Tuesday, November 11, 2014

පොලීසියේ බලු කතා!!!




පොලිස් සුනඛයා හෙවත් පොලිස් බල්ලා ලක්ෂ විසි පහක් වටිනවාලු. දැන් බල්ලා සාජන්ලු. හෙට අනිද්දාම එස්.අයි. අිනවාලු.

සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යෙදවූ පොලිස් බල්ලා නිවසකට ගොස් එහි ඉස්තෝප්පුවේ වාඩි විය. ඒ නාලක ජයන්තගේ නිවසයි.

බල්ලා පැමිණි වෙලාවේ නාලක ජයන්ත ගෙදර සිටයේ නැතිලු. පිංවත්ත පොලිස් මුර පොලේ  ස්ථානාධිපති සරත්චන්ද්‍ර නාලකව පොලීසියට බාර කරන ලෙස දන්වා, ඔහුගේ මල්ලීව ප්‍රාණ ඇපයට ගත්තතේය.

නාලක පොලීසියට බාර විය. ප්‍රාණ ඇපයට අරන් තිබූ මල්ලීව මුදා හැරියේය. නාලකව පිංවත්ත පොලීසියේදී නිරුවත් කර, කොච්චි කොටා, පැට්‍රල් සමග කලවම් කර ඇසට හා පුරුෂ ලිංගයට වක්කරමින් වධ දුන්නනේය.

දෙපාරකටම මේ ආකාරයට වධ දෙමින් පිංවත්ත පොලිස් මුර පොලේ ස්ථානාධිපති සරත්චන්ද්‍ර ඔහුට බල කළේ සොරකම කළ බවට පිළිගන්න ලෙසයි.

ඔහු නොකළ සොරකමක් පිළිගන්නේ කෙසේදැයි විමසූ විට, උඹ හිතනවාද බල්ලාට පිස්සු කියලා, උට ලක්ෂ විසි පහක් වියදම් කරලා තියනවා, දැන් උ සාර්ජන්, හෙට අනිද්දා එස්.අයි. අින්න ඉන්නවා යැයි පවසා තිබේ.

මෙසේ වධ දී, ඔහුගේ ඇිලි සලකුණ නීති විරෝධීව අරගෙන මුදා හැරියේ හැම ඉරිදාවකම පොලීසියට පැමිණ, අත්සන් කරන ලෙසට නීති විරෝධී නියෝගයක් ද දෙමින්ය.

ඔහු මේ පිළිබව  මූලස්ථාන පොලිස් පරීක්ෂකට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ විට, එහි නිලධාරීන් කියා ඇත්තතේ ද නීති විරෝධී පොලිස් නියමයට අනුව ක්‍රියා කරන ලෙසයි.


මේ දැන් බුදු බව පතන බව කියන, රාජපක්ෂගේ පොලීසියේ නීති විරෝධී, ත්‍රස්ත්‍රවාදී පිළිවෙත්, අනුමත කරන රජයක් විසින් පත් කළ මානව හිමිකම් කොමිෂමේ ක්‍රියා කලාපයයි.

No comments:

Post a Comment