Saturday, February 20, 2021

”ඉරා අඳුරු පට” සජීවී සංවාදය අතරමග නැවැත්වූ - රූපවාහිනියේ සභාපතිට වන්දි ගෙවන්න වෙයි




2008 දී, රූපවාහිනියේ විකාශනය වූ, ”ඉරා අඳුරු පට” නම් වූ සජීවී සංවාදය, අතරමග නවත්වා දැමීම නිසා, එයට සහභාගී වූ හා පේ‍්‍රක්ෂකයෙකු වූ මාද්‍යවේදීන් දෙදෙනෙකු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව, 2021.02.17 වන දින ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු යූ.එන්.එන්.පී. කුරුකුලසූරියහා මාධ්‍යවේදී ජේ.කේ.ඩබ්. ජයසේකර යන දෙදෙනා විසින්, 2008 නොවැම්බර් 4 වන දින රාත‍්‍රී 10.30 ට ආරම්භ වූ ”ඉරා අඳුරු පට” සජීවි සංවාදය, අතර මැද නවත්වා දැමීම මගින් තමන්ගේ මෙන්ම, එම වැඩ සටහනට එක්වූ ප්‍රේෂකයින්ගේ මූලික අයිතීන් උල්ලංඝණය කරන ලද බව ප‍්‍රකාශ කරමින් මෙම මූලික අයිතිවාසිකම් නඩු පවරනු ලැබීය.

දෙදෙනා විසින්ම එකම කාරණයක් මූලික කරගෙන පවරන ලද නිසා, එම නඩු දෙක එකට විමසීමට, ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබින.

2018 නොවැම්බර් 29 විභාග වූ මෙම නඩුවේ තීන්දුව, ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ජනාධිපති නීතිඥ බුවනෙක අලූවිහාරේ මහතා විසින්, 2021.02.17 වන දින ප‍්‍රකාශයට පත් කරන ලද්දේ ජනාධිපති නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධන මයා හා එල්.ටී.බී. දෙහිදෙනිය ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟතාවය මතය.

මෙම නඩු තීන්දුවේදී, 1996 දී, විමල් ප‍්‍රනාන්දු සහෝදරයා විසින්, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ උද්ධෘතියක් ගෙනහැර තිබින. 

"Fernando v. The Sri Lanka Broadcasting Corporation and Others (1996) 1 SLR 157 (at page 172); “…the media asserts, and does not hesitate to exercise, the right to criticize public institutions and persons holding public office; while, of course, such criticism must be deplored when it is without justification, the right to make and publish legitima te criticism is too deeply ingrained to be denied.”  

ශේෂ්ඨාධිකරණය, 2008 වසරේ රූපවාහිනි සංස්ථාවේ සිටි ආචාර්ය ආරියරත්න ඇත`ුඵව මෙම මාධ්‍යව්දීන් දෙදෙනාට, වන්දි වශයෙන්, රු: 50,000/- බැගින් රුපියල් 100,000/- ක් ගෙවීමට නියම කරන ලදි.

එමෙන්ම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ රාජ්‍යයේ වගකීම, ඉටු නොකිරීම නිසා රජය (මහජන බදු මුදලින්) රුපියල් 30,000/- බැගින් රුපියල් 60,000/- ගෙවීමට නියම කර තිබේ.

SC FR Application No. 556/2008  & SC FR Application No. 557/2008 


 

No comments:

Post a Comment