Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

සමථ සහතිකය ගන්න පංසලට එන්නලු ! චීවරධාරියෙකුගේ නියෝගයක් !!

සමථ සහතිකය ගන්න පංසලට එන්නලු !
චීවරධාරියෙකුගේ නියෝගයක් !!
සමථකරුවා - අපරාධකරුවෙක්

 
පාසල් දරුවන් දෙදෙනෙකුට - මාතලේ වීර කැප්පෙට්ටිපොල මධ්‍ය මහා විදුහලේ ලෝරි කොස්වත්ත නැමැති ගුරුවරයා අමානුෂික ලෙසට පහරදුන්නේය.

 ඒ 2010 අගොස්තු 24 වන දිනය.


  මෙම අපරාධය පිළිබද දෙමාපියන් මහවෙල පොලිසියට පැමිණිලි කරනු ලැබුවා. එම පැමිණිල්ල ගැන සාකච්ජා කරන්න පැමිණෙන ලෙසට සිසුන් දෙදෙනාට, පල්ලේවිල සමථ මූල මණ්ඩලයෙන් කැදවීමක් ලැබුනා.

ඒ 2012 මාර්තු 03 වන දින. 

සිසුන් දෙදෙනා, තම දෙමාපියන් සමග සමථ මණ්ඩලයට ගිය විට දකින්නට ලැබුනේ, තම දරුවන්ට අමානුෂික ලෙසට පහර දුන් අකුරම්බෙ වීරකැප්පෙට්ටිපොල මධ්‍ය මහා විදුහලේ ලෝරි කොස්වත්ත - සමථ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන්, නඩු අසන හැටියි.

ආශ්චර්යමත් රටේ මේ අපූරු සිදුවීම දුටු දෙමාපියන්, තමන්ගේ දරුවන්ට පහරදුන් ගුරුවරයා දැන් නඩු අහනවා, ඒක ඉවරවෙලා විත්තිකරුවෙලා මෙතනට එයිද කියා ප්‍රශ්ණ කර, තමන් සමථයකට විරුද්ධ බවත්, මෙවන් පැමිණිල්ලක් සමථ මණ්ඩලයට ඉදිරිපත් කිරීම වැරැද්දක් බවත් පෙන්වා - සමථයට විරුද්ධ බව ප්‍රකාශ කර, සමථ සහතිකය තමන්ට ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.

එවිට සමථ මණ්ඩලයේ සභාපති ලෙස වැඩකරන චීවරධාරියා සහතිකය ගන්න පංසලට එන්නැයි පවසා ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

චීවරධාරියෙකු සමථ මණ්ඩලයක සභාපතිවීම තුලින් සාධාරණය ඉටු විය නොහැකි බවට මෙය කදිම නිදසුනකි.

එමෙන්ම අපරාධ සැකකරුවන්, සමථ මණ්ඩල සාමාජිකයින් වශයෙන් පත්කර සිටීම - රට ගොස් ඇති දෙස පැහැදිලි කරන්නකි.දෙමාපියන් දෙන්නා සමථ සහතිකය ගන්නට පංසලට නොඑන බව චීවරධාරියාට ලිඛිතව දැනුම්දී ඇත.

තවත් කරුණක් සිහිපත් කලයුතුව තිබේ. විනය විරෝධී, නීති විරෝධී ක්‍රියා කල මේ ලෝරි කොස්වත්ත ගුරුවරයා තවමත් නිරුපද්‍රිතව, සියලු ආරක්ෂාව ඇතිව, අකරම්බොඩ වීරකැප්පෙට්ටිපොල මධ්‍ය මහා විදුහලේ සේවය කරන බවයි.


සමථ සහතිකය ගන්න පංසලට එන්නලු !
චීවරධාරියෙකුගේ නියෝගයක් සමථකරුවා - අපරාධකරුවෙක්සමථකරුවා - අපරාධකරුවෙක්

Posted by janasansadaya on 3:48 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

1 ලිපිය පිලිබඳ අදහස් for සමථ සහතිකය ගන්න පංසලට එන්නලු ! චීවරධාරියෙකුගේ නියෝගයක් !!

  1. This comment has been removed by a blog administrator.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison