Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

අපි රත්තරන්ගේ ගෝලයෝ ! ඇන්ටන් හා දර්ශන - අපරාධකාරියින් ඉන්නේ ප්රදබල දේශපාලන රැකවරණය මැද - OIC බේරුවල පොලිසිය කියයි


අපි රත්තරන්ගේ ගෝලයෝ !

ඇන්ටන් හා දර්ශන - අපරාධකාරියින් ඉන්නේ ප්‍රබල දේශපාලන රැකවරණය මැද 

   OIC බේරුවල පොලිසිය කියයි



බේරුවල අජිත් හා මංගල යන දෙදෙනාට පසුගිය 08 වෙනිදා, රාත්‍රී 7.30 ට පමණ ඇන්ටන් හා දර්ශන යන දෙදෙනා පහරදී - බරපතල තුවාල සිදු කරන ලදි.

ඔවුන් දෙන්නාට පහරදී ඇත්තේ බේරුවල පොලිසිය ආසන්නයේ පිහිටි බී.එම්.සී. නැමැති රෙස්ට්ටුරන්ට් එක තුලදීය.බෝතල්වලින් හා පුටු වලින් මේ දන්නාට පහරදුන් - ඇන්ටන් හා දර්ශන අවට සිටි පිරිසට තර්ජණය කර ඇත්තේ අපි රත්තරන්ගේ ගෝලයෝ කිට්ටුවෙන්න එපා කියමින්.

අජිත් ලේ පෙරාගෙන බේරුවල පොලිසියට දුව ගියා. පොලිසිය තුලදී ඔහුට සිහිය නැතිවුනා.

පොලිසිය කලේ සිහිය නැතුව සිටි අජිත්ව ත්‍රී විල් එකක දාලා බේරුවල රෝහලට යවපු එක. ඔහු රෝහලට ගෙනියන්න එක පොලිස් කාරයෙක්වත් ඉදිරිපත් වුනේ නැහැ.

සිහිය නැතුව සිටිය අජිත්ව බේරුවල රෝහල, ගිලන් රථයෙන් නාගොඩ මහා රෝහලට මාරු කලා. ඔහුට සිහිය ආවේ පහුවෙනිදා.

මංගලට බේරුවල රෝහලේම තියාගෙන ප්‍රතිකාර කරලා. ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කරලා නැහැ.

ටිකට් කපාගෙන ගෙදර ආපු අජිත් හා මංගල, පොලිසියේ කැදවීම මත 13 වෙනිදා පොලිසියට ගියා.

එහිදී ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන්, ඔවුන්ගේ ජායාරූප අරගෙන - පුද්ගලිකවම මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන බව පවසලා.

අපරාධකරුවන් වූ ඇන්ටන් හා දර්ශනට - ප්‍රබල දේශපාලන රැකවරණ තිබෙන බව පවසා ඇති ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ ඉහළ තැන්වලට යන්න එපා යයි ඔවදන් දීලා.

Posted by janasansadaya on 3:05 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for අපි රත්තරන්ගේ ගෝලයෝ ! ඇන්ටන් හා දර්ශන - අපරාධකාරියින් ඉන්නේ ප්රදබල දේශපාලන රැකවරණය මැද - OIC බේරුවල පොලිසිය කියයි

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison