Thursday, December 19, 2013

කුරුඳුගහ හැතැක්ම නගරයේ කඩ දෙකක් ගිනි තබා විනාශ කිරිමට පොලිස් කාරයෝත් හවුල්ද? 2013 දෙසැම්බර් 19 වන දින අලුයම එකට පමණ මෙම ගිනි තැබීම සිදුකර තිබේ.


සුජීව ප්‍රේමසිංහ මහතාට අයත් මෙම කඩ දෙකෙන් එකක් රන් ආභරණ වෙලසැලකි.  අනෙක සුළු අපනයන බෝග අලවි කිරීම හා මිළදී ගැනීම සිදු කරයි.
2013 දෙසැම්බර් 23 වන දින කරන්දෙනිය පොලීසියේ කැවීම මත, පොලීසියට ගිය සුජීව ප්‍රේමසිංහ මහතාව අත්අඩංගුවට ගෙන කුරුු කිලෝ 90 ක් හෝ මුදල් ලබාදෙන ලෙසට බලකරමින් එම පොලීසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් හා පොලිස් කොස්තාපල් සිල්වා  ඔහුට වධ දුන්නේය.
පොලීසියේ රවාගෙන සිටි ඒ මහතාව බැලීමට පැමිණි ඔහුගේ පුතාට හා මිතුරාට පහර දෙනු ලැබීය.
සිද්දිය සම්බන්ධයෙන් සුජීව ප්‍රේමසිංහ මහතා මෙම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වූ විට, එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට විවිධ බලපෑම් කරනු ලැබීය. එහෙත් ඔහු සමත වීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒ සමම, වසර ගණනාවක් පුරා ඔහු සතුව තිබෙන බලපත්‍ර සහිත තුවක්කුවට 2014 සහා බලපත්‍ර නිකුත් කිරීම වලක්වාලීමේ උත්සහයකද නිරතව තිබේ.
වධහිංසා පැමිණවීම, බොරු චෝදනා මත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම්, කප්පම් ගැනීම්, ඇතුළු චෝදනා රැසක් එල්ලවී තිබෙන බව නිලධාරීන් දෙන්නාව මෑතකදී ප්‍රදේශයේ  වෙනත් පොලීසි දෙකකට මාරු කර ඇත.මෙම මාරුවීම් වෙනස් කරවා ගැනීමට හා ඔවුන්ට විරුද්ධව නගා තිබෙන චෝදනා යටපත් කිරීම සහා, සමහර ඉහළ නිලධාරීන්ගේ සහය ද ඔවුන් දෙන්නාට ලැබෙන බවද ප්‍රකාශ වේ.
සුජීව ප්‍රේමසිංහ මහතා ජනසංසදයට කියා සිටියේ කඩ දෙකේ ඉදිරිපස දොරවල් කඩා පෙට්‍රල් දමා ගිනිතැබීම සිදු කර ඇති බවයි. ඇල්පිටිය පොලීසිය ඉදිරිපත්ව ගින්න පැතිර යෑම වලක්වා ඇති බවත් පරීක්ෂණ පවත්වන බවත් ප්‍රකාශකළ ඔහු මෙදින රාත්‍රී 12.30 වන තුරු පොලීසිය නගරයේ සංචාරය කර තිබෙන බව ද කියා සිටියේය. .
මෙම ගිනිතැබීමට එක් හෙතුවක් විය හැක්කේ ඉහත කී පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීම බව ඔහු විශ්වාස කරයි.
(ඡායාරූප ලංකාදීප අනුග්‍රහයෙනි)

No comments:

Post a Comment