Friday, December 27, 2013

නැතිවූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන, ලබා ගන්නා ඩයලොග් සිම් කාඞ්පත් භාවිතා කරමින්, වංචා කිරිම හා අපරාධ සිදුකිරීම.

ජාතික හැඳුනුම්පතට ඔනැ තරම් සිම් දෙනවාලූ. බලන්නේ අංකය විතරයි. මුහුණ බලන්නේ නෑලූ.සුනිල් ශාන්ත තම ජාතික හැඳුම්පත නැතිවු බව පොලීසියට දැනුම් දුන්නේය.එ් 2013 මාර්තු මස 29 වනදාය. මාස තුනකට පසුව ඔහුව පොතුහැර පොලිසියට කැඳවා ප‍්‍රශ්ණ කර ප‍්‍රකාශයක් ගනනේ නැතිවු ජාතික හැඳුනුම් පත භාවිතා කර ලබා ගන්නා ලද ඩයලොග් සිම් පත් පාවිච්චි කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙනි. එ් හා අදාලව පොල්ගහවෙල  ම/උ - බී1702/13 යටතේ නඩු පවරා ඇත.

මෙම සිද්ධියෙන් පසුව, ඔහු පොතුහැර පොලිසියේ උපදෙස් පරිදි, පානදුර ඩයලොග් සමාගමේ ශාඛාවට ගොස් කරුණු දක්වා ලිපියක් දී, එම සිම් පත අවලංගු කරවන ලදි.2013.11.16 දින පානදුර දකුණ පොලිසිය, බිංගිරිය පොලිසියේ පණවුඩයක් ගෙනවිත් ඔහුට බාරදෙනවා. එම පණිවුඩයේන් කියන්නේ 2014.01.24 දින උදේ 9.00 ට අංක 238/ඊ/13 දරන නඩුවට හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් උසාවියේ පවතින පෙනී සිටින ලෙසට. එම පණිවුඩයට අදාල සිතාසියද, පානදුර පොලිසියෙන් ඇවිත් ඔහුට බාර දෙනවා. එහි සඳහන් වන්නේ - දුරකථනයෙන් බැණ තර්ජණය කිරීමක් සම්බන්ධයෙන් තමාට විරුද්ධව චෝදනාවක් තිබෙන බවයි.

2013.12.25 වන දින දවල් 12.00 ට පමණ සුදු පාට වෑන් රථයකින් ඔහු සොයා හත් දෙනෙක්     පැමිණෙනවා. එයින් 05කු පොලිසි නිලධාරීන්ය. අනෙක් දෙන්නා වෑන් රථයේ අයිතිකරුකරු හා සගයා. ඔවුන් පැමිණ ඇත්තේ, වෑන් රථයේ අයිතිකරුගෙන් මුදල් ගැනීමක් සම්බන්දයෙන් සුනිල් ශාන්තව අත් අඩංගුවට ගන්න. වෑන් රථයේ අයිතිකරු එ් වේලාවේම කියනවා මොහු නොවෙයි මුදල් ගත්තේ කියලා. තම ජාතික හැඳුනුම පත නැතිවීම පිලිබඳව සියලූ විස්තර ඔහු පොලිස් නිලධාරින්ට ඉදිරිපත් කරනවා. එසේ වුවත් සුනිල් ශාන්තව අත්අඩංගුවට ගන්නා පොලීසිය, කටඋත්තරයක් ගන්න තිබෙනවා යැයි කියම්න් මොරටුමුල්ල පොලිසියට එම වාහනයෙන්ම ගෙන යනු ලබනවා.
ඩයලොග් සමාගමට අනුව, 2013.08.01 දින - අංක 077671280 සිම්පතද, 2013.09.13 දින අංක 0777129609 සිම්පතද සුනිල් ශාන්ත ගේ නැතිවු ජාතික හැඳුනුම් පතට රැුගෙන ඇත. මේ ආකාරයට, ඔහුගේ නැති වූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන, ජංගම දුරකථන (ඩයලොග්* සිම්පත් කොපමණ ප‍්‍රමාණයක් ගෙන ඇද්ද යන්න ප‍්‍රශණයකි. ඩයලොග් සමාගම ඔහුට කියා ඇත්තේ ජාතික හැ`දුනුම්පත ඉදිරිපත් කළහෝත් ඔවුන් සිම්පත් නිකුත් කරන බවයි.
තවද අපිට සිම් නිකුත් කරන එක නවත්වන් බැහැ යයි පවසා ආබාධිතයෙකු වු සුනිල් ශාන්තට, කොළඹට ගිහින් කියන්න කියාය, කොලඹ 02, යූනියන් පෙදෙස, අංක 475, හි පිහිටි -  ෘස්කදට ්ංස්ඒ ඡුඛක්‍  වෙත යන ලෙසට ලිපිනය ලියා කොළයක් දි ඇත.
සුනිල් ශාන්ත මෙම කාරණය පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කරමින්,
ඔහුගේ නැති වූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන, සිදුකරන වංචා අපරාධ නොපමාව නතර කිරීමට පියවර ගන්නා ලෙසටද,
නැතිවූ ජාතික හැ`දුනුම්පත උපයෝගී කරගෙන , පොතුහැර පොලිසිය මගින්,  පොල්ගහවෙල  මහේස්ත‍්‍රාත් උසාවියේ පවරා ඇති - අංක /උ - බී1702/13 දරන නඩුවෙන් මා මුදාහැරීමට - නිසි පියවර ගන්නා ලෙසටද, 
ජාතික හැ`දුනම්පත නැතිවී බව දැනුම් දී තිබියදීත් සහ එම හැ`දුනුම්පත භාවිතා කොට ලබාගෙන තිබූ ඩයලොග් සිම් කාඞ්පත අවලංගු කර තිබිියදීත්, එම හැ`දුනුම් පතටම යලි යලිත් ඩයලොග් සිම් කාඞ් පත් නිකුත් කිරීම සහ එය වලක්වා ලීමට නොහැකි බව ප‍්‍රකාශ කරමින්, අපරාධ වලට ආධාර අනුබල දීම පිළිබ`දව, ඩයලොග් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටද,
කිසිදු පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව, බිංගිරිය පොලිසිය මගින්, බැණ තර්ජණය කිරීමක් පිළිබ`දව - අංක 238/ඊ/13 දරන හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු පවරා, මා දැඩි පීඩාවට, ආර්ථික අපහසුතාවයට පත් කිරිම පිලිබ`දව- බිංගිරිය පොලිසියට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටද - ඉල්ලා සටි.
එමෙන්ම මෙම ක‍්‍රියාව මගින් බිංගිරිය පොලිසිය ස්ථානාධිපති තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කර ඇති බවද ප‍්‍රකාශ කර සිටි.
පානදුරේ පදිංචි කරුවෙකුවන සුනිල් ශාන්ත උපතින්ම ආබාධිත අයෙකි. අනියම් කම්කරුවෙකු ලෙසට හෝටලයක වැඩ කරයි.

No comments:

Post a Comment