''President Rajapaksha continues his corrupted ruling without any challenge. He has been doing this throughout his regime, in order to bring all most all Sate Institutions under his control. However, the Sri Lankan Police have taken the maximum use from this point/corner. The story of Anusha Sudarshani, a victim of domestic violence, is a good example for this. Most people who had undergone these types of pressures, very often write to the president, because of the widespread myth they have that they could find relief from him. Still majority are strangled in this manner, because of the launching of massive publicity which says that he is a good person, however they do not understand the truth. Another thing that we cannot forget is that this corrupted situation gives ways and opens space to another group of people to fulfill their wish and enjoy the luck.''

Dailyvideo

මුර බල්ලෝ හා උන්ගේ හාම් පුතුන් - ASP On the Spot


මුර බල්ලෝ හා උන්ගේ හාම් පුතුන් - ASP On the Spot
නුගේගොඩ පොලිස් වසමේ - රංජිත් මෙන්ඩිස් නැමැති සහකාර පොලිස් අධිකාරීවරයාව ඊයේ සවස (09/03/2012), අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගත්තේ රුපියල් ලක්ෂ 10ක් අල්ලසක් ලබා ගනිද්දීය.
රුපියල් ලක්ෂ දහයක අල්ලස ලබාගෙන ඇත්තේ, මහරගම පිළිකා රෝහල අසල - පිළීකා රෝගීන්ගේ ඥාතීන්ට නවාතැන් සපයන - නල්ලවත්ත සුභ සාධක මධ්‍යස්ථානයට අයිතිවාසිකම් කියන මවකගෙන් හා ඇගේ දියණිය ගෙන්ය. මෙම නල්ලවත්ත සුභ සාධක මධ්‍යස්ථානය ආරම්භකොට පවත්වාගෙන ගිය හිමි නම හදිසියේ අපවත් විය. ඇතිවූ පුරප්පාඩුව සදහා හිමිනමගේ ඥාතීන් අතර හබයක් ආරම්භ විය. හිමිනමගේ ඥාති පුත්‍රයකු වන හිමි නමක් සුබ සාධක මධ්‍යස්ථානයේ අයිතිය පවරා ගත් අතර, එයට විරුද්ධව ඥාතීන් දෙදෙනෙක් (මව හා දියණීය) නඩු මගට බැස්සේය.මේ අතර සුභ සාධක මධ්‍යස්ථානය පවරා ගත් හිමි නම මත්ද්‍රව්‍ය ජාවාරමට සැකකරුවකු වශයෙන් මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළේය. දැන් ඒ හිමිනම රිමාන්ඩ් බාරයේය.
සල්ලි උල්පතක් වී ඇති මේ අසරණ සරණ සුභ සාධක මධ්‍යස්ථානයට - තවත් හිමි නමත් ඇතුලු වූයේ, සංඝ පරම්පරාවට අයිතිය කියමින් ය.මෙම සුභ සාධක මධ්‍යස්ථානයට අයිතිය කියන මව හා දියණියගෙන් රුපියල් දස ලක්ෂයක් සහකාර පොලිස් අධිකාරී ඉල්ලා ඇත්තේ එම දෙපලට සුභ සාධක මධ්‍යස්ථානයේ අයිතිය ලබාදෙන පොරොන්දුව පිටය.
අද පොලිසිය අන්ත දූෂිත ආයතනයක් පමණක් නොව, ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට පත්වී හමාරය කිවහොත් නිවැරදිය. පොලිසියට සෙත් පතන, පොලිසියට වන්දි භට්ටකම් කරන, මානව හිමිකම් NGO ඇතුලු සියල්ලන්ම මෙයට වගකිවයුතුයි.
මෙහිදී - ප්‍රාදේශීය උසාවිවල, පොලිසියෙන් නඩත්තුවන, වෘතියට නිගා දෙන නීතිඥවරුන්ට මෙම වන්දි භට්ටයින් අතරින් මුල්තැන හිමිවේ.

Posted by janasansadaya on 2:44 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

1 ලිපිය පිලිබඳ අදහස් for මුර බල්ලෝ හා උන්ගේ හාම් පුතුන් - ASP On the Spot

  1. එකෙක් බල්ලෙකු වු පලියට අනෙක් උන්ද බල්ලෝ නොවන බවද කතුවර තැනට අවධාරනය කීරීමට කැමතිය.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison