Sunday, May 16, 2021

රුපියල් දෙලක්ෂයේ පගාව නොදුන්නාට සුරාබද්දෝ Electric Shock Torch යොදාගෙන වධ දෙයි. උසාවිය මගින් රස පරීක්ෂකට ප්ලාස්ටික් කෑලි යවයි. ආණ්ඩුවේ මත්ද්‍රව්‍යය මර්දනය ”ජෝක්” එකක් කර ගනී.

 

2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය ආදායමට, රුපියල් බිලියන 115.42 ක් එකතු කර දුන්න, සුරාබදු දෙපාර්තමේන්තුව රටේ පවතින දෂණ හා අක‍්‍රමිකතා වලින් අග තැන්පත්, රාජ්‍යය ආයතනයකි.

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න මෙම දෙපාර්තමේන්තුවට ප‍්‍රශ්නයක් නැත. වත්මන් ආණ්ඩුවේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යය උවදුර මැඩලීමේ ප‍්‍රකාශිත ප‍්‍රතිපත්තියට මුවාවී, ආයතනගතව තිබෙන අල්ලස් ගැනීම, දුෂණ අක‍්‍රමිකතාවන් ගෙන යනු ලබන්නේ  එයට යුක්තිය පසිඳලීමට සම්බන්ධ නිල හා නිල නොවන පාර්ශවවල මෙන්ම දේශපාලන සම්බන්ධතාවයන් මතය.

දිනේෂ් 29 හැවිරිදි, දක්ෂතා සහිත තරුණයෙකි. ඔහු අහිංසකයෙකු නොවේ. මත්ද්‍රව්‍යය භාවිතය හා ජාවාරමට සම්බන්ධතාවයක් නැතැයි ද කිව නොහැක.

පසුබිම කවරක් වුවත්, කැස්බෑව සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂක කේ.පී. සමන්ත ජානක ප‍්‍රමුඛ නිලධාරීන් හා එයට සම්බන්ධ සිවිල් පුද්ගලයින්, දිනේෂ් ව අත්අඩංගුවට ගන්නේ, රටේ පවතින නීතිය පමණක් නොව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කරමින්ය.

ඔහුට වධ හිංසා දීම ස`දහා උපයෝගී කරගෙන තිබුනේ නවීන, විදුලි සැර වද්දන electric shock torch නම් උපකරණයයි.

ඔහුට යුක්තිය ඉටු කර ගැනීමට තිබෙන සියලූම මං, අසුරා දැමීමට යුක්තිය පසිඳලීමේ පද්ධතියේ සියලූ ආයතන දායකවී තිබින.

දැනට ඔහු ඇප මත මුදාහැර තිබේ. දිනේෂ්, අදාළ බලධාරීන් අමා කර තිබෙන, පැමිණිල්ල බොහෝ කරුණු හෙලි කරයි.


01. මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා     

    ආරක්ෂක ලේකම්                             

    ආරක්ෂක අමාත්‍යාංශය,              

    15/5, බාලදක්ෂ මාවත                      

    කොළඹ 03  


02. ලේකම්

    මහජන ආරක්ෂක අමාත්‍යාංශය

    14 වන මහළ, සුහුරුපාය

    බත්තරමුල්ල


03. නීතිපති

    නීතිපති දෙපාර්තමේන්තුව

    උපරිමාධිකරණ සංකීර්ණය, අ`ඵත් කඬේ

    කොළඹ 12

                               

04. සභාපති                

    මානව හිමිකම් කොමිෂන් සභාව        

    අංක 14

    ආර්.එ්. ද මැල් මාවත

    කොළඹ 04

කප්පම් නොදුන්න නිසා, නවීන උපකරණ යොදාගෙන, වධ හිංසා පමුණුවා, බොරු නඩු දැමීම, රජය අපකීර්තියට පත් කිරීම.

හිනිඳුම ලියනාරච්චිගේ දිනේෂ් මධුරංග, අවු: 29 යි, 913614070 V දික්කසාද, රැකියාව: චිත‍්‍ර ශිල්පී. ලිපිනය: 179/1, කඩවත පාර, නැදිමාල, දෙහිවල. දු.අ. 076 8064560

2021.05.10 වන දින දීය.

2020.11.18 වන දින, ප.ව. 2.00 ට පමණ, නැදිමාලේ, කඩවත පාරේ, සිරිසේන දහනායක ක‍්‍රීඩා පිට්ටනියේ, හත් දෙනෙකු පමණ ක‍්‍රීඩා කරමින් සිටින විට, කැස්බෑව සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

සියලූ දෙනාගේම සාක්කු ආදය සෝදිසි කළා. ඔවුන් ඉන් කිහිප දෙනෙක්ව සෝදිසි කරන විට, මම ඔවුන්ගෙන් කාරණය විමසා සිටියා.

එසේ විමසා සිටීම ගැන, ඔවුන් උරණ වී, මාව මාංචු දමා, ඔවුන් පැමිණි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයට නංවා ගත්තා. 

තවත් කිහිප දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් සමහරක්ව, පැමිණි වෑන් රථයට නංවා ගත්තා. 

ඊට මැදින් හංදියට ගොස්, කීල්ස් රථ ගාලේ වාහනය නැවැත්වූවා. එක් නිලධාරියෙක් ගොස්, තවත් අයෙක්ව අත්අඩංගුවට ගෙන රැගෙන ආවා. 

මාගේ දණහිස් අමාරුවක් තියෙන නිසා, කකුල දිග හරින්න ඉඩ දෙන්න යැයි කිව්වා. එවිට එක් නිලධාරියෙක් පහර දුන්නා. ඔවුන් සමග සිටි වෙනත් පුද්ගලයින් දෙදෙනෙක් මට, වාහනයේ ජනෙල් ඇර, පහර දුන්නා. එ අතර, කලූපාට, අඟල් 06 ක් පමණ දිග විදුලි පන්දමක හැඩය ගත්, උපකරණයකින්, බෙල්ලට විදුලි සැර වැද්දුවා. විදුලි සැර මොළය දක්වා ගියා.

දැඩි වේදනාවක් ඇති වුනා. එ ආකාරයට හත් අට වතාවක්ම මට, විදුලි සැර වැද්දුවා. රථය ගමන් කරන විටද, ”විහිලූවට” මෙන් මට විදුලි සැර වැද්දුවා.  

යන අතර, අත්තිඩියට ගොස්, පාරේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. එම පුද්ගලයා කියා සිටියා, මම ආවේ මාගේ පෙම්වතිය හමුවන්න කියා. එ බව ඔහු දුරකථනයෙන් ද පෙන්වා සිටියා. අරුන් නැති නිසා මූව ගෙනියමු යැයි කියා, එම පුද්ගලයාව ද වාහනයට නංවා ගත්තා. 

කැස්බෑවෙ සුරාබදු ස්ථානයට ගෙන ගොස්, එහි තිබූ සිර මැදරියකට දැම්මා. සිර මැදිරියේ පස් දෙනෙකු පමණ හිටියා.

ටික වේලාවකින් මාව එළියට අරගෙන, කාමරයකට ගෙන ගියා. එතනදී, මාව දන ගස්සවා, ත‍්‍රී රෝද බෙල්ට් එකකින් පහර දුන්නා. පහර දුන් අයව, දුටුවොත් අඳුරන්න පු`ඵවන්. මට, පැය 1/2 ක් විතර, ගැහැව්වා. පහර දෙන විට, පෙරලූනා. එවිට සුරාබදු නිලධාරීන් නොවන පුද්ගලයින් දෙන්නා, මාව පෑගුවා. පයින් පහර දුන්නා. අන්තිමට පහර දුන්නේ, සුරාබදු පරීක්ෂක කේ.පී. සමන්ත ජානක. 

ඔහු මට පයින් ගැහැව්වා. සපත්තු පිටින් මාව පෑගුවා. ඉන්පසු මාව කූඩුව ළඟට ගෙනිහින් මා ඇඳ සිටි ටී ෂර්ට් එක සහ කලිසම ගැලෙව්වා. එ වෙලාවේදී මට පහර දුන්නා. මාව කූඩුවට දැම්මේ යට ඇඳි කලිසම සමග.

මධ්‍යම රාත‍්‍රිය පසුවූ පසුව, නිලධාරියෙක් පැමිණ, මට ගෙදරට ”කෝල්” කරන්න යැයි කියා මාගේ දුරකථනය මට ලබා දුන්නා. 

එම නිලධාරියා, මට කිව්වා, ගෙදරට කෝල් කර, රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා දෙන ලෙස.

මම ප‍්‍රතික්ෂේප කළා. එසේ මුදල් ඉල්ලන්න යයි, කිවූ නිලධාරියා මට දුටුවොත් අඳුරන්න පු`ඵවන්.

පැයකට පමණ පසුව, නැවත මාව, කූඩුවෙන් එලියට අරගෙන, ප‍්‍රධානියා ලෙසට සැලකෙන, නිලධාරියා, අනෙක් අය ඔක්කොම සල්ලි දෙනවා යයි, කියා, මගෙන් නැවත සල්ලි ඉල්ලා සිටියා. 

උදේ කූඩුවේ සිටි, සියලූ දෙනාගෙන් ප‍්‍රකාශ ගත්තා. මාව, මට, ත‍්‍රී රෝද රථ පටියෙන් පහර දුන්න තැනැත්තා, පහර දුන්න කාමරයට ගෙන ගොස්, පහරදී, මාගේ ඇඟිලි සලකුණ හිස් කවර තුනකට ගත්තා. 

අත්අඩංගුවෙ සිටි, සියලූ දෙනාව වෑන් එකෙන් ගල්කිස්ස උසාවියට ගෙන ආවා. එ ගෙන එන අතරේ, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මගෙන් ලබාගත්, පසුම්බිය, දුරකථනය, ගෙදර අයට දෙන්නද කියා ඇහැව්වා. මා දෙන්න යැයි කිව්වා.

උසාවියට වෑන් එක ඇතු`ඵ කර, අප බස්සන විට, එක් නිලධාරියෙක් කිව්වා, රුපියල් 5000/- විතර දඩයක් ගෙවන්න වෙයි වෙන ප‍්‍රශ්නයක් නැහැ කියලා.

අප සියලූ දෙනාව, උසාවි ශාලාවට, ඇතුල් වන තැන, පෝලිම් ගැස්සුවා. විනිසුරුවරයා, සිටියේ ඈත. අපට කථා කරන්න ඉඩක් තිබ්බේ නැහැ.

එක් එක් අයව, ඉදිරිපත් කළා. විනිසුරුවරයා දඩ නියම කළා. සුරාබදු නිලධාරීන් උසාවියේ ගේට්ටුව ළඟ සිටි ඥතීන්ගෙන් සල්ලි ඉල්ලාගෙන ඇවිත්, උසාවියට දුන්නා. 

මා සමග අත්අඩංගුවට ගත්ත එක් අයෙකුව, අල්ලස් අරගෙන, උසාවියට ”අයිස්” ළඟ තිබූ බවට චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කර, රු: 7500/- ක දඩයකට යටත් කර, මුදාහරින ලද බව මා පසුව දැනගත්තා.

එදින, අන්තිමට හිටියේ මම. නිලධාරියෙක් ෆයිල් එක අරගෙන උසාවිය තුළට ගියා. මාගෙන් විනිසුරුවරයා, කිසිවක් ඇසුවේ නෑ. මා වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී සිටියේ නෑ.

මාව, විනිසුරුවරයා රිමාන්ඞ් බාරයට පත් කළා. සුරාබදු නිලධාරීන් මාව, බන්ධනාගාර රෝහලට ගෙන ගියා.

බන්ධනාගාර රෝහලේදී, කොරෝනා නිසා, නිලධාරීන් කිට්ටු වුනේ නෑ. පහරදීම ගැන කියන්න අවස්ථාවක් තිබුනේ නෑ. ලියාපදිංචි කර, නිරෝධායනය සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා. 

දවස් තුන හතරකින් තමයි මට, පහර දීම ගැන කියන්න පු`ඵවන් වුනේ. මට වේදනා නාශක දුන්නා. 

දවස් 15 කින් පමණ, මැගසින් බන්ධනාගාරයට මාරු කළා.

එ අතර, බන්ධනාගාරයට, අධිකරණයෙන් නියෝගයක් ලැබුනා, මාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත ඉදිරිපත් කරන්න කියා.

ඊට පෙර මාව දෙපාරක්ම PCR කළා. 

අධිකරණ නියෝගයෙන් පසුව, කරන ලද PCR පරීක්ෂණයේදී මට, කොරෝනා වැළඳී ඇති බව කියා, මාව කන්දකාඩුවට යැව්වා.

කන්දකාඩු වල දින 14 ක් සිටියා. ඊට පස්සේ නැවත මැගසින් බන්ධනාගාරයට ගෙන ආවා.

නැවත අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන්න කියා, බන්ධනාගාරයේ PCR කළා. 

එවිටද, මට කොරෝනා වැළඳී ඇතැයි කියා, නැවත කන්දකාඩු යැව්වා. එවර ද දින 14 ක් කන්දකාඩුවේ සිට පැමිණියා.

එ වන විට, මට පහරදී, වධ හිංසා පැමිණවීමට අදාළ කිසිදු සලකුණක් තිබුනේ නෑ. සියල්ල සුවවී, තිබුනා.

එයින් පසුව, මැගසින් බන්ධනාගාරය PCR නොකරම මාව, කොළඹ වශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය එම්.එන්. රුහුල් හක් මයා වෙත ඉදිරිපත් කළා. ඔහු මාව නිසි පරිදි පරීක්ෂා කලේ නෑ.  ඕනෑවට එපාවට තමයි බැලූවේ.

මාගේ දෙමාපියන්, මා හට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට ක‍්‍රියා කර තිබුනා. එ අනුව, 2021.01.29 දින ඇප මත නිදහස් වුනා.

මේ වන විට, කැස්බෑව සුරාබදු ස්ථානය විසින් පවරන ලද බොරු නඩුව පවතිනවා.

නඩු වාර්තාවට අනුව, මට පවරා ඇත්තේ, ව්‍යාජ නඩුවක් බව ඉතා පැදිළිය.

මාගෙන් ඉල්ලා සිටි, රුපියල් ලක්ෂ දෙක නොදුන්න නිසා, මා, මෙම නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළ නිසා, මට, වධ දී, හෙරොයින් මි.ග‍්‍රෑ. 2392 ක් තිබූ බවට, ගරු අධිකරණයට කියා, මාව රක්ෂිත බන්ධනාගාර ගත කොට, මට යුක්තිය ඉටු කර ගන්න ඉඩ නොදී මානසිකව හා ශාරීරිකව වධ දුන්න බව කියා සිටිමි.

මෙම සුරාබදු නිලධාරීන්, අධිකරණයට ඉදිරිපත් කර ඇති එක් පැකට්ටුවක තිබී ඇත්තේ, ප්ලාස්ටික් කෑලිය. එ මගින් මොවුන් අධිකරණය රවටා අපහාසයට පත් කර ඇත.

මිළි ග‍්‍රෑම් 2392 ක් යැයි කියන ලද, ඔවුන් ආදේශ කරන ලද දුඹුරු කුඩුවල තිබී ඇත්තේ, හෙරොයින් මි.ග‍්‍රෑ. 255 කි. 

මේ මගින් ද, අධිකරණයට අපහාස කර ඇත. රවටා ඇත.

අත්අඩංගුවට ගැනීමේදී, මා සතුව තිබූ,

(1) පසුම්බිය, 

(2) දුරකථනය,  මෙ දක්වා මා හට ලබා දී නැත.

කැස්බෑව සුරාබදු ස්ථානයේ නිලධාරීන්, රජයේ මත්ද්‍රව්‍යය මැඩලීමේ ව්‍යාපාරය සිදුකරන ආකාරය ඉතා පැහැදිළිය.

මෙම නඩුව නිසා, මාගේ දෙමාපියන්ට දැඩි වෙදනාවක් ඇති විය. ආර්ථික වශයෙන් පීඩාවට පත්විය. 

රජය රවටා, ආණ්ඩුව දැඩිව අපහසුවට හා අපකීර්තියට පත් කර ඇත.

මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටත්, මට විරුද්ධව පවරා ඇති නඩුව ඉවත් කරවීමට පියවර ගන්නා ලෙසටත් ඉල්ලා සිටිමි. 

 මෙයට,

හිනිඳුම ලියනාරච්චිගේ දිනේෂ් මධුරංග








No comments:

Post a Comment