Tuesday, January 12, 2021

covid-19 ශ්‍රී ලංකාව තුල සමාජ ගතවී නොමැතිද?

ලංකාවේ ලක්ෂ 10කට 11කු මිය යන අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ 1,154කුද, ඉන්දියාවේ 109ක්, රුසියාවේ 424ක්, එංගලන්තයේ 1196ක් මිය යති.

අසාදිතියින්ගේ සංඛ්‍යාව අතින් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. ඉන්දියාව දෙවන තැන ගෙන ඇති අතර හතර හා පසවන තැනට පත්ව ඇත්තේ රුසියාව හා එංගලන්තයයි. අපේ රට 95 වන ස්ථානය ගෙන තිබේ. සියවන ස්ථානයේ සිටින, දැඩි සංචරන සිමා පමුණුවන ඔස්ටේ‍්‍රලියාවේ මරණ අනුපාතය 35කි.

දිනෙන් දින ආසාදිත සංඛ්‍යාව හා මරණ වැඩිවන අප රටේ - සමාජ සම්පේ‍්‍රෂනය ගැන විශේෂඥ මතයක් පහත දක්වමු.  

 සමාජ සම්ප්‍රේෂණය 

(රජරට වෛද්‍ය පීඨයෙන් බිහිවූ විශිෂ්ට විශේෂඥ වෛද්‍යවරයෙක් වූ වෛද්‍ය අලි උතුමාන් මහතාගේ විශිෂ්ට පැහැදිලි කිරීම මම මෙලෙස සිංහලට පරිවර්තනය කරන්නෙමි)

වසංගත රෝගයක සමාජ සම්ප්‍රේෂණය යන්නෙහි සරලතම අර්ථ දැක්වීම වන්නේ "සමාජය තුලින් අළුතින් හඳුනා ගන්නා රෝගියෙකුගේ,රෝගය සම්ප්‍රේෂණය වූ විභවය  නැතිනම් රෝග සම්භවය හඳුනා ගැනීමට අපොහොසත් වීම" යන්නයි..

වසංගත විද්‍යා ඒකකය covid-19 ශ්‍රීලංකාව තුල සමාජ ගතවී නොමැති බව පැවසීමට සරලතම හේතුව වන්නේ අළුතින් හඳුනා ගන්නා සියලු රෝගීන්ගේ ආශ්‍රිතයින් නැතිනම් සම්භවය තවමත් ඔවුන්ට සාර්ථකව සොයා ගැනීමට හැකිවීම නිසයි..

මෙය මේ ආකාරයෙන්ම සිදු වුවහොත් න්‍යායාත්මකව ගත්කල සමාජ සම්ප්‍රේෂණය යන අර්ථ දැක්වීමට යටත් නොවී ශ්‍රීලංකාවේ සමස්ථ ජනගහනයම වුවද ආසාදනය විය හැක..

එසේත් නැතිනම් වියහැකි අනිත් සිදුවීම වන්නේ නව රෝගීන් සීග්‍රයෙන් වැඩි වී නව රෝගීන්ගේ ආශ්‍රිතයින් නැතිනම් සම්භවය හඳුනා ගැනීමේ හැකියාව වසංගත විද්‍යා ඒකකයෙන් ගිලිහුණු මොහොතක සමාජ සම්ප්‍රේෂණය සිදුවී ඇති බවට ඔවුන් ප්‍රකාශ කිරීමයි (තාක්ෂණිකව ගත් කල මෙය නිවැරදියි)

නමුත් ඔබ අප වටහා ගතයුත්තේ සමාජ සම්ප්‍රේෂණය යන වචනය තාක්ෂණික අර්ථ දැක්වීමක් පමණක් යන්න බවයි.

ඔබ සමාජ සම්ප්‍රේෂණය යන වචනයට කුලල් කා ගනිමින් සිටින මේ මොහොතේදීත් වෛරසය පැතිරෙමින් පවතී..ඔබ තවත් පමා වුවහොත් මෙය ඔබේ ගේ දොරකඩට එනතුරු ඔබ නොදකිනු ඇත..

එබැවින් කරුණාකර වචනයකට කුලල් කා ගැනීම නවතන්න.තමන් ආරක්ෂා වන්න..එමගින් තමන්ගෙන් සමාජයට සිදු විය යුතු වගකීම ඉටු කරන්න.සෞඛ්‍ය අංශ වලට සහය වන්න.සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.එවිට සමාජ සම්ප්‍රේෂණය යන වචනය තිබුනත් නැතත් අපට මේ සටනින් ජාතියක් වශයෙන්  ජයගත හැකි වනු ඇත..

ස්තූතියි 
වෛද්‍ය දසිත රත්නායකගේන් උපුටා ගැනීමකි










No comments:

Post a Comment