Saturday, November 1, 2014

ප්‍රාණ ඇපකරුව පැය 17 කට පසුව මුදා හරී.


පානදුර දකුණ පොලීසිය විසින් ප්‍රාණ ඇපයට අල්ලා රඳවා‍ගෙන සිටි නුවන් චාමරව පැය 17 කට පසුව මුදාහරිණු ලැබීය.

නුවන් චාමර පවසන අන්දමට ‍මෙම මස 14 වන දින රාත්‍රී 10.30 ට පමණ, තම නිව‍සේ ‍දොර කඩා ඇතුළු වූ පානදුර දකුණ ‍පොලීසි‍යේ අපරාධ අංශ‍යේ ස්ථානාධිපති ජයතුංග, අමල් හා තවත් නිලධාරි‍යෙක් මල්ලීව ‍ගෙනත් ‍දෙන්න යැයි කියමින් අත්අඩංගුවට ‍‍ගෙන රඳවා ගන්නා ලදි.

මෙ‍සේ ප්‍රාණ ඇයට නුවන් චාමරව රඳවා ගත්‍තේ ඔහු‍ගේ ‍සො‍හොයුරා පොලිස් අත්අඩංගු‍වේ සිටිටය දී පලා යෑම ‍හේතු‍වෙනි.

තම ආකාරයක්ෂමතාවය දූෂණ වසා ගන්නට ‍මේ ආකාරයට ප්‍රාණ ඇයට පුද්ගලයින් රඳවා තබා ගැනීම රාජපක්ෂ පාලනය යට‍තේ ‍දෙගුණ ‍තෙගුණ වී තිබේ.
මේ සියලු ‍පොලිස් අපරාධ වලට පොලීසිය බාර ඇමති වශ‍යෙන් ජනාධිපති රාජපක්ෂ වගකිව යුතු බව තවමත් බහුතරයකට තේරුම් ‍ගොස් නොමැත.

නුවන් චාමර, පානදුර දකුණ පොලීසි‍යේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, අපරාධ අංශ‍යේ ස්ථානාධිපති හා අමල් යන නිලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් ‍කොමිෂ‍මේ පැමිණිලි කර ඇත්‍තේ යුක්තිය ඉටුවේය යන අ‍පේක්ෂා‍වෙනි.











No comments:

Post a Comment