''President Rajapaksha continues his corrupted ruling without any challenge. He has been doing this throughout his regime, in order to bring all most all Sate Institutions under his control. However, the Sri Lankan Police have taken the maximum use from this point/corner. The story of Anusha Sudarshani, a victim of domestic violence, is a good example for this. Most people who had undergone these types of pressures, very often write to the president, because of the widespread myth they have that they could find relief from him. Still majority are strangled in this manner, because of the launching of massive publicity which says that he is a good person, however they do not understand the truth. Another thing that we cannot forget is that this corrupted situation gives ways and opens space to another group of people to fulfill their wish and enjoy the luck.''

Dailyvideo

පොලිස් නිලධාරීන් බාලවයස්කාර දැරියකට බාල්කයේ එල්ලා පහර දෙති.


පොලිස් නිලධාරීන් බාලවයස්කාර දැරියකට බාල්කයේ එල්ලා පහර දෙති.
සොරකම් සිද්ධධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් බාලවයස්කාර දැරියක් වැල්ලවත්ත පොලිසියේ බාල්කයක අත්දෙකෙන් එල්ලා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පොල්ලකින් පහරදී ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා හමුවේ හෙළිවිය.
බාලවයස්කාර දැරිය පවසන පරිදි පහරදීමක් සිදුවී ඇද්ද යන්න හෙළි කර ගැනීම සදහා දැරිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කළ මහේස්ත්‍රාත්වරයා මේ පිළිබදව කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද දැනුම් දුන්නේය.
සේවිකාවක් වශයෙන් සිට නිවසේ තිබූ රුපියල් 190,500 ක් වටිනා රන් ආභරණ ඇතුලු දේපල සොරකම් කරන ලදැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අවුරුදු 18 සම්පූර්ණ කර නොමැති වතුකරයේ ද්‍රවිඩ ජාතික බාලවයස්කාර දැරියකට පොලිස් නිලධාරීන් මෙලෙස පහරදී ඇතැයි හෙළි වී ඇත.
වැල්ලවත්ත ධර්මාරාම පාරේ පදිංචි වෙල්ලසාමි මහේෂ්වරන් මහතා පසුගිය වසරේ දෙසැම්බර් 08 වැනිදා කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කෙරී ඇත. වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් සිද්ධියෙන් මාස දෙකකට පමණ පසු රාගම ප්‍රදේශයේදී සැකකාර දැරිය අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර වාර්තාවක් මගින් ඒ බව දැනුම් දෙමින් සැකකාර දැරිය අධිකරණයට ඉදිරිපත් කළ වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් සැකකාරිය භාරයේ තිබී කිසිදු දේපලක් හෝ මුදලක් සොයාගෙන නොමැති බවද සැකකාරිය පළා ගිය ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බවද දැනුම් දී ඇත.
සැකකාරිය වෙනුවෙන් නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා කරුණු ඉදිරිපත් කරමින් දැරියට පොලිස්ථානය තුළදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් පහරදී ඇතැයිද ඇය දමිළ භාෂාව පමණක් දන්නා අයකු යැයිද කීය.
නීතිඥ නිල මැදිරියේදී මෙම නඩුව කැදවූ මහේස්ත්‍රාත්වරයා ද්‍රවිඩ භාෂාව කතා කළ හැකි අධිකරණ සේවකයකු වන තංගරාජ මහතා මාර්ගයෙන් දැරියගෙන් ප්‍රශ්න කරන ලද අතර, එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අත් දෙකේ මැණික් කටුව ළගින් බැද කඹයකින් බාල්කයක එල්ලා නිල ඇදුම් ඇදගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පහර දුන් බව ඇය කියා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගයන් කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50000 ක ශරීර ඇපයක් මත සැකකාර දැරිය මුදාහළ අතර, ලබන මාර්තු 20 දින නඩුව කැදවීමට නියම කළේය.
උපුටා ගැනීම අද පුවත්පත - 2012.02.29

Posted by janasansadaya on 10:47 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

1 ලිපිය පිලිබඳ අදහස් for පොලිස් නිලධාරීන් බාලවයස්කාර දැරියකට බාල්කයේ එල්ලා පහර දෙති.

  1. පොලිස් නිලධාරියෙකුට කිසිම කරුණක් උදෙසා සැක කරුවෙකුට පහර දීමට කිසිම අයිතියක් නැත. දඬුවම නියම කල හැක්කේ විනිසකරුවෙකුට පමණි. යටත් විජිතවාදී කල සිට ක්‍රියාත්මක වන මේ ම්ලේච්ඡ ක්‍රියා කවදා නතර වෙයිද? දියුණු යයි සම්මත රටවල වයස අවුරුදු දොලහක ලමයෙකුට කම්මුල් පහරක් දීමෙන් එක්තරා පොලිස් නිලධාරියෙකුගේ රක්ෂාව ඔහුට අහිමි වූ බව සත්‍යයකි. මේ නිසා ඒ රටවල පොලිසිය ක්‍රියා කරන්නේ ඉතාම නීති ගරුකවය.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison