Sunday, November 2, 2014

මාරු චූටි - පොලිසිය නටවනවා. ‍පොලිසිය මංකොල්ල කනවා



මිනිසුන්ව පොලිසියට ගෙන්වා බොරු නඩු දානවා. ආණ්ඩුවට සල්ලි හම්බ කරන්නේ පොලිසිය. දඩයෙන් බාගයක් රාජපක්ෂ පාලනයට, ඉතිරි බාගය පොලිස් කාරයින්ට.

පොලිසිය රාජපක්ෂට උත්තමාචාර පුද කරමින් බැනර් ගසන්නේ, පොලිස් ත්‍රස්තවාදය රට පුරා දියත් කරන්න දීලා තියෙන වරමට තුති පුද කරන්න.

සරත් මත්පැන් පෙරලා තියෙනවා. ඒ ආණ්ඩුවට බදු නොගෙවා. ඒ නිසා ඔහුට දඩ ගෙවන්නත් සිද්ධ වෙලා තියෙනවා. නීති විරෝධීව මත්පැන් පෙරීමේ චෝදනාවට.

පසුගිය මස 31දා, ඉංගිරිය පොලිසිය උප‍පොලිස් පරීක්ෂක මාතරආරච්චි දුරකථනයෙන් පොලිසියට එන්න කියලා, ඒ බොරු නඩුවක් දාන්න. ඔහු පොලිසියට ගිහිල්ලා නඩු බාරගන්න සූදානම් වුනේ නෑ.

මේ නිලධාරියා මෙම මස 01 දා රාත්‍රියේ ගෙදරට ඇවිල්ලා බිරිදව අරන් යන්න හදලා. ඇය විරෝධය පලකල විට, ත්‍රී රෝද රථයේ යතුර අරන් ගිහිල්ලා - මේ මංකොල්ල කෑමක්.

සරත් පවසන අන්දමට පසුගිය මස 01 දා, පාරේ සිටියදී ඔහුව අල්ලාගෙන ගොස් බොරු නඩුවක් දාලා තියෙනවා. පොලිසිය ඔහුට වරද පිළිගන්න කියලා.

සරත් පොලිසියට කියලා තියෙනවා වරද පිළිගන්නම්, නඩු මාසේ අන්තිමට දාන්න කියලා.

ඒ අනුව පසුගිය මස 29 දා, හොරණ අධිකරණයට නඩුව දාලා. පොලිසියට දුන්න පොරොන්දුව අනුව, ඔහු වරද පිළි අරගෙන.

උසාවිය ඔහුට රු: 25,000/= ක දඩයක් ගහලා. ඒ රු: 25,000/= න් රු: 12,500/=ක්ම රාජපක්ෂගේ ආණ්ඩුවට. ඉතිරි රු: 12,500/= පොලිස් කාරයින්ට.

මේ තත්වය යටතේ තමයි, නැවත පොලිසියට ගෙන්නලා බොරු නඩුවක් දාන්න හදන්නේ.‍

රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාද ලබන, ප්‍රදේශයේ නීතියට පටහැනිව මත්පැන් පෙරන විකුණන මාරු චූටි පොලිසිය එක්ක එකතු වෙලා ඔහුගේ ඕනෑ කමට තමයිලු සරත්ට නඩු දාන්නේ.

මේ පිළිබදව සරත් ලිඛිතව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරලා තියෙනවා.

පොලිස් ත්‍රස්තවාදය, රාජපක්ෂ ආණ්ඩු‍වේ අවශ්‍යතාවයක්.




No comments:

Post a Comment