරකයින් විය.

මෙම ප්‍රහාරය සැලසුම් කර එල්ල කරන ලද්දේ, පොලිසියට  හමුදාවට පහර දීම වෙනුවට සිවිල් ජනයා කරා එල්ල කිරීමට ඔසාමා බින් ලාඩන් ගේ අල්කයිඩා ජාලය ගෙන ඇති තීරණයටයි. 

මෙම ප්‍රහාරයට මූලික වූ බොහෝ දෙනා ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්තඩංගුවට ගන්නා ලද අතර, ඉන් පිරිසක් අධිකරණය හමුවට පත් කිරීමට පෙර පොලිස් වෙඩි ප්‍රහාර තුලි මිය ගොස් තිබින.

නඩු විභාගයෙන් පසුව තිදෙනෙකුට මරන දඩුවම නියම කර, ජීවිතක්ෂයට පත් කරන ලදි.නමුත් පිරිසක් සිර කරන ලදි.වසර 15ක සිර දඩුවමකට යටත් කල අබු බකර් බෂීර් ව මුදා හැරීමට ඉන්දුනීසියානු රජය තීරණය කලේ ඔහු තවමත් එරට අන්තවාදීන් අතර පිළිගැනීමට ලක්ව බලපෑම් කරන වාතාවරනයක් තුලය.අප්‍රේ 21 පාස්කු ප්‍රහාරකයින්ගේ අරමුණ මොවුන්ගේ අරමුණට සමානය.

No comments:

Post a Comment