Tuesday, May 18, 2021

අල්ලා ගත්තු කසිප්පු තියාගෙන, ”කුඩු” දමා දින 50 ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙව්වා.

 


උසාවිය මගින්, රස පරීක්ෂකට යවන ලද හෙරොයින් මි.ග‍්‍රෑ. 2100 තිබිලා තියෙන්නෙ මි.ග‍්‍රෑ. 032 ක්ලූ. එ අනුව ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කළේය.

සුජිත්ගේ බිරිඳ තුෂාරි, 2021.03.08 වන දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයා අමතන ලද ලිපිය පහත දැක්වේ.

නීති විරෝධී මද්‍යසාර අලවි කිරීම, මර්දනය කිරීමට පොලීසිය යොදවා තිබෙන පොලීසිය සිදුකරන දුෂණ අක‍්‍රමිකතා ගැන හෙළිදරව් කරන ඇය, බොරු නඩු දැමීම වළ්කවන ලෙසට ඉල්ලා සිටී.

ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය

14 වන මහල, සුහුරුපාය

බත්තරමුල්ල

 මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් සිටියදී, කසිප්පු වලට අල්ලා කුඩු තිබූ බවට ව්‍යාජ චෝදනා නගා අධිකරණය පාවිච්චි කර රිමාන්ඞ් බාරයට පත් කිරීමේ අපරාධය.

තුෂාරි ජා.හැ.අ. 8584200267 ඪල අවු: 35 යි, 4 සී/2/2, තට්ටු නිවාස, මෝදරවිල, පානදුර. දු.අ. 077 6607038

 හේවා ෆොන්සේකාගේ සුජිත් ප‍්‍රියදර්ශන ෆොන්සේකා. අවු: 40 යි මාගේ සැමියා වේ.

 2021 මාර්තු 07 ඉරිදා රාත‍්‍රී 7.00 ට පමණ, පානදුර කොට්ඨාශ දුෂණ මර්දන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් නිවසට පැමිණියා. එ අවස්ථාවේ මාගේ සැමියා ළඟ කසිප්පු බෝතල් භාගයක් තිබුනා. ඔහු එම කසිප්පු බෝතල් භාගය එම නිලධාරීන්ට බාර දුන්නා. එම නිලධාරීන් මාගේ සැමියාගේ එක් අතකට මාංචු දැම්මා. ටික වේලාවකින් අසල සිටි මාගේ අත ඇද පිටුපසට කර, සැමියාට දමා තිබූ මාංචුවේ අනිත් කෙළවර දැම්මා. එ් සමගම වාගේ එම එ්කකයේ උප පොලිස් පරීක්ෂක මධුශංක නිලධාරියා පැමිණියා. අප දෙදෙනාව එ ආකාරට විනාඩි 45 ක් පමණ තියාගෙන හිටියා. මාගේ අතේ තිබූ මාංචුව ගැලවී ගියා. මා එවිට එම ස්ථානයෙන් පිටවුනා. තටුට් නිවාසවල පදිංචිකරුවන් 100 ක් පමණ මේ සියල්ල බලාගෙන හිටියා. එ අතර ජීප් රථ දෙකක් පැමිණියා. ඔවුන් අපට තර්ජනය කළා. ගෙවල් පොඩි කරනවා කිව්වා. අපිට එහෙන් ඉවත්ව වෙනත් ස්ථානයක පදිංචියට යන ලෙසට තර්ජනය කළා. එ අවස්ථාවේදී ඔවුන් මාගේ සැමියාට පහර දුන්නා. සැමියාව ඉන්පසුව පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන, පානදුර කොට්ඨාශ දුෂණ මර්දන අංශයට ගෙන ගියා. එහිදී ඔහුට ඉතාමත් අමානුෂික ලෙස පහර දී වධ දී තිබෙනවා. ඉන්පසුව පානදුර දකුණ පොලීසියට බාරදී ඇත. දැනට ඔහු එම පොලිස් ස්ථානයේ සිටී. පානදුර පොලීසිය දැනුම් දුන්නා මගේ සැමියාට, හෙරොයින් මිිග‍්‍රෑම් 2100 ක් සන්තකයේ තිබූ බවට චෝදනාවක් දමා ඇති බව. මොහුව උසාවියට ඉදරිපත් කර රිමාන්ඞ් බාරයට පත් කිරීමට නියමිතය. අප ජීවත් වීම සඳහා කසිප්පු විකුණන බව ප‍්‍රකාශ කරමි. මේ වන විටත් නඩු තියෙනවා. එම නඩුවලට අප වැරදිකරු බව පිළිගෙන දඩ ගෙවනවා. හම්බ කරන මුදලින් පවුලේ 09 දෙනෙකු ජීවත් වන බවද ප‍්‍රකාශ කරමි. මෝදරවිල සුනාමි තට්ටු නිවාස වල අදටත්, හෙරොයින්, අයිස් හා පෙති විකුණනවා. අවුරුදු විස්සක් පුරා ඔවුන් කරන්නේ විටින් විට අල්ලා අඩු ප‍්‍රමාණයන් සටහන් කර, නඩු දමන එක. මෑතකදී බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි පිරිස, නැවත මත්ද්‍රව්‍යය ජාවාරම සිදුකරනවා. එ සියලූ දෙනාගේ විස්තර රහසිගතව ලබා දීමට අප සූදානම්.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධීව පෙරන ලද (කසිප්පු) මද්‍යසාර, ළඟ තබා ගැනීම වෙනුවට පළිගැනීමේ හා පොලීසියේ අනුදැනුම ඇතිව පානදුර උයන්කැලේ මහා පරිමාන කසිප්පු ජාවාරම කරන ලසන්ත සල්ගාදු නැමැත්තාගේ අවශ්‍යතාවයට හෙරොයින් මි.ග‍්‍රෑම් 2100 ක් තිබූ බවට චෝදනා කර උසාවිය නොමග යවා රිමාන්ඞ් කරවීම නවත්වන ලෙසටය. මේ මගින් අප පවුලට මෙන්ම රජයටද සිදුකරන්නේ අපරාධයකි. කොරෝනා වසංගතය මත රිමාන්ඞ් කරවීම අවම කිරීමට රජය ගත් තීරණය අවුල් කර දැමීමකි.

මෙයට,

 

පාලමණ්ඩලීගේ රසිකා තුෂාරි ප‍්‍රනාන්දු

2021.03.08

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment