Friday, July 22, 2011

"උඹට ගැහුවා කියලා කිව්වොත් උඹ පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියලා මරලා දානවා"

යටවරගෙදර කුමාරිහාමි සහ ඔහුගේ පුත් පුබුදු දිල්ෂාන්  
 
 
01.සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
108” බාන්ස් පෙදෙස”
කොළඹ 07.
 
02.ජාතික පොලිස් කොමිෂන් සභාව
03 වන මහළ” රොටුන්ඩා ටවර්”
109” ගාලූ පාර”
කොළඹ 03.
 
03.ස්ථානාධිපති
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය
අංක 25” වයිට්වේස් ගොඩනැගිල්ල”
ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත”
කොළඹ 01.
 
04. සභාපති
ළමා ආරක්ෂක අධිකාරිය”
330” තලවතුගොඩ පාර”
මාදිවෙල.
 
05. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01.
 
06. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
පොලිස් අධිකාරී කාර්යාලය
මාතලේ.

ලිඛිත පැමිණිල්ල

හේරත් මුදියන්සේලාගේ යටවරගෙදර කුමාරිහාමි වයස අවු: 57 යි, විවාහක, දරුවන් 01 යි, 
ලිපිනය : 31, උරුලෑවත්ත, යටවත්ත, මාතලේ’ 2011.07.20 දින දීය. 
(දරුවාට මාස තුනක්ව සිටියදී පියා අතහැර ගොස්ය)

සුබසිංහලා ගෙදර පුබුදු දිල්ෂාන් තිලකරත්න වයස අවු: 15 යි. මා/වීර පරාක‍්‍රම මධ්‍ය මහා විදුහලේ 09 වන වසරේ ඉගෙනුම ලබයි - මාගේ පුතා වේ.

2011. 06. 26 වන දින පුතාගේ මිතුරෙකු වන සහන් නමැති දරුවා අප අසල්වාසී අයෙකු වන ආර්. එම්. තිලකරත්න නමැති අයගේ දරුවාගේ සෙල්ලම්බඩු කීපයක් ගෙනවිත් ඇති අතර, එයින් කැඩුණු ජංගම දුරකථනයක් පුතාටද දී තිබෙනවා. තිලකරත්න නමැති අය හා අප ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අමනාපයෙන් පසුවනවා. පසුව පුතා එම ජංගම දුරකථනය ගෙදර ගෙනවිත් තිබෙනවා. අනෙක් ඒවා සහන් නමැති දරුවා ගෙනගොස් තිබෙනවා.

2011. 06. 30 වන දින පුතා පාසැල් ගොස් ගෙදර පැමිණියා. ඊට ටික වෙලාවකට පසු අප නිවසට යතුරුපැදි 03 කින් යටවත්ත පොලිසියේ නිලධාරින් 6 දෙනෙකු පැමිණියා’ නිලධාරින් දෙදෙනෙකු පමණක් නිල ඇඳුමෙන් සිටියා’ එක් නිලධාරියෙකු පුතාට කිව්වා කටඋත්තරයක් ගන්න යමු කියලා’ මගේ පුතාව ගෙනියන්නේ ඇයි” එයාව ගෙනියන්න එපා කියලා මම ඇක්‍ෂුවා’ ඒත් එම නිලධාරින් කටඋත්තරයක් ගන්න තියෙනවා කියා පුතාව යතුරුපැදියක දමාගෙන රැගෙන ගියා’ පුතාව පොලිසියට ගෙනගියේ ඇයි කියා අප දැනගෙන හිටියේ නැහැ.

පසුව මාත් මගේ අම්මාත් පයින්ම යටවත්ත පොලිසියට ගියා’ අපි යනවිට පුතා පොලිසියේ පුටුවක වාඩිවී සිටියා’ අපි පුතා සමග කතා කිරීමට යන විට එහි සිටි පොලිස් නිලධාරියෙකු මට තෝ පුතා හදාගනින් කියා කුණුහරුපයෙන් බැණවැදී එලවා ගත්තා’ පුතාව බැලීමට දුන්නේ නැහැ.

නමුත් අපි ඉස්සරහ තිබුණු පුටුවල වාඩිවෙලා හවස්වන තුරුම හිටියා’ නමුත් පුතාව බැලීමට දුන්නේ නැහැ’ පසුව පොලිස් නිලධාරින් වැඩ ඉවරවෙලා යන්න ගියා’ එක නිලධාරියෙකු පුටුවක වාඩිවෙලා හිටියා’ පසුව අපි දැක්කා පුතාව කූඩුවට දානවා’ එදා ? එළිවෙන තුරුම අපි පොලිසියේ හිටියා.

2011’ 07’ 01 වන දින (පසුදින) උදේ අපට බැණවැදුණු නිලධාරියා ඇවිත් කිව්වා ගෙදර ගිහින් කෑම කාලා එන්න කියලා’ මම කිව්වා අපිට බඩගිිනි නෑ කියලා’ පුතාට ගහන්න එපා කියලත් මම කිව්වා’ එවිට එම නිලධාරියා පලයං ගෑණියේ අහකට කියා මට බැණවැදුණා’ එම නිලධාරියා පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා මා පසුව දැනගත්තා’

ටික වෙලාවකට පසු අපි දැක්කා පුතාව ජීප් එකට නග්ගනවා’ ඊට පසු පුතාව නිලධාරින් කීප දෙනෙක් ජීප් එකෙන් රැගෙන ගියා’ අම්මාත් මාත් ත‍්‍රිවිල් එකක් අරගෙන ඒ පිටිපස්සෙන්ම ගියා’ ජීප් එක ගියේ අපේ ගෙදරට’ පසුව පුතා ගේ ඇතුළට ගිහින් ෆෝන් එකක් ගෙනත් දුන්නා’ ඒකත් අරගෙන මිදුලට ගියා’ පුතා සෙල්ලමට ඉටිරෙදි වලින් සාදා තිබුණු බස් එකක් තිබුණා’ ඒකේ ඇතුළට එබී බලා එහි තිබුණු පැති කණ්ණාඩි 2ත් අරගත්තා’ එතන තිබී සිම් කාඞ් පතකුත් අරගත්තා’ පුතා සාදා තිබුණු එම සෙල්ලම් බසයද කඩා දැම්මා’ එදා පුතාව උසාවි දමන බව කිව්වා’ පසුව පුතාවත් රැගෙන යන්න ගියා.

පසුව මගේ මල්ලිගේ බිරිඳ වන පද්මිණිත් සමග නීතිඥ මහතෙකු හමුවීමට ගියා’ ඔහුට විස්තර කියූ පසු නීතිඥවරයා අධිකරණයට එන බව පවසා සිටියා’ පසුව අප උසාවියට ගියා’ එහිදී පුතාට සෙල්ලම්බඩු සොරකම් කළ බවට චෝදනා නගා තිබුණා’ මාගේ අසරණ තත්වය මත පුතාව පරිවාස භාරයට යවන ලෙසට නියෝග කළා’ රුපියල් 25000/-ක ශරීර ඇපයක් තබා නිදහස් කළා’ නඩු අංකය 97789 වන අතර” නැවත 2011.07.26 දිනට කල් තැබුවා.

එදිනම මා පුතා සමග පරිවාස කාර්යාලයට ගියා’ නමුත් මා පුතාව පරිවාස භාරයේ තැබීම ප‍්‍රතික්ෂේප කළා’ පසුව නැවත මට පුතාව භාරදුන්නා’ නැවතත් 211’ 07’ 05 වන දින එම කාර්යාලයට පැමිණෙන ලෙසට කියා සිටියා.

2011.07.02, 03 හා 04 යන දිනවල පුතා ගෙදර සිටියා’ පුතා කෑම කෑමද ප‍්‍රතික්ෂේප කළා’ පසුව 2011’ 07’ 05 වන දින පුතා සමග නැවත පරිවාස කාර්යාලයට ගියා’ එහි නිලධාරියෙකු හමුවී මගෙන් හා පුතාගෙන් විස්තර ලබාගත්තා’ පුතාව පරිවාස භාරයට දීමට මා අකමැති වූ නිසා දරුවා මගේ භාරයේම තැබුවා.

පසුව 2011.07.06 හා 07 දින දෙකේ පුතා පාසැල් ද ගියා’ 2011.07.08 වන දින මගේ මල්ලිගේ බිරිඳ වන පද්මිණි අප නිවසට පැමිණියා’ ඇය පුතා වේදනාවෙන් සිටිනවා දැක” පුතාගෙන් විස්තර ඇසුවා’ ඒ අනුව,

පුතා පැවසූ ආකාරයට විස්තර පහත දක්වමි.

2011.06.30 දින පොලිසියට ගෙන ගිය ගමන්ම” කටඋත්තරයක් ගන්න තියෙනවා කියූ නිලධාරියා මාව කාමරයකට ගෙන ගියා’ ඇත්ත කියපන් කිව්වා’ මම සද්ද නැතුව හිටියා’ එතකොට මට කිව්වා නැත්තන් බැටන් පොල්ල ගේනවා ඇත්ත කියපන් කිව්වා’ ඒත් මම කිසිදෙයක් කිව්වේ නැහැ’ එවිට කිව්වා මාව කරුවල කාමරයට ගෙනියනවා කියලා’ පසුව මාව උඩුමහළේ තියෙන කාමරයකට ගෙනගියා’ ඒකේ ඇඳක් තිබුණා.

මාව ඇඳේ වාඩිකළා’ මට ඇත්ත කියපන් කිව්වා’ මම මුකුත් කිව්වේ නැහැ’ පස්සේ ඒ නිලධාරියා ගියා’ අපේ ගෙදරට ආපු සිවිල් ඇඳුමෙන් හිටපු නිලධාරියෙක් ආවා’ ඒ නිලධාරියාත් මට කිව්වා ඇත්ත කියපන්” බඩුටික දුන්නොත් ගෙදර අරිනවා කියලා’ මම කිව්වා මම ගත්තේ නැහැ කියලා’ එතකොට ඒ නිලධාරියා මගේ බෙල්ලෙන් අල්ලලා බිත්තිය පැත්තට තල්ලූ කළා’ ඊට පස්සේ මගේ චූ කරන තැනින් අල්ලලා බිත්තියට මාව හේත්තු කරලා මාව උඩට උස්සගෙන ටිකක් වෙලා හිටියා’ එහෙම උස්සගෙන මට කියපන් කියපන් කිව්වා’ මම සද්ද නැතුව හිටියා’ එවිට එම නිලධාරියා කිව්වා ඬඬඋඹව මෙතනින්ම අල්ලලා මරණවාඬඬ කියලා.

ඊට පස්සේ මගේ බෙල්ලෙන් අල්ලලා තදරකරලා” නැවතත් චූ කරන තැනින් මිරිකා අල්ලාගෙන ඇදලා ගත්තා’ පසුව ඇත්ත කියන්නේ නෑනේ කියා” ඒ ළඟ තිබුණු කාමරයකට ගෙනිච්චා’ මාව පුටුවක වාඩිකළා’ එහි තවත් නිලධාරින් හිටියා’ මේසයක් ළඟ නිලධාරින් දෙන්නෙක් හිටියා’ මට වධහිංසා කරපු නිලධාරියා මම ඇත්ත කියන්නේ නෑ කියලා මාංචු අරගෙන ඇවිත් මගේ එක අතකට දැම්මා’ පස්සේ මාව මාංචුවෙන් ඇදගෙන පහළට ගෙන ගියා’ ඒ නිලධාරියා කිව්වා ඇත්ත කිව්වේ නැත්තං කට්ටියටම පේන්න හංදියටම අරන් යනවා කියලා.

පස්සේ මම බයේ කිව්වා සහන් ගාව සෙල්ලම්බඩු තියෙනවා කියලා’ පස්සේ මාව එළියට ගෙනාපු නිලධාරියා මාව පුටුවක වාඩිකරලා මාංචුවේ අනික් කෙළවර පුටුවට දැම්මා’ මට කටඋත්තර දෙන්න කියූ නිලධාරියාත් අනෙක් නිලධාරියාත් යතුරුපැදියක නැගී බඩුටික අරගෙන එන්නම් කියා යන්න ගියා’ ඒ වේලාවේ අම්මාත් අත්තම්මාත් ආවා මම දැක්කා’ නමුත් අම්මලාට මාව බලන්න නොදී එහි සිටි පොලිස් නිලධාරියා බැණවැදී එලවා ගත්තා මම දැක්කා.

ටිකක් වෙලා ඉන්න විට ඒ නිලධාරින් සෙල්ලම්බඩුත් අරගෙන සහන් මල්ලිවත් ගෙනාවා’ එයාගේ අම්මත් ආවා’ පස්සේ මගේ මාංචු ගලවලා පොලිසිය ඇතුළට ගෙනියලා සහන්ගෙන් ඇහුවා සෙල්ලම්බඩු ගත්තේ ඇයි කියලා’ සහන් කිව්වා ඒවා ගත්තේ මම කියලා’ මම කිව්වා සහන් තමයි ගෙනත් දුන්නේ කියලා’ සහන්ගේ අම්මාත් කිව්වේ මම ගත්තා කියලායි’ පස්සේ සහන්වත් අම්මාවත් ගෙදර යැව්වා’ මට පුටුවක වාඩිවෙලා ඉන්න කිව්වා.

මට කටඋත්තර ගන්න යමු කියපු නිලධාරියා කිව්වා හෙට උදේට ෆෝන් එක ගේන්න යන්න ලෑස්ති වෙයන් කියලා’ ඒ නිලධාරියා ස්ථනාධිපති බවත් ඔහුගේ නම බණ්ඩාර බවත් අනිත් නිලධාරින් කියනවා මට ඇහුණා’ මම ටිකක් වෙලා ඉන්නකොට ස්ථානාධිපති බණ්ඩාර හා තවත් නිලධාරින් වැඩ ඉවරවෙලා ගෙදර යන්න ලෑස්ති වුණා’ ස්ථානාධිපති කිව්වා මගේ ළඟ තනියට කවුරුහරි ඉන්න ඕනා කියලා’ එක නිලධාරියෙක් ඉස්සරහ පුටුවක වාඩිවෙලා හිටියා’ පස්සේ තවත් නිලධාරියෙක් මාව කූඩුවට දැම්මා’ එදා ? කූඩුවේ හිටියා’ අම්මයි අත්තම්මයි එදා ? පොලිසියේ හිටියා.

2011.07.01 (පහුවදා)* උදේ ස්ථානාධිපතිවරයා නිල ඇඳුම් ඇඳගෙන ඇවිත් මට කිව්වා ෆෝන් එක තියෙන තැන කියන්න කියලා’ මම කිව්වා ගෙදර තියෙනවා කියලා’ ගෙදර යමු කිව්වා’ මම බෑ කිව්වා’ පස්සේ මාව බලෙන්ම ජීප් එකේ දාගෙන මට ගහපු නිලධාරියාත් තවත් නිලධාරින් කීප දෙනෙකුත් එක්ක අපේ ගෙදර යන්න ගියා’ අම්මලාත් ඒ පිටිපස්සෙන් ආවා.

ජීප් එකේ යන ගමන් ස්ථානාධිපති මගේ ඔලූවට පිස්තෝලයක් තියලා කිව්වා උඹට ගැහුවා කියලා කිව්වොත් උඹ පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියලා මරලා දානවා කියලා.

ගෙදරට ගිය පසු මම ඒ කැඩුණු ෆෝන් එක ස්ථානාධිපතිට දුන්නා’ මම ඉටිරෙදි වලින් සෙල්ලම් බස් එකක් හදලා තිබුණා’ ඒකට එබිලා බලා ඒකේ පැති කණ්ණාඩි දෙකත් ඔහු ගත්තා’ එතන තිබිලා සිම් එකකුත් ගත්තා’ මගෙන් ඇහුවා කොහෙන්ද කියලා’ මම කිව්වා හංදියේ කඩෙන් ගත්තු එකක් කියලා’ පස්සේ මාව ජීප් එකේ දාගෙන ගියා.

හංදියේදී මට කඬේ පෙන්නන්න කිව්වා’ මම පේනනුවා’ වෙනත් පොලිස් නිලධාරියෙක් ඔහුගේ ෆෝන් එකට මගෙන් ගත්තු සිම්එක දාගෙන ඔහුගේ සිම් එක කඬේට දීලා ඇහුවා මේක මෙහෙන්ද රෙජිස්ටර් කරලා තියෙන්නේ කියලා’ එම කඩෙන් කිව්වා නෑ කියලා’ නැවතත් මාව ජීප් එකේ දාගෙන ගියා’ යන ගමන් මගෙන් ඇහුවා හොරකම් කරපු ෆෝන් එකක සිම් එකක්ද කියලා’ මම කිව්වා නෑ ගෙදර එකක් කියලා’ එතකොට ස්ථානාධිපතිත් මට ගහපු නිලධාරියාත් කුණුහරුපයෙන් බැන්නා’ ඇත්ත කියපන් කිව්වා.

ඊට පස්සේ අපේ ඉස්කෝලේ ළඟට ගිහින් ජීප් එක නවත්තලා ඉස්කෝලෙට එක්ක යනවා” සිම් එක කොහෙන්ද කියලා කියපන් කිව්වා’ ජීප් එක ගේට්ටුව ළඟට ගන්නකොටම එතන්ට චන්දන සර් ආවා’ ස්ථානාධිපති ඒ සර්ට කිව්වා සෙල්ලම්බඩු වගයකුයි සිම් එකකුයි හොරකම් කරලා ගෙනාවා කියලා’ එවිට සර් කිව්වා ඉස්කෝලෙට එන්න එපා මම ප‍්‍රින්සිපල්ට කියන්නම් කියලා’ ආයෙත් මාව අරගෙන ගියා’ ඒ යන ගමන් ස්ථානාධිපති” ඬඬතෝ කපටියාඬඬ කියා මට කුණුහරුපයෙන් බැන්නා’ එසේම ඔහු කිව්වා” ගමේ පන්සලේ ඝංඨාරයක් නැතිවෙලා තියෙනවා” ඒකත් මූට දාමු කියලා’ පස්සේ මාව පොලිසියට ගෙන ගියා.

මේසයක් ළඟ පුටුවක වාඩිකළා’ ස්ථානාධිපති ඇතුළට ගියා’ නැවත ඔහු එන වෙලාවේ මම හිටියේ ඔලූව පාත් කරගෙන නිදිමතෙන්’ ඔහු ඇවිත් පෑනෙන් එකක් මගේ ඔලූවට ගහලා ඬඬඋඹ නිදාගන්නයි” අපි වැඩකරන්නයිඬඬ කියලා මාව කාමරයකට ගෙන ගියා.

ඒ කාමරේ දොර ළඟට යනකොට ස්ථානාධිපති බණ්ඩාර” මගේ කකුලකට පයින් දෙකක් වේගයෙන් ගැහුවා’ ඒ පාරවල් මට තදින්ම රිදුණා’ මම ඇක්‍ෂුවා’ එහි තිබුණු පුටුවක මම වාඩිවුණා’ එහි සිටි නිලධාරියෙකු මගෙන් ගෙදර විස්තර ඇහුවා’ නම” ලිපිනය ලියාගත්තා’ තව නිලධාරියෙකුට කිව්වා මගේ උසයි බරයි මැනලා ලියන්න කියලා’ ඒවා ලියනකොට සිවිල් ඇඳපු සුදු මහත නිලධාරියෙක් ආවා’ එහි සිටි නිලධාරින් ඔහුට සර් කියලා කතා කළේ.

ඒ සුදු මහත නිලධාරියා මගේ බෙල්ලෙන් අල්ලා” මේකා හරි කපටියා නේද කියලා මගේ පිටට දෙකක් අතින් ගැහුවා’ විස්තර ලියමින් සිටි නිලධාරියා කිව්වා කමිසෙ ගලවන්න කියලා’ මම ගැලෙව්වා’ මගේ ඇඟ පරික්ෂා කරලා බැලූවා’ පස්සේ සුදු මහත නිලධාරියා මගේ අත අඹරලා පිටිපස්සට අරගෙන මගේ පිටට අතින් ගැහුවා’ ඊට පස්සේ කමිසෙ ඇඳගන්න කිව්වා’ ස්ථානාධිපති යන්න ගියා’ සුදු මහත නිලධාරියාත් තවත් නිලධාරින් 4 විතර හිටියා.

සුදු මහත නිලධාරියා මට කිව්වා” ගැහුවා කියලා කිව්වොත් උඹව උසාවි දානවා” නැත්තං දාන්නේ නෑ” හැබැයි උසාවි දැම්මොත් වැලිකඩ බන්ධනාගාරෙ තමයි ඉන්න වෙන්නේ කිව්වා’ පස්සේ ඒ නිලධාරියාත් ගියා’ නිලධාරින් දෙන්නෙක් හිටියා’ එක් නිලධාරියෙක් මගෙන් කොල 02 කට අත්සන් ගත්තා’ කලින් විස්තර ලියාගත්තු පොතේ කොල ඉරලා එකදිගට තියලා ඇලෙව්වා.

පස්සේ එහි සිටි කළු නිලධාරියා මට බත් එකක් ගෙනත්දීලා කන්න කිව්වා’ මම කෑවා’ මට කිව්වා ටැප් එක ළඟට ගිහින් මූණ සෝදාගෙන එන්න කියලා’ ඊට පස්සේ මට බත්දීපු කළු නිලධාරියා මාව යතුරුපැදියේ තබාගෙන සෙල්ලම්බඩුත් අරගෙන රැගෙන ගියා.

ඒ යන අතරරෙදි සෙල්ලම්බඩු අයිති ගෙදර තිලකරත්න මාමාත් ඒ ගෙදර කුළියට ඉන්න ගුණතිලක මාමාත් හමුවුණා’ ඒඅය පොලිස් නිලධාරියාගෙන් ඇහුවා වැඬේ හරියට කෙරුවාද කියලා’ පොලිස් නිලධාරියා කිව්වා එන බස් එකක උසාවිය ළඟට එන්න කියලා’ පස්සේ යන ගමන් ඒ නිලධාරියා මට කිව්වා දැන් උසාවියට යන්නේ එහෙදි ඇප දෙයි” ආයෙත් මේ වගේ වැඩ කරලා අහුවෙන්න එපා කියලා.

අම්මලා නීතිඥ මහත්තයෙක් ගෙනල්ලා තිබුණා’ එහෙදී මට ඇප දුන්නා’ පරිවාසෙට දාන්න කිව්වා’ ඒත් අම්මා කැමති වුණේ නැහැ.

පුතා මෙම පහරදීම් හා වධහිංසා ගැන මගේ මල්ලිගේ බිරිඳට පැවසූ පසු 2011’ 07’ 09 වන දින මාත් මල්ලිගේ බිරිඳත් පුතාව යටවත්ත බෙහෙත් ශාලාවකට ගෙන ගියා’ එයින් පුතාව මාතලේ මහ රෝහලට ගෙන යන ලෙස උපදෙස් දුන්නා’ පසුව මල්ලිගේ බිරිඳ සමග පුතාව යැව්වා.

මාතලේ රෝහලේ 13 වන වාට්ටුවේ පුතාව නතර කළා’ එහිදි පුතාගෙන් රෝහල් පොලිසියෙන් ප‍්‍රකාශ ගෙන තිබුණා’ පොලිසියෙන් පහරදී ඇති බව පුතා පවසා තිබුණා’ 
එසේම අධිකරණ වෛද්‍යවරයාද පරික්ෂාකර බලා සටහන් කරගෙන තිබුණා’ එහ රෝහලේ දින 03 ක් ප‍්‍රතිකාර ලබා ගත්තා’ 2011’ 07’ 12 වන දින ටිකට් කැපුවා’ පසුව මනෝ වෛද්‍ය වරයෙකු වෙතද යොමුකළා’ ඉන්පසු සායනයටද යොමු කළා.

නැවත නඩුව 2011.07.26 වන දිනට කල්තැබුවා.

මා ඉල්ලා සිටින්නේ”
1. මාගේ පුතා නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන” රඳවා තබාගෙන අමානුෂික ලෙස වධහිංසා පමුණුවා” නඩු පවරනු ලැබූ යටවත්ත පොලිසියේ ස්ථානාධිපති බණ්ඩාර ඇතුළු අදාළ නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්”
2. මාගේ පුතාට ආරක්ෂාව සලසාදෙන ලෙසත්ය’

එච්.එම්.වයි. කුමාරිහාමි

Thursday, July 21, 2011

පොලිස් වධහිංසාවක තරම

ජායාරූප වලින් පැහැදිලව දැක්වෙන්නේ - 2011.07.17 වන දින පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ප්‍රියන්ත නැමැති නිළධාරියා තවත් අයෙක හා එක්ව ලහිරු (අවු: 35යි) ට පමුණවා ඇති වධහිංසාවල තරමයි.





වැලි වැනි දෙයක් පුරවන ලද පීවීසී බටයකින් පහරදුන් බව ඔහු කියා සිටියා.

සියලු විස්තර ඉදිරියේදී.

අපරාධකරු රකින්න පෙරමුණ ගෙන ඇත්තේ චීවරධාරියෙක්.

මොහොමඩ් නසීම්

 12 හැවිරිදි මොහොමඩ් නසීම්ට නාස් පොල්ල කැඩෙන්න පොලු පහර දුන්නේ, මාතලේ, ඇල්වල මහා විදුහලේ විදුහල්පති ගොඩගෙදර ය.

ඒ 2011 ජූලි 11 දිනය. එදින විවේක කාලයේදී පොල්ලක් අත ඇතිව පැමිණි විදුහල්පති ගොඩගෙදර, 07 වසර පංතියේ සියලුම ළමුන්ට එයින් පහර දුන්නේය.

මාතලේ පොලිසිය විදුහල්පති ගොඩගෙදර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

එම විදුහලේ උගන්වනු ලබන චීවරධාරියෙක් ප්‍රමුඛ ගුරුවරු පිරිසක්ද, ඇටිපොල නැමැති ප්‍රදේශීය සභා මංත්‍රීවරයෙක්ද, අපරාධය යටගැසීමට නසීම් ට හා ඔහුගේ පවුලේ උදවියට කරනු ලබන බලපෑම්වලට මුහුණ දීමට සිදුවී ඇති නිසා, ප්‍රශ්ණය වඩාත් බරපතල වී ඇත.මෙම බලපෑම් නිසා - නසීම් පාසල් යෑම ප්‍රතික්ෂේප කරනු ලබන බව පියා පවසයි.

ඔහුගේ නාසය ශෛල්‍ය කර්මයකටද භාජනය කලයුතුව ඇති අතර, මානසික වශයෙන් ගැටලු මතුව ඇති බවද කියනු ලැබේ.මෙම සියලු තත්වයන් තුල , ඉහත කී චීවරධාරියා සමග, එම විදුහලේ උගන්වනු ලබන ඥානවතී නැමැති ගුරුවරියන්ද බලපෑම් කිරීමට එක්ව තිබේ.
මේ අතර,  ඥානවතී ගුරුවරියගේ පොලිස් සැමියාද බලපෑම් කිරීමට එක්ව තිබේ.

ළමයාගේ පියා විසින් කර ඇති ලිඛීත පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.

ළමයාගේ පියා
එදිනම සවස නැවතත්, ඥානවතී නැමැති ගුරුවරියත්, නුවර පොලිසියේ සේය කරන ඇයගේ ස්වාමිපුරුෂයාත් නිවසට පැමිණියා. ඇවිත් මට කිව්වා නසීම් හොදට ඉගෙන ගන්න ළමයෙක්, මේක වැඩිදුර ගෙනියන්න එපා, මෙතනන් සාමදාන වෙන්න, පොලිසියට ගිහින් පොඩි අත්සනක් තමයි තියන්න ඕනා, ප්‍රින්සිපල්ට මොනවා හරි වුනොත් ටීචර්ලා සේරම අස්වෙනවා කිව්වා. ඔයාට කීයක් ඕනාද කියා ඇහුවා. මම කිව්වා කීයක්වත් එපා, මට මගේ ළමයවයි වටින්නේ කියා. එවිට එම ගුරුවරිය පැවසුවා සවස 7.00ට විතර ඔවුන්ගේ නිවසට එන්න පුලුවන්ද කියා. මම බේරෙන්න බැරි තැන හා කව්වා. නමුත් මම ගියේ නැහැ.

අප රටේ සදාචාරය, ආචාර ධර්ම, ආගම් සියල්ල පොලදි බැදගෙන ඉදිරිපත් වන්නේ අපරාධනකරුවන් බේරාගන්නටය.මේ පිරිස - තරාතිරම කවරෙක් වුවත් අපරාධකරුවන්ට වඩා භයානක බව කිව යුතුය.

Tuesday, July 12, 2011

වාරණ - ජයගන්න මාධ්‍යවේදීන්ට ශක්තිය වඩවා ගත යුතුයි.




සියලු ආකාරයේ වාරණ අභිබවා යෑමට ශක්තිය හා ධෛර්ය තමා තුල වර්ධනය කර  කර ගැනීම - මාධ්‍ය කරුවාගේ වගකීම හා යුතුකම වේ.

අද මාධ්‍යකරුවන් සෘජු හා අනියම් රාජ්‍ය වාරණයට, ආයතනික වාරණයට හා ස්වයං වාරණයට කොටුව තිබේ.
එහෙත් මෙම වාරණ අතුරින් ජයගැනීමට අපහසුම වාරණය ස්වයං වාරණයයි.

ස්වයං වාරණයෙන් මිදීම තුලින් රාජ්‍ය හා ආයතනික වාරණ අභිබවා තම සේවය ඉටු කිරීමට හැකියාව තිබේ.මෙම නියමයන්ට එළඹියේ ජනමාද්‍යවේදීන් සදහා පැවති දෙදින වැඩමුඵවේදීය.

2011 ජූලි 08 හා 09 යන දිනයන්හී ජනසංසදය සංවිධානය කරන ලද මෙම වැඩමුඵව රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් තරුණ මාධ්‍යවේදීන් එක්විය.

මූලික අයිතිවාසිකම්, වධහිංසාව, කෲර අවමන් සහගත අමානුෂික සැලකිලි හා දඩුවම් අදාල දේශීය නීති, ශ්‍රී ලංකාණ්ඩුව එළඹ සිටින ජාත්‍යන්තර සම්මුති පිළීබදව සාකච්ජා කරන ලදි.

තවද - නීතිමය බාධක සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබීය.

වධහිංසාවන් ඇතුලු රාජ්‍ය අංශයෙන් සාමාන්‍ය වැසියන් මුහුණ දෙන පීඩාවන් වාර්තා කරණයේදී - මාධ්‍යයේ කාර්යභාරය පිළීබදව දීර්ඝව සාකච්ජා කරන ලදි.

මෙහිදී මාධ්‍යවේදීන් වශයෙන් මුහුණ දෙන ගැටඵ හදුනා ගැනීමක් සිදුකරන ලදි. ඒ සියල්ල ජයගත හැකි ඒවා බව සියලු දෙනාගේ පිළිගැනීම විය. 

Monday, July 11, 2011

අපි සියලු දෙනාම මනුෂ්‍යන් වීමු

අපි මේ ලොව කිසිදු විටක වර්ගීකරණයකට ලක්  වී ඉපදුනේ නැත .ගැහැණිය , පිරිමියා කියා අපි වර්ගීකරණය වෙන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන මිස එය කාටවත්ම ආයුදයක් වීමට බැරිය .මන්ද අපි නිදහසේ උපන්න මිනිස්සු හින්දාමය    . අපිට මානව අයිතීන්  මෙන්ම  මුලික අයිතීන් මහා ගොඩක් තියනවා .නමුත් අපිම ඒ දේවල් විනාශ කරගෙන ඉවර වෙලා දැන් ඒවා ඉල්ලා ගන්න දුක් විදිනවා .මොකද අපි කොල්ලාට බල්ලාට දෙන්නටම සර් කියලා අපි අපේ  තැන කා ගත් හින්දා   .කිසිම විට ශාරීරිකව හරි මානසිකව හරි අපි  වද හිංසා වලට ලක් වෙන්න ඕනේ නැ. අපි අපේ දුප්පත් කම ,නිතිය අතට අරන් පුප්පන පොලිසිය මේ කාටවත්ම අපි යටත් වින ඕනි නැ .අපි අපේ වටින ජීවිතය දනය  ,බලය  හමුවේ කිසිවිටකත පාවා නොදෙමු .


- - සුරේෂ් කුමාර - -

Wednesday, June 29, 2011

මූන පාගලා දත් කඩපු තිරිසන් පොලීසිය..





පහර කෑමට ලක්වූ රන්ජන්
පෝද්දල පොලීසියේ සමරජීව නැමති දූෂිත නිලධාරියා, ප්‍රදෙශයේ මැරකම් කරමින්, මිනිසුන්ට ගසමින්, දත් කඩමින් හැසිරෙන්නේ - සියලු ආශිර්වාද මැදය. මොහුට මිනිසුන් පේන්නට බැරිය. බොරු නඩු දමමින්, මිනිසුන්ට ගහන මෙවන් දුශිත නිලධාරීන් අප හෙලා දකිමු.





මේ ඔහුගේම තවත් මැර කම් කිහිපයක්






මතට ඇබ්බැහිවූවෙකුට වධ දී ඇති අයුරු


දින තුනක් පුරා මොරටුව පොලීසිය විසින් නීති විරෝධී ලෙසට රඳවා තබාගෙන දස වධ දී ඇති ජිනසිරි ප්‍රනාන්දු.

නීතිඥවරියකගේ ඉල්ලීම මත දඩ ගෙවා නිදහස් වූ- මොරටුව පොලීසියේ ප්‍රසන්න නැමැති නිලධාරියා විසින් වධ දී ඇති අකාරය - ජායාරූප පෙන්නුම් කරයි.












මොහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ 41 හැවිරිදි විවාහකයෙකි.

කුලී වැඩ කරන මොහුව, මීට වසර 5කට පෙර කුඩු චෝදනා නගා අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දෙකි.

ඔහු රිමාන්ඩ් භාරයේ අවුරුදු 5 දවස් 5ක් පසුව ඇත. දැනට ඇප මත සිටින මොහුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන, මෙසේ වධ දී බොරු නඩුවක් පවරා ඇත්තේ —කුඩු˜ ඉල්ලමින්ය.

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙක්ට වධ දී බොරු නඩු දැමීම බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයක් නැති බව පෙනෙන්නට තිබේ.


Tuesday, June 28, 2011

දරුවන් තිදෙනෙක්ට අමානුෂිකව පහරදුන් පොලිස් මාමලාගේ වීඩියෝව



ටිකිරි බන්ඩාරගේ දරුවන් තිදෙනාට ඇල්ල පොලිස් මුරපොලේ පොලිස් මාමලා දෙන්නෙක් හොඳටම ගැහුවේ, සාත්තරයක අහලා. සාවදානව අහන්න මේ අපරාධය. සිතන්න රට වැටී ඇති ආගාධය ගැන. මෙය ඔබගේ දරුවාටද විය හැක.

අපගේ කලින් ලිපිය
http://peoplesforumsl.blogspot.com/2011/06/blog-post_25.html


Monday, June 27, 2011

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙසේ කියයි...

පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ක්‍රිශාන්ත ජයකොඩි


ආසියානු මානව හිමිකම් කොමිෂම මගින් එලිදැක්වු ශ්‍රි ලංකාවේ පොලිස් වදහින්සා පිළිබඳ වාර්තාව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ක්‍රිශාන්ත ජයකොඩි මෙසේ කියයි

BBC sandeshaya by janasansadaya


පොලිස් මාධ්‍ය ප්‍රකාශක - මේ අය අතරින් මානව හිමිකම් ඇත්තේ නිරෝශන්ට පමනද?

























Saturday, June 25, 2011

ටිකිරි බණ්ඩාර දරුවන්ගේ සුබ අනාගතය


මේ දරුවන් තිදෙනා  බෞද්ධ කුල දරුවන්ය. අවු: 13, අවු: 11 හා අවු: 10 වන මේ තිදෙනා එක බඩවැල කඩාගෙන ආ අයයි. බස්නාහිර පලාතේ නෙලුකැටිය ගමේ රටේ ආර්ථීකයට ලේ දහඩිය මුසු කරන අයයි.

අසල්වැසියෙකුjq නිශ්සංක හා රේණුගේ  නිව‍සේ නැතිවූ රන්මාලයක් සොයාගන්නට සාස්තර අසා දෙවි පිහිට ලබාගත් අයිතිකාරිය රේණු - ඥාති පොලිස් කාරයින්ට කිතුල් රා පොවා මාල සොරකමට මේ දරුවන් සැකකරන බව කියා සිටියේය.

බදුරලිය පොලිසියට අයත් ඇල්ල පොලිස් මුරපොළේ පොලිස්කාරයින්වන මහින්ද හා ලියනගේ එම ස්ථානයේදීම මේ දරුවන්ට මළපහ වන්නට පහරදී, රන් මාලය සොයාගන්නට බැරිව - පිරිමි දරුවන් දෙදෙනාව ඇල්ලේ පොලීසියට ගෙන ගොස් පැදුරු කඩමල්ලක හිදවා රෝස් පාන් ගෙඩියක් රෑටද, හාල්මැස්සෝ හොද්දක් සමග බත් ටිකක් උදයටද දුන්නේ වතුර පොදක් නොදීය. පසුදින බදුරලිය පොලිසියට ගෙනගොස් උසාවියට ඉදිරිපත් කළේ කාපු ජරාවට ළමුන්ව පරිවාසයට දාන බවට පාරම් බාමින්ය.

 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසී, මහත් උත්කර්ෂවත් ලෙසට පොසොන් පෝයද - සියලු වත් පිළිවෙත් අනුන්ගේ අනුග්‍රහයෙන් ඉෂ්ඨ සිද්ද කර, දින තුනක් ගතවු තැන -, මේ මස 18 වනදිනය.

සුදු රෙද්දෙන්, බෞද්ධ කොඩියෙන්, මල්වට්ටියෙන්, ලවුඩ්ස්පීකර් බණ පිරිත් වලින්- සියලු දුසිරිත් වසා ගන්නට, හැමදාම පුලුවන්වනු ඇතැයි සිතා සිටින පොලිසියේ මෙවන් පාහර අසික්කිත වැඩ වසා ගන්නට - සාරධර්ම බෝඩ් 

ගැසීමට සැරසෙන්නේ - තවදුරටත් රැවටෙන්න සූදානමින් සිටින දෙනා රවටන්නටය.

ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයන් අතුරින් පළමු තැන ගන්නට අසමත්ව ,  විසිනවවන තැනින් ඉදිරියට ගෙන එන්නට ශ්‍රී ලංකා පොලීසිය දරන මේ උත්සහායට අපි සුභ පතමු.

සුභ අනාගතයක්.......................

(සියලු තොරතරු ඉදිරියට)

Monday, June 20, 2011

පොලිස් අතීසාරයට 'සාරධර්ම' අමුඩය

 හැරිසන් මහතා


හික්කඩුවේ හැරිසන් (ටෙනිසන්) මහතාට විරුද්ධව බොරු චෝදනා නගන්නේ 2008 අප්‍රේල් 02 වන දිනය.

සිද්ධියට මුල්වන්නේ දැනට උසස්වීමක් ලැබ, යක්කලමුල්ල පොලීසියේ ස්ථානාධිපති ලෙසට කටයුතු කරන එවකට හික්කඩුව පොලීසියේ සේවය කල උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න හා ඔහුගේ සහායට පැමිණී කොස්තාපල් 64244 සුරංගය.

බීමත්ව අශෝබන ලෙසට හැසිරීම යන චෝදනා යටතේ අංක 8049 යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හැරිසන්ට විරුද්ධව බොරු නඩුව දාන්නේ හික්කඩුව පොලීසියේ ස්ථානාධීපති පො.ප.විදානගේය. එයට අමතරව මොහු හැරිසන්ගේ පුතාට ද පොරැ නඩුවක් දැම්මේය.

අධිකරණයේදී හැරිසන් චෝදනාව ප්‍රතික්ෂේප කළේය. එයින් අනතුරුව කිසිම නඩුවාරයකට පොලීස් සාක්ෂිකාරයින් ඉදිරිපත් වුනේ නැත. සාක්ෂීකරුවන් වු උප පොලිස් පරීක්ෂක - දැනට යක්කලමුල්ල පොලීසියේ ස්ථානාධිපති සංජීව සෙනෙවිරත්න, කොස්තාපල් 64244 සුරංග හා බොරු වෛද්‍ය සහතික දුන් හික්කඩුව රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරී කොඩිතුවක්කු - සියලු නඩුදින මග හැරියේය.

වසර තුනකට පසුව - හැරිසන්ව නඩුවෙන නිදහස් කරන්නේය. ඒ 2011 මාර්තු 11ය.

තමාගේ, තම පුතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබෙන මූලික අයිතිවාසිකම් නඩුවේ පළමු වගඋත්තරකරු - උ.පො.ප.සංජීව සෙනෙවිරත්නය. පිළිවෙලින් සෙසුවගඋත්තරකරුවන් වන්නේ, කොස්තාපල් 64244, හික්කඩුව පොලිසියේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න ගේ මිතුරිය වන සුසානි අන්ජලා, පොලිස්පති හා නීතිපති ය. මෙම මූලික අයිතිවාසිකම් නඩුව විභාග වෙමින් පවතී.

කරුණු මෙසේ තිබියදී, හැරිසන්ට විරුද්ධව යලිත් 8049 දරන නඩුව පවරන හික්කඩුව පොලීසියේ ස්ථානාධිපති, සිතාසි බාරදුන් බවට අමූලික බොරු සහතිකයක් උසාවියට ඉදිරිපත් කර, හැරිසන්ව අත්අඩංගුවට ගැනීමට සැරසේ.

එම උත්සාහය අසාර්ථක වුවද, බොරු නඩුවට උසාවියට ඉදිරිපත් නොවීම යන කරුණ මත නැවත, හැරිසන්ට ඇප නියම කර, ඔහු බලවත් මානසික වධහිංසාවට පාත්‍ර කරයි.පොලීසියේ දූෂිත ක්‍රියාවන්, නීති විරෝධී ක්‍රියාවන් අභියෝගයට ලක්කරන සාමාන්‍ය වැසියන්ට බොරු නඩු දමමින් හිංසාවට පත් කිරිම පොලීසියේ පිළිවෙතයි.

එක් දූෂණයක් වසන්න තවත් දූෂණ සිදු කිරිමත්, එක් අපරාධයක් වසන් කරන්න තවත් අපරාධ කරන්නත්, සියලුම තරාතිරම්වල පොලිස් කාරයින් චකිතයක් භියක් නැතිව පාදඩයින් ලෙසට කටයුතු කරන්නේ - ඔවුන්ට පොලිස් ඉහළයින්ගේ පූර්ණ ආශිර්වාදය ලැබෙන නිසාය.

රටේ නීතිය ක්‍රියාත්මක නොකර, පොලීසියේ නීතිය ක්‍රියාත්මක නොකර, පොලිස්කාරයින්ව හදන්න - සාරධර්ම ගැන බණපංතිවලට යැවීම - 'පොලිස් අතීසාරයට සාරධර්ම අමුඩ  ' ගැසීමක් බව කිව යුතුය.

හැරිසන් මහතාගේ කථාව ලක්ෂ ගණනක් පොලිස් නීති විරෝධී දූෂණ ක්‍රියාවන්ගේ ඇබිත්තක් පමණි.

Monday, June 13, 2011

1990 ජූනි 11 - ශ්‍රි ලංකා පොලිස් ඛේදවාචකය



නිරායුධ පොලිස් භටයින් හයසිය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමට වසර විසි එකක් පිරීම නිමිත්තෙන්, රට පුරා පොලිස් ස්ථානවල සමරු වැඩසටහන් පැවැත්වීමට පියවර ගෙන තිබින.

රජයෙන් බාර වන ලෙසට ලැබුන නියෝග මත, නැගෙනහිර පලාතේ පොලිස් ස්ථාන රැසක සේවය කල මෙම පොලිස් නිළධාරීන් හයසීය එදා නැගෙනහිර එල්.ටී.ටී.ඊ යට බාරවිය.

එසේ බාරවූ - පොලිස් නිලධාරීන් හයසිය දෙනා ඝාතනය කොට හදුනා ගැනීමට නොහැකි වන පරිදි සිරුරු පුලුස්සා විනාශකර දමණු ලැබීය. ඒ එදා නැගෙනහිර පාලනය කල එල්.ටී.ටී.ඊ යයි.මෙම සිද්ධිය එවකට ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ ය අතර ඇතිකර ගත් ගිවිසුම නිසා සිදුවූවක් බව විසි එක් වසරකට පසුවද, වත්මන් රාජපක්ෂ ආණ්ඩුව මැසිවිලි කියමින් තමන් කියන ඕනෑම දෙයක් පිළීගන්නට, කරන්නට සූදානම් අත්තේවාසිකයින් ගේ හිත සුව පිණීස සිදුකරන දෙසෑබෑම් නවතා නැත.

නිරායුධ පුද්ගලයින්, යටත්වූ පුද්ගලයින් ඝාතනය කිරිම අපරාධයකි. යුද්ධයකදී සිදු කිරීම යුධ අපරාධයකි.පොලිස් නිලධාරියෙකු, හමුදා නිලධාරියෙකු පමණක් නොව, ඕනෑම රටවැසියකු ගේ ඝතානය ගැන විධීමත් ලෙස පරීක්ෂණ පවත්වා තොරතුරු ජනතාවට හෙළි කිරීම ශිෂ්ඨසම්පන්න ජාතියක වගකීමකි. ශිෂ්ඨසම්පන්න ආණ්ඩුවක, රජයක වගකීමයි. එසේ නොකර බදුපිළිම ලක්ෂ ගණනින් බෙදාහැරීම, ලවුඩ්ස්පීකර් මගින් පිරිත් තිස්තුන් පැයේදීම බෙදාහැරියත්, පිරිත් පැන්වලින් රටම නෑව්වත්, අශීෂ්ඨ කම, මිලෙච්ජ කම වසා ගන්නට බැරිය.

එවක ආණ්ඩුව - එක්සත් ජාතික පක්ෂය - එල්.ටී.ටී.ඊ ය සමග ඇති කරගත් සාම ගිවිසුම ගැන අප දනිමු.නොදන්නේ ,

1.      1. නැගෙනහිර මේ පොලිස් නිලධාරීන් 600 දෙනාට, එල්.ටී.ටී.ඊයට බාරවෙන ලෙසට නියෝග දුන්නේ කව්ද යන්නය. පොලිස් කාරයින්ට නියෝග දිය හැක්කේ පොලිස්පතිටය. පොලිස්පතිවරයා එම නියෝග දුන්නේ කාගේ උපදෙස් මතද? ශ්‍රී ලංකාවේ නම් පොලිස්පතිට නියෝග, උපදෙස් දිය හැක්කේ - ජනාධිපතිටය. ආරක්ෂක ලේකම්ටය.

හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය - ජනාධිපතිවරයාගේ හෝ ආරක්ෂක ලේකම්ගේ හෝ වෙනත් නොදන්නා බලවේගයක ගේ හෝ නියමයන්ට යටත්ව පොලිස් කාරයින්ට සේවයෙන් පහ කරන ලිපි නිකුත් කරන රටක ජීවත්වන අපට - අත්දෙක බැදගෙන ගොස්, දිවි පිදූ පොලිස් කාරයින් 600 බාරවෙන්නට නියෝග කලේ කව්ද යන්න දැන ගැනීමට අවශ්‍යය.

ඝාතනයෙන් පසුව - අනිවාර්යෙන් කලයුතු පරීක්ෂණ කලාද? මෙම පොලිස් කාරයින් 600 මරා, හදුනාගන්නට බැරි වන අන්දමට සිරුරු විනාශ කරන්නට කටයුතු කල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් හදුනා ගත්තාද?
එමෙන්ම මෙම කාලයේ පහල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට අණදුන් නැගෙනහිර එල්.ටී.ටී.ඊ නායකයින් කව්ද?
මේවා - ආණ්ඩුව, රජය හෙලිකල යුතුය.
දරුස්මාන් වාර්තාව ලෙසට ආණ්ඩුව හදුන්වන - එ.ජා මහා ලේකම් කමිටු වාර්තාවේ එල්.ටී.ටී.ඊ ය යුධ අපරාධ ගැන මනාව සදහන් කර ඇති බව රාජපක්ෂ ආණ්ඩුවපිළීගන්නවාද ?

ඒ අනුව , යුධ අපරාධ වලට එල්.ටී.ටී.ඊ ය වගකිව යුතුය. මෙම අපරාධ කල එල්.ටී.ටී. නායකයින් සුවිශේෂ වශයෙන් නිරායුධව එල්.ටී.ටී.ඊයට බාරවූ පොලිස් කාරයින් 600 මරා දමා, සිරුරු හදුනාගන්නට බැරිවන ලෙසට විනාශ කිරීමට නියෝග දුන් එල්.ටී.ටී.ඊ නායකයින් අධීකරණය ඉදිරියට ගෙන එන්නේ නැත්තේ මන්ද?

අපරාධකරුවන්ට රැකවරණය දීම අපරාධයකි.

දෙ අත් බැඳගෙන වෙඩි කන ලද්දන් රණවිරැවන් හෝ නිර්ඪිතයින් ලෙසට හඳුවමින් මරණයට පත්වුවන්ට යුක්තිය, සාධාරණත්වය ඉටු වන්නේ ප්‍රදර්ශණාත්මක, ආගමික වැඩසටහන් වලින් නම් නොවේ. 

රටේ හා ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කිරීමෙන් පමණි.
දරුස්මාන් වාර්තාවට ආණ්ඩුව මේ තරම් බය ඇයි ? රට දැය සමයද ? පවුලද?

Friday, June 10, 2011

Torture victim and his family terrified by Panadura North Police




A torture victim and his family is terrified and forced by Panadura  North Police,  to withdraw the complaint made against them.

On 10 June, 2011 morning, a gang of policemen attached to Panadura North Police Station, surrounded the house of Dinesh Piriyangara and demanded his family to handover Dinesh. According to Denesh, on his way to the school to drop his son, a policeman got seated forcefully into the trishaw. In fear Dinesh who was driving the trishaw, drove it to his residence and where his family had rescued him form the policeman.

A gang attached to Panadura North Police Station who followed Dinesh, surrounded his house and scolded in utter filth the inmates and the villagers who gathered there. Due to the protest of the family members and the villagers, policemen have withdrawn from the scene threatening reprisal.

On last 23 January 2011, Dinesh was arrested by the same Panadura North Police on an alleged involvement in the theft of tiles from a construction site owned by a former Deputy Inspector General of Police, and was tortured to get a confession from him. Later Dinesh filed a petition at the Supreme Court for torture and illegal detention.

Now the said Panadura North Police tries its force and best to make him withdraw the case.

This forcing cowardice act of the said police has the blessing of seniors.      

පානදුර උතුර පොලිසියේ - පොලිස් ත්‍රස්තවාදය

අපිව මරා දාන්න - දිනේෂ්ගේ මව ඉල්ලයි.

දිනේෂ්ගේ මව

අද 02 උදේ පානදුර උතුර පොලිසියේපොලිස් කාරයන් රංචු ගැසී, දිනේෂ්ගේ පවුලේ උදවියට අමු කුනුහරපයෙන් බැණවදිමින් ඔහුව පැහැර ගන්නට දැරූ උත්සහාය ගම්මුන්ගේ මැදිහත්වීමෙන් වලක්වා ගන්නා ලදි.

දිනේෂ් ප්‍රියංකර අද උදේ තම දරුවා පාසලට ගෙනයමින් සිටියදී, පානදුර උතුර පොලිසියේ පොලිස් කාරයෙක් - ඔහුගේ ත්‍රී රෝද රියට නැග ඇත.

දිනේෂ් ඔහුගේ බිරිඳ සහ පොඩි පුතු සමග

බියට පත්වූ දිනේෂ් ප්‍රියංකර පොලිස්කාරයාද සමග, ත්‍රීරෝද රථය තම නිවසට පදවා ඇත. මේ අතර පොලිසියේ රංචුවක් දිනේෂ් පසුපස හඹා ඇවිත් - ඔහුව පොලිසියට ගෙනයන්නට උත්සහා දරා ඇත.

ත්‍රස්තවාදී - වනචරයින් පිරිසක් ලෙසට මෙහිදී පොලිසිය හැසිරී ඇති බව ගම්මු ප්‍රකාශ කර සිටී.

දිනේෂ් ප්‍රියංකරව, විශ්‍රාමගත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හදන මාලිගයක ටයිල් සොකරම් කලායැයි බොරු චෝදනා නගා, 2011 ජනවාරි 23 දින අත්ඩංගුවට ගෙන වධහිංසා පමුණූවන ලදි.මේ පිළිබදව ඔහු පොලිසියට විරුද්ධව නීතිමය පියවර ගත්තේය. පොලිසියට අවශ්‍යවී ඇත්තේ දිනේෂ් තමන්ට එරෙහිව කර ඇති පැමිණිලි ඉල්ලා අස්කරවාගන්නටය.

ඒ සදහා පොලිසිය සුපුරුදු ත්‍රස්ත ක්‍රියාවන් ආරම්භ කර ඇත.

රටපුරා සීග්‍රෙයන් පැතිරෙන පොලිස් වධහිංසා පැමිණවීම්, බොරු නඩු දැමීම්, නීති විරෝධී අත්ඩංගුවට ගැනීම්, රදවා තබාගැනීම් ඇතුලු නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට උත්සහා ගන්නා වින්දිතයින්ට 

හා ඔවුන්ගේ පවුල්වලට එරෙහිව පොලිස් ත්‍රස්තවාදය දියත්කර ඇත.

මෙය පොලිස් ඉහළයින්ගේ අනුදැනුම හා ආශිර්වාදය ඇතිව සිදුකරන්නකි. 

The Buddha

Wednesday, June 1, 2011

Mirihana Police -Torture Chamber Case Court grants leaveto proceed


Today,30.05.2011, Supreme Court granted leave to proceed with the fundamental rightspetition filled by Ranjith Sumanagala against Mirihana Police for illegal arrest,detention, torture and fabricating false charges.

Fromthe very day Ranjith Sumangala began to sought justice, the perpetrators triedtheir best to influence him to withdraw the petition. In this circumstances, heunder went tremendous difficulties including losing of his career.

Thefundamental rights petition ( SC/FR 207-2011) filled  by Ranjith Sumanagala against Mirihana Police came before the bench comprising of Justice ShiraniThilakawardena, Justice Mashroof and Justice Shuresh Chandra.

Apartfrom granting leave, the court also gave directions, as to arrest and detainthe respondents until the end of the case, if in future, the petitionercomplained of about any harassments, threats and undue influences by therespondents. The state counselor was requested also to take criminal actionsagainst them.

Police officer Bandara, IP BhathiyaJayasinghe, Officer-In-Charge Emergency Unit of Mirihana police, ChiefInspector, Egodahewa, Headquarters Inspector of Mirihana police, Superintendentof Police, Nugegoda Division, M. W. D. Tennakone, the Inspector General of Police,Dr. Mahinda Balasuriaya and Attorney General are the respondents in this case.

Supportingthe application, Counsel Viran Corea instructed by City Law Office, informedcourt that W. Ranjith Sumanagala of Kindelpitiya, Millewa was forced to falselyadmit to a series of robberies as he could not bear the inhuman torture subjectedon him. Counsel Viran Corea also informed court that in addition to cruel,inhuman and degrading treatment, the police unlawfully detained the victim and hadmisled the Magistrate by producing him four days after his original arrest.

t the time ofMedical Examination, more than fifteen physical injuries including damage tohis nervous system were identified by the JMO.