Tuesday, May 11, 2021

පොලිස් කාරයින්ගෙන් බැනුම් අහපු නීතිඥවරියට හා නීතිඥවරයාට රු: 80,000/- ක වන්දියක්. තීන්දුවට අවු: 11 යි.


අම්බලන්ගොඩ පොලීසියට ගියනීතිඥ සමන්මලීට හා පුබුදු කුමාරටබැනනින්දා අපහාස කරන ලද පොලිස් පරීක්ෂකට හා උප පොලිස් පරීක්ෂකට රුපියල් හතලිස් දහස බැගින් වන්දි හා නඩු ගාස්තු ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

බලපිටියේ නීතිඥ චන්දිමා සමන්මලී ද සොයිසා සිරිවර්ධන හා වතුගෙදරනීතිඥ සුබසිංහ ලියනගේ පුබුදු කුමාර යන දෙදෙනාතම සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට 2010 පෙබරවාරි 28 වන දිනඅම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදීඑවක එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ෙදාන් සමන් හරිස්චන්ද්‍ර මලවීර හා උප පොලිස් පරීක්ෂක ලියන ආරච්චිගේ චන්ද්‍රරත්න යන දෙදෙනා විසින්තමන්ට නින්දා අපහාස කරමින් බැන තර්ජනය කරනු ලැබූ බවද,

එමගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ප‍්‍රකාශ කරන ලදි.

SCFR 242රැු2010 යටතේඉදිරිපත් කරන ලද මෙම ඉල්ලීම පිළිබඳව තීන්දුව, 2021 අපේ‍්‍රල් 30 වන දින ලබාදෙන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වනජ.නි. බී.පී. අලූවිහාරේවිනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය හා ජ.නි. එස් තුරෙයිරාජා ඉදිරියේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනියගේ අනුමැතිය ඇතිවශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජ.නි. අලූවිහාරේ විසින්තීන්දු ලියන ලදි.

පොලීසියරජයේ එ්ජන්තයින් වශයෙන් සිදකරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝණයමෙම තීන්දු ප‍්‍රකාශ වලින් යළිත් තහවුරු කර තිබේ.

මෙම පොලිස්කාරයින් දෙන්නාමේ රටේබුද්ධිමතුන්විද්වතුන්මානව හිමිකම් ඔස්තාර්ලා මෙන්මදේශපාලකයින් නන, ෙදාඩවනආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන පරිච්ෙඡ්දයේ, 12  වන වගන්තිය හා 14 (1* (2* ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට තීන්දු කර ඇත.

මෙම සිද්ධිය අදාළවමෙම පොලිස් කාරයින්ට එරෙහිවවිනය පියවර ගෙනදඬුවම්ද පමුණුවා ඇති බවද ප‍්‍රකාශ විය.

එම පසුබිම තුළමෙම පොලිස්කාරයින් දෙදෙනාට පමණක්තම පුද්ගලික මුදලින් වන්දි ගෙවන ලෙසට නියම කර තිබේ. ඒ රජයේ වගකීම ඉටු කර තිබු නිසාය.

මෙම තීන්දුවට අනුව පොලිස්කාරයින් දෙදෙනාපෙත්සම්කාර නීතිඥවරු දෙදෙනාටරුපියල් තිස්දාහක වන්දියක් හා රුපියල් දස දහසක් නඩු ගාස්තු වශයෙන් පුද්ගලිකව ගෙවිය යුතුය. 

එ් අනුවපොලිස්කාරයින් දෙදෙනාගෙන් එක් අයෙකුට හිමිවන වන්දි හා නඩු ගාස්තු ප‍්‍රමාණය අසූ දහසකි.

මෙම තීන්දුව මේ රටේ සාමාන්‍යය ජනතාව අතට පත්විය යුතුයි. ජනතාවඑමගින් නීතිය ඉගෙන ගනු ඇත.

 මාධ්‍යය, මෙම තීන්දුව ගැන නිවැරදිව, තම පාඨකයන් අතට පත් නරනු නැත.

මාධ්‍යය නිදහස හා සදාචාරය ගැන සංදර්ශන පවත්වනපෝස්ට් දාන කුහකයින්ට මේවා අදාල නැත.

ශ්‍රේෂ්ඨාධකරණ තීන්දුවශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවියේ පළ කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව නොපමාව සිංහල හා දෙමළ බසින් පළ කරවීම වත්මන් රජයේ වගකීම වේ.

No comments:

Post a Comment