Sunday, December 29, 2013

අයියාව මරපු විදියට මරනවා, හයිකොට් දනවා කියමින් තිත්ත කුණුහරප කියමින් නීති විරෝධී අත්අඩංගුවට ගෙන වැරදිමකින් ගෙනාවේ කියා මුදාහැරියා.

2013.12.25 නත්තල් දිනයේ, දහවල් 11.00 ට පමණ, සැමියා සමග, මව බැලීම සඳහා මෙරටුව, මෝදර මවගේ නිවසට ගිය ප‍්‍රියන්ති පිරිස් මහත්මියව අත් අඩංගුවට ගත් මෝදර පොලීසියේ නීති විරෝධි ක‍්‍රියා කලාපය පිළිබ1දව නීතිමය පියවර ගන්නා ලෙසට වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටි.
 
32 හැවරිදි ඇය පදිකවේදිකාවේ වෙළදාම් කරන්නේ තවත් හත් අට දෙනෙකුට රැුකියාද සපයමින්ය. ඇය පොලිස්පති හා මානව හිමිකම් කොමිසමට කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ ස`දහන්වේ.
 
‘‘ 2013.12.25 නත්තල් දිනයේ, දහවල් 11.00 ට මා, සැමියා සමග, මව බැලීම සඳහා, ඇය පදිංචි  මෝදර, නිවසට පැමිණියා. අපි එසේ නිවසේ සිටන විට, මොරටුව, මෝදර පොලීසියේ, හතර දෙනෙකු පැමිණියා. ග‍්‍රාමාරක්ෂක අත ගිනි අවියක් තිබූ අතර, අනෙක් තිදෙනා අත විකට් පොලූ තිබුණා. ඔවුන් පැමිණියේ ජීප් රථයෙන්. දුටුවොත් අ`දුනා ගැනීමට හැකි බව ප‍්‍රකාශ කරමි.
 
ජීප් රථය පදවාගෙන ආ නිලධාරියා අපෙන් විමසුවා ”බොටා - චන්ඩියා” ඉන්නවාදැයි කියා.”බොටා - චන්ඩියා” යයි කිව්වේ මාගේ මල්ලීට.
 
මම, ඉදිරිපත්ව ඇයි මල්ලිව අහන්නේ කියා විමසුවා. ඔහු අසභ්‍ය වචන කියමින් ”ආ උඹව තමයි  ඕන” යයි කිව්වා. එතන සිටි තවත් නිලධාරියෙක් මාව තල්ලූ කරගෙන ගිහිල්ලා ජීප් එකට දැම්මා.
 
මාව ජීප් එකට දැම්මාට පස්සේ මම ඇහැව්වා මම කරපු වරද කුමක්ද කියා. එවිට ජිප් රථය පැදවු නිලධාරියා ප‍්‍රකාශකළා, උඹට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා කියා. ජීප් රථයේ යන ගමන් මටත්, පවුලේ උදවියටත් අසභ්‍ය වචන කියමින් බැන වැදුනා. මාගේ අයියා වන ලලිත් සුසන්තව මැරු ආකාරයට අනෙක් අයවත් මරනවා කිව්වා. මට ‘‘හයිකෝට් එකක්’’ දනවා කියා තර්ජනය කළා.
 
පොලීසිය තුළදීත් මට කුණුහරප කියමින්, බැන වැදුනා. කාරණය කිව්වේ නැහැ. ටික වේලාවකින්, මාගේ මවගේ නිවස අසල පදිංචි, සුධර්මා සහ ඇගේ පුතා වන ප‍්‍රියංකර නැමති අය පොලීසියට ආවා.
 
එ් අය මාව දැකපු ගමන් ඇහැව්වා ඇයි අක්කේ මෙහේ කියා. එවිට මම කිව්වා, මාව පොලීසියෙන් ගෙන ආවා කියලා. එ් අවස්ථාවේ දැන ගත්තා මාගේ මල්ලී වන සුමිත් හෙවත් බොටා සමග ඇතිකර ගත් බහින් බස් වීමකට සුධර්මා කරන ලද පැමිණිල්ලකට කියා.
 
ඔවුන් දෙන්නාම කිව්වා පැමිණිල්ලට මා සම්බන්ධ නෑ, මම ඉන්නේ මොරටුවේ කියා. 
 
එවිට මට අසභ්‍ය වචන කියමින්, මාගේ හැඳුනුම්පත රැුගෙන එය බලා, මගෙන් ප‍්‍රකාශයක් නෙගෙන වැරදීමක් කියා මට යන්න කිව්වා.
 
මා පසුව දැනගත්තා, මාගේ මල්ලී වන සුමිත් හෙවත් බොටා යන අය සමග, 2013.12.24 වන දින, සවස 3.30 ට පමණ ඇති වූ බහින්බස් වීමක් සම්බන්ධව සුධර්මා යන අය පැමිණිල්ලක් කර ඇති බව.
 
එමෙන්ම මා දැනගත්තා, 2013.12.24 වන දින සවස 3.00 ට පමණ, ඇතිවූ සිද්ධියට, 2013.12.25 දින සුධර්මා යන අය විසින් දහවල් 11.00 ට පමණ සිද්ධියට අදාලව දාන ලද පැමිණිල්ල මත බව.
 
 බහින්බස් වීමක් පමණක් වූ සිද්ධිය සම්බන්ධයෙන් පසු දින කරන ලද පැමිණිල්ල පදනම් කරගෙන, මාව නීතිවිරෝධීව අත්අඩංගුවට ගනු ලැබුවේ හා මාගේ සොහොයුරාව මේ ආකාරයට අත්අඩංගුවට ගනු ලැබීමට උත්සාහ ගන්නේ, 2011.10.02 වන දින, මෝදර පොලීසියේ නිලධාරියෙකුට යම් පිරිසක් විසින් පහර දී මරා දැමීම පිළිබඳව මාගේ පවුලේ සහෝදරයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන එක් අයෙක්ව මරා දමා, අනෙක් අයට බොරු චෝදනා දැමීම පිළිබඳව දැනට අධිකරණයේ පවතින නඩු වලට බලපෑම් කිරීමට. 
 
මා මෙවන් ප‍්‍රකාශයක් කරන්නේ, මා අත්අඩංගුවට ගත් වෙලාවේ සිට, ග‍්‍රාමාරක්ෂක හා තවත්  පොලිස් නිලධාරීයෙක් අසභ්‍ය වචනයෙන් බැන වැදීම සමග, අපි උඹලාට කරන්නේ, ”සුසන්තට” කරපු දේමයි පුන පුනා කියා සිටීම නිසාය. 
 
නිල බලය උපයෝගී කරගෙන අත්අඩංගුවට ගත් මාගේ සුසන්ත නැමති සොහොයුරා මර දමා, නිදැල්ලේ සිටීම, තහවුරු කර ගැනීමට බිය මානසිකත්වය ගොඩ නැගීමට මෙවැනි දේ කරන බවයි.
 
තවද මෙම පොලිස් නිලධාරීන් උඹේ ”මල්ලිව මැරුවේ” ”උඹේ අයියාව” මැරුවේ අපි කියමින් අප පවුලේ අයගේ මූණටම කරන ප‍්‍රකාශ මගින්, අපව දැඩි පීඩාවට පත්කරනු ලබන බවද ප‍්‍රකාශ කරමි.’’
 
ඇය ඉල්ලා සිටින්නේ, මේ ආකාරයට පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීම හා බොරු නඩු දැමීමට දරන උත්සාහය වලක්වන ලෙසටි. තවද මෙම නීති විරෝධි ක‍්‍රියාව සම්බන්ධයෙන් නීතිමය සහ විනයානුකුලව අදාල පොලිස් නිලධාරින්ට එරෙහිව ගන්නා ලෙසටද ඇය ඉල්ලා සිටි.

No comments:

Post a Comment