''President Rajapaksha continues his corrupted ruling without any challenge. He has been doing this throughout his regime, in order to bring all most all Sate Institutions under his control. However, the Sri Lankan Police have taken the maximum use from this point/corner. The story of Anusha Sudarshani, a victim of domestic violence, is a good example for this. Most people who had undergone these types of pressures, very often write to the president, because of the widespread myth they have that they could find relief from him. Still majority are strangled in this manner, because of the launching of massive publicity which says that he is a good person, however they do not understand the truth. Another thing that we cannot forget is that this corrupted situation gives ways and opens space to another group of people to fulfill their wish and enjoy the luck.''

Dailyvideo

ලෝරි ගහලා තියෙන්නේ ද්වේෂයෙන්ද? මහවෙල පොලිසිය සොයයි !


ලෝරි ගහලා තියෙන්නේ ද්වේෂයෙන්ද?

මහවෙල පොලිසිය සොයයි !



ලෝරි කොස්වත්ත - මාතලේ අකුරම්බොඩ වීරකැප්පෙට්ටිපොල මධ්‍ය මහා විදුහලේ ගුරුවරයෙකි.මෙම ගුරුවරයා එම විදුහලේ සිසුන් දෙදෙනෙකුට පිටවල් පුපුරා යන්න පහර දුණි. මෙම අපරාධය පිළීබදව මහවෙල පොලිසිය මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර සිටින්නේ - මෙම සිසුන් දෙන්නාට ලෝරි ගුරුවරයා පහරදී ඇත්තේ ද්වේෂයෙන්ද යන්න පිළිබදව සොයා බලන බවයි.

ඒ සිද්ධිය පිළීබදව නැවත වාර්තාවක් මාතලේ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරමින්, පොලිසිය කියා සිටින්නේ  - වෛද්‍ය වාර්තාවට අනුව සිසුන් දෙදෙනාගේ තුවාල වර්ගය ගැනෙන්නේ බරපතල නොවන ගණයට බැවින් - අපරාධය සමථ මණ්ඩලයට යොමු කරන බවයි.මෙහි අවධානයට කැදවන්නේ පොලිස් කාරයින් අපරාධකාරයින් බේරා ගැනීමට නීතිය ඔවුන්ට ඕනෑ විදිහට හසුරුවන ආකාරය පැහැදිලි කරන්නටය. ලෝරි ගුරුවරයාගේ පහර කෑ සිසුන් මාතලේ දිසා මහා රෝහලට ඇතුලත් කරනු ලැබීය. එහෙත් ගුරුවරයාව අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය සූදානම් වූයේ නැත.වෛද්‍ය වාර්තාවට අනුව, එක් සිසුවෙකුගේ මතුපිටින් දකින්නට ලැබුන තුවාල ගණන 07 කි. එහෙත් ලෝරි ගුරුවරයා බේරා ගැනීමට මෙය මහවෙල පොලිසිය සුඵ දෙයක් වශයෙන් අධිකරණයට වාර්තා කළේය.

ළමුන් කෘෘරත්වයට පත් කිරීම - මේ පොලිස් කාරයින්ට ඉතා සුලු දෙයක් වී තිබින.

ලෝරි ගුරුවරයා ප්‍රසිද්ධියේ තුවක්කුවක් රැගෙන සැරිසරන්නෙකි. මොහු පොලිසිය සමග ඇත්තේ අනියම් සම්බන්ධයකි. එබැවින් ඔහුව බේරා ගැනීම මහවෙල පොලිසියේ කාර්යයි.

ළමා කෘෘරත්වයට පත් කිරීමේ අපරාධය වසන් කර, සුලු තුවාල කිරීම යටතේ අධිකරණයට වාර්තාවක් ගොනු කර අපරාධය සමථ මණ්ඩලයට යොමු කළේ, එහි සභාපතිත්වය දරන චීවරධාරියා මගින් සිසුන්ට හා දෙමාපියන්ට බලපෑම් කිරීමට හැකි බව හොදාකාරවම දනිමින්ය.

තවත් කරුණු දෙකක් අවධාරණය කල යුතුයි. සිසුන්ට පහරදීම අධ්‍යාපන නීතිය යටතේ බරපතල වරදකි.

එහෙත් මේ ගුරුවරයාට එරෙහිව කිසිදු විනය පියවරක් අධ්‍යාපන ලොක්කන් ගෙන නැත.

තවත් සිහිපත් කල යුතු කරුණක් නම්, වත්මන් අගවිනිසුරු තුමිය විසින් SC/FR 488/98  නඩුවේ මහේස්ත්‍රාත්වරුන් පිළිබදව කර ඇති ප්‍රකාශයයි.

අද මේ රටේ පාලන බලයේ සිටින, තනතුරු දරන උගත් වැඩිහිටි පරම්පරාවේ අති බහුතරය වංචනිකයින්ය. නිවටයින්ය. මොවුන් බාල පරපුරට බණ කියති. කියවති. අසති. ක්‍රියාවෙන් ඕනෑම සොරකමක්, ජාවාරමක්, අපරාධයක් කරපල්ලා- බේරාගන්න අපි වාගේ සුදු රෙදි පොරවගෙන මල්වට්ටි ඔසවාගෙන, ලෝකෙට සුදනන් ලෙසට පෙනී සිටිත්වා යන මහගු ආදර්ශයයි.

සමථ සහතිකය ගන්න පන්සලට එන්නලු !

චීවරධාරියෙකුගේ නියෝගයක් ! පුවත බලන්න.

Posted by janasansadaya on 9:30 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

1 ලිපිය පිලිබඳ අදහස් for ලෝරි ගහලා තියෙන්නේ ද්වේෂයෙන්ද? මහවෙල පොලිසිය සොයයි !

  1. අනීතිය රජයන බවක් පෙන්නුම් කරනවා..

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison