Friday, May 21, 2021

කුලය හා ධනය ප්‍රේමයට හරස් වෙයි. #2108


මෙම නීති විරෝධි පොලිස් ක්‍රියාව ගැන, ඇය  බලධාරීන්ට කරන ලද පැමිණිල්ල පහත දැක්වේ.
ඉතා හදිසි ජිවිත අනතුරක් පවා සිදුවිය හැකි සිදුමවීකි. 

01. පොලිස්පති       
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01           ෆැක්ස්: 0112440440

02. ලේකම්
    මහජන ආරක්ෂක අමාත්‍යාංශය
    14 වන මහළ, සුහුරුපාය
    බත්තරමුල්ල          ෆැක්ස්: 011862567

03. සභාපති 
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 14, ආර්.එ්. ද මැල් මාවත
     කොළඹ 04

04. නියෝජ්‍යය පොලිස්පති 
     දකුණු පළාත        ෆැක්ස්: 041 2234412

05. ස්ථානාධිපති 
    පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය
    මුක්තා ප්ලාසා
    180/19, ග‍්‍රෑන්ඞ්පාස් පාර
    කොළඹ 14           ෆැක්ස්: 011 2 444 444

 සඳෂි 
----------
------- 
--------
-071-----/07-------

2021.05.19 වන දින දීය.
පොලිස් බලය යොදා,   
ස්ව කැමැත්තෙන්, විවාහ වීම වැළැක්වීම.
අත්අඩංගුවේ තබාගෙන ශාරිරික හා මානසික වධ හිංසා පැමිණවිම.

හබරාදුව පොලීසියේ ස්ථානාධිපති මූලික වී, ”විවාහ වීමේ වයස, අවු: 25” යැයි කියමින් දික්වැල්ල පොලීසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක වරයෙකු වු, පියා සමග එක්ව, පොලිස් බලය පාවිච්චි කරමින් විවාහ වීමට තිබෙන මූලික අයිතිවාසිකම උල්ලංඝණය කිරීම පිළිබඳව වහාම මැදිහත්ව යුක්තිය ඉටු කරන ලෙසට කරන ඉල්ලීම හා මෙම පොලිස් නිලධාරීන්ගේ ”ත‍්‍රස්ත” කි‍්‍රයාවන් වළක්වා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමි. 
ජිවිත අනතුරක් සිිදුවීමට පවා ඉඩ තිබේ.  

මෙයට පසුබිම කුලය හා දුප්පත්කමය.

මෙම පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් නිසා දැඩිව අසරණව සිටින, මා සමග විවාහ ගිවිසගෙන, එකට ජීවත්වන, චාමික ෂෙශාන් වෙනුවෙන් මෙම කරුණු සත්‍ය ලෙසට හා අවංකව ඉදිරිපත් කර සිටිමි.

මාගේ සම්පූර්ණ නම : අබේසිංහ -----ෂි 
වයස : අවු: 20 යි
ජා.හැ.අ.  : --------- 
රැකියාව : --------යක
ලිපිනය : ---------වටුන
දුරකථන අංකය : 071--------076-------

මා විවාහ ගිවිසගෙන සිටින අයගේ,

සම්පූර්ණ නම :  ------ශාන් 
වයස : අවු: 21
ජා.හැ.අ. : 20---------
ලිපිනය :”නිමේෂ” 
දු.අ. :-------------

2021.05.17 වන දින, හබරාදුව පොලීසියේ කැඳවීම මත, පොලිස් ස්ථානයට ඉදිරිපත් වූයෙමි. මා විවාහ ගිවිසගෙන සිටින චාමික -------ශාන් පැමිණ සිටියා.

ඔහුව ගෙනවිත් තිබුනේ,
ගාමීනි  පියා (උප පොලිස් පරීක්ෂක, පොලිස් ස්ථානය-----)
----ෂිනී, මව 
තවත් දෙදෙනෙක්

මාගෙන් පොලීසිය ප‍්‍රකාශයක් ගත්තා. සිය`ඵ විස්තර ප‍්‍රකාශ කළා.

-----ශාන් ගෙන් ප‍්‍රකාශය ගත්තේ, ඔහුගේ පියා ඉදිරිපිට. කාමරයක් තුළ, රහසිගතව. එය බලහත්කාරයෙන් කරගනු ලැබූවක්.

නීතිඥ ------ මිය මාගේ අයිතිවාසකම් හා ශාන් ගේ අයිතිවාසිකම්  වෙනුවෙන් නීතිඥ ---- මයා ඉදිරිපත් වුවද, එයට අවස්ථාව දුන්නේ නෑ.
 
----ශාන් පොලීසිය බාරයෙන් එළියට ගෙන ආ විගස, කෑගසා කීවේ ‘‘ගෙදර යන්න බෑ’’, ‘‘මා සමග යන්න  ඕන’’ කියා.

ස්ථානාධිපතිවරයා, අවු: 25 වෙනකම් දෙමව්පියන් කියන විදියට ඉන්න  ඕනේ කියා, බලහත්කාරයෙන් ඔහුව රැගෙන යෑමට, පියා, උ.පො.ප. ගාමීනි ඇතුඵ පිරිසට ඉඩ දුන්නා.

මේ පිළිබඳව මා, එ අවස්ථාවේදීම, එම හබරාදුව පොලීසියේ පැමිණිලි කළා. 

ගාල්ල, සහකාර පොලිස් අධිකාරී මහේෂ් ට කථා කර, කිව්වා. ඔහු කිසිම පියවරක් ගත්තේ නෑ.

මෙය, පොලිස් බලය අයුතු ලෙස යොදා ගනිමින්, මහා හඬින්, ‘‘ගැහැනියක්’’ යන්නවත් නොසලකා, තර්ජනය කරමින් පොලීසියේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව, පැහැරගෙන යෑමට ඉඩ දීමක්. 

මා, ගාල්ල දිසා භාර නියෝජ්‍යය පොලිස්පති වෙත පැමිණි කළෙමි. ගාල් කාන්තා හා ළමා කාර්ය්‍යංශය මගින් උප පොලිස් පරික්ෂක ගාමීනි ට, පුතාව ඉදරිපත් කරන්න යයි දැනුම් දුන්න විට, පුතා පැනා ගොස් ඇති බව කියා තිබේ. එම පිළිතුරෙන් ‘විමර්ශණය‘ අවසන් කර ඇත.

එමෙන්ම, නිසි වයස සම්පූර්ණ කර ඇති අප දෙදෙනාට, විවාහ ගිවිස ගැනීම සඳහා තිබෙන, නීත්‍යානුකූල අයිතිය උල්ලංඝණය කිරීමක්. හබරාදුව පොලිසියේ ස්ථානාධිපති මුලික අයිතිවාසිකකම් උල්ලංඝණය කිරිමට, රාජ්‍යය බලය යෙදවිමකි. ස්ත‍්‍රි අයිතින් උල්ලංඝණය කිරිමකි.

නොපමාව මැදිහත්ව, නීති විරෝධී බලපෑම්වලට ඉඩ නොදී, මා හා විවාහ ගිවිසගෙන සිටින චාමික ෂෙශාන් ව පොලිස් බලය යොදාගෙන, රඳවාගෙන සිටීමෙන් මුදවා ගන්නා ලෙසටත්,

මෙම බරපතල අපරාධය ගරු අධිකරණයට වාර්තා කරන ලෙසටත් ඉල්ලමි.

මෙයට,

 ----සඳෂි  

No comments:

Post a Comment