Tuesday, January 12, 2021

ඇඳි වත ඉරලා, ජීප් එකට දාගෙන පහර දුන්නා. සැමියාට කොච්චි දැම්මේ මට පේන්න.

 

තිස් හැවිරිදි සුමුදු දෙදරු මවක්. ඇයගේ සැමියාව පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශය අත්අඩංගුවට ගත්තේ, මත් ද්‍රව්‍ය චෝදනා වලට.

 ඇය ප‍්‍රකාශ කරන්නේ, නිකරුනේ තම සැමියාට පහර දීමට විරුද්ධ වූ නිසා, ඇයට පහරදී අත්අඩංගුවට ගෙන, ඇප ගන්නට බැරිවෙන්න හෙරොයින් මි.ග‍්‍රෑම් 1020 ක් තිබුනා කියලා, උසාවියට බොරු කියලා, රිමාන්ඞ් කරපු බව.

ඇගේ සැමියා තවමත් හිරගෙදර. සන්තකයේ තිබූ බවට, පොලිසිය චෝදනා කරන හෙරොයින් ප‍්‍රමාණය මි.ග‍්‍රෑම් 1000 ට අඩු නම්, ඔවුන්ට ඇප ලබා දීමට මහේස්ත‍්‍රාත්වරයාට තිබූ හිමිකම, මි.ග‍්‍රෑම් 2000 දක්වා වැඩි කිරිමට ආණ්ඩුව ගත් තීරණය නිසා, මාස 2ක් තුල, පුද්ගල ශරීර ඇපයක් මත, නිදොස් වීමට ඇයට හැකි විය.

 ඇය තමාව අත්අඩංගුවට ගැනීම හා සැමියාට වධ දීම පිළිබ, අදාළ පොලිස් නිළධාරින්ට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමින්, මහජන ආරක්ෂක අමාත්‍යංශයට හා පොලිස්පතිට යවන ලද ලිපිය පහත දක්වමු.

 ඳහන් කළයුතු විශේෂ කරුණ වන්නේ, මහෙස්ත්‍රාත් වරයාට ඇප දිමට නොහැකි වන පරිදි මි.ග්‍රැම් 1020ක් තිබු බවට සඳහන මත, ඇයට මහාධිකරණයෙන් ඇප ගැනිමට රුපියල් තිස්පන්දාහක නිකරුනේ වැය කිරිමට සිදු විමය.

 ‘‘ නීති විරෝධී ලෙෂ අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා, රක්ෂිත බන්ධනාගාරගත කිරීම.

 

*******සුමුදු *******අවු: 30 යි, ජා.හැ.අ ******* , විවාහක, දරුවන් 02 යි.

දු.අ *******

2021.01.04 දිනදීය.

******* යංකර, අවු: 31 යි, ජා.හැ.අ ******* -  මාගේ සැමියා වේ. 

දැනට කලූතර රක්ෂිත බන්ධණාගාරයේ පසු වේ.

 මා සුලූ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර, සැමියා සිංගර් සමාගමේ රැකියාවේ නිරත විය. මෙයට අමතරව තැඹිලි එකතු කිරීමද කරන ලදි.

 2020.09.01 දින අලූයම 1.00 පමණ, අපගෙන් තැඹිලි ගන්නා, රමේෂ් නැමැත්තා නිවස ඉදිරිපිටට පැමිණ කතා කලා. සැමියා දොර ඇරයා. ඒ සමගම, ඔහු සමග පැමිණ සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සැමියාව එළියට ඇද පහර දුන්නා. මා ඉදිරිපත් වූ විට, මටද පහර දුන්නා. නිවසේ සිටි මාගේ ගැබිණි අක්කාට හා ඇගේ සැමියාටද පහර දුන්නා.

 සැමියාව හා මාව - ජිප් රථයකට ඇද දමා ගත්තා. කිසිදු කාන්තා නිලධාරිණියක් සිටියේ නැහැ. එම නිලධාරීන් අසභ්‍ය වචනයෙන් බැණ, පිස්තෝලයක් එල්ල කර, වෙඩි තබන බවට තර්ජණය කලා. සැමියාව ජීප් එකට දැම්මේ ඔහුගේ යට ඇඳුම පිටින්. මා ඇ සිටි ටී ෂර්ට් එක ඇද ඉරා දැම්මා.

 පසුව දැනගත්තා, පැමිණි නිලධාරීන්, පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයට අයත් නිලධාරීන් බව. ජීප් රථය තුලදී මටත් සැමියාටත් කුණුහරප කියමින් අතින් කම්මුලට පහර දුන්නා. අපට අතින් පයින්, මේස කකුලකින් හා විකට් කූරකින් පහර දුන්නා.

 ඔවුන් අප දෙන්නාව ගෙන ගියේ පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පැරණි ගොඩනැගිල්ලටය. එහිදී කාමරයක් තුලට ගෙන ගොස් අප දෙන්නාව බිම වාඩි කෙරෙව්වා. සැමියාට මංචු දැම්මා.

 ඔහුගේ යටිපතුල් වලට පොලූ වලින් ගැහුව්වා. ටික වේලාවක් එසේ පහර දී, කාමරයෙන් එළියට අරන්, අත් පිටුපසට කොට මාංචු දමා, පහර දෙමින්, ඇස් වලට කොච්චි හා මිරිස් කුඩු කලවම්කර වැක්කෙරුවා.

 කොච්චි කෙටීම, මිරිස් කුඩු කලවම් කිරීම කළේ කපිල නැමැති අය, අපිට පේන්න. ඇස් වලට වක්කලේ, නිශාන්ත කුමාර යන අය. පහර දුන්නේ, කුඩු ගෙන එන තැන, විකුණන තැන් කොහෙද කියා හා පහන්ගම ගෙදර කොහෙද කියා අසමින්.

 පැය 02ක් පමණ වධදී, ඔවුන් ලියන ලද ප‍්‍රකාශ වලට අප දෙන්නාගේ අත්සන් ගත්තා.

 එසේ පහරදී, ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව, නැවත කාමරයේ තැන් දෙකක වාඩි කරලා - මරා දමන බවට විටින් විට තර්ජණය කලා. පිස්තෝලය වරක් මගේ අතට දී, සැමියාට වෙඩි තියන්න කිව්වා. සැමියා අතට ඔහුගේම දුරකථනය ලබාදී, උදේ 6 ට පෙර කාවහරි ගෙනත් දුන්නොත් අපව නිදහස් කරන බව කිව්වා.

 උදේ 10 ට පමණ පානදුර දකුණ පොලිසියට ගෙන ආවා.

සැමියාව කූඩුවට දමා, මාව පොලිසියේ උඩ තට්ටුවට ගෙනගොස්, ගෙදර විස්තර අසමින්, නිශාන්ත කුමාර විසින් විස්තර සටහන් කර ගත්තා.

 දහවල් 1.00 ට පමණ, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. අප වෙනුවෙන් නීතිඥ උදේශිකා මිය ඉදිරිපත්ව අපට පහරදී ඇති බව ගරු අධිකරණයට ප‍්‍රකාශ කලා.

 ගරු මහේස්ත‍්‍රාත්තුමා, අපගේ තුවාල පරීක්ෂා කර, පානදුර මූලික රෝහලට ඉදිරිපත් කිරිමට නියම කලා. පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කලා. මාව බන්ධනාගාරයට බාර දුන්නා. සැමියාව රැවුම් නියෝග මත නැවත පොලිසියට ගෙන ගියා.

 මට විරුද්ධව හෙරොයින් මි.ග‍්‍රෑම් 1020 ක් තිබූ බවට, බොරු චෝදනාවක් නගා තිබුනා. නඩු අංකය 77728/20 වේ.

 රජය විසින් ගන්නා ලද තීරණය මත මට 2020.11.27 දින ඇප ලබා දුන්නා. ඒ අනුව දින 87 ක් බන්ධනාගාරගතව සිට, දින 07ක් නිරෝධායනයෙන් පසුව නිදහස් වුනා.

 මීළ නඩු දිනය, 2021.07.16 වේ.

 මා ඉල්ලා සිටින්නේ,

පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ,    

1. පො.ප.නිශාන්ත කුමාර    

2. පො.කො.86288 සම්පත්

3. පො.කො.94074 පැතුම්

4. පො.කො.96615 ජයසිංහ

5. පො.කො.රි.16888 හා  කපිල නම් වූ පුද්ගලයා විසින්

 කාන්තාවක් නැතිව, අත්අඩංගුවට ගැනීම, වධහිංසාවට හා අවමන් සහගත සැළකිලිවලට පාත‍්‍ර කිරිම, ව්‍යාජ චෝදනා නැගීම, මූලික අයිතීන් උල්ලංඝනය කිරීම පිළිබදව විධිමත් විමර්ශණයක් කර, අදාළ නිලධාරීන්ට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසට හා අපට විරුද්ධව පවරා ඇති බොරු නඩුවලින් නිදහස් කරන ලෙසටද ඉල්ලා සිිටිමි.

මේ සමග බී වාර්තාව හා 2020.09.02 කාර්ය සටහන් ඉදිරිපත් කරමි.

මෙයට,

සුමුදු

No comments:

Post a Comment